----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

යෞවන සම්මාන හොඳම නිවේදිකාව

Wednesday, April 6, 2011

තාරිකා දිලීපනී

එදා පන්නිපිටිය අහස දීප්තිමත්ව බැබළුණා.

හැබැයි ඒ හඳ නිසා නම් නෙමෙයි. තරු නිසයි.

‘තරු අතර බබළන අපූරු තරුවක්’

හැමෝම කතා වුණා.

‘තාරිකා දිලීපනී’

පන්නිපිටිය ප්‍රදේශයට පායපු අලුත්ම තරුව ඇයයි.

‘එදා හරියට මහරගම යොවුන් රඟහලට තරු පායපු රාත්‍රියක් වගෙයි. 2010 වසරේ යෞවන සම්මාන උළෙලේ තරගවල ප්‍රතිඵල කියන තුරු මේ තරු හිටියෙ හරිම නොඉවසිල්ලෙන්. මම ඉදිරිපත් වුණේ නිවේදක – නිවේදිකාවන් තෝරන අංශයටයි. ඒ අංශයේ හිටිය ළාබාලම තරගකරු වුණේ මමයි. ඒත් නිවේදන අංශයෙන් යම් ස්ථානයක් මට හිමිවෙයි කියනා පුංචි බලාපෙරොත්තුවක් සිතේ තිබුණා. ගිය වසරේ දෙසැම්බර් මස පැවැත්වුණු සම්මාන උළෙලේ රාත්‍රිය මගේ ජීවිතයේ කිසිම දිනක අමතක නොවේවි. නිවේදන අංශයෙන් තරගකරුවන් තිදෙනෙක් තෝරා ගැනුණා. ඒ තරගකරුවන් අතරින් හොඳම යොවුන් නිවේදිකාව විදියට මගේ නම එහි සිටිය නිවේදකයාගෙ හඬින් කියවෙන විට ඒ කියවෙන්නේ මගේ නමම ද කියලා මට අදහා ගන්න බැරි වුණා.’

ඒ වදන් වැල් මුවින් ගලාගෙන යද්දී තාරිකාගෙ දෙනෙත් දිලිසුණා. හරියටම සම්මානය ගත්ත රාත්‍රියේ වගේමයි. ඈ අප අතර තිබුණු නිහඬතාවය බින්ඳා.

‘මම සාමාන්‍ය පෙළ දක්වා පාසල් ගියේ මගේ ගමේ පාසල වුණු ධර්මපාල විද්‍යාලයටයි. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සමාර්ථ 10 ක් ලබාගෙන මම උසස් පෙළ සඳහා දේවි බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපන කටයුතු හදාරන්නයි. මේ වෙන කොට මා සරසවි අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා සිටිනවා. අධ්‍යාපන කටයුතුවල නියැළෙන ගමන්ම ඉන් බැහැරව නිවේදනය අංශයෙන් ඉදිරියට යන්න මම සූදානම්.’

තාරිකාගෙ නංගි තිළිණි. තිළිණියි තාරිකයි පුංචිම සන්ධියෙදි නිතරම සෙල්ලම් කළා. අම්මගෙ සාරියක් ඇඳගෙන කටේ පාට උලාගෙන නංගිට ඇහෙන්න නිවේදන කටයුතු කළා. සින්දු කිව්වා. නැටුවා. ඒ විතරක් නෙමෙයි දොස්තර නෝන කෙනෙක් වගේ නංගිට බෙහෙත් දුන්නා. මේ පුංචි උන්ට නොදැනෙන්න තුන් වැන්නෙක් ඔවුන් දෙසම බලාගෙන සිටියා. ඒ තාරිකාගෙ අම්මා, ශ්‍රීමතී මල්ලිකා. ලොකු දූගෙ තියෙන මේ උපන් හපන්කම් ගැන ඈ තාරිකාගෙ තාත්තට කිව්වා. යූ. ජී. රණසිංහ. ඔහු ව්‍යාපාරිකයෙක්. එහෙම වුණත් ඔහුට තිබුණේ කලාකාමී සිතක්.

‘පුංචි කාලෙම මගේ දක්ෂතා හඳුනා ගෙන සිටි මගේ අම්මා, තාත්තා ඉගෙන ගන්න විෂය වගේම බාහිර කටයුතුවලටත් මාව යොමු කළා. ඒ අනුව මාව ගුවන් විදුලියෙ ළමා පිටියට සම්බන්ධ කළා. එහි මා ළමා නිවේදිකාවක් ලෙස කටයුතුª කළා. එතැනින් ඇරැඹුණු මගේ ගමන නිවේදනයට විතරක් සීමා වුණේ නැහැ. ඊ ඍ ඹ්ඒව්ම්ඒ නාලිකාවේ ‘ළමා ගී දනව්ව’ වැඩසටහනට ළමා ගායිකාවක ලෙස සහභාගී වුණා. ස්වාධීන රූපවාහිනියේ ‘සමනල උයන’ වැඩසටහනට ගීයක් ගායනා කළා. රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ ලියූ ‘චූටි මල්ලි මගෙ ගෙදරින් ගියදා’ කියන ඒ ගීතය ළමයි අතර බොහොම ජනප්‍රිය ගීතයක්. මේ අතරතුරදී ‘ටක් ටික් ටුක් රූප පෙට්ටිය’ වේදිකා නාට්‍යයෙත්, සිරස නාලිකාවේ විකාශය වූ 433333 කියන ඒකාංගික ටෙලි නාට්‍ය මාලාවේ එක් නාට්‍යයක ප්‍රධාන ළමා චරිතයත් රඟපෑවා. මේ වෙන කොට මම උපාලි සන්නස්ගල ගුරු පියාණන් යටතේ සංගීතය හදාරනවා.’

තාරිකා දක්ෂ නිවේදිකාවක් විතරක් නෙමෙයි. ඈ චිත්‍ර අඳින්නත් හරිම දක්ෂයි. අපි එහෙම කියන්නේ ඒ අංශවලදී පැවැත්වූ ජාත්‍යන්තර හා ජාතික මටටමේ තරග රැසකින් කුසලාන, පදක්කම් දිනා ගන්නට තරම් ඈ සුවිශේෂී වූ නිසයි.

‘කවද හරි මම පරීක්ෂණ පවත්වන විද්‍යාඥවරියක් වෙනවා. හොඳ නිවේදිකාවක් වෙනවා.’

තාරිකාගෙ සිත අනාගත බලාපොරොත්තුවලින් පිරිලා, ඉතිරිලා. අනාගත සිතුවිලි සඵල වෙන්න මේ දියණියට සරසවිය වෙතින් අප මෙසේ සුභපැතුම් ගෙන එන්නමි.

0 comments:

Post a Comment