----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මුතු කිරිල්ලිය සරසවියට පියඹා ආ දවස

Tuesday, April 12, 2011

අපේ වාසනාවන්ත රසිකයන්ට නෙහාරා හමු වෙයි

තෑගිත් බෙදා ගනී

සරසවියට හිතැති, කලා තරුවලට ආදරය කරන පාඨකයින් පස් දෙනෙකි.

පසුගිය දින ඔවුන් සරසවිය ප්‍රධාන ඡායාරූපගාරයට පැමිණ ඇඟිලි ගනිමින් සිටියේ ටෙලි සිත්තම් සිය මනස්කාන්ත රුවින් හැඩ කරන යෞවනයේ රංගන කිරිල්ලිය පැමිණෙන තුරුයි.

නෙහාරා පීරිස්ගේ පැමිණීම සිදුවන තුරුයි.

මේ සරසවිය මගින් පාඨකයන් හා කලා තරු අතර සුවිශේෂී සුහද හමුව සඳහා පාලමක් සාදන ‘කෙළින්ම හමුවන්න’ විශේෂාංගයයි.

සරසවිය වෙත එවා තිබූ දහස් ගණනක කුසපත් අතර වැඩි දෙනාගේ ඉල්ලීම මත පෙබරවාරි මස ජනප්‍රිය තරුව වීමට භාග්‍ය උදා වූයේ ඇයටයි.

ඇයගේ ආගමනය බලා සිටින පාඨකයින් අතර, වසර ගණනක් සිට සරසවිය පාඨකයකු වන හබරාදූවේ ගාමා ගාමිණී සුබසිංහත්, රුවන්වැල්ල උදයන්ත සිරිසේනත්, කුලියාපිටිය ඉෂානි අමාලා හා කුලියාපිටිය ලලිතා රත්නායක ද වෙති.

කුසපත් ඇදීමෙන් ජයග්‍රහණය ලද මාතර දිනිති චාරිත්‍රාත්, කිරිඳිවැල ඌරාපොළ ස්වර්ණා මධුහංසිත් නොවැළැක් විය හැකි හේතුවක් නිසා අද පැමිණ නැත.

මොහොතකින් සුරඟනක් වන් නෙහාරා පැමිණියාය.

ඇගේ පැමිණීමෙන් පාඨකයන්ගේ සිත් අමන්දානන්දයට පත් විය.

නෙහාරාගේ අවිහිංසක සිනාවත්, මනබඳින රූ සපුවත්, ඊටම ඔබින නිරහංකාර බවත් නිසා මේ පාඨකයින් සතර දෙනාගේ සිත් මෙන්ම නෙත් ද දීප්තියෙන් බැබළිණ.

දිගු කලක් තිස්සේ නෙහාරා දැක බලා ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටි මේ රසිකයින්ට මුතු කිරිල්ලීීගේ ආගමනය සතුට දනවන කරුණක් විය.

සුහද කතා බහකින් අනතුරුව ප්‍රථම පැනය යොමු කළේ හබරාදූවේ සිිට දුර කතර ගෙවා ගෙවා මේ අවස්ථාවට පැමිණි ගාමා ගාමිණීය.

“ නෙහාර ඔබ රඟන බොහෝ නාට්‍යය මා නරඹනවා. මුතුª කිරිල්ලි හා ඔබේ රංගන ආගමනය ගැන යමක් පවසන්න.”

“මම සන්ධ්‍යා මෙන්ඩිස්ගේ මඟ පෙන්වීම යටතේ සෙනෙහසට ආදරෙයි නාට්‍ය හරහා රංගන ක්ෂේත්‍රයට පැමිණියා.

නමුත් වඩාත් ජනප්‍රිය වූයේ මුතුª කිරිල්ලී ටෙලි නාට්‍යයෙන්. අමන්දා ටෙලි නාට්‍යට මේ දිනවල ලැබෙන ප්‍රතිචාර නිසා ඉන්නේ ගොඩක් සතුටින්.”

වයස් බේදයකින් තොරව නෙහාරාට ආදරය කරන රසිකයන් වෙති. තවමත් පාසල් යන වයසේ සිටින ඉෂානි අමාලා ද එසේය.

ඇය නෙහාරා දෙස ඇසිපිය නොහෙලා බලා සිටියි. නෙහාරා හා අමාලා දැන් සතුටු සාමිචියේ.

අක්කේ ඔයා රඟපානවාට වඩා සජීවීව ගොඩක් ලස්සනයි. ඔයා නර්තනය හදාරා තියෙනවද?

ඔව්. මම නර්තනය හදාරලා තියනවා. මම නර්තනයට ගොඩක් ආසයි.

‘ඔයත් නැටුම් කරනවාද’ පෙරළා නෙහාරාගේ අමාලාට පැනයකි.

‘ඔව් මම අ. පො. ස. උසස් පෙළට නැටුම් විෂයක් හැටියට තෝරා ගන්නයි ඉන්නේ.

අසල පුටුවට බර දී සිටින උදයන්ත, සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිසුවෙකි. ඊළඟ අවස්ථාව ඔහුටය.

‘ඇත්තටම අක්කේ නර්තනය හා රංගනය එකට යන දෙයක්.

මේ දෙකට කාලය හදා ගන්නේ කොහොමද?

මෙහෙමයි, රඟන ටෙලි නාට්‍ය හා ඒවා රූගත කරනා විටදී වෙලාවට වැඩ කරන්න පුරුදු වෙලා තියනවා.

වෙලාවට වැඩ කරනවා නම් ඒක ඒ හැටි දෙයක් නොවෙයි.

ඔයා චිත්‍රපටවල රඟපාලා තියනවාද? ඒ ලලිතාගේ හිත තුළ කැකෑරෙන පැනයයි.

මම මේ වෙන කොට එක චිත්‍රපටයක රඟපාලා තියනවා.

ඒ රෝයි ද සිල්වාගේ ‘ඉට්ස් මැටර් ඔෆ් ලව්’ කියන ඉංග්‍රීසි චිත්‍රපටයේ. ළඟදී එය තිරගත වීමට නියමිතයි.

කාලවේලා ඇති පරිදි චිත්‍රපටවලටත් මගේ රංගන දායකත්වය ලබා දෙනවා.

මේ අතර ගාමා ගාමිණී දෙමළෙන් කතා කරයි. නෙහාරා පුදුම වී ඒ දෙස බලා සිටියි. සරසවිය පාඨකයන්ට නෙහාරාගේ අතින්ම තේ පැන් සංග්‍රහයකි.

ඇය පාඨකයන් වෙත පුංචි තිළිණයක් ලබා දීමට ද අමතක නොකළාය.

මේ රසිකයන් සතර දෙනා ඉතා කුළුපඟව නෙහාරා සමඟ කතාවේ යෙදෙයි.

ඔවුන් රැගෙන ආ කැමරා තුළ ද මේ සොඳුරු හමුවේ ඡායාරූප සටහන් වන්නේ සතුට උතුරා යන විටදීයි.

ගාමා ගාමිණීගෙන් නෙහාරාට ද පුංචි සිහිවටනයක් ලැබිණි. සංවේදී රංගන ශිල්පිනියක වන නෙහාරා මේ රසිකයන් සමඟ දිගු වේලාවක් සතුටු කතා බහේ යෙදිණි.

කුරුණෑගල, කුලියාපිටිය වැනි පෙදෙසක සිට කොළඹ ලේක්හවුස් වෙත ඉෂානි අමාලා හා ලලිතා රත්නායක පැමිණියේ ද ඒ සතුට සජීවීව විඳීමටයි.

විටෙක නෙහාරා බොරු තරහාවක් මවා ගනියි. මොහොතකින් මුවඟට සිනාවක් මවා ගන්නා ඕ තමන්ට ආදරය කරන රසික රසිකාවන් වෙත සෙනෙහස දක්වයි.

මේ සියල්ල අතර ගාමා ගාමිණී අපූරු යෝජනාවක් කරයි. ඒ ඔහුට ඇති සුවිශේෂී හැකියාවක් ගැනයි.

‘මට ඕනෑම කෙනෙකුගේ නම ලියලා ඒ නමට එන අකුරු එක් කරලා අංක විද්‍යාව භාවිතයෙන් අනාවැකි කියන්න පුළුවන්.

ඒ නිසා මම නෙහාරටත් අනාවැකියක් කියන්නම්.’

නෙහාරා ද ඔහුගේ දින පොතේ තම නම ලියයි. ගාමා එහි සිටි අන් අයට ද නම ලියා දෙන ලෙස පවසයි.

ඉදිරි දිනයකදී නෙහාරා පිළිබඳ අනාවැකියක් පවසන බව ගාමා පවසයි.

නෙහාරා ඉෂානි අමාලා සමඟ ඡායාරූපයකට පෙනී සිටියි. මේ සුන්දර නිමේෂය සතුටින් ගත කරන මේ පිරිස සරසවියට තුති පුද කරන්නට ද අමතක නොකරයි.

සතුට දෝර ගලා යන සුන්දර මොහොත ටිකෙන් ටික ගෙවී යයි.

ඔවුනොවුන්ගේ උණුසුම් සුබ පෑතීම්වලින් පසු පෙබරවාරි මස ‘කෙළින්ම හමුවේ’ කතා නායිකාව නෙහාරා හා ගාමා, අමාලා, ලලිතා, උදයන්ත ඇතුළු පිරිස සොම්නසින් සරසවිය ප්‍රධාන ඡායාරූපාගාරයෙන් සමු ගත්තේ සරසවියට ද සුබ පතමිනි.

මේ හමුව අපටද සතුටකි.

ඒ පාඨක ඔබගේ ආශාවන් ඉටු කිරීමට අප බැඳී සිටි හෙයිනි.

0 comments:

Post a Comment