----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මංජුලා රිය අනතුරක

Monday, March 21, 2011

මංජුලා රිය අනතුරක

මේ දිනවල රූගත කෙරෙමින් පුංචි තිරයේ විකාශය වෙන හඳ පාන ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට පණපොවන කාගෙත් සිත් දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිණියක්‌ වන මංජුලා කුමාරි පසුගිය අඟහරුවාදා රිය අනතුරකට ලක්‌වුණා. මේ සිද්ධිය සම්බන්ධයෙන් මංජුලාගෙන් කළ තොරතුරු විමසීමකදී අපට දැනගන්නට ලැබුණු කරුණු මෙසේයි.

කිරිබත්ගොඩ අවට රූගත කිරීම් සිදුවන හඳපාන ටෙලිනාට්‍යයට සම්බන්ධවීම සඳහා පසුගිය අඟහරුවාදා හිමිදිරි උදෑසන මංජුලා ඇගේ ආච්චි අම්මා සමග පෞද්ගලික රථයකින් නිවසින් පිටත් වී කිරිබත්ගොඩ නගරයට පැමිණෙන අතර වාරයේ උදෑසන 6.00 ට පමණ ඔවුන් ගමන්ගත් වාහනයට ඉදිරියෙන් පැමිණි ත්‍රී රෝද රථය හැපී තිබෙනවා.

අනතුරින් පසුව මංජුලා නවලෝක රෝහලට ඇතුළත් කෙරුණේ ඇගේ මුහුණේ නහය ප්‍රදේශය සුළු තුවාල ලබා තිබූ නිසා. නමුත් මේ අනතුරින් ඇගේ ආච්චි අම්මාට කිසිදු තුවාලක්‌ සිදු වී නැහැ. මංජුලා ගමන්ගත් වාහනයේ ඉදිරි පස ප්‍රදේශයට තරමක්‌ හානි සිදු වී ඇති අතර ඔවුන්ගේ වාහනයේ හැපුණු ත්‍රී රෝද රථයට නම් බරපතල හානි සිදුවෙලා.

කෙසේ වෙතත් මේ අනතුර නිසා දින කිහිපයකට මංජුලාට තම රංගන කටයුතුවලින් ඈත්වන්නට සිදුවෙලා. හැකි ඉක්‌මණින් සුවය ලබා නැවත රූගත කිරීම් සඳහා එක්‌වීමට මංජුලා බලාපොරොත්තු වෙනවා.


ලක්‌මිණී


Copy Rights - Divayina

1 comments:

Anonymous said...

අනේ ඕලු

Post a Comment