----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

කළුවරට අපි බය නෑ

Saturday, April 16, 2011

අහංකාර නගරයට’ අහම්බෙන් ආ චාමලී වික්‍රමනායක

සුන්දර යුවතියක් දුටුවිට රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ කර ගැනීම ඇතැම් අධ්‍යක්ෂවරුන්ගේ සිරිතක්. එලෙස කලා ලොවට පිවිස දිදුලන තරු බවට පත්වූ අයද අප කලා ක්ෂේත්‍රයේ බොහොමයක් සිටිනවා. ඇයද එලෙස අහඹු ලෙස ලැබුණු ආරාධනයකින් රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වී ඒ පිළිබඳ හැදෑරීමක් ද කර, කලා ක්‍ෂේත්‍රයේ දුර ගමනක් යාමේ ගමන ආරම්භ කළ සුන්දර රුවැත්තියක්.

ඇය චාමලී වික්‍රමනායක

“මම මුලින්ම රංගන ක්ෂේත්‍රයට පිවිසුණේ අහඹු ආකාරටයි. මගේ උපන්ගම ගිරාඳුරුකෝට්ටේ නවමැදගම. මම ඉගෙනගත්තෙ අම්/දෙහි/නවෝද්‍යා මධ්‍ය මහා විද්‍යාලයේ. උසස් පෙළ කළායින් පස්සෙ මම පන්නල සිම්ප්ලයින් ආයතනයේ රැකියාවකට සම්බන්ධ වුණා. දවසක් රැකියාවට යන අතරවාරයේ ‘අහංකාර නගරේ’ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් දකින්න ලැබුණා.

එහි නිෂ්පාදක රිචඩ් අබේවර්ධන මහතා මාව දැකලා එහි චරිතයකට ආරාධනා කළා. ඔන්න ඔය විදිහටයි මට ‘අහංකාර නගරේ’ ටෙලිනාට්‍යයේ රෙබෙකා නිර්මලීගේ දියණිය හැටියට රඟපාන්න අවස්ථාව උදාවුණේ. එතැනින් පසුව මට එරංග සේනාරත්නගේ ‘නිල්නෙතු’, ජෝශප් ජෙරම් පෙරේරාගේ ‘අහස සේ නුඹ අනන්තයි” යන ටෙලිනාට්‍යවල ද රඟපාන්න ලැබුණා.

මීට අමතරව තරංග බණ්ඩාර ගේ ‘කළුවරට අපි බය නෑ’ වේදිකා නාට්‍යයේ සහ මේ දිනවල පුහුණුවීම් කරන තවත් වේදිකා නාට්‍යයක රංගනයෙන් දායක වෙනවා. අනාගතයේ සිනමා රංගනයට යොමුවෙන්නටත් හරිම කැමැතියි.

මේ වනවිට චාමලී, සුමින්ද සිරිසේන සහ තිලක් ගුණවර්ධන යන ප්‍රවීණයන් යටතේ ‘නාමෙල් මානෙල් පුංචි තියටර්හි’ නාට්‍ය හා රංග කලා පාඨමාලාවක් ද හදාරා තිබෙනවා.

චාමලීගේ ලිපිනය:

චාමලී වික්‍රමනායක

නො.49, මැදගම,

© Copy Rights - Silumina


0 comments:

Post a Comment