----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මේනකාට මන්තී‍්‍රවරයෙකුගෙන් බලපෑම් ?

Saturday, March 12, 2011

ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ මේ දිනවල විකාශය වන ‘ඩාන්ස් ස්ටාර් ඩාන්ස්’ වැඩසටහනේ තරගකාරියක ලෙස නර්තනයේ යෙදෙන මේනකා මධුවන්ති ඉන් ඉවත්කරන ලෙස ප‍්‍රාදේශීය දේශපාලඥයකුගෙන් බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්‍ෂවරයා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට කිහිප විටක් උත්සාහ කළ ද ඔහු රැස්වීමකට සහභාගි වී ඇති බව ඔහුගේ ලේකම්වරිය පැවසීය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යක්‍ෂවරයා දැනුවත් කර පිළිතුරක් සැපයීමට ලේකම්වරිය එකඟවුවද පුවත පළ කරන අවස්ථාව දක්වා ඊට පිළිතුරක් නොලැබිණි.

කෙසේවුවද නාලිකාවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවන්නේ මේ වන විට මේනකා සෙසු නර්තන ශීල්පිනියන්ට වඩා ඉදිරියෙන් සිටින බවයි.

මේ වනවිට ස්වර්ණවාහිනි නාලිකාවේ නිවේදිකාවක් ලෙස ද සේවය කරන ඇය සිරස නාලිකාවේ ඩාන්සින් ස්ටාර් - 2 වැසටහනින් ජනපි‍්‍රයත්වයට පත් විය.

ප‍්‍රදීප් රත්නායක විසින් අධ්‍යක්‍ෂණය කළ මේ දිනවල සිරස නාලිකාවෙන් විකාශයවන ‘පූජා’ ටෙලිනාට්‍ය සඳහාද මේනකා රංගනයෙන් දායක වී සිටී.

Menaka Maduwanthi

http://s4.hubimg.com/u/3269879.jpg
























Copy Rights - Sri Lanka Mirror



0 comments:

Post a Comment