----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

කොළඹ සරසවියේ සරසානන්දකර ප්‍රඥාවර්ධක සන්ධ්‍යාව

Tuesday, April 12, 2011

කොළඹ සරසවියේ සරසානන්දකර ප්‍රඥාවර්ධක සන්ධ්‍යාව

වසර හතළිස්‌ හතකට පෙර කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේ පූජාවලිය ප්‍රථම දේශනය පැවැත්වූ දිනයේ එම ශාලාවේ සිටි උපාධි අපේක්‍ෂකයන්ටද, දේශකයාටද මහත් කායික අපහසුවක්‌ දැනුණි. එදා එහි සිසිලස දනවන මෙවලම් නොවිණි. ගත සරතැස නිවන්නට අවශ්‍ය විදුලිය උපකරණ සියල්ල තිබියදී එවැනි සන්ධ්‍යාවක්‌ පසුගිය දවසක යළි දැනුණි. ඒ කාගේවත් වරදක්‌ නිසා නොවේ. ශාලාවෙහි උපකුලපතිනිය ප්‍රමුඛව දෙදහසකට වැඩි ශ්‍රාවක පිරිසක්‌ විස්‌මයාන්විතව ඉවසීමකින් සමන්ත හේරත් ආචාර්යවරයා, දීප්ති වික්‍රමසිංහ ආචාර්යවරිය හා එක්‌ව සංවිධානය කළ zචමත්කාරZ නම් වූ සම්ප්‍රකාශක සංගීතාස්‌වාදක සන්ධ්‍යාව නැරැඹුහ. කොළඹ විශ්වවිද්‍යාලය 1968 දී ආරම්භ වුවත්, එම බිමෙහි වැජඹුණු ලංකා විශ්වවිද්‍යාල ආයතනය 1934 දී ආරම්භ කළ සංගීත කලා නාට්‍ය හා නර්තන ව්‍යාපාරයේ අග්‍රඵලයෙහි රසාස්‌වාදය එදින අපට ආස්‌වාදය කළ හැකි විය. එදා zමේලාZ නම් වාර්ෂික උළෙලට රසය ගෙනාවාහු, භාරතයට ගොස්‌ සංගීතය හා නර්තනය හදාළ කලාකරුවෝය. සරණගුප්ත අමරසිංහ, ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, සූරියශංකර් මොල්ලියගොඩ, ප්‍රේමකුමාර් එපිටවෙල, වසන්ත කුමාර් හා පණීභාරත ද ඒ මේලාවන්ට එක්‌ වූහ. එදා උපකුලපති, ආචාර්යවරු හා උපාධි අපේක්‍ෂකයෝ එක්‌ව කලා බීජයක්‌ රෝපණය කළාහුය. එය අද ව්‍යාප්ත මහා වෘක්‍ෂයක්‌ බවට පත්ව ඇති සැටියක්‌ අපට පෙනුණි.

zචමත්කාරZ - සරසානන්දකර සන්ධ්‍යාවට නිමිති වූයේ අර්ධ ශතවර්ෂාසන්න කාලයක්‌ තුළ ශ්‍රී ලාංකික සංගීත කලාවට, ගායනයට හා ප්‍රාසංගික කලා ක්‍ෂේත්‍රයට විශිෂ්ට මෙහෙවරක්‌ ඉටු කළ නිහතමානී කලා නිර්මාතෘ ආචාර්ය වික්‌ටර් රත්නායකට සම්භාවනා ප්‍රදර්ශනයයි. මෙවැනි උළෙලකදී බොහෝ විට දැකිය හැක්‌කේ තමන් කැමති ගී අසන්නට එන ලෝලයන් පිරිසකි. එහෙත් මේ සන්ධ්‍යාව අපට ගෙනාවේ රසය පමණක්‌ නොවේ. ශාලාවට ඇතුළු වූ හැම රසිකයකුම ගීත රසාස්‌වාදය වින්දාහුá තමන් නොගෙනා දැනුමක්‌ ද ශාලාවෙන් පිටව යද්දී ගෙන ගියහ.

කොටස්‌ තුනකින් සැදුණු මේ සන්ධ්‍යාව සඳහා සහභාගි වුණු විශ්වවිද්‍යාල ප්‍රජාවගේ ඉවසීම, රසාස්‌වාදක ශක්‌තිය හා සහභාගිත්වය අගය කළ යුත්තකි. උපකුලපතිනිය ද තම උපාධි අපේක්‍ෂකයන්ගේ මේ ගුණය ගැන ජනප්‍රිය වීමේ අදහසකින් තොරව ප්‍රකාශ කළාය. පළමුවැනි කොටස සඳහා ගීත කිහිපයක්‌ ගායනා කෙරුණි. එහිදී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහානාම වික්‍රමසිංහ ආචාර්යවරයා ප්‍රමුඛ ගායක වාදක මණ්‌ඩලය දේශීය සංගීත ක්‍ෂේත්‍රයට වික්‌ටර් රත්නායකයන් ප්‍රවේශ වීම දක්‌වා අවස්‌ථා කිහිපයක්‌ රසිකයන් මනසට කා වැද්දවූහ. සමහර අවස්‌ථා රවිබන්ධු විද්‍යාපති ඇදුරුතුමාගේ නර්තන වින්‍යාසය ප්‍රක්‍ෂේපණය කළ නළු නිළියන් විසින් ආලෝකවත් කරන ලදී.

zචමත්කාරZ සන්ධ්‍යාවෙහි ද්විතීය භාගය වෙන් වූයේ වික්‌ටර් රත්නායක සංගීතවේදී ආචාර්යවරයාටය. දුර බැහැර පෙදෙසක සංගීතය පිළිබඳ අයන්නවත් නොදන්නා පාසල් ගුරුවරුන් අතරින් පටන් ගත් තම සංගීත ජීවිතයේ විවිධ අවස්‌ථා මතු කරන ගීතාවලියක්‌ ඔහු තෝරා ගෙන තිබුණි. දිවි මගෙහි හත් වැනි දශකාභිමුඛව සිටියදීත්, ඔහුගේ හඬ විකෘත නොවුණු වග - අද ගයන්නේ එදා යෞවනයේ සිටි තරුණ ගායකයාම බව - අපට ප්‍රත්‍යක්‍ෂ විය. මින් දශක පහකට එහා දවසක මීගමු හරිශ්චන්ද්‍ර විද්‍යාලයයේ කලා උළෙලකට ගිය විට ඔහු ගැයූ හඬම මෙදිනද මට ශ්‍රවණය කළ හැකි විය.

ආචාර්ය වික්‌ටර් රත්නායක තම ගී තනු නිර්මාණයේදී යොදා ගත් භාරතීය හා අපරදිග සංගීතය ගැනද අප දැනුම්වත් කළේය. ශ්‍රී ලංකාවේ සරල සංගීතය යෑයි හඳුන්වන විෂය ක්‍ෂේත්‍රයට ගරු ගම්භීර භාවයක්‌ මෙන්ම එය ව්‍යක්‌ත සම්භාව්‍ය ශෛලියේ ඒක දේශයක්‌ බවද රත්නායකයන්ගේ ප්‍රකාශනවලින් හෙළි විය. මෙරට සංගීත අධ්‍යාපනඥයන් ස්‌වකීය නිර්මාණ ගැන මෙලෙස අදහස්‌ ප්‍රකාශ කිරීමෙන් සංගීත රසිකයාට එහි ඇති නිර්මාණාත්මක ගුණයද අවබෝධ කර ගත හැකිය. පාසල් ජීවිතයේ වික්‌ටර් ලෝලියකු වූ ශිෂ්‍යාවක්‌ - අද වෛද්‍ය පීඨයේ ආචාර්යවරියක්‌ - තමා වික්‌ටර්ගේ ගී ගායනා කළ නමුත් මෙවැනි ශාස්‌ත්‍රීය කාර්යයක්‌ ගීතයට සම්බන්ධ වී ඇතැයි නොදත් බව මට පැවසුවාය. මෙවැනි ප්‍රබුද්ධ භාවයක්‌ සංගීත රසාස්‌වාදයක්‌ සමග එක්‌ කළ හැකි නම් කෙතරම් අගේද?

විශ්වවිද්‍යාල ශිෂ්‍යයා පොලීසියේ කඳුළු ගෑස්‌වලට හා බැටන් ප්‍රහාරවලට ලක්‌වීමට රුචිකර පිරිසක්‌ ලෙස හැඳින්වෙන යුගයක පැය තුනකටත් වැඩි කාලයක්‌ දහදියෙන් පෙත්තර වී නිසලව සිටි දෙදහසකට වැඩි පිරිසකගේ නායිකාව වීමට ලැබීම ගැන මහාචාර්ය හිරිඹුරේගම මැතිනිය ප්‍රසාදයට පත් විය යුතුය. සමන්ත හේරත් ආචාර්යවරයාද සංවිධායක මණ්‌ඩලයද නූතන විශ්වවිද්‍යාල පද්ධතියට ආදර්ශයකි. අප රටේ කලා රසඥතාව වගා දිගා කළ යුත්තාහු ඔව්හුය. ඔවුන්ගේ එම කාර්යභාරය අගය කිරීම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සතු යුතුකමකි.

මහාචාර්ය තිස්‌ස කාරියවසම්


Copy Rights - Divayina

2 comments:

Dayal Bathee said...

අහන්නත් සන්තෝෂයි. සිහිය සැපත් වී සැබෑ දියුනුවෙි මගට වැටී ඇති බවෙි ලක්ෂණයක්. සමන්ත ඇතුලු හැමට ප‍්‍රණාමය.

සමන්ත හේරත් කියන්නේ නිහඩ වැඩකරැවෙක් Dhayal Bathee.. ඔහුට අපේ උපහාරය හිමි විය යුතුයි. ඔ‍බේ කොමෙන්ටුවට ස්තුතියි සබද.. Admin - Lanka Art

Post a Comment