----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ආදරයක පැටලුණොත් වැඩවලට බාධයි

Monday, March 7, 2011

ආදරයක පැටලුණොත් වැඩවලට බාධයි

ලෝචනා ඉමාෂි

සිරස රූපවාහිනියේ ‘දිගන්තය’ වැඩසටහනෙන් සතියේ දින පහ පුරාම ඔබේ හදවතට සමීපවන මේ සොඳුරු මියුලැසිය ‘අපි අපි වගේ’ ටෙලිනාට්‍යයේ චංචලා ගේ චරිතයෙන් ද වඩාත් ජනප්‍රියත්වයට පත්වුණා. රූපවාහිනී නිවේදිකාවක මෙන් ම ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක ද වන ලෝචනා ඉමාෂි නම් වූ නව යොවුන් රුවැත්තිය සමඟ මා හෘදයාංගම කතාබහකට මුල පිරුවා.

ඉතින් ලෝචනා මේ දවස්වල ඔයාගේ අලුත් ම තොරතුරු මොනවාද?

මේ දවස්වල සිරසේ ‘දිගන්තය’ රූපවාහිනී වැඩසටහනනේ නිවේදිකාව වශයෙන් කටයුතු කරන නිසා මම තරමක් කාර්ය බහුලයි. ඒ අතරතුරම රවීන්ද්‍ර විජේරත්න ගේ අලුත් ම ටෙලිනාට්‍යයේත් රඟපාන නිසා එහි රූපගත කිරීම් සඳහාත් නිතරම සම්බන්ධ වෙන්න වෙනවා.

එතකොට ඔයා එක්තරා පුවත්පතකට ප්‍රකාශයක් කර තිබුණා නිවේදන කටයුතුවලින් තාවකාලිකව ඈත්වෙලා රඟපෑම පැත්තට වැඩියෙන් කැපවෙනව කියලා.

ඇත්තටම මං ඒ වෙලාවෙ එහෙම ප්‍රකාශයක් කළා තමයි. ඒත් එයින් පසුව ගොඩාක් අය මට ඉල්ලීම් කළා නිවේදන කටයුතුවලින් ඈත්වෙන්න එපා කියලා. විශේෂයෙන් ම මට ආදරය කරන ප්‍රේක්ෂකයන් වගේ ම සිරස රූපවාහිනියේ අයත් මට කළ ආදරණීය ඉල්ලීම ඉවතට දාන්න කිසිම හැකියාවක් නෑ.

ඔයා මුලින් ම එවැනි ප්‍රකාශයක් කිරීමට හේතු වූ කරුණු මොනවාද?

ඒ දිනවල මට එරංග සේනාරත්න ගේ දීර්ඝ ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයක් සඳහා ආරාධනාකර තිබුණා. තවත් පැත්තකින් මට උදය වරුවේ නිවේදන කටයුතු සඳහා යාමට ප්‍රවාහන පහසුකම් පිළිබඳ ප්‍රශ්නයකුත් තිබුණා. මේ හේතු නිසයි මං එවැනි තීරණයක් ගැනීමට මුලින් පෙළඹුණේ.

ඔයා මුලින් ම නිවේදන කටයුතුවලට යොමු වුණේ කොහොමද?

මම මුලින් ම ස්වර්ණවාහිනියේ නිවේදිකාවක ලෙස කටයුතු කළා. ඉන්පසුව තමයි සුසාර දිනාල් මහතා මට සිරස නිවේදිකාවක් ලෙස කටයුතු කරන්න ආරාධනා කළේ. මීට පෙර මං මැජික් බොක්ස් වැඩසටහනෙන් නිවේදිකාව විදියට කටයුතු කළා.

එතකොට ඔයා රඟපෑමට යොමු වුණේ?

මම මුලින් ම කතා බහට ලක්වුණේ ‘කාව්‍යා’ ටෙලිනාට්‍යයේ කාව්‍යා ගේ දියණියගේ චරිතයෙනුයි. ඒ සඳහා මට අවස්ථාව උදා කර දුන්නේ රාධාන් ටැලන්ට් ෆැක්ටරි ආයතනයේ අජිත් වීරසූරිය මහතායි. හැබැයි ඊට පෙර මට දයාරත්න රටගෙදර ‘සිත නිවෙන කතා’ ටෙලිනාට්‍ය මාලාවේ රංගනයෙන් දායක වෙලා තිබුණා. ඒ සඳහා මට අවස්ථාව උදා වුණේ දයාරත්න රටගෙදර මගේ තාත්තාගේ සමීප යහළුවෙක් නිසයි.

එයින් පසුව මට සංජය නිර්මාල් ගේ ‘දිව්‍යා’ රවීන්ද්‍ර විජේරත්න ගේ ‘අපි අපි වගේ’ ටෙලිනාට්‍යවලත් චරිත නිරූපණය කිරීම සඳහා අවස්ථාව උදා වුණා.

ඔයා වඩාත් ජනප්‍රියත්වයට පත් වූ ‘අපි අපි වගේ’ ටෙලි නාට්‍යයේ ‘චංචලා’ ගේ චරිතය ගැනත් ටිකක් කතා කරමු.

ඇත්තටම චංචලා ගේ චරිතයට මට හොඳ ප්‍රතිචාර ලැබුණා. එහි මං රඟපෑවේ ජුලෝට පෙම් බඳින, කොල්ලෙක් වගේ දඟලන, අහිංසක, දඟකාර කෙල්ලකුගේ චරිතයයි. එයින් ලැබුණු ප්‍රතිචාර නිසා මටත් දිගටම රඟපාන්න හිතුණා. ඉදිරියේදීත් ඉඩකඩ ලැබෙන හැම මොහොතකම රඟපෑවේ පැත්තට වැඩියෙන් යොමුවෙන්න බලාපොරොත්තු වෙනවා.

ඔබේ පෞද්ගලික තොරතුරු ගැනත් යමක් ප්‍රකාශ කළොත්...

මම ඉගෙන ගත්තෙ නුගේගොඩ අනුලා විද්‍යාලයේ. උසස් පෙළට හැදෑරුවේ කලා විෂයයන්. අපේ පවුලෙ ඉන්නෙ අම්මයි, තාත්තයි, ආච්චියි, අක්කයි, නංගියි. අම්මයි තාත්තයි දෙන්නම ව්‍යාපාර කටයුතුවල නිරත වෙන නිසා තරමක් කාර්ය බහුලයි. ඒ නිසා ආච්චි අම්මා තමයි මගේ වැඩ කටයුතුවලට සහාය දෙමින් මාව දිරිමත් කරන්නේ. මගේ අක්කයි, නංගියි දැනට ’3 ඵඪඵබඥප ඵචතධධද’ නමින් අප නිවෙසේම රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යනවා. මායි, අක්කයි, නංගියි එකතුවෙලා සහෝදරියො තුන්දෙනෙක් කරන නිසයි මේ නම තබා තිබෙන්නෙ.

සංවේදී යෞවනියක ලෙස ඔබට ආදරය හා විවාහය ගැන හිතන්නේ මොනවාද?

ඇත්තටම යෞවනයට ආදරය සමීප නම් තමයි. ඒත් දැනට නම් මට පෙම්වතෙක් නැහැ. ඒ ගැන මං වැඩිය හිතන්න කැමැතිත් නෑ. එහෙම දේකට පැටලුණොත් මට මගේ වැඩ කටයුතු නිදහසේ කරගෙන යන්නත් අපහසුවෙයි. ඒක නිසා මං කවද හරි දවසක මගේ ආදරය, විවාහය, සම්බන්ධ සියලුම කටයුතු අම්මගෙ, තාත්තගෙ කැමැත්ත අනුව සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ වගේ ම මං කවද හරි විවාහ වෙන කෙනා මගේ කලා ජීවිතයට හොඳ සහයෝගයක් ලබා දෙන යහපත්, අවංක කෙනෙක් වීමත් අනිවාර්යයි.

අවසාන වශයෙන් ඔබේ කලා ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු පිළිබඳවත් යමක් පැවසුවොත්.

ඇත්තටම මගේ හරිම ආසාවක් තියෙනවා සිනමාවට සම්බන්ධ වෙන්න. විශේෂයෙන් ම හොඳ නිර්මාණශීලී අධ්‍යක්ෂවරයකු යටතේ, හොඳ සිනමා පටයක රඟපාන්න ආසයි. මීට අමතරව ඉදිරියටත් ටෙලිනාට්‍යවල රඟපාන අතරතුරම නිවේදන කටයුතුවලත් නිරතවීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම ඉදිරියේ දී සමහරවිට මගේ ම කියලා ව්‍යාපාර කටයුත්තකට යොමුවෙන්නත් බලාපොරොත්තු වෙනවා.

ඇගේ ලිපිනය - ලෝචනා ඉමාෂි, නො. 10, ශ්‍රී සිද්ධාර්ථ පාර, කිරුළපන, කොළඹ 06.

1 comments:

Anonymous said...

ඇගේ අදහස් හොදයි..

Post a Comment