----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

තමුන්නාන්සේ දැං හදන්නෙ මේ අම්මන්ඩි මගේ කරේ ගහන්ඩ ද...?

Wednesday, April 13, 2011

පොත - හාස්‍ය නිර්මාණ කලාව

කර්තෘ - එච්.ඩී. විජයදාස

හඬක් : මීළඟ සීන් එක කාලගෝල දික්තලා හා දික්පිටියා ද ගඟකින් එතරවීම ගැනයි. ගංගා සීන් එක, තාත්විකව නිරූපණය කිරීමට ප්‍රමාණවත් වතුර ලබාගතහොත් කලටුවාව හා ලබුගම ජල මට්ටම යළිත් පහත බසිනු ඇතැයි කොළඹ නගර සභාව විසින් අනතුරු හැඟවීමක් කර ඇති නිසා ගංගා සීන් එක කපා දමා ප්‍රේක්ෂකයන් කෙළින් ම මහෞෂධ පඬිතුමාගේ ඔෆිස් කාමරය වෙත ගෙනයමු.

මහෞෂධ : සියලු සිද්ධිය ඇතැඹුලක් සේ දකිමි. තීන්දුව මගේ පන්හිඳ තුඩ’ග ඇත. එහෙත් හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස නඩුව සවිස්තරව විචාරමි.

එම්බල කාලගෝලය, තගේ සිත් වේදනාවේ තරම මම දනිමි - ප්‍රාණය හා සමාන අඹු සිඟිත්ත අනෙකෙකු විසින් පැහැර ගනු ලැබීම තරං හද කකියවන වේදනාවක්...

කාලගෝල - නෑ නෑ පොඩ්ඩක් වත් මට දුක නෑ...

මහෞෂධ : මොනවාහ්! තොපගේ ප්‍රියම්ඹිකාව නැතිවී යාම ගැන තොපට වේදනාවක් නෑ...?

කාලගෝල - අබමල් රේණුවක දුකක් නෑ. ඇත්තම කියනවනං මට ඕනෑ කරලා තිබුණේ මේ ගෑනි කොහාට හරි තොලොංජි කරල දාන්ඩයි - ඒකටමයි ගඟ ගාවට එක්ක ආවෙත්...

මහෞෂධ : මගේ කාර්යය පහසු වුණා - දැන් දික්පිටියා කැඳවනු...

දික්පිටියා - ස්වාමීනි...

මහෞෂධ : මා තොප වරදවා තේරුම් ගත්තාට මට කමාකරව, මා සිතා සිටියේ තොප මේ කාන්තාව බලහත්කාරයෙන් පැහැරගෙන යන ලදැයි කියායි. දැන් තගේ අලුත් පෙම්වතියගේ අතගෙන සිත් සේ කම්සැප අනුභව කරව...

දික්පිටියා - මොනව...? තමුන්නාන්සේ දැං හදන්නෙ මේ අම්මන්ඩි මගේ කරේ ගහන්ඩ ද...?

මහෞෂධ : අශ්චර්යයකි. මට මගේ දෙසවන් ඇදහිය හැකි ද? දික්පිටිය, තා කියන්නේ තා මේ කාන්තාව නොරිසි බව ද!

දික්පිටියා - ඒකත් අහන්ඩ එකක් ද ස්වාමීනි...?

මහෞෂධ : එසේ නම් ගං තෙරදී තොප ඇය හා ඒ තරම් කුළුපඟව හැසුරුණේ ඇයි...?

දික්පිටියා - ඒ මගේ ඇස් පෙනීමේ දුර්වලකමක් නිසා සිදුවුණු අත් වැරැද්දක් ස්වාමීනි...

මහෞෂධ : විස්තර කරව...

දික්පිටියා -මං මගේ ගර්ල් ෆෙ‍්‍රන්ඩ් එනකං රිවර් බීච් එකේ කැරකි කැරකි හිටිය. ඈතට මේ දික්තලාව දැක්කේ දිවියාංගනාවක් වගේ. ළඟට ඇවිල්ල බැලුවාම මට අදහස වෙනස් කර ගන්ඩ සිද්ධ වුණා. ඉතිං නිකංම හැරිල යන්ඩ බැරි හන්ද එයාගේ සාරියේ බෝඩරේ ගැන කතා කළා. ඒ අතර වාරේ එයා ඇහැව්ව රිවර් එක ක්‍රොස් කරන්ඩ හෙල්ප් කරන්ඩ පුළුවන් ද කියල. මොනව කරන්නඩ ද ඉතිං මං උදව් කළා. යන ගමං මගෙං ඇහැව්ව මං බැඩ්මිංටන් ගහන්ඩ දන්නවද කියල. මට කා එකක් තියනවද කියලත් ඇහැව්ව. එච්චරයි...

මහෞෂධ : මට තී ගැන අනුකම්පාවයි දික්තලා. තී වැනි අහිංසක ගැමි යුවතියකගේ් හදපත්ලෙං ගලා යන ප්‍රේම ගංගාව සරු කෙතකට නොවැටී ඉවත ගලායාම මේ මිහිකත ගිගුම් දෙන අපරාධයක්...

දික්පිටියා - අසරණ මට අනුකම්පා කරන්න ස්වාමීනි. මගේ ශෝක ගීතය ඔබවත් අහන්න ස්වාමීනි...

මහෞෂධ : පැහැදිලිව ගායනා කරව!...

දික්තල - ගඟ අයිනෙ ඈත වැලිතලාවේ ඉන්න මේ දික්පිටියාව දැක්ක විතරයි, කාලගෝලය ළඟ ඉන්න බවක් වත් මට මතක නැතුව ගියා.

මහෞෂධ : තරුණ කණකොක් සුදක් සේ පැහැදිලියි. ප්‍රථම දර්ශනයෙන් ම....

දික්තල - අන්න හරි, ප්‍රථම දර්ශනයෙන් ම මං ආලයෙන් මුසපත් වුණා.

මහෞෂධ : ඔහුගේ ආරෝහ පරිණාහ දේහය නිසා...?

දික්තල - නැහැ නැහැ ඔහුගේ මොඩ් කොණ්ඩයයි ෂර්ට් එකයි නිසා...

මහෞෂධ : එහෙත් දික්පිටියා තිට පෙරලා ප්‍රේම නොකරන නිසා තිගේත් දික්පිටියාගේත් විවාහයට... ආශිර්වාද කරන්ට මගේ අභ්‍යන්තර චිත්තය පසු බා සිටිනවා.

දික්තල - ඒ වුණාට දික්පිටිය මට කිට්ටුවෙලා ගඟ ක්‍රොස් කරන කොට මං පැහැදිලිව දැක්ක...

මහෞෂධ : දික්පිටිය ගේ දෑස් ප්‍රේමයෙන් සලිත වූ බව?

දික්තල - නැහැ. කොණ්ඩේට ඩයි දාල බව, ෂර්ට් එකත් මේ ;ලීකල් එකක්. මට දැං ඌව පෙන්නන්ඩ බෑ...

මහෞෂධ : ප්‍රීතියි, ප්‍රීතියි, ප්‍රශ්නය නිරාකරණයයි. සේවකය, මේ කාන්තාව කැටිව ගොස් ඇගේ මාපියන්ට භාරකරව...

දික්තල - අයියෝ ස්වාමිනි, එපා එපා ඊට වඩා හොඳයි මාව පෙති පෙති ගහල ගඟටම දාන එක...

මහෞෂධ : කිමෙක්ද තිට ඇවැසි කාලගෝලය කැටුව යන්ට ද...?

දික්තල - නැහැ...

මහෞෂධ : එසේ නම් දික්පිටියා...?

දික්තල - සමන් දෙවියනේ නැහැ...

මහෞෂධ : එසේ නම්...?

දික්තල - මට, මට, මට මෙහෙම ඉන්ට ඕනෑ මං ශෝට්හෑන්ඩ් ටයිපිං දන්නව...

මහෞෂධ : සේවකය, මට : මට සිසිල් පැන් බඳුනක් ගෙනව...


Copy Rights - Silumina

0 comments:

Post a Comment