----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ලා නිල් තමයි මගේ ආසම පාට..........

Tuesday, May 3, 2011


* සම්පූර්ණ නම - සුබෝධනී ප්‍රියදර්ශනී

* උපන් දිනය - 1989 ජූලි 04

* ඉගෙන ගත්ත පාසල - මැද මහනුවර මධ්‍ය මහා විද්‍යාලය

* ගම - මැදමහනුවර

* පාසලේදී කැමතිම විෂයයන් - නර්තනය, නාට්‍ය සහ රංග කලාව

* මේ දවස්‌වල මොනවද කරන්නේ ?
සුරේෂ් කුමාරසිංහගේ "සිහින සිතුවම්" ටෙලිනාට්‍යයේ රඟපානවා. ඊට අමතරව අනුර වරාගොඩගේ "අහස්‌ පව්ව" සහ බුද්ධික ගුණදාසගේ "හිරු දුටු පිණි" ටෙලිනාට්‍ය දෙකෙත් රඟපානවා. තවත් බෙනසින් ජයවීරගේ "දෑසේ දිස්‌නය" චිත්‍රපටයේත් රඟපානවා.

* අනාගතයේ කවුරු වෙන්නද කැමැත්තෙන් හිටියේ ?
දක්‌ෂ රංගන ශිල්පිනියක්‌ වෙන්න

* එතකොට සුබෝධනී රැකියාවක්‌ කරන්න කැමති වුණේ නැද්ද ?
නර්තන ගුරුවරියක්‌ වෙන්න කැමැත්තෙන් හිටියා. තවමත් ඒ කැමැත්ත අඩු වෙලා නැහැ.

* විලාසිතාවලට කැමතිද? කැමතියි.

* සුබෝධනීට ගැළපෙන විලාසිතා තෝරාගන්නේ කොහොමද ?
මම හිතනවා මට ගැළපෙන්නේ සරල විලාසිතාවන් කියල. විශේෂයෙන් කලිසමයි ටීෂර්ට්‌ එකයි අඳින්න කැමතියි.

* කැමතිම පාටක්‌ තියෙනවාද?
ඔව්. ලා නිල්. ලා නිල් තමයි මගේ ආසම පාට.

* ලස්‌සන වෙන්න මොනවද කරන්නේ ? විශේෂයෙන් මුකුත් කරන්නේ නැහැ. හොඳට කනවා. සතුටින් ඉන්නවා.

* සුබෝධනී සමාජ සේවයට කැමති තරුණියක්‌ද?
ඔව්. ගොඩක්‌ ම කැමතියි.

* ඔබට ලංකාවේ අසරණ පවුල්වලට උදව් කරන්න අවස්‌ථාවක්‌ ලැබුණොත් මොනවද කරන්නේ?
මට පුළුවන් විදිහට හැකි උපරිමයෙන් ම ඔවුන්ට උදව් කරනවා. මුදල් පරිත්‍යාග කරන්න අවස්‌ථාවක්‌ ලැබුනොත් එය කරනවා. වචනයෙන් හරි එවැනි ජනතාවට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා.

* ආදරය විඳින්න කැමති කෙනෙක්‌ද?
ගොඩක්‌ කැමතියි. ආදරය විඳලත් තියෙනවා. නමුත් දැන් නැහැ. හරි විදිහේ ආදරයක්‌ ලැබුණොත් ජීවිතය බොහොම සුන්දර වෙන බව දන්නවා.

* ඔබට මේ තත්ත්වයට එන්න උදව් කළේ
ගොඩක්‌ ම මගේ පාසලේ නැටුම් ගුරුවරිය වූ සන්ධ්‍යා මිස්‌. ඒ වගේම පාසලේ විදුහල්පතිනිය, අනික්‌ ගුරුවරුත් මතක්‌ කළ යුතුයි. මගේ දෙමාපියන් සහ පවුලේ අය හැම දෙයකටම උදව් කරනවා.

* පවුලේ තොරතුරු - අම්මයි, අප්පච්චියි, අක්‌කලා දෙන්නයි. අක්‌කලා දෙන්නාම විවාහකයි. සියළු දෙනාම ඉන්නේ නුවර.

* අනාගත බලාපොරොත්තු - රංගන ශිල්පිනියක්‌ ලෙස ඉදිරියට යන්නත් දැනට මා හදාරන බාහිර උපාධිය නිම කරමින් දක්‌ෂ නැටුම් ගුරුවරියක්‌ වෙන්නත් බලාපොරොත්තු තියෙනවා.


හරින්දී ලියනගේ
පින්තූර - නිශාන් එස්‌. ප්‍රියන්ත

Nawaliya

1 comments:

Sri Boy said...

ෂා අපේ පැත්තේ කෙල්ලක් නේ... හරිම සතුටුයි මෙයා මීට කලින් දැකලා නම් නෑ ඒත් නිලියක් උනාම දැකගන්න පුලුවන් වෙයිනේ....

Post a Comment