----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මම නිදහසේ ජීවත්වෙන කෙනෙක්‌

Tuesday, April 12, 2011

මම නිදහසේ ජීවත්වෙන කෙනෙක්‌
දිනේෂා ජයතුංග

"චරිතයකට පාට දෙන්න" සමග ඔබට හමුවන අලුත් මුහුණ... දිනේෂා ජයතුංග, ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක හා නිළියක ලෙස ඉතා සාර්ථක ප්‍රවේශයක්‌ ලබාගෙන සිටින ඈ පිළිබඳ විමසිලිමත් සිතට හා නෙතට පිළිතුරු ලැබුණෙ මේ විදිහටයි.

"මම ඉපදුනේ රත්නපුරේ. තාත්ත තැපැල් දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරියෙක්‌. අම්ම හෙදියක්‌ මට ඉන්නෙ අක්‌කයි අයියයි...

ඒත් අද ඔබ රංගන ක්‍ෂේත්‍රයට පය තියල අහවරයි.

ඉස්‌කෝලෙන් අස්‌වුණාට පස්‌සෙ ගෙදර අය මාව ව්‍යාපාර ක්‍ෂේත්‍රයට යොමු කළා. අපේ පවුලේ තිබුණා දැව භාණ්‌ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක්‌. මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා කටයුතු කරද්දි මම ගොඩාක්‌ ජීවිතය ගැන සමාජය ගැන අත්දැකීම් ලැබුවා. ඒ අතර පුංචි කාලෙ ඉඳන් මගේ තිබුණ අරමුණ මම අත්හැරියෙම නෑ.

ඔබගේ නිෂ්පාදිකා හා රංගන භූමිකාව පටන් ගත්තෙ.

නිෂ්පාදනයට පසුබිම සකස්‌ කරගෙන මායාදුන්න බණ්‌ඩාර මහත්මයට කියල මගේම අදහසකට අනුව තිර පිටපතක්‌ ලියවාගෙන "චරිතයකට පාට දෙන්න" ටෙලිනාට්‍ය නිෂ්පාදනය කළා. එහි මට ගැලපෙන චරිතයක්‌ තිබුණ නිසා රංගනයටත් මම ප්‍රවේශ වුණා. මේ තුළින් පුංචි කාලෙ ඉඳන් දැක්‌ක සිහිනය සැබෑ වුණා. මේ වෙත්දි මම මගේ දෙවැනි නිෂ්පාදනය වෙනුවෙන් සූදානම් වෙනව. ජුනි - ජුලි මාසවලදි එහි වැඩකටයුතු පටන් ගන්නව.

දිනේෂා කරමින් සිටි ව්‍යාපාර අත්හැරල මේ වෙද්දි කලාව වෘත්තිය කරගෙනද?

මම කලාවට හරිම ආදරෙයි. මම මේ ක්‍ෂේත්‍රයට ආවෙ කලාව තුළින් සමාජයට මෙහෙයක්‌ කිරීම හා මගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් කලාව ව්‍යාපාරයක්‌ හෝ රැකියාවක්‌ කරගන්න මගේ අදහසක්‌ නෑ.

දිනේෂා රඟපාන්නෙ ඔබ නිෂ්පාදනය කරන ටෙලි නාට්‍යවල විතරද?

නැහැ. මම කැමතියි හොඳ චරිත රඟපාන්න. තවම මට නිර්මාණවලට ඇරයුම් ලැබී නැහැ.

නිළියක්‌ විදිහට කුළුඳුලේ දොරට වඩිද්දි ලැබුණ ප්‍රතිචාර කොහොමද?

හොඳ ප්‍රතිචාර තියෙනව. මෙම නිර්මාණයට සම්බන්ධවෙලා ඉන්න සියලුම රංගන ශිල්පීන් ප්‍රවීනයන්. ඉතින් ඒ ප්‍රවීනයන් එක්‌ක රඟපාද්දි මගේ අලුත් බව පෙනුනෙ නැහැ කියල ගොඩක්‌ අය පැවසුවා.

දිනේෂා ඔබ මොනවගේ චරිතයක්‌ද?

"මම මහපොළවෙ පය ගහල ජීවත් වෙන සරළ කාන්තාවක්‌. මම අභියෝග ජය ගන්න කැමති කෙනෙක්‌. ඒ වගේම මම යම් කිසි අරමුණක්‌ ඇති වුණොත් කාලයක්‌ ගතවෙලා හරි මම ඒ අරමුණ ඉටුකර ගන්නවාමයි.

ඔබේ වර්තමානය

"මම දැන් පදිංචිවෙලා ඉන්නෙ නුගේගොඩ. මේ වෙද්දි බොහෝම නිදහසේ මගේ වැඩකටයුතු කරගෙන සතුටෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙනව.

රඟපෑමට ගෙදරින් තිබුණ තහංචි දැන් ඉවත් වෙලාද?

එහෙමමත් නැහැ. අදටත් ගෙදරින් ලොකු කැමැත්තක්‌ නැහැ. ඒත් දැන් බලපෑම් කරන්නෙත් නැහැ.

ඔබේ අනාගත බලාපොරොත්තු

හොඳ චිත්‍රපටයක්‌ නිර්මාණය කිරීමයි.

අප විමසන්නේ පෞද්ගලික දිවියේ බලාපොරොත්තු විවාහය ආදරය වැනි කරුණු.

"මම ආදරයට සංවේදියි. ඒත් අද දවසේ මම නිදහසේ ගතකරන ජීවිතයට මම කැමතියි. ඉදිරි කාලයේ හැම දෙයක්‌ම තීරණය කරයි. මොකද එවැනි තීරණයක්‌ ගතයුත්තේ හොඳ අවබෝධයකින්. නිවැරදි තීරණයක්‌ නොගත්තොත් මුළු ජීවිතයම බිඳවැටෙනව. මම අද ආදරය කරන්නෙ කලාවට මම කලාවත් එක්‌ක අද දවස සතුටින් ඉන්නව.


ධම්මිකා සුරංජි පතිරණ
ඡායා - සමන් අබේසිරිවර්ධන


Copy Rights - Divayina

0 comments:

Post a Comment