----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

නිරෝෂාගෙන් සංගීත ඇකඩමියක්

Saturday, April 16, 2011

‘දෙරණ’ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහන් විනිශ්චයට සම්බන්ධ වී සිටින ජනප්‍රිය ගායන ශිල්පිනී නිරෝෂා විරාජිනී ආධුනික ගායක ගායිකාවන්ට ප්‍රයෝජනවත් වන සංගීත ඇකඩමියක් ආරම්භ කිරීමේ මූලික කටයුතු වල මේ දිනවල නියැලී සිටී. නිරෝෂා ඒ පිළිබඳ පැවසුවේ මේ අයුරු ය.

“මේක තවත් සංගීත පන්තියක් හෝ විදුහලක් නම් නොවෙයි. විවිධ සංගීත විලාසිතා අපේ රටේ වරින්වර මතුවෙලා නැති වී යනවා. ඒ වගේ තත්ත්වයන්ට මුහුණ දී අඛණ්ඩ පැවැත්මක් ඇති කරගෙන සංගීත ක්ෂේත්‍රයේ ස්ථාවරව රැදෙන්න පුහුණු කිරීමටයි මම මගේ මේ ඇකඩමියෙන් අපේක්ෂා කරන්නේ.

අද ප්‍රාසාංගික ගායන විලාසිතාවක් පවතින්නේ. ඒ අනුව ගායනය මෙන් ම වේදිකාව භාවිතා කළ යුතු අයුරු ආදී අවශ්‍ය බොහෝ ගුණාංග මේ ඇකඩමියෙන් උගන්වනවා.

Copy Rights - silumina

0 comments:

Post a Comment