----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ෆිල්ම් ෆෙයාර් නැඟී එන නළුවා අතවර චෝදනාවකට සත් වසරක් සිරගෙට

Tuesday, April 12, 2011

18 හැවිරිදි දිළිඳු ගැමි යුවතිය ඔහුගේ සේවිකාවයි

ඇතැම් බොලිවුඩ් තරු සිරගත වන්නේ තිරයේදී පමණක් නො වේ.

සුපිරි තරුවලට සැබෑ ජීවිතයේදීත් සිරගත වීමට සිදු වන අවස්ථා ඇත. බොලිවුඩයේ සිරගත වූ තරු අතරට එක් වූ නවතම තරුව ෂයිනි අහුජාය. නිවෙසේ ගෘහ සේවිකාව දූෂ්‍ය කිරීමට එරෙහිව ඔහුට මේ දඬුවම නියම කරන ලදී.

දූෂ්‍ය කරන විට සේවිකාව දහඅට හැවිරිදි යුවතියකි.

කළ වරදට ෂයිනි අහුජා සත් වසරකට බරපතළ වැඩ ඇතිව සිර ගෙට නියම කර ඇත.

මේ ෂයිනි අහුජාගේ රංගන ජීවිතයට එල්ල වූ මරු පහරකි. එනිසාමදෝ ඔහු ඉහළ උසාවියට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුවෙන් සිටියි.

ෂයිනිගේ නළු මිතුරු අර්ෂාඩ් වර්සි වැන්නන් ද උසාවි තීරණයට එරෙහිව නැඟී සිටිති. ‘මිනීමරුවන්, ත්‍රස්තවාදීන්, දූෂිත දේශපාලනඥයන් නිදැල්ලේ. කලාකාරයන්ට තමයි ජූරියත් පහර පිට පහර දෙන්නේ’ නළු සගයා වෙනුවෙන් අර්ෂාඩ් පවසන්නේය.

එහෙත් මිතුරා වරදක් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

නවක නළුවා සිරගත කිරීමට විරෝධය පාන්නන් අතර, සිරගත ජීවිතය ගැන අත්දැකිම් ඇති සුපිරි නළු සල්මන් ඛාන් ද සිටියි. මෙහෙකාරිය, රෝහා නම් නගරයෙන් සැතපුම් 120 ක් පමණ ඈතින් පිහිටි ගම්මානයක දිළිඳු ගොවි පවුලක උපන් දැරියකි.

2009 ජූනි 15 වැනි දින ඇයව දූෂ්‍ය කිරීමේ වරදට ෂයිනි මුල් වරට සිරභාරයට ගෙන තිබේ. ඩී එන් ඒ පරීක්ෂණයෙන් ද ෂයිනි වරදකරු බව ඔප්පු වී ඇත.

මේ ෂයිනිට වෘත්තීීය ජීවිතයේද එතරම් සුබ කාලයක් නො වෙයි. ඔහු රැඟූ සිනමාපටයක් අවසන් වරට තිරගත කෙරුණේ 2010 දීය. ‘හර් පල්’ නම් අවසන් වරට පෙන් වූ සිනමා පටයේ ඔහු රෝහිත්ගේ චරිතය නිරූපණය කළේය.වුනට අර්ෂියා නම් දියණියක සිටියි. අර්ෂියා තවමත් සිව් හැවිරිදිය.

ෂයිනිගේ පියා හමුදා නිලධාරියකි. හමුදාවට බැඳෙන අදහසින් අධ්‍යාපනය ලැබූ ඔහුගේ සිත සිනමාවට ඇඳී ගියේ දිල්ලි සරසවියේ හන්ස්රාජ් කොලීජියේ ඉගෙන ගනිමින් සිටින කාලයේදීය. 1992 – 1996 දී ඔහු බැරි ජෝන්ස්ගේ රංගන පාසලෙන් රංගනය හැදෑරුවේය.

මූම්බායි පැමිණි පසු ෂයිනිගේ කඩවසම් පෙනුම නිසා මෝස්තර නිරූපණයෙහි යෙදීමටත්, වෙළෙඳ දැන්වීම්වල යෙදීමටත් අවස්ථාව උදා විය.

ෂයිනිගේ බිරිය

ෂයිනිගේ රංගන ජීවිතය ඇරැඹුණේ ‘හසාරන් ක්වායිෂීන් අයිසි’ සිනමාපටයෙනි.

වර්ෂ 2004 දී විවිධ සිනමා උළෙලවලදී එම සිනමා පටය විචාරක පැසසුම් ලැබුවේය.

චිත්‍රපටය තිරගත කෙරුණේ 2005 දීයි. එහි රංගනයට, හොඳම නවක නළුවා ලෙස ෂයිනි සම්මාන පිට සම්මාන ලැබුවේය.

ඒ අතර ෆිල්ම් ෆෙයාර්, ස්ක්‍රීන් අවෝඩ්ස්, අයිෆා, සී සිනේ සහ ස්ටාර්ඩස්ට් සම්මාන ද විය.

ජනප්‍රිය සිනමාපටයක් වූ ගැන්ග්ස්ටර්හි ද ෂයිනි ප්‍රධාන චරිතය නිරූපණය කළේය.

2006 දී ‘වෝ ලම්හේ’ චිත්‍රපටයේ ඔහුගේ සහය නිළිය වූයේ කන්ගනා රනෞත්ය.

ඔහු රඟපෑ සිනමාපට සියල්ලම මේ වන විට තිරගත කර අවසන්ය. ෂයිනි රඟපා ඇත්තේ සිනමාපට දහ අටක වන නමුත් ඉන් වැඩි ගණනක් බොලිවුඩයේ අති සාර්ථක සිනමා නිර්මාණය.

කාල්, ෆනා, ලයිෆ් ඉන් අ මෙට්‍රෝ, බූල් බූලයියා, හයිජැක් ඉන් කිහිපයක් පමණි. කුළුඳුල් සිනමාපටයෙන් සම්මාන පිට සම්මාන ලැබුවත් ෂයිනි අහුජා ඉන් පසු සම්මානයකට නිර්දේශ වූයේ නැත.

සංජේ දත්, සල්මන් ඛාන් නිතර සැබෑ ජීවිතයේදී සිරගත වීමේ කටුක අත්දැකීම් ලැබූ නළුවන්ය.

නම නරක් කර නො ගත් ජෝන් ඒබ්‍රහම්ට ද වරක් නො සැලකිලිමත්කමින් රිය පැදවීම නිසා දින පහළොවක සිර දඬුවමක් නියම විය.

ෂයිනි මේ නාමාවලියට අලුතින්ම එක් වූ තරුවයි.

0 comments:

Post a Comment