----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ලොවම වසඟ කළ එළිසබෙත් ටේලර් මියයයි

Sunday, March 27, 2011

ලොවම වසඟකළ හැකි දම් පැහැති නෙත් සඟලකටත්, රූප සෝභාවයටත් උපතින් ම උරුමකම් කියූ එලිසබෙත් ටේලර් (Elizabeth Taylor) මිය ගොසින්.

1932 වසරේ පෙබරවාරි 27 වෙනිදා ලන්ඩනයේ හම්පාස්‌ටට්‌ හිදි උපත ලද ඇය මියගියේ ඇමරිකා එක්‌සත් ජනපදයේ කැලිපෝනියාවේ ලොස්‌ ඇන්ජලීස්‌ නුවරදී ය. ඇගේ සම්පූර්ණ නම වූයේ එළිසබෙත් රෝස්‌මන්aඩ් ටේලර්. ඇයව ලීස්‌ ,කිට්‌න් යන ආදරණීය නාමයන්ගෙන් ද හඳුන්වා ඇත.

උස අඩි 5 යි අඟල් 2 ක්‌ වන එළිසබෙත් ගේ දෙමාපියන් ඇමරිකානුවන් ය. ඇගේ මව වේදිකා නාට්‍ය නිළියකි. නමුත් මව විවාහයෙන් පසුව රංගනයෙන් සමුගෙන ඇත. කුඩා එළිසබෙත් වයස අවුරුදු 7 සිට ජීවත් වී ඇත්තේ ලන්ඩනයේ යි. දවසක්‌ ඇගේ නිවසට පැමිණි ඔවුන්ගේ පවුලේ හිතමිත්‍රයෙකු සැබවින් ම හුරුබුහුටි කුඩා එළිසබෙත් දැකීමෙන් ඇයව චිත්‍රපට තිර නිරූපණ පරීක්‌ෂණයකට කැඳවාගෙනයාම සඳහා අවසර ඉල්ලා තිබේ. දෙමාපියන්ගෙන් ලැබුණු අවසරයෙන් ඇයව යුනිවර්සල් පික්‌චර්ස්‌ නමැති ලෝක ප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදන ආයතනය වෙත කැඳවාගෙන ගොස්‌ තිර පරීක්‌ෂාවට යොමු කර තිබේ.

ඒ අනුව ඇයට 1942 දී එම ආයතනයෙන් නිෂ්පාදනය කළ There's one Born Every minute හි රඟපෑමේ අවස්‌ථාව උදාවිය. එය තිරගත වූයේ එළිසබෙත්ට වයස අවුරුදු 10 යේ දිය. ඉන් පසු ඇයට චිත්‍රපට සඳහා යොමු වීමේ වාසනාව උදාවිය. MGM නමැති හොලිවුඩ් චිත්‍රපට ආයතනය වසරක්‌ පුරා ම චිත්‍රපට රඟපෑම සඳහා ඇයත් සමග ගිවිසුම් අත්සන් කරන ලද්දේ ඔවුන් විසින් 1943 දී කළ Lassie come home චිත්‍රපටය සාර්ථක වීමත් සමඟයි.

එසේ සිනමා ගමන ආරම්භ කළ ඇය නොනවත්වා හොලිවුඩ් චිත්‍රපටවලට රංගනයෙන් දායක වෙමින් හොලිවුඩයට නැතිවම බැරි සුරූපිනිය බවට පත්විය. ඇය 1950 මැයි 6 වෙනිදා "කොන්රඩ් හිල්ටන්" සමඟ ප්‍රථම වරට විවාහ විය. ඉන් පසු කලින් කලට දික්‌කසාද වෙමින් 8 වතාවක්‌ පුද්ගලයන් 7 දෙනෙකු සමඟ එලිසබෙත් විවාහ විය. ඇයට දරුවන් 4 දෙනෙකු වේ. ඇය දෙවෙනි වරට විවාහ වූ මිචෙල් විල්ඩින්ට දාව දරුවන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා ම පිරිමි දරුවන්ය. ඇය තුන්වෙනි වරට විවාහ වූ මිචෙල් ටොඩ් ට දාව දියණියකි. ඇය පස්‌වෙනි වරට විවාහ වූ රිචඩ් බූටෝන්ට දාව ද දියණියක්‌ වේ. ඇය 2 වරක්‌ ඔස්‌කා සම්මානයෙන් පිදුම් ලබා ඇත. 2004 නොවැම්බර් මාසයේ දී එලිසබෙත් හෘද රෝගයෙන් පෙළෙනා බව අනාවරණය විය. නමුත් ඇය ඒඩ්ස්‌ රෝග නිවාරණ අරමුදල වෙනුවෙන් මුදල් ලබා දීම නොනවත්වා සිදු කළාය. ඇය සුන්දරත්වය නිසා හොලිවුඩය මෙන් ම ලෝකය ම වසඟයට ගත් එළිසබෙත් ටේලර් නමැති අතිදක්‌ෂ රංගන ශිල්පිනිය මියයන විට 79 වන වියේ පසුවුවාය.

ඇය රඟපෑ චිත්‍රපටවල මතකය ඇය මියගියද ජනතාව අතරෙන් මැකී නොයනු ඇත.


(අන්තර්ජාලය ඇසුරෙන් )
හරින්දී

Copy Rights - Nawaliya

0 comments:

Post a Comment