----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ඔබත් ‍ජෝති විකුණාගෙන කනවාද?

Wednesday, April 6, 2011

සුරේන්ද්‍ර පෙරේරාගෙන් කෙළින්ම අහමු

සුරේන්ද්‍ර පෙරේරා.

හඳුන්වාදීම් අනවශ්‍යය.

ගීතය ගැන සංගීතය පිළිබඳ අවදියෙන් සිටින්නන් ඔහු පිළිබඳ ද අවදියෙනි. විමසිල්ලෙනි.

පසුගියදා ජනතා සම්මානයෙන් පුද ලද සුරේන්ද්‍ර කලකට පසු සරසවියට කතා කරයි.

* සුරේන්ද්‍ර අලුත් වෙලා?

ඇත්තටම විලාසිතාවලින් අලුත් වුණාට මගේ හිත තවම පරණයි.

* ඒ කිව්වෙ?

එදා ගමේ ගොඩැල්ලෙ වැල්ලෙ හැමෝමත් එක්ක නිහතමානීව ආදරෙන් උන්නු සුරේන්ද්‍ර පෙරේරාම තමයි අදත් ඉන්නෙ.

* මොකක්ද මේ අලුත් කොණ්ඩ විලාසිතාවට හේතුව?

විශේෂයක් නැහැ. කාලයක් හිටියෙ එකම විලාසිතාවෙ නිසා ටිකක් වෙනස් වෙන්න හිතුවා. ඒ නිසා කොණ්ඩෙට පොඩි කලර් එකක් දැම්මා. මම තාමත් තරුණයිනෙ.

* සයිඩ් බර්න්ස් නම් තවමත් එහෙමමයි.

සයිඩ් බර්න්ස් මගේ අනන්‍යතාවයක් වගෙයි. ඒ නිසා මොන විලාසිතාව කළත් සයිඩ් බර්න්ස් අයින් කරන්න හිතක් නෑ. සමහර වෙලාවට අම්මගෙන් නම් කම්ප්ලේන් එනවා. නමුත් ඒ වෙලාවට අම්මට තුරුල් වෙලා චාටුවක් දානවා.

* කොහොමද අලුත් තොරතුරු?

වරදක් නැහැ. මේ දිනවල විශේෂ නිර්මාණ කටයුතු රැසක් සඳහා කැප වෙලා ඉන්නවා. එච්. ආර්. ජෝතිපාලයන් ගැයූ ගීත දහසයක් ඇතුලත් ගීත තැටියක් නිර්මාණය කරන්නයි වැඩිපුර කාලය යොදවන්නේ. ඒ සඳහා මට ආරාධනා කළේ සරත් ද අල්විස් මහතා. ඒ වගේම මේ දිනවල සිරස ආයතනයෙන් නිෂ්පාදනය කරනු ලබන මගේ අලුත් ඇල්බමය වෙනුවෙනුත් වෙහෙසෙනවා. ගීත කිහිපයක් වෙනුවෙන් රූප රචනාත් සූදානම්.

* පසුගිය දිනවල ප්‍රසංග වේදිකාවෙ දකින්න නොලැබුණේ අය කරන මිල වැඩි නිසා ප්‍රතික්ෂේප වුණාද?

අනේ නැහැ. නිර්මාණ රැසක වැඩ කටයුතු අතරේ කාර්යය බහුල වුණා. ඒ නිසාම බාර ගන්නෙ ගෘහස්ථ ප්‍රසංග පමණයි.

ඇත්ත මං මගේ ඉදිිරිපත් කිරීම්වලට හොඳ මිලක් ගන්නවා. ඒ නිසා මට හොඳ ඉල්ලුමක් තියෙනවා.

* ඉතිහාසයේ බොහෝ දෙනා ජෝතිපාලයන්ගේ් ගීත යොදා ගී පට, ගී තැටි නිපදවලා තිබෙනවා. ‘සුරේන්ද්‍රත් ජෝති විකුනං කනවා’ කියලා චෝදනාවකුත් කළොත්?

ඉතිහාසයේ බොහෝ දෙනෙක් ජෝතිපාලයන්ගේ ගීත ගයා තිබෙනවා. මමත් මුලින්ම ගායනා කළේ ජෝතිපාලයන්ගේ් ගී. මට උවමනා වෙලා තියෙන්නේ ජෝතිපාලයන් වනසන්නට නොවෙයි. තවත් බබළවන්නට.

බොහෝ වෙලාවට රසිකයන් මගෙන් ඉල්ලන්නෙ ජෝතිපාල මහත්මයගෙ ගීත. මං මෙතැන ඉන්නෙ රසිකයන්ගෙ ආදරය නිසා. මං ගායකයෙක් වුණේ රසිකයන් පිනවන්නට. ඒ නිසාම ඔවුන්ගේ ඉල්ලීම ඉතා කැමැත්තෙන් ඉටු කරනවා.

අනෙක් පැත්තෙන් ගත්තොත් ජෝතිපාලයන්ගේ ගීත කියන්න මං හරිම ආසයි. රසිකයන් මගෙන් ඒ ගීත ඉල්ලන්නෙ මං ඒ ගීතවලට උපරිම සාධාරණය ඉටු කරන නිසයි.

* සුරේන්ද්‍ර තවම ආදරවන්තයෙක් වුණේ නැද්ද?

මම කවද හරි බඳීන්නෙ අපේ අම්මා කැමැති කෙනා.

ජනතා සම්මානය ගැනත් යමක් කතා කරමු?

ඇත්තටම ඒක වචනවලට පෙරලන්න බැරි තරම් සතුටක්. ජනතාවගේ ආදරය මට මහා ආශිර්වාදයක්.

* සුරේන්ද්‍ර දැන් පාවිචචි කරන වාහනය මොකක්ද?

මේ දවස්වල හොන්ඩා Air Wave කාර් එකක් තමයි පාවිච්චිය.

* ඒ කියන්නෙ සල්ලි අත මිට ගැවසෙන නිසා වාහන මාරු කරන්නෙ ඇඳුම් මාරු කරනව වගේ.

අනේ නෑ. මං පුංචි තැනකින් ආපු කෙනෙක්. මට මේ භෞතික දේවල් ගැන ලොකු ආසාවක් නෑ. ඒත් තරුණයෙක් විදියට වාහන විලාසිතාවලටත් මං ආසයි.

* මොන වගේ ගෑනු ළමයෙකුට අම්ම කැමති වෙයිද?

විශේෂයක් නෑ. ප්‍රියමනාප, නිරහංකාර, හොඳට රහට උයන්න පුළුවන්, මටයි අම්මටයි දෙන්නටම ආදරේ කරන කෙනෙක් තමයි සුදුසු.

* ව්‍යාපාරයක් පටන් ගන්න අදහසක් නැද්ද?

මුල් කාලෙ තිබුණා. නමුත් ව්‍යාපාරිකයාට වඩා කලාකරුවාට මං ආදරෙයි. ආසයි.

* මොකද හලාවතට වෙලා ඉන්නෙ. දැන් කොළඹින් ගෙයක් ගන්න පුළුවන්නෙ?

අම්මෝ ඒ ගමේ හැමෝම මාව දන්නවා. මමත් ඒ හැමෝම දන්නවා. ඒ නිසා නොදන්න රටට වඩා මට මගේ ගම හොඳයි.

0 comments:

Post a Comment