----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

අලුත් ඇල්බමයක්‌ ළඟදීම

Monday, March 21, 2011

අලුත් ඇල්බමයක්‌ ළඟදීම

මේ කාලය ප්‍රසංග වේදිකාව තරමක්‌ විවේකීව ගෙවන යුගයක්‌ ලෙසට හැඳින්වීමට පුළුවන්. මේ නිසාම සංගීත කණ්‌ඩායම් තරමක්‌ නිහඬයි. ලාංකීය සංගීත ක්‍ෂෙත්‍රයේ ජනප්‍රියත්වයක්‌ දිනාගත් සංගීත කණ්‌ඩායමක්‌ නලින් පෙරේරා ප්‍රමුඛ මේරියන්ස්‌. මේ නිසාම නලීන්ගෙන් අපි අලුත් තොරතුරු ගැනත් සොයා බැලුවා.

මාස කිහිපයක්‌ විදේශගත වී සංගීතයේ තාක්ෂණික අවබෝධය ලබාගනිමින් මීට මාසයකට පමණ පෙර ලංකාවට පැමිණියේ මීට පෙර ඔහු පදිංචිව සිටි ස්‌ථානයත් වෙනස්‌ කරගනිමින්. ඒ නලීන් තම පවුල සමග මීගමුවේ අලුතින් ඉදිකළ නිවසට පදිංචියට පැමිණීමත් සමග. ඒ ආවේ හිස්‌ අතින් නොවේ. සවුන්ඩ් ඔෆ් මේරියනස්‌ නමින් නවීන් තාéණයෙන් යුතුව නිර්මාණය වුණු ශබ්ධාගාර දෙකකින්, සංගීත ඇකඩමියකින් හා ගීත බැංකුවකින් අංග සම්පූර්ණ සංගීත ආශ්‍රමයක්‌ ද රුගෙනයි.

ගීත පදරචනය, තනු නිර්මාණය, සංගීතවත් කිරීම, පටිගත කිරීම්, පුහුණු කිරීම්, සංස්‌කරණ කටයුතු ආදී ඇමරිකානු තාක්ෂණික ක්‍රම යටතේ සමන්විත මෙම සංගීත ආශ්‍රමය ලබන අප්‍රේල් මසයේ දී විවෘත වීමට නියමිතයි.

ඒ වගේම වසර පහකට පසුව නලීන් නිර්මාණයකරන ගීත ඇල්බමයේ වැඩකටයුතුවලටත් මේ දිනවලදී නිරත වී සිටිනවා.


ලක්‌මිණී

Copy Rights - Divayina

0 comments:

Post a Comment