----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

‘කොයින්ස්’ සිනමා උළෙල එළැඹෙන අප්‍රේල් මාසයේ

Sunday, March 13, 2011

‘කොයින්ස්’ සිනමා උළෙල එළැඹෙන අප්‍රේල් මාසයේ

ඉදිරියේදී පවැත්වීමට නියමිත 2009/2010 රූපවාහිනී හා සිනමා ඩිප්ලෝමා සිසුන් සංවිධානය කරනු ලබන COINS FILM FESTIVAL 2011 ප්‍රථම අන්තර්ජාතිත ශිෂ්‍ය චිත්‍රපට උළෙල පිළිබඳ මාධ්‍ය හමුවක් පසුගියදා ශශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතන පරිශ්‍රයේදී පැවැත්විණ.

මෙම චිත්‍රපට උළෙල ශශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනය සහ ශශ්‍රී ලංකා පදනම් ආයතනයේ දායකත්වයෙන් එම පරිශ්‍රයන්හි දී අප්‍රේල් මස 08 සහ 09 යන දෙදින පුරා පෙ.ව. 9.00 සිට රාත්‍රී 8.00 දක්වා පැවැත්වීමට නියමිතය.

මේ උළෙලේදී සිනමාකරණය පිළිබඳ අධ්‍යාපනය හදාරන්නන්ට තමන්ගේ හැකියාවන් උරගා බැලීමේ අනගි අවස්ථාවක් උදාකර ඇති අතර කෙටි චිත්‍රපට උළෙලට ඉදිරිපත් වන්නන්ට මෙම මස 20 වැනිදා දක්වා තම කෙටි චිත්‍රපටය රූපවාහිනී අභ්‍යාස ආයතනය වෙත භාරදීමේ හැකියාව ඇත.

මෙසේ දේශීය හා විදේශීය ශිෂ්‍යයන් ඉදිරිපත් කරනු ලබන චිත්‍රපට අතරින් කෙටි චිත්‍රපට 30 කට අධික ප්‍රමාණයක් ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් යටතේ තෝරාගනු ලබන අතර එම චිත්‍රපට 8 සහ 9 යන දෙදින පුරා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතය.

එදිනට පැවැත්වීමට නියමිත චිත්‍රපට සම්මාන උළෙලේදී ප්‍රබන්ධ, වාර්තා සහ පර්යේෂණාත්මක අංශයන්ගෙන් ඉදිරිපත් වන නිර්මාණ සඳහා විශිෂ්ටතම සම්මාන 03 ක් සහ අනෙකුත් චිත්‍රපට සඳහා ජූරී සම්මාන 12 ක් ද පිරිනැමීමට කටයුතු කරයි.

අන්තර්ජාතික චිත්‍රපට උළෙල පැවැත්වෙන මෙම දෙදින තුළ ප්‍රදර්ශනයක් පැවැත්වෙන අතර එහි විවිධ අංග රාශියක් ඇතුළත්ය. ඒ අතරින් රූපවාහිනී ක්ෂේත්‍රයේ දැනට නියැලෙන්නන් හා මෙම ක්ෂේත්‍රය කෙරෙහි ඇල්මක් දක්වන ශිෂ්‍ය - ශිෂ්‍යාවන්ට නව තාක්ෂණික මෙවලම් භාවිතය සහ තාක්ෂණික දැනුම මෙම ප්‍රදර්ශනය තුළින් ලබාගත හැකිය.

එමෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මෙහෙයවන වැඩමුළු ඔස්සේ දේශීය හා විදේශීය සිනමා භාවිතයන් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමේ අවස්ථාවද හිමිවෙයි.

මේ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුව සඳහා රූපවාහිනී පදනම් ආයතනයේ සභාපති ආචාර්ය රංජිත් බණ්ඩාර, රූපවාහිනී අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ උදාර පල්ලියගුරු, චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුදත් මහ දිවුල්වැව, ශිෂ්‍ය සම්බන්ධීකාරක ධනුෂ්ක ගුණතිලක හා උළෙල සංවිධායක කමිටුවෙන් ප්‍රධාන සම්බන්ධීකාරක සමන් විජේතුංග, අතුල ජයසිංහ යන අය සහභාගී වූහ.

මෙම හමුවේදී චිත්‍රපට උළෙල සම්බන්ධව තොරතුරු දැන ගැනීමේ නිල වෙබ් අඩවිය චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැවගේ අතින් www.coinsfilmfest.com නමින් විවෘතවීමද සිදුවීම විශේෂත්වයකි.

0 comments:

Post a Comment