----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

චන්දික නානායක්කාරට ගැහැනු ළමයින්ගෙන් ඇස් රතුවන විහිළුවක්

Tuesday, April 12, 2011

චන්දික නානායක්කාරට ගැහැනු ළමයින්ගෙන් ඇස් රතුවන විහිළුවක්

චන්දික නානායක්කාර ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රි ය වන්නේ ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකු ලෙසය. පසුගිය දෙවසරම ඔහු ‘ජනපි‍්‍රය ටෙලි නාට්‍ය නළුවා’ සම්මානය හිමි කර ගත්තේය. චන්දික මේ දිනවල සිනමා රංගනයෙහි ද නිරතව හිඳියි.

ටෙලි නාට්‍ය නළුවෙකුට සිනමාව ජය ගන්නට නොහැකි වගට ඇති මතය මෙන්ම තවත් දෑ අප සමඟ කතා කරන්නට චන්දික මෙසේ එක් වුණි.

ටෙලි නළුවන් චිත්‍රපටවලදී අසාර්ථක වෙනවා කියන කතාවෙ පොඩි ඇත්තක් නැතුව නෙවෙයි. රූපවාහිනියෙන් නිතර දකින කොට ඒ කෙනාව තමන්ගෙම පවුලෙ කෙනෙක් වගේ හුරු වෙනවා.

නමුත් කාට හරි පුළුවන් නම් ටෙලි හා සිනමා කියන වෙනස නැතුව අදාළ චරිතය දිහා බලන්න, එතනදි ඔය ගැටළුව බලපාන්නෙ නැහැ. මම රඟපානව නම් එතන ඉස්මතු වෙන්න ඕන චන්දික නානායක්කාරව නෙවෙයි චරිතයයි.

* චන්දික චිත්‍රපටවල රඟපාන්න එන්නෙ ඔයා රඟන චරිතය ඉස්මතු කිරීමේ හැකියාව ඔයාට තියෙනවා කියලා හිතන නිසාද?

සමහර වෙලාවට අපි නිවැරදියි කියලා හිතන දේ වැරදි වෙන්න පුළුවන්. නමුත් මම නිතරම චන්දික නානායක්කාර කියන පුද්ගලයව නෙවෙයි, රඟන චරිතය ඉස්මතු කරන්න උත්සාහ කරන කෙනෙක්.

* මෙගා ටෙලි නාට්‍යවල රඟපෑම නිසා රංගන ශිල්පියෙකුගේ ප්‍රතිරූපයට හානියක් සිදු වෙනවා කියන මතය ගැන දරන ස්ථාවරය මොකක්ද?

මෙගා නාට්‍ය නිසා නළුවෙකුට හෝ නිළියකට සිදු වෙනවා කියන හානිය මට නම් සිදුවෙලා නැහැ. ඒ වර්ගීකරණයට මම එකඟත් නැහැ. මම දිනපතා විකාශය වන මෙගා නාට්‍ය වගේම කොටස් 25 නාට්‍ය, ඒකාංගික නාට්‍යවලත් සම සමව රඟපාලා තියෙනවා.

එතනදි මම ප්‍රවීණ රංගන ශිල්පි ඩබ්. ජයසිරි මහතා ලබා දුන් උපදේශයක් හොඳින් ධාරණය කර ගත්තා. ඔහු මට කිව්වෙ ‘චන්දික අනිත් අය කරන දේ වැඩක් නැහැ. තමන්ට පුළුවන් දේ කරන්න’ කියලා. ඔහු මට දුන්නෙ වටිනා උපදෙසක්. ඇත්තටම නාට්‍යයේ වර්ගීකරණයට වඩා මට වැදගත් චරිතය.

පසුගිය දෙවසර පුරාම ජනප්‍රියම ටෙලි නාට්‍ය නළුවාට හිමි සම්මානය ලැබුණෙ චන්දිකට. ප්‍රේක්ෂකයා තුළින් ලැබෙන ජනප්‍රියත්වය චන්දිකට දැනෙන විදිහ ඔහුගේම මුවින් පැවසුවා.

ජනප්‍රියත්වය තීරණය වෙන්නෙ තිරයේ කරන රඟපෑමෙන්ම නෙවෙයි. සැබෑ ජීවිතයේ රඟ නොපාන තරමට ප්‍රේක්ෂකයාගේ ආදරයත්, පිළිගැනීමත් වැඩි වෙනවා. කැමරාව ඉදිරියේ වගේම කැමරාව පිටතදීත් රඟපාන්න ගියහම ඒ අය ප්‍රේක්ෂකයා ප්‍රතික්ෂේප කරනවා. ප්‍රේක්ෂකයා සමග ගනුදෙනු කරන විදිහත් එක්ක තමයි ජනප්‍රියත්වයේ අඩු වැඩි වීම සිදු වන්නේ.

චන්දික පැවසූ දෙයට එකඟවන්නට ළඟම ඇති උදාහරණය විජය කුමාරතුංගය. විජය යනු එක නිර්මාණයක රඟපාමින් හිස උදුම්වා ගත් අයෙක් නොවේ. විජයගේ රසිකයන්ව ඔහු කිසි දවසෙක කරදරයක් ලෙස දුටු අයෙක් නොවේ. කෙතරම් කාර්යබහුල වුවද ඔහු තම රසිකයන් හා අවංකවම කුළුපග වූ අයෙකි. වියෝ වී වසර 23 ක් වුවද ඔහු හිමි කරගත් ජනප්‍රියත්වයේ බිඳක අඩුවක් හෝ නොවුණේ ඒ නිසාය.

නමුදු වර්තමානය ඊට හාත්පසින්ම වෙනස් වූවකි. නිර්මාණයක පෙනී සිටිමින් ප්‍රේක්ෂකයාගෙන් ලැබෙන ප්‍රතිචාර ඉදිරියේ ප්‍රසිද්ධියේ හිස නමන ඇතැමුන්ට ඒ ප්‍රතිචාර කරදරයකි. නොඑසේ නම් වදයකි.

කවදාවත් අපි ප්‍රේක්ෂක ප්‍රතිචාර වදයක් කියලා හිතන්න හොඳ නැහැ. ඒ ලැබෙන ප්‍රතිචාර තුළ හොඳ වගේම නරකත් තියෙන්න පුළුවන්. ඒ ප්‍රතිචාර ළඟදී ඇතැම් ශිල්පින්ව අපහසුතාවයට පත් වුණත් අපට ඒ දේ ඉවසීමෙන් දරා ගන්න වෙනවා. අපව අමතන රසිකයෝ විවිධ මානසික මට්ටම්වල සිටින අය වෙන්න පුළුවන්. එහෙම අයට අනුකකම්පා කරලා, ඔවුන්ව තේරුම් අරගෙනයි අපි ඒ අය සමඟ ගනුදෙනු කරන්න ඕන.

ජනප්‍රියත්වය සම්මානයකින් නම් තීරණය කරන්න බැහැ. මට ජනප්‍රිය සම්මානය ලැබුණට, මට වඩා ජනපි‍්‍රය සම්මානය ගන්න සුදුසු අය ඇති. ඒත් ප්‍රේක්ෂක ඡන්දය තුළ ඔවුන්ට වැදගත් වන්නෙ තමන් සමඟ නිහතමානීව ගනුදෙනු කරන කලා ශිල්පීන්ව. සමහරුන්ට ලැබෙන ජනප්‍රියත්වය දරා ගන්න බැරුව හැසිරෙන විදිහෙන් ඔවුන් ඉබේම ප්‍රතික්ෂේප කරනවා.

* චන්දික කියන්නෙ රසිකයන්ව කරදරයක් විදිහට දකින අයට පැවැත්මක් නැහැ කියලද?

අනිවාර්යයෙන්ම ඔව්. අනික රසිකයන්ව කරදරයක් විදිහට දකින කෙනෙකුට මේ ක්ෂේත්‍රය සුදුසුත් නැහැ.

* රගනයට අමතරව තවත් කාර්යයක චන්දික නියැලෙමින් සිටිනවා.

ඔව්, සළුසල ආයතනයේ සන්නම් නාම නියෝජිතයා මම. මගේ පෞද්ගලික අත්දැකීමෙන් මම ඉගෙන ගත් දේ තමයි, අපිට ලැබිලා තියෙන දෙයින් සමාජ මෙහෙවරක් කරන්න ඕන කියන එක. අපේ වෘත්තීය ගරුත්වයත් රැකගෙන, පණිවිඩයක් දෙන්න පුළුවන් සමාජ සේවයක අපි නිරත විය යුතුයි. සළුසල දේශිය රාජ්‍ය ආයතනයෙ සභාපතිතුමා මට ආරාධනා කළා, එම ආයතනය නගා සිටුවීමේ වැඩ පිළිවෙලට එකතු වෙන්න. මම බොහොම කැමැත්තෙන් සන්නම් නියෝජිත තනතුර පිළිගත්තා. ඒ වගේම මගෙන් එම තනතුරට සාධාරණයක් වෙනවා කියලා මම විශ්වාස කරනවා.

දෑසේ දිස්නය, සෙල්වම් වැනි චිත්‍රපටවලටත්, සඳ නිදන හිමිදිරිය, බිතු සිතුවම් යන ටෙලි නාට්‍යවලටත් මේ දිනවල දායක වෙලා ඉන්න චන්දික කඩවසම් තරුණයෙක්. ආදරය ඔහුගේ ජීවිතයට සංවේදනය වී තිබෙන්නෙ කොහොමද කියලා අපි ඇහැව්වා. මනුෂ්‍ය වර්ගයාට ජීවත් වෙන්න නැතුවම බැරි දේ ආදරය. මව්කුසේ ඉන්න කාලෙ ඉඳලම තමයි අපි ආදරය විඳින්නෙ. අපි කවුරුත් ආදරය ලබන්න කැමැතියි. ඒත් ආදරය කියන්නෙ වැඩියෙන් දිය යුතු අඩුවෙන් බලාපොරොත්තු විය යුතු දෙයක්.

* චන්දිකත් ආදරය අඩුවෙන් බලාපොරොත්තු වෙන කෙනෙක්ද?

මම ඒ කිව්වෙ ආදරයට නිර්වචනයක්. ඒත් ඒ තුළ ප්‍රායෝගිකව පිහිටන්න අපිට අමාරුයි. අපි කවුරුවත් ආදරය අඩුවෙන් බලාපොරොත්තු වෙන්නෙ නැහැනෙ.

* චන්දික මේ වෙන කොට ආදරය විඳීනවද?

අනිවාර්යයෙන්ම, අඩුවක් නැතුව මම ආදරය විඳීනවා.

* කාගෙන්ද?

අපේ සමාජයෙ ජීවත් වන මිනිස්සුන්ගෙන්.

චන්දිකගේ නම කියූ සැණින් ඕනෙම කෙනෙක්ට ඉක්මනින්ම මතක් වෙන්නෙ චන්දිකගෙ ඇස් දෙක. ඒත් ඒ ඇස් නිසා චන්දික ඉස්කෝලෙ යන දවස්වල අපහසුතාවයට පත්වෙලා.

මට බළල් ඇස් තියෙන නිසා, ගොඩ දෙනෙක්ගෙ අවධානය මට පාසලේදී ලැබුණා. මම ගියේ මිශ්‍ර පාසලකටනෙ. විශේෂයෙන් ගැහැනු ළමයි මට විවිධ නම් පටබැන්දා මගේ ඇස් ගෑනු ළමයෙක්ගෙ වගේ කියලා.

* එහෙම නමක් පටබැඳපු කෙනෙක්ට චන්දික කුඩයක් කැඩෙනකල්ම ගැහැව්වලු නේද?

කවුද ඒක කිව්වෙ?

* කවුරු කිව්වත් කතාව ඇත්ත නේද?

ඔව්, අපිට වඩා වැඩිමහල් අක්කා කෙනෙක් මට ‘සබීතා’ කිව්වා. ඒකට තරහා ගිහින් තමයි ගැහැව්වේ.

රියැලිටි වැඩසටහනක නිවේදකයෙක් විදිහට කටයුතු කරලා හිටි හැටියෙම ඒ වැඩසටහනින් ඉවත් වුණේ ඇයි?

මම සාමාන්‍යයෙන් ඕනෑම කටයුත්තක් බාර ගත්තොත් ඒක උපරිමයෙන් කරනවා. මම බොහොම නිදහස්ව මගේ දේ කරගෙන යද්දි ඒකට විවිධ බලපෑම් ආවා. මානසික පීඩනයකින් වැඩ කරන්න කැමැති නැති නිසා කැමැත්තෙන්ම මම ඉවත් වුණා. මගේ ජනප්‍රියත්වයෙන් මට ඒ වැඩසටහනට එළියක් දෙන්න ලැබුණා කියලා විශ්වාස කරනවා.

0 comments:

Post a Comment