----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

රෝයි - සුමනාට ගුරු උපහාරයක්

Tuesday, April 12, 2011

සිංහල සිනමාවට කළ මෙහෙය වෙනුවෙන් ඔවුහු පිදුම් ලැබුවේ හොලිවුඩ් පුරයේදීය. වසර 46 ක කාලය තුළ රංගනයෙන්, නිෂ්පාදනයෙන්, අධ්‍යක්ෂණයෙන් පමණක් නොව දක්ෂ රංගනවේදීන් හඳුන්වාදීමෙන් සිනමා කර්මාන්තයට සුවිසල් මෙහෙවරක් ඉටු කළ රෝයි - සුමනා යුවළට පසුගියදා ලොස් ඇන්ජලීස් හි විස්ටා ශාලාව තුළදීී උපහාර දැක් වූයේ ශ්‍රී ලාංකේය සිනමාවට ලබා දුන් මෙහෙවර උදෙසාය.

මෙයට පෙර රෝයි ද සිල්වා සරසවිය සම්මාන උළෙලේ රණ තිසර සම්මානය දිනා ගත්තේය.

යම් කලාකරුවකු වෙත මෙරට උපහාර උළෙලක් පවත් වන්නේ කොතැනද, එතැනට රෝයි - සුමනාගේ පැමිණීම නොවැරදීම සිදුවේ.

තම දෑත් එක්කර අත්තළ නගන්නේ සතුටිනි. තමන් හා එක්ව එකම ක්ෂේත්‍රයේ රැඳෙන සහෘදයකුට පිදෙන උපහාරයකදී තම සහභාගිත්වය කෙතරම් සතුටක් ගෙන දෙනවාදැයි යන හැඟීම පිළිබඳ මේ දෙපළට මනා සංවේදනයක් තිබුණද, රෝයි - සුමනා උපහාර ලැබුවේ ඊට හාත්පසින්ම වෙනස් වූ පසුබිමක් තුළදීය. ඒ ගැන පවසන්නට රෝයි තම හඬ අවදි කළේය.

‘කොන්සල් ජනරාල් ජෙෆ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර විස්ටා තියටර් එකේදී තමයි මේ උපහාර උළෙල තිබුණේ. තියටර් එකට 400 ක පිරිස සහභාගී කර ගන්න පුළුවන්. අපේ උපහාර උළෙලට 350 ක පිරිසකගේ සහභාගිත්වයක් තිබුණා. මේ උළෙල සංවිධානය කළේ, මම සිනමාවට හඳුන්වා දුන් කීත් රංග විසින්.

සොමී, සුසී, කීත් කාලයකට පසුව හමු වී

බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවෙදි කලාකරුවන්ට උපහාර පුදද්දි ඒ අයට සුභ පතන්න මායි - සුමනායි ඕන තරම් ගිහින් තියෙනවා. මෙහෙ අපි වෙනුවෙන් උපහාර තිබ්බෙ නැහැ කියලා දුකක් නැති වුණාට, මම වසර 46 කුත්, සුමනා වසර 35 කුත් සිනමාවේ රැඳිලා කළ මෙහෙය ගැන වටිනාකමක් නොදැනීම ගැන කළකිරීමක් තියෙනවා.

සොමී රත්නායක, සුසිලා රත්නායක, ගෝතමී පතිරාජ, ලින්ටන් සේමගේ, භද්‍රජි මහින්ද, ජයන්ත බෝපේආරච්චි, එස්. වී. චන්ද්‍රන් කියන එහෙ ජීවත් වන අපේ කලාකරුවෝ මේ උත්සවයට සහභාගි වුණා.

එහෙ ජීවත්වන ශ්‍රී ලාංකිකයෝ වගේම විදෙස් ජාතිකයොත් හොලිවුඩ් සිනමාව ඉන්න තරුණ නළුවෙකුත් මේ උත්සවයට සහභාගී වුණා.

මෙහිදී මගේ ‘ඉට්ස් මැටර් ඔෆ් ලව්’ ෆිල්ම් එක පෙන්නුවා. විදෙස් ජාතිකයන් හැම කෙනෙක්ම ෆිල්ම් එක අගය කළා. හොලිවුඩ් හා සමානව අපේ නිිර්මාණ, නළු නිළි රංගනය තිබෙන බව ඔවුන් පැවසුවා. විශේෂයෙන් දෙබස් උච්ඡාරණය ගැන අගය කළා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන මේ ෆිල්ම් එකේ රසායනාගාර කටයුතු වගේම සංස්කරණ කටයුතුත් ඉතාම හොඳීන් තිබුණා. ඒකට ප්‍රවීන් ජයරත්නට මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා.

මෙරට නිෂ්පාදිත ප්‍රථම ඉංග්‍රීසි චිත්‍රපටයේ නිිර්මාතෘ රෝයි ද සිල්වාය. දෙවැන්නද ඔහුගේය. ‘ඉට්ස් මැටර් ඔෆ් ලව්’ මේ වසර නිම වන්නට මත්තෙන් තිරගත කරන්නට සියලු කටයුතු සූදානම්ය. ඒ චිත්‍රපටය දුටු ලොස් ඇන්ජලීස් නුවර වෙසෙන්නෝ එහි පැමිණ චිත්‍රපට කරන්නට ඔහුට ඇරයුම් කළහ.

‘එහෙ ෆිල්ම් කරන්න කියලා ආරාධනා ලැබුණා. බලමු ඉදිරියේදී.’

රෝයිගේ ආදරණීය බිරිඳ සුමනාද ලොස් ඇන්ජලීස්හිදී ලැබූ අත්දැකීම් පවසන්නට අප සමඟ එක් වුණා.

‘අපි දෙන්නා ඇමෙරිකාව, කැනඩාව වගේ රටවල්වලට ට්‍රිප් ගිහින් තියෙනවා. එත් මේ ගමන ඊට වඩා වෙනස් අත්දැකීමක්. ඉරිදා දවසක උදේ 9.30 ට තමයි උත්සවය පටන් ගන්න තිබණෙ.

ඉරිදා කියන්නෙ එහෙ අය තමන්ගෙ වැඩ කරගන්න දවස.

ඉතින් හිතේ පොඩි තිගැස්මක් තිබුණා මේ උත්සවය ගැන. ඒත් හිතුවටත් වඩා සාර්ථක වුණා. ෆිල්ම් එකෙන් පස්සෙ රෝයිටයි මටයි පැය 2 ක් විතර යනකල් එළියට එන්න බැරි වුණා. කීත් රංග හරි ලස්සනට මේ උත්සවය සංවිධානය කරලා තිබුණා. නිව්යෝක්වලත් අපි ෆිල්ම් එක පෙන්නුවා.

මේ උපහාර උත්සවය සාර්ථක වීම ගැන මටයි - රෝයිටයි ගොඩාක් සතුටුයි. ඒ වගේම අපි දෙන්නා වෙනුවෙන් අපේ රටේ පවත්වන්න ගිය උපහාර උළෙල කීපයක් යම් යම් බලවේග නිසා අතරමග නතර වුණත්, අපි වෙනුවෙන් පවත්වපු පළමු උපහාර උළෙල හොලිවුඩ්වල තියපු එක ඇත්තටම අපිට විශේෂ අත්දැකීමක්.’

සම්මාන උළෙල සංවිධානය කළ කීත් රංග ද මෙසේ රෝයි සුමනා යුවළ හා ඡායාරූපයකට පෙනී සිටියි රෝයි සුමනා සමඟ මේ සිටින්නේ ඇමරිකාවේ හිටපු තානාපති ජෙෆ් ගුණවර්ධන
රෝයි සුමනා යුවළ ලින්ටන් සේමගේ සමග ගෝතමී පතිරාජ, එස්. වී. චන්ද්‍රන්, රෝයි සුමනා යුවළට
සුභපතන්න ඇවිත්

0 comments:

Post a Comment