----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මගේ වෘත්තිය මොකක්‌ද කියල ළඟදීම කියනවා

Wednesday, April 6, 2011

තරුෂි පෙරේරා

මම පවුලේ ලොකු දුව

රඟපෑම මගේ වෘත්තිය නෙමෙයි. අනාගතයේ දවසක මගේ වෘත්තීය කුමක්‌ද කියල මම නිශ්චිතව තීරණය කරනව. රංගනයට වගේම නිර්මාණාත්මක පැත්තට ගොඩක්‌ සමීපයි. තිර පිටපත් රචනය, ඇඳුම් නිර්මාණය වගේම මට හොඳට මහන්නත් පුළුවන්. මම මගේ අනාගත රැකියාව එම ක්‍ෂේත්‍රවලින් තෝරාගනීවි.

තරුෂි පෙරේරා නම් වූ යොවුන් නිළිය අනාගතය පිළිබඳ දකින සිහිනයක්‌ තුරුළු කරන් කතාබහට පිවිසුනා.

බාහිර පෙනුමෙන් වගේම රඟපාන චරිතවලිනුත් බොහොම නිස්‌කලංක කෙනෙක්‌ විදියට පෙනෙන තරුෂි ඇත්තටම ඒ වගේද?

ගොඩාක්‌ දුරට මට ලැබෙන චරිත මගේ පෙනුම අනුව තීරණය වෙනව ඇති. අනික මේ ක්‍ෂේත්‍රයේ අද දවසේ කෙරෙන නිර්මාණවලට අනුව ලොකු තෝරාගැනීමකට යන්න අමාරුයි. මම හැම වෙලාවෙම උත්සාහ කරන්නෙ ලැබෙන චරිත තුළින් කුමක්‌ හෝ හොඳ වෙනසක්‌ කරන්නයි.

ඇයට ජීවිතයේ සීමාවන් තියෙනවද. ඒ සීමාවන් තීරණය වෙන්න බලපාන සාධක මොනවද?

zzගොඩක්‌ වෙලාවට මම කරන කියන දේවල් දිහාවෙ මගේ අම්ම බලාගෙනයි ඉන්නෙ. ඇය සමහර වෙලාවට මට සැර පරුෂ වෙන අවස්‌ථාත් තියෙනව. නමුත් මම අද මේ විදිහට මේ ක්‍ෂේත්‍රයේ ඉන්නෙ මගේ අම්මගෙ රැකවරණය නිරන්තරයෙන් මා ළඟ නිසයි. ඒ වගේම මම අඳින පළඳින විදිහ වගේම හැම දෙයක්‌ ගැනම මම බොහොම කල්පනාකාරීව තීරණ ගන්න කෙනෙක්‌. මොන ක්‍ෂේත්‍රයක වුණත් කල්පනාකාරීව ජීවත්වෙන එක ගැහැණු අපට හරිම වටිනව.

තරුෂි අද අපේ රටේ ජනප්‍රිය චරිතයක්‌. මේ නිළි වරම ජනප්‍රියත්වය තරුෂි පුංචි අවධියේ පටන් පෙරුම් පුරා සපුරා ගත් අවස්‌ථාවක්‌ද? එහෙමත් නැතිනම් තරුෂිගේ බලාපොරොත්තු රැඳී තිබුණෙ වෙන තැනකද?

මම විශ්වාස කරනව අපේ හිත්වල මොන වගේ බලාපොරොත්තු, ආශාවන් තිබුණත් දෛවය අපිට ලබාදෙන්නෙ අපට උරුම දෙයයි. පාසල් කාලයේ අනාගතය ගැන මට මීට වෙනස්‌ සිහින තිබුණා. අදත් ඒ සිහිනවලට යන්න නොහැකියාවක්‌ නැහැ. ඒත් මම අද ඉන්නෙ මට උරුම තැන. ඉතින් මම මේ දේවල් සතුටින් බාර අරන් කටයුතු කරනව. මට ජීවිතේ පසුතැවීම් නැහැ. ලද දෙයින් සතුටු වෙන්න මට පුළුවන්.

නාවලපිටියෙ ඉපදුන තරුෂි මහනුවර ස්‌වර්ණමාලි බාලිකාවේ සන්සුන් දැරියක්‌ව හිඳි අවධිය පිළිබඳ මතකය ගමේ කම, සහෝදරත්වය, පවුලේ ලොකු දුවගේ වගකීම. මම පවුලේ ලොකු දුව... අම්මයි තාත්තයි නංගිල දෙන්නයි, මල්ලියි අපේ පවුලෙ ඉන්නෙ. අපි දැන් පදිංචි වෙලා ඉන්නෙ හෝමාගම.

තනි නොතනියට දුකට සැපට ළඟින් ඉන්න තරුෂි තෝරාගෙන ඉන්නෙ කව්ද? තරුෂිගේ හිතවතුන් ඉන්නෙ කලා ක්‍ෂේත්‍රය තුළද ඉන් පිටතද?

ක්‍ෂේත්‍රයේ අය මම ගොඩක්‌ ළඟින් ඇසුරු කරනව අඩුයි. කාර්ය බහුලත්වය වගේ හේතුන් එයට බලපානව. එහෙම කියල හිතවත් කෙනකුගෙ දුකට සැපට නොයින්න කෙනෙක්‌ නෙමෙයි මම.

විවාහයක්‌ ගැන හිතල බලන්නත් තරුෂිට කාලය ඇවිත්. ඇය මේ වෙත්දි ඒ සඳහා සූදානම් වෙනවාවත්ද?

විවාහ වෙන්න කෙනෙක්‌ තෝරාගනිද්දි ඒ ගැන ගොඩාක්‌ හිතන්න ඕන. මම කෙනෙක්‌ තෝරාගන්නෙ ගොඩාක්‌ සැලකිල්ලෙන්. කොහොම උණත් විවාහය ගැන මට කිසිම හදිසියක්‌ නෑ.

පුංචි තිරයේ චරිත රැසක්‌ තුළින් ජනතා ප්‍රසාදය දිනූ ඇය සිනමාවට දක්‌වන කැමැත්ත කොතරම්ද?

zzමම ක්‍ෂේත්‍රයට ආ අවධියේ වගේම මෑත කාලයෙත් මට සිනමාවට ඇරයුම් ලැබුණා. නමුත් මට ඒ දේවල් ප්‍රතික්‍ෂේප කරන්න සිදු වුණා. සිනමාව ගැන ලොකු සිහිනයක්‌ මට නැහැ. මට දැනෙන විදිහට අද සිනමා ක්‍ෂේත්‍රයේ පෙර තිබූ ආශ්චර්යමත් බව අඩුවෙලා ගිහින්. ඉතින් නිළියක්‌ විදියට මට චිත්‍රපටයක රඟපාන්නම ඕන කියල අදහසක්‌ නැහැ.

බොහෝ කාර්ය බහුල නොවුණත් තරුෂි පෙරේරා කියන්නෙ හැමදාමත් වැඩ තියෙන නිළියක්‌. මේ දවස්‌වල ඇගේ දිනචරියාවට ඇතුළත් ටෙලි නිර්මාණ.

ඕලු ටෙලි නාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනව. එයට අමතරව සඳරුවන් ජයවික්‍රමගේ අලුත් ටෙලිනාට්‍යයේත් වැඩ කරනව. ඕව තමයි මේ දවස්‌වල වැඩ.


ධම්මිකා සුරංජි පතිරණ
ඡායා- සමන් අබේසිරිවර්ධන‍

Copy Rights - Divaina

1 comments:

Anonymous said...

Hello oyage acting nam waradak naha habai ara charithayakata paata denna wage patta jara kunuharupa walata nam aye rangapanna yanna epa...kauwda eke ara rangapana pradana niliya hahaha..ekima salli wiyadam karala..pradanacharithaya rangapala..jarawa ratatama pennanawa..api hitanne ea gani mawa panna hadanna maha wansakkara pelapathaking pawathenawa kiyana ekada..??? kisima therumak nathi kunuma kunu jara teliyak..oyalath ithin salli denawanam monada karanne naththe neda...??boru baila kiwwata aththa thathwe okane nago...

Dharmakeerthi

Post a Comment