----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

අඟර දඟර චිත්‍රපටයේ දඟකාර නපුරී

Wednesday, May 4, 2011


ගයනි යනු නපුරු, දඟකාර චරිතයකි. ඇගේ මේ ගති පැවතුම් නිසා පාසලේ නේවාසිකාගාරයේ නතර කරවයි. ඒත් ඇය මේ මුරණ්ඩු ගති අත් හරින්නේම නැත. මේ නිසා මව්පියන් ඇයව ආපසු ගමට ගෙන්වා ගනී. ගමේ තනි කරන්නේ යහපත් වේවි කියා සිතාගෙනය. ගමේ පාසලේදී නදී නමැති ගුරුවරිය ඇයට හමුවෙයි. ගයනි යහපත්වෙන්නේ මේ ටීචර් නිසාය.

අඟර දඟර චිත්‍රපටයේ කතා සාරංශයෙන් බිඳකි ඒ. මේ නිවාඩු කාලයේ ළමුන්ගේ සිත්ගත් මේ චිත්‍රපටයේ ගයනි ලෙස රඟපාන ඇය ගැන විස්තර ටිකක් අපි දැන ගනිමු. ඇයගේ සම්පූර්ණ නම වන්නේ ශනුද්‍රි ප්‍රියසාද්ය.
නුගේගොඩ රෝයල් ඉන්ස්ටිටියුට් විද්‍යාලයේ ඉගෙනුම ලබයි. වයස අවුරුදු 13 කි. ඇයගේ පියා චිත්‍රපට අධ්‍යඬවරයෙකු හා නිෂ්පාදකවරයෙකු වන දිනේෂ් ය. ශනුද්‍රිගේ අක්කලා දෙන්නා ඔබට අමුත්තන් නොවේ. දිනඬි සහ ශේෂාද්‍රි මේ දිනවල අපට හමුවන තවත් නව පරපුරේ ශිල්පිනියන් දෙදෙනෙකි. ඒ අක්කලා ගිය මග යන ශනුද්‍රි සැබෑ ජීවිතයේදී කොහොම කෙනෙක්ද?
සමහර වෙලාවට ටිකක් කේන්ති යන දැරිවියකි. අක්කලා සහ ඔබ අතරින් වඩා නපුරු කවුද කියා අප ඇසූ විට ඇය කිව්වෙ තුන්දෙනාම සමහර වෙලාවට සැර වෙන බවය. නරක වෙලාවට නරකයි. සැර වෙලාවට සැරයි. ශනු කියන්නේ එහෙමය.

එතකොට මේ චිත්‍රපටයේ රඟපාන විට මතකයේ රැඳි දේ මොනවාද?

එක්තරා ජවනිකා වෙනුවෙන් මට ළමයෙකු බේරාගන්න ගෙඟ් පනින්න සිද්ධ වුණා. මම පැන්නා. දර්ශනය ඉවර වුණාට පස්සෙ තමයි දැනගත්තේ ඒ ගෙඟ් කිඹුල්ලූ ඉන්න වග. කලින් දන්නවා නම් කීයටවත් පනින්නෙ නැහැ.
ඒ සිදුවීම ගැන කියන ශනුට හොඳට පීනන්නට පුළුවනි. ඒ වගේම නටන්න සහ සිංදු කියන්නත් පුළුවනි. මේ කාලයේ නව යෞවනයේ හද බැඳි ලෝප්‍රකට නව යොවුන් ගායක ජස්ටින් බීබර්ගේ ගීත අහන්න ශනු වඩාත් කැමතියි. ඊට අමතරව ලහිරු පෙරේරා ගයන ළබැඳියේ කියන සිංදුවටත් ඇය කැමතියි. දිවීමටත් ආසා කරන ඇය අක්කලා දෙන්නා එක්ක එකතු වී කදේ දාගෙන ඉන්නත් කැමතියිලූ. ගෙදරදි සිංදු අසමින් ඒ තාලයට ගෙදර අය ඉදිරියේ නර්තනයේ යෙදීම ඇයගේ පුරුද්දකි. බත් සහ පැණි රස කෑමට වගේම ඇඹුල් රස පලතුරු කෑමට හරිම ආසලූ.
කුඩා කාලයේදී මෙයා මුලින්ම රඟපාලා තියෙන්නෙ තාත්තා කළ ඔන්න බබෝ චිත්‍රපටයේයි. එහි රූගත කිරීම් කරන්න ගිය මොහොතක තාත්තා මෙයාට දුවගෙන එන්න කියා කීවලූ. ඒ දර්ශනය රූගත කිරීමටයි. ඒත් මෙයා කෙලින්ම ඇවිත්
තියෙන්නෙ තාත්තා ළඟටයි. ඇයි එහෙම කළේ? කියලා ඇහුවාම ඇය තාත්තාට කිව්වෙ zzඇයි ඔයා අනෙක් ඔක්කෝටම ඇක්ෂන් කිව්වෙ.. මට කිව්වෙ නැහැනේ˜ කියලලූ. එතකොට මෙයාගෙ වයස අවුරුදු තුනහමාරක් විතර ඇති.
මේ විදියට හැසිරීම් ඇති ශනු අද අම්මාට ගෙදර වැඩවලට ගොඩක් උදව් කරන බව අම්මා කියනවා. මෙයාගේ නරක ගති මොනවද කියලා අම්මගෙන් ඇහුවාම ඇය කිව්වෙ ඕන වෙලාවක කෑම ගැන අහන එක තමයි කියලයි. කෑමට කැමතියි වගේම මෙයාගෙ කටත් වෙලාවකට සැර බව කියන්නම වෙනවා. ඒ වගේම කතාවත් ටිකක් වැඩියි.

විලාසිතා අතරින් කලිසම අඳින්න වඩා කැමති ශනුට අත්හරින්නම බැරි පුරුද්ද මොකක්ද කියා ඇසූ විට ඇයගේ අම්මා කිව්වෙ මොන දේ කළත් ඇයගේ හිත කුස්සියේ වෙන්නෙ මොනවද කියලා දැන ගැනීමේ කුතහලය බවයි. කොහොම වුණත් මේ සියල්ල අතරේ ශනුගේ ප්‍රධාන අරමුණ හොඳට ඉගෙනගෙන බැංකු රැකියාවක නිරත වීමයි.

සටහන/ ඡායාරූප
සඳුන් ගමගේ

Copy Rights - Irida Lankadeepa

0 comments:

Post a Comment