----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

අයි ඇම් ශ්‍රී ලංකා ඕයි !

Sunday, March 27, 2011

ටෙනිසන් කුරේ අලුත්ම වේදිකා නාට්‍යයක්‌ සමඟ

උත්පත්තිය - විපත්තිය අතර
ප්‍රතිපත්තිය නැතිනම් නස්‌පැත්තිය

සිනහව ඇති තැනක "ටෙනිසන් කුරේගේ" නම නැතිනම් එය විය නොහැක්‌කකි. එපමණකටම ඔහු සිනාව හා බද්ධව සිටී. "මිනිස්‌ සිත" පිරිසිදු කරන්නට හැකියාව ලැබීමම තමන් ලද භාග්‍යයක්‌ බව "ටෙනී" නිතර කියන්නේ ඒ නිසාය. බොහෝ අටුවාවන් රහිතවම ඔහු පිළිබඳව හඳුන්වා දෙමින් මේ කතා බහට එළිපන්නේ "ටෙනී" සම්බන්ධයෙන් අලුත්ම තොරතුරු කිහිපයක්‌ ඇති හෙයිනි. කලකට පසු හමුවන මොහොතෙහි, "මේ දවස්‌වල මොකද කරන්නේ" යි, යන පැනයට ඔහුගේ කෙටි පිළිතුර වූයේ.... "මම මේ දවස්‌වල දිනේෂ් ප්‍රියසාද්ගේ, ඇද්ද ලණුව - දැම්ම කොඩිය චිත්‍රපටයේ හඬ කැවීම්වලට සහභාගි වෙනවා...." යන්නයි. මේ සරසවි චිත්‍රාගාර බිමෙහිදීය. පිළිතුරෙන් සෑහීමකට පත්වන්නට අපට බැරිය....

නැහැ එහෙම නොවෙයි.... අලුත් ආරංචියක්‌ තියෙනවා....

ආ.... ඒක මෙහෙමයි.... මට ටිකක්‌ මුල ගැන කතා කරන්න ඕන.... මම චිත්‍රපට රාශියකට දෙබස්‌ තිර රචනය ආදී අංශවලින් සහභාගි වුණා. නොම්මර එකයි, පෙරළිකාරයෝ, වරදට දඬුවම්, කම් ඕ ගෝ චිකාගෝ, හොඳ හොඳ සෙල්ලම්, දෙමෝදර පාලමේ කතා තේමාව, කොලොම්පූර් වැනි චිත්‍රපට රැසක්‌ම දිනේෂ් ප්‍රියසාද් සමඟ එකතුවෙලා කළා.

කොච්චර ෆිල්ම් කළත් මට ලොකු ආශාවක්‌ තිබුණා අධ්‍යක්‍ෂණය කරන්න. ඕක ගැන කිව්වම යාළුවෝ මට කිව්වේ "උඹට අධ්‍යක්‍ෂණය කරගන්න කොහොම හරි පුළුවන් වෙයි, උඹ රඟපාපං" කියලයි. දිනේෂ් ඒ දවස්‌වල කිව්වා මම කවදාහරි අධ්‍යක්‍ෂණය කරන දවසක උඹව රඟපෑමට ගන්නවා කියලා, ඔහුගේ පළමු අත්හදාබැලීම් චිත්‍රපටයට මාව රඟපාන්න ගත්තා.... ඒකේ මමත් බන්දු සමරසිංහත් රඟපානවා. ඒ දවස්‌වල බන්දු මගේ සිනමා වීරයෙක්‌, ඔහු සමඟ පොඩි කෑල්ලක්‌ රඟපානවා කිව්වත් ආසයි. විජය කුමාරතුංග තමයි දිනේෂ්වත් මාවත් පොළඹවා ගත්තේ, කොපි නැති අපේම පිටපතක්‌ සහිත චිත්‍රපටයක්‌ කරන්න.... මම චිත්‍රපටය ලියන්නත් දිනේෂ් අධ්‍යක්‍ෂණය කරන්නත් ඒ අනුව තීරණය වුණා. "වරදට දඬුවම්" බිහිවෙන්නේ ඒ අනුවයි.

වරදට දඬුවම් චිත්‍රපටයෙන් ඔබ ජනතාව අතරට ගියා.

ඇත්තටම... එතනදී මට ලොකු ආශාවක්‌ ඇතිවුණා රඟපාන්නම ඕන කියලා. ඒ අනුව මට චිත්‍රපට කතා ලියන්නත් රඟපාන්නත් ලැබුණා.

අධ්‍යක්‍ෂවරයාගේ චරිතය එතැනින් ඉවරද?

නැහැ.... නැහැ.... මට රඟපානකොට හිතෙනවා යම් යම් රඟපෑම් මෙහෙම වුණා නම් කොච්චර හොඳද? මෙහෙම වුණා නම් හොඳ අදහසක්‌ ඒවි කියලා.... ඒත් මට අධ්‍යක්‍ෂවරයාට බලපෑම් කරන්න බැරි නිසා සද්ද නැතුව හිටියා.

මෙහෙම ඉන්නකොට මට ඊ. ඒ. පී. එකේ අසංක එදිරිසිංහ මහත්තයා මුණගැසුණා... ඔහු මට ඉතා කෙටි කාලයකදී අත්තිකාරම් මුදලක්‌ පවා දීලා, චිත්‍රපටයක්‌ කරන්න කතා වුණා. නමුත්..... ඒක එහෙමම නතර වුණා. ඊළඟට ඒකට මදිහත් වුණේ චිත්‍රපට සංස්‌ථාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ජයන්ත ධර්මදාස මහත්තයයි. ඒකත් මොකක්‌දෝ හේතුවකින් නතර වුණා. යම් යම් බලපෑම් පවා ඇතිවෙලා තිබුණා.

මේ කාලයේ මගේ හිතවතෙක්‌ හිටියා, කුරුණෑගල "ජගත් එම් යාපා" කියලා. ඔහු හොඳ ව්‍යාපාරිකයෙක්‌. ඔහු සහ පවුලේ උදවිය මගේ රඟපෑම් සහිත චිත්‍රපට නිතර බලන, මාව අගය කරන අයයි. මම නිෂ්පාදනය කළ නාට්‍ය පවා ඔහු කුරුණෑගල දෙතුන්වතාවක්‌ පෙන්නුවා. ඔහු මට නිතර ඇවිටිලි කළා චිත්‍රපටයක්‌ කරන්න.... ඒත් මම එක්‌වරම ඊට කැමැති වුණේ නැහැ.

ඒත් එක මොහොතකදී ඔහු කිව්වා "ටෙනී මම චිත්‍රපටයක්‌ කරනවා... හැබැයි ඒ ඔයා එක්‌ක විතරයි" කියලා... කොච්චර මිනිස්‌සු ආවත් එයා ඒ මතයේම හිටියා. ඒ අනුවයි මගේ "තෑන්ක්‌ යූ බර්ටි" චිත්‍රපටය හදන්න මුල පුරන්නේ.

මේ මොහොතේ "ජගත්" ව ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන... නළු නිළියන්ට පහසුකම් සැපයීමේ සිට සිනමා පටයට අවශ්‍ය සියලුම දේ සඳහා ඔහු ඉතා හොඳින් නිෂ්පාදනයෙන් දායක වුණා.

ඔබ හැරුණු විට රංගනයෙන් චිත්‍රපටයට දායක වෙන්නේ කවුද?

දිල්හානි අශෝකමාලා (මගේ මතය හැටියට දිල්හානි තමයි ලංකාවේ කොමඩි චරිතවලට දක්‍ෂ හොඳම නිළිය) නිලන්ති ඩයස්‌, බන්දු සමරසිංහ, සුසිලා කෝට්‌ටගේ, සුසිලා කූරගම, ආනන්ද වික්‍රමගේ, මහේන්ද්‍ර පෙරේරා, ක්‌ලීටස්‌ මෙන්ඩිස්‌, රොනී ලීව්, විමල් කුමාර ද කොස්‌තා, මහින්ද පතිරගේ, මානෙල් වානගුරු, සමන්ති ලැනරෝල් මේ ආදී වශයෙන් විශාල නළු නිළි කැළක්‌ මීට සහභාගිත්වය දැක්‌වුවා. ලලිත් තෝමස්‌ කැමරාකරණයෙන් සහභාගි වුණා.... මගේ "ගුරෙක්‌" වන නිමල්සිරි රෝසාත් මට උදව් කළා. කොහොම හරි මෙතැනදී නම් ගම් නොකියවුණු හැමෝම මේ මොහොතේ සිහිපත් කරන්න ඕන... අගෝස්‌තු මාසය වන විට චිත්‍රපටය තිරගත කරන්න නියමිතයි... ආරංචිය මුලින්ම දුන්නෙත් ඔයාලාටම (මීවිතට) තමයි.

එතකොට නාට්‍යයක්‌ කරන්න පටන් අරගෙන තිබුණ නේද?

ඒක චිත්‍රපටය නිසා අතරමඟ නතරවෙලා තිබුණේ. දැන් ඒක ආපහු පටන් ගත්තා. නාට්‍යයේ නම "අයි ඇම් ශ්‍රී ලංකා ඕයි"ෘ හැමෝම ශ්‍රී ලංකා නම් මට ශ්‍රී ලංකා වෙන්න බැරිද? නාට්‍යයේ අවසන් දෙබස වෙන්නේ ඒක. මුළු කතා සාරාංශය මේ වචන ටිකේ තියෙනවා. "උත්පත්තිය - විපත්තිය අතර ප්‍රතිපත්තිය නැතිනම් නස්‌පැත්තියෘ නාට්‍ය මැයි මාසයේ 27 වැනිදා මීගමු නගර ශාලාවේදී වේදිකාගත කිරීමට නියමිතයි. ඒ මෙතෝදිස්‌ත දෙව් මැඳුරට ආධාර පිsණිසයි. ඉතිං අපි ටෙනීගේ නාට්‍ය හා චිත්‍රපටය සමඟ හමුවෙමු.


උදේශ ගමගේ
ඡායා - කමල් බෝගොඩ

Copy rights - Diwayina

0 comments:

Post a Comment