----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ආත්මාත් රියැලිටි වෙයි

Saturday, April 16, 2011

ආත්මාත් රියැලිටි වෙයි

’ලියතඹරා’, ‘කඳු පාමුල සිට’ ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ගායනා කළ ආත්මා ලියනගේ ඔබට මතක ඇති. පසුගිය කාලය පුරාම ඔහු ගැන ආරංචියක්, තොරතුරක් තිබුණේ නෑ. ඔහු ගැයූ පැරණි ගී හැරෙන්නට අලුත් ගී නිර්මාණ අපට අසන්නට හෝ රූපවාහිනී මාධ්‍යයකින් ඔහු දකින්නට ද අවස්ථාවක් තිබුණේ නෑ.

එහෙත් පසුගිය දිනක සිරස රූපවාහිනී ආයතනයේදී ඔහු අහඹු ලෙස අපට මුණගැසුණා. ඒ ඔහු පිළිබඳ අලුත් පණිවුඩයක් ද සමඟයි. සිරස ආයතනය සංවිධානය කරන නවතම සංගීත වැඩසටහනකින් තව නොබෝ දිනකින් ඔහු ඔබ හමුවට පැමිණෙනවා. පුරා වසර 10ට ආසන්න කාලයක් ඔහු මේ ක්ෂේත්‍රයේ නිතර දකින්න ලැබුණේ නෑ.

ඔහු මෙවර අප හමුවන්නේ අලුත්ම ආකාරයේ රියැලිටි වැඩ සටහනකින්. සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණ ශිල්පීන් කිහිපදෙනෙක් ප්‍රමුඛ කරගත් කණ්ඩායම් කිහිපයක් තරගවදින ගායන තරගයක කණ්ඩායම් නායකයකු වශයෙන් ඔහු ඉදිරියේදී අප හමුවෙනවා.


Copy Rights - Silumina

0 comments:

Post a Comment