----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

චිත්‍රකතාවේ නූතනවාදය හඳුන්වාදීම

Monday, March 7, 2011

මීට අවුරුදු 25 කට විතර කලින් ගුණසේන පොත් සාප්පුවේදී මට අහම්බෙන් වගේ ඇස ගැටුණ පොතක් මා සුළු මුදලක් දී මිලට ගත්තා. පොතේ නම නූතන චිත්‍ර කලාවේ රසික සංකල්ප’. පොත ලියලා තිබුණේ කුලනාථ සේනාධීර කියලා කෙනෙක්. දවසක් ප්‍රවීණ චිත්‍ර ශිල්පී ශාන්ත කේ. හේරත් අපේ ගෙදර ආපු දවසක මම මේ පොත වඩාත් වටින්නේ ශාන්තට කියලා හිතලා ඔහුට තිළිණ කළා.

”මචං මං මේක හොය හොය හිටිය පොතක්. උඹට කොහොම ස්තුති කරන්නද මන්දා.”

ශාන්ත පොත අතට ගනිමින් කිව් හැටි මට මතකයි. ඒ පොත පසුගියදාක ‘විභවි’ ලලිත කලා ඇකඩමියෙන් නැවත පළකර තිබෙනවා.

මං පස්සේ කාලෙක කුලනාථ සේනාධීර ගැන ටිකක් හෙව්වා. ඔහු අපේ ගම්පළාතේ (මීගමුවේ) කෙනෙක් බවත් ඔහු පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ඉගෙනගද්දි මහාචාර්ය සිරි ගුනසිංහත් එක්ක එකතුවෙලා චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වපු බවත් මට දැනගන්න ලැබුණා.

ඇත්තටම චිත්‍ර කලාවේ නූතනවාදය ගැන සිංහලෙන් ලියැවුණු මුල්ම පොත මේ ‘නූතන චිත්‍ර කලාවේ රසික සංකල්ප’ කියන පොතයි. පෝල් ගොගෑන්, වින්සන්ට් වැන්ගෝ, උපස්ථිතිවාදය ගැන අපි මුලින්ම දැනගත්තේ මේ පොතෙන්.

කුලනාථගේ පරම්පරාවෙන් පස්සේ බිහිවුණු දක්ෂතම චිත්‍රකලා විචාරකයෙක් ලෙස හැඳින්විය හැකි එරික් ඉලයප්ආරච්චි (ඔහුත් මීගමු පුත්‍රයෙක්) තමන්ගේ ‘චිත්‍රකලාව සහ විචාරය’ පොත පිළිගැන්වා ඇත්තේ කුලනාථ සේනාධීරගේ ශ්‍රී නාමයට.


Copy Rights - Silumina

2 comments:

Anonymous said...

Please remove the radio if you don't mind. It'll surely return a user here again.

Anonymous said...

No No Radio Is Very Clear.. I Like It

Post a Comment