----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

Kiss Kiss නම් හාදුව වේ

Saturday, April 16, 2011

1933 දී මිනිත්තු හතරක හාදුවක්

* ‘ආන්’ ලොව පුරා මුල්වරට ප්‍රදර්ශනය කළ බොලිවුඩ් සිනමාපටයකි. එහිදී ප්‍රධාන නිළියක වූ නිම්මිට ද ලන්ඩනයේ දර්ශන වාරයකට සහභාගි වීමට සිදු වූ අතර හොලිවුඩයේ නළු නිළියන් රැසක් ඇයට මුණ ගැසුණි. එහිදී එරල් ෆ්ලින් ඇයට හාදුවක් දීමට ගිය විට ඇය ඔහු තල්ලු කළේ ‘මං ඉන්දියානු තරුණියක්’ කියායි. පසුවදා පුවත් පත්වල මේ පුවත පළ වූයේ ‘හාදුවක ස්පර්ශය නො ලද ඉන්දියානු තරුණිය’ යන ශීර්ෂ පාඨය යටතේයි.

ප්‍රේමණීය හැඟීම් උතුරා යන ආදරණීය හාදුවකින් ප්‍රේක්ෂකයන් උමතු කිරීමට බොලිවුඩ් තරු කවදත් දක්ෂයින්ය. ප්‍රීති දේසායි හා සෙන්දිල් රසිකයන් කුල්මත් කරන අන්දමේ හාදුවක් තිරයේදී දෙන අලුත්ම තරු යුග්මයයි.

බ්‍රිතාන්‍ය රූ රැජනක වූ ප්‍රීති දේසායි සහ සෙන්දිල් රාමමූර්ති හාදු දීමේ දර්ශනයකට පෙනී සිටින්නේ අප්‍රේල් 28 වැනිදා තිරගත කිරීමට නියමිත බාලාජිගේ ‘ෂෝර් ඉන් ද සිටි’ සිනමා සිත්තමෙයි.

සෙන්දිල්, ප්‍රීතිගෙන් හාදුවක් සොරා ගන්නා දර්ශනය මුලදී කෙටි දර්ශනයකට සීමා විය. පසුව අධ්‍යක්ෂවරයාට යළිත් ඒ දර්ශනය රූගත කිරීමට අවශ්‍ය කෙරුණි. ප්‍රීති ද ඊට එකඟ වූයෙන් වඩාත් සරාගී අන්දමින් හාදු දීමේ දර්ශනය නැවත රූගත කළේය.

දැනටමත් ‘ෂෝර් ඉන් ද සිටි’ නිව්යෝක්, පූසාන් සහ ඩුබායි සිනමා උළෙලවලදී ප්‍රදර්ශනය කර ඇත. එය විචාරකයන්ගේ නො මඳ පැසසුමට ද ලක් වී තිබේ. ඒ ප්‍රීති හා සෙන්දිල්ගේ හාදු දසුන නිසාදැයි කියා බලා සිටීමට රසිකයන්ට අප්‍රේල් 28 වෙන තුරු බලා සිටීමට සිදු වේ.

රිදී තිරයේ හාදු දසුන් අදටත් වැඩි කතා බහට ලක් වන මාතෘකාවක් වුවත් එය ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් නො වෙයි.

බොලිවුඩ් අධ්‍යක්ෂවරුන් තරම් ආදරය සොඳුරු කවි බසකින් රිදී තිරයේ සිත්තම් කිරීමට සමත් ලොව වෙනත් අධ්‍යක්ෂවරුන් සිටිනවාද? හිරි පොද වැස්සේ තෙමෙන පෙම්වතුන්ගේ දර්ශනයක් පවා ඔවුන් ප්‍රේක්ෂකයන්ට ගෙන එන්නේ දෑස් පියාගෙන මතකයට නංවා ගත හැකි රූප රාමුවක් බවට පත් කරමිනුයි. හාදුව, සිනමාව වර්ණවත් කිරීමට ඔවුන්ට ඇති හොඳම අවියකි.

1933 තරම් ඈත අතීතයක් බොලිවුඩයේ තරු හාදුවලට ඇත.

සැබෑ ජීවිතයේදීත් බිරිය හා සැමියා වූ දේවිකා රාණි සහ හිමාන්සු රායි ගේ සෙලියුලොයිඩ් හාදුව මිනිත්තු හතරක් තරම් දීර්ඝ විය. ‘කර්ම’ සිනමාපටයෙහි ඇතුළත් වූ මේ හාදු දර්ශනය එකල දැඩි ලෙස විවේචනයට ලක් විය. තිරයට පමණක් ආදරය සීමා නො කළ කරීනා සහ සායිෆ් අලිඛාන්ගේ ‘කුර්බාන්’ හි හාදු දර්ශනය සිනමා පටයේ ආදායම් වාර්තා ඉහළ නංවන්නට නම් හේතු නො වුණි. එය අසාර්ථක හාදු දර්ශනයක් වශයෙන් ද සැලකෙයි.

සුරූපී ඓශ්වර්යාගේ උණුසුම් හාදු හුවමාරුව දැකිය හැක්කේ රිතික් රොෂාන් සමඟයි. ‘ඩූම් 2’ හි ඇතුළත් දෙදෙනාගේ හාදු දර්ශනයට ආදරය නො කරන්නෙක් නැති තරම්ය. එහෙත් මේ හාදුවට බච්චන් පවුලෙන් නම් දැඩි විරෝධයක් එල්ල විය. අභිෂේක් – ඈෂ් විවාහයට රිතික්ට ආරාධනා නො කළේද හාදු දසුන නිසයි.

‘දයාවන්’ සිනමාපටයේ විනෝද් ඛන්නාගේ හාදුව මධුරී ඩික්සිත්ට තම සිනමා ජීවිතයේදී ලැබුණු අමතක නො වන අත්දැකීමක් බව නම් සිකුරුය.

කරිෂ්මා හා අමීර් ඛාන් ‘රාජා හින්දුස්ථානි’ සිනමාපටයේ සාර්ථක හාදු දීමක් කළ බව එය නැරැඹූ කාගේත් අදහස විය.

අනිල් කපූර්ට සහ ඩිම්පල් කපාඩියාට රංගන ජීවිතයේ උපරිම සාර්ථකත්වයක් ළඟා කළ සිනමා පටයක් ලෙස ‘ජාන්බාස්’ හැඳින්වීමට පුළුවන. ජාන්බාස් හි හාදු දර්ශනය සාර්ථකත්වයට මඟ නො පෑදුවා යයි කියන්නේ කෙසේද?

ප්‍රේක්ෂකයන් බහුතරයක් පහන් සිතින් විඳ ගත් හාදුවක් තිළිණ කළේ ‘ඉෂ්කියා’ සිනමාපටයේ අර්ෂාඩ් වර්සි සහ විද්‍යා බාලන්ය.

අක්ෂේ කුමාර්ගේ සටන් ජවනිකා මෙන්ම ‘සබ්සේ බඩා කිලාඩ්’ සිනමාපටයේ හාදු දසුන ද ජනප්‍රිය විය.

වර්තමානයේ බොලිවුඩයට හාදු දසුන් නැතිවම බැරි තරම්ය. මල්ලිකා ෂෙරාවත් වැනි තිරයට හාදු වැස්සක් එක් කිරීමට සමත් තාරකාවන් සිටීම ඊට හේතුවක් විය හැකියි. ‘ක්වාහිෂ්’ සිනමා පටයේ මල්ලිකා ෂෙරාවත්ගේ හාදු දර්ශන දාහතක් ඇතුළත් විය. එය බොලිවුඩයේ නො බිඳුණු හාදු වාර්තාවකි.

රාජ් කපූර් 1973 දී නො බියව හාදු දර්ශනයේ අත්දැකීම ප්‍රේක්ෂකයන්ට ලබා දුන්නේ ‘බොබී’ සිනමාපටයෙනි. එහි පුතු රිෂි කපූර් හා බිම්පල් කපාඩියාගේ පුංචි හාදු දසුනක් එක් කිරීමට රාජ් කපූර් වග බලා ගත්තේය.

තරු හා තාරකාවන් අතර පමණක් නොව තාරකාවන් අතර හාදු ද ඇතුළත් ආන්දෝලනාත්මක සිනමාපටයක් තිබේ. ඒ 1996 දී තිරගත වූ ‘ෆයර්’ සිනමාපටයයි. එහි නන්දිතා දාස්ගේ සහ ෂබානා ආස්මිගේ හාදුව විවිධ විවේචනවලට ලක් විය.

රාණි මුඛර්ජිගේ හාදු දර්ශන දෙකක් ප්‍රේක්ෂක මතකයෙන් බැහැරව නො යයි. ‘හේ රාම්’ සිනමාපටයේ ඇය දකුණු ඉන්දීය සිනමාවේ සුපිිරි තරුව කමල් හසන්ට පෙම්වතිය ලෙස හාදු දෙන අතර ‘බ්ලැක්’ සිනමාපටයේදී රාණි උණුසුම් හාදුවක් ලබන්නේ අමිතාබ් බච්චන්ගෙනි. එහි අමිතාබ් ගුරුවරයකු ලෙස රඟයි. රාණි නිරූපණය කරන්නේ සිසුවියකගේ චරිතයයි.

කත්‍රිනා කායිෆ් හා හා පුරා කියා රංගනයට පිවිසියේ ‘බූම්’ සිනමාපටයෙනි. බූම් ආදායම් වාර්තා ඉපයූවේ නැතත් සිනමා පටයේ කත්‍රිනාගේ සහ ගුල්ෂාන් ග්‍රෝවර්ගේ හාදු දර්ශනය නම් පුවත් මැව්වේය.

ගුල්ෂාන් කත්‍රිනා සමඟ හාදු දර්ශන හත අටක් යළි යළිත් ගන්නා ලෙස ඉල්ලා සිටියේය. කත්‍රිනාගෙන් ද ඊට විරෝධයක් පළ නො වුණි. ඒ වන විට කත්‍රිනා සල්මන්ගේ පෙම්වතිය නො වීම ගුල්ෂාන්ට වාසනාවක් විය.

‘දේවි’ සිනමාපටයේ කරීනා සහ ෆර්ඩීන් ඛාන් අතර හුවමාරු වූ හාදුවට මුස්ලිම් ප්‍රජාවගෙන් ගල් මුල් එල්ල විය. දෙදෙනාම මුස්ලිම් චරිත නිරූපණය කිරීම ඊට හේතුවයි.

රිිදී තිරයේදී මල්වලින් හෝ කුඩයකින් ප්‍රේක්ෂකයන්ගෙන් හාදු දීම සැඟවීමේ කලාව දැන් නිම වී ඇත. චුම්බනයටම උපන් හපන් නිළියෝ වර්තමාන බොලිවුඩ් සිනමාවේ සිටිති.

ප්‍රියංකා චොප්රා, ඓශ්වර්යා රායි, කරීනා කපූර්, කත්‍රිිනා කායිෆ්, බිපාෂා බාසු, සෝනම් කපූර්, මල්ලිකා ෂෙරාවත්, දීපිකා පදුකෝන්, ජෙනේලියා ඩිසූසා, අසින් දෙන හාදු නැරැඹීමට ප්‍රේක්ෂකයන් වැඩි මනාපයක් දක්වන බව මෑතකදී කළ මත විමසුමකින් හෙළි වී තිබේ.

0 comments:

Post a Comment