----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

තවම වයස අවුරුදු 19

Sunday, May 29, 2011

ටින්කර් බෙල් කොළ පැහැති කෙටි ගවුමකින් සැරසී තම සුරඟන තටු සලමින් පියඹන්නේ් ගීතයක් ද ගයමිනි. ගීත කීමට නොදත් ටින්කර් බෙල් හොරැහින් පරිගණක තිරයෙන් එබී බලයි. හුරුබුහුටි සෙලීනා ගෝමස් මයික්‍රෆෝනය අසලය.

ටින්කර් බෙල් කිංකිණි හඬින් හිනැහී මුව උල් කරමින් ගීතය ගයන්නා සේ අනුකරණය කළේය. ඇයට දැන් බිංදුවක්වත් බය නැත. සෙලීනා ගෝමස් තමාට ප්‍රාණය පිඹිණ බව ඈ දනී. 2008 වසරේදී නිකුත් වූ ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටයක් වූ ‘ටින්කර් බෙල්’ හි ‘ෆ්ලයි ටු යුවර් හාර්ට්’ නම් ප්‍රකට ගීතය ගයමින් හුරුබුහුටි සෙලීනා ගෝමස් සංගීත ලෝකයේ දැඩි අවධානයක් දිනා ගැනීමට සමත් විය.

ඈ ගායිකාවකි, නිළියකි, ගීත රචිකාවියකි, සංගීතඥවරියකි, විලාසිතා නිර්මාණ ශිල්පිනියකි. ඈ නියෝජනය කරන්නේ් ජනප්‍රිය සංස්කෘතියයි. මව් පාර්ශ්වයෙන් රඟපෑම පිළිබඳ උරුමයත් සමඟම ඈ පිවිසියේ ‘බාර්නි ඇන්ඩ් ද ෆෙ‍්‍ර්ඩ්ස්’ හි රඟපෑමටය. යාන්තම් වයස 07 සම්පූර්ණ කළා පමණි. එහෙත් සැලකිය යුතු රංගනයක් බාර්නි ඇන්ඩ් ද ෆෙ‍්‍රන්ඩ්ස් වෙත ලබා දුන් ඇය තම ශරීරයේ නොයෙක් අහුමුලුවල සැඟ වී ඇති දක්ෂතා එකින් එක පරීක්ෂා කර බැලීමට ඉටා ගත්තාක් මෙනි.

1992 ජූලි මස 02 දා ටෙක්සාස් හිදී උපත ලත් සෙලීනා මේරි ගෝමස් තරමක් නිහඬ දරුවෙකු විය. ඇගේ මව ප්‍රකට වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක වූ මැන්ඩි ටීෆිය. පියා රිකාඩෝ ජොඑල් ගෝමස්ය. සෙලීනාට වයස අවු: 05 පිරෙන විට ඇගේ මවුපියන් නීතියෙන් වෙන් වූහ. ඈ හැදී වැඩුණේ මෑණියන් ළඟය. රඟපෑම පිළිබඳ පළමු ඉඟිය ඇයට ලැබුණේ් ස්වකීය මව වෙතිනි.

වේදිකා නාට්‍ය ශිල්පිනියක ලෙස ඇය තම චරිත සඳහා වෙහෙසෙන අයුරුත් ඈ රඟපාන අයුරුත් දුටු කුඩා සෙලීනාට මේ නම් අරුම ලෝකයක් බව ඒත්තු ගියේය. ඈ ඒ ලෝකයට ආශක්ත විය. මවක් මෙන් නිළියක වීමට ඕ නිතර සිහින මැවීය. ගායනය පිළිබඳ අංශුමාත්‍රික උනන්දුවක් හෝ සිහිනයක් සෙලීනා තුළ නොවීය. තම කට හඬේ යම් කිසි රහසක් ඇති බව වටහා ගැනීමට තරම් ඈ වයසින් වැඩී සිටියේ ද නැත.

‘ද සුයීට් ලයිෆ් ඔෆ් සැක් ඇන්ඩ් කෝඩි’ හි රඟපෑම සමඟින් ඈ නොපෙනෙන අනාගතයේ දිනෙක ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම නැඟිය හැකි සිනමා පටයක රඟපෑමට සුදුසුකම් සපුරාලන්නට විය. ඒ ‘හැනා මොන්ටානා’ භ. බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වූ හැනා මොන්ටානා සිනමපටය සමඟ සෙලීනා ජනප්‍රිය මුද්‍රාවක් බවට පත් විය. හැනා මොන්ටානා නමින් විවිධාකාර දෑ වෙළෙඳ පොළ වෙත පැමිණෙන්නට විය. ඒදධබඩඥප ඛ්ඪදඤඥපඥතතච ඉබධපර හි රඟපෑම ඇගේ් ජනප්‍රිය මුද්‍රාව තව තවත් ස්ථිර කරලීය. හොර්ටන් හියර්ස් ත්‍රිමාණ සජීවිකරණයේ හඬ කැවීම් ශිල්පිනියක වූ සෙලීනා හදිසියේම සාර්ථක හඬ කැවීම් ශිල්පිනියක බවට පත් විය. ‘හයි ස්කූ®ල් මියුසිකල් 2’ හි රඟපෑම සමඟ ඈ යළිත් ජනප්‍රසාදයට පත් විය.

ඈ තුළ ජීවත්ව සිටි ගායිකාව අවට ලෝකය සමඟ ගණුදෙනු කිරීමට තීරණය කළේ බොහෝ කාලයකට පසුවය. 2008 වර්ෂයේදී නිකුත්් කළ ‘ටෙල් මී සම්තින්ග් අයි ඩෝ්න්ට් නෝ’ ගීතයත් ’ ‘මැජික්’ නම් ගීතයත් හරහා සෙලීනා සතුටුදායක රසික ප්‍රසාදයක් දිනා ගැනීමට සමත් විය. වන් ඇන්ඩ් ද සේම්, සෙන්ඩ් ඉට් බන්, බ්රෙන් සැප්, කෘවෙල්ලා ඩී. වී., මැජිකල් ආදී ගීත සෙලීනා යනු කුමනාකාරයේ ගායිකාවකදැයි ලෝකය හමුවේ නිරාවරණය කළ වර්ගයේ ගීතයි.

2009 වසරේදී තරුණ තරුණියන්ගේ් එකතුවකින් බිහි වූ යොවුන් සංගීත කණ්ඩායමක ප්‍රධාන ගායිකාව වූයේ සෙලීනාය. ‘කිස් ඇන්ඩ් ටෙල්’ නමින් ඒ සංගීත කණ්ඩායම නිකුත් කළ ගීත ඇල්බමය ඔවුනට වාසනාව කැඳවාගෙන පැමිණියේය. සංගීත කණ්ඩායමේ දෙවැනි ගීත ඇල්බමය වූ ‘අ ඉයර් විතවුට් රේන්’ ඇල්බමයේ පිටපත් 66000 ක් අළෙවි කරමින් සෙසු සංගීත කණ්ඩායම්වලට නිහඬ තර්ජනයක් ලබා දුනි.

සෙලීනා පෙනී සිටි සංගීත වීඩියෝ ප්‍රමාණය ද ඉතා ඉහළ අගයක් ගනී. ගායිකාවක පමණක් නොව අද නිළියක ද වීම මේ ගීත වීඩියෝ ජනප්‍රිය වීමටත්, අතිශය සාර්ථකවීමටත් මූලික හේතුවයි. 2008 දී නිකුත් කළ ‘කෘවෙල්ලා ඩි විල් 2009 දී නිකුත් කළ ‘ටෙල් මී සම්තින්ග් අයි ඩෝන්ට් නෝ’, 2008 දී නිකුත් කළ ‘ෆ්ලයි ටු යුවර් හාට්’ සහ 2010 දී නිකුත් කළ ‘අ ඉයර් විතවුට් රේන්’ සංගීත වීඩියෝ මඟින් සෙලීනා ගෝමස් නමින් විනෝදාස්වාදය සපයන ගායිකාව බිහි කරනු ලැබීය. යූ ටියුබයේ ඈ නමින් පළ කර ඇති වීඩියෝ ගණන, ඇගේ් ට්විටර් අඩවියේ දිනපතා පළ වන එවිට් ප්‍රමාණය, ඇගේ් ෆේස් බුක් රසික පිටුවේ සිටින අපරිමාණ රසික, රසිකාවියන් ප්‍රමාණයත් සමඟ පෙන්වන මේ අරුම ජනප්‍රියභාවය පවත්වා ගැනීමට ඇයට අමුතු උත්සාහයක් ගැනීමට සිදු වී නොමැති සැටියකි පෙනෙන්නේ.

විශේෂයෙන්ම ඈ නිර්දේශ වී ඇති සම්මාන සංඛ්‍යාව, හිමි කර ගත් සංඛ්‍යාව ආදිය සැලකිල්ලෙන් පිරික්සා බැලූ විට සෙලීනා ගෝමස් යනු හුදෙක් තරුණ ගායිකාවක පමණක් නොවන බව ද වටහා ගත හැකි වනු ඇත. 2008 වසරේදී ඇය ඇල්මා සම්මාන උළෙලේ විකට රූපවාහිනී කථාමාලා හි හොඳම නිළියට හිමි සම්මානය සෙලීනා දිනා ගනු ලැබූයේ ‘අනදර් සින්ඩරෙල්ලා ස්ටෝරි’ හි රඟපෑම වෙනුවෙනි.

2011 වර්ෂයේ ‘නිකොලෝඩියන් කිඩ්ස් වොයිස්’ සම්මාන උළෙලේ හොඳම ගායිකාවට හිමි සම්මානයට සෙලීනාගේ නම නිර්දේශ විය.

මේ අයුරින් බැලූ විට සෙලීනා ගෝමස් ගායිකාව පරදවන නිළියකි. එහෙත් ඒ සෑම විටම නම් නොවේ. අතොරක් අවස්ථාවල ඒ නිළිය පරදවමින් මියුරු හඬින් ගී ගයන ගායිකාව ඉදිරියටම එයි. වාදනය කෙරහිද ඈ දක්වන ඇල්ම අසීමිතය. ඩ්‍රම්ස්, පියාමෝව සහ ගිටාරය වැයීම අමතක නොකරන සෙලීනා ගෝමස් පොප්, රොක් ඩාන්ස් පොප් සහ ඉලෙක්ට්‍රො පොප් ආරට ගීත ගයන්නියකි. ගැයුම පරදවන රංගන හැකියාවකින් වේදිකාව කළඹන්නියකි.

සෙලීනා පුණ්‍ය කටයුතු සඳහා ද දැඩි උනන්දුවක් දක්වන්නියකි. යුනිසෙෆ් හි ට්‍රික් ඔ ට්‍රීට් වැඩසටහනේ් සන්නම් තානාපතිනිය ලෙස කටයුතු කරන සෙලීනා එකී තනතුරට පත් ළාබාලම තැනැත්තියයි. අසරණ දරුවන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආහාර සඳහා කැප වන මේ සංවිධානයට ඇය 2008 වසරේදී පමණක් එකතු කර දුන් මුදල ඩොලර් 700,000 කි.

ඈ සතුව නිෂ්පාදන සමාගමක්ද තිබේ’ ‘මූන්’ නමින් හඳුන්වා ඇති එකී නිෂ්පාදන සමාගම වඩා යහපත් නිර්මාණ එළි දැක්වීමට මඟ බලා හිඳී.

ටින්කර් බෙල් පසුබිමේ රඟන සංගීත වීඩියෝවේ කදිම රතුª ගවුමක් ඇඟලාගෙන රඟන්නේ් ඇයයි. ටින්කර් බෙල්ට වුණත් ලජ්ජා හිතෙන තරමට ඈ දැන් ඈ රූමත්ය. එතරමටම ගීතවත්ය. හදිසියේම ටින්කර් බෙල් මුව වසා ගති. එහෙත් තවමත් හුරුබුහුටි සෙලීනා ගෝමස් ගයයි.

0 comments:

Post a Comment