----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

සිංහල සිනමා විස්තරය

Monday, March 7, 2011


‘ගම්බද සුන්දරී’

තිරගත වූ දිනය – 1950 ජනවාරි 27

නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - ජෝර්ජ එස්. විජේගුණරත්න

කතාව, දෙබස්, ගීත රචනය, සංගීතය – එන්. කේ. කාරියවසම්

ගීත පටිගත කිරීම – ලංකාවේදී සිදු කර ඇත.

ශබ්ද පරිපාලනය – ගයි බ්‍රෝහියර්

ගීත සංඛ්‍යාව - 06

ගීත හා ගායන ශිල්පීන් -
මල් මාලා දාලා - ශීලා පීරිස්
ආලය වේග - ශීලා පීරිස්
ප්‍රේම සාගරේ – කිංස්ලි ජයසේකර / ශීලා පීරිස්
විකාර මේ – හර්බට් පෙරෙරා / තිලකා සිරිවර්ධන
ආදරණීය පුන්සඳේ – වින්සන් ද පෝල් පීරිස්
බොළඳ සිනා - කිංස්ලි ජයසේකර

කැමරාව - ලෙස්ලි පේදිරිස්

සංස්කරණය – ඉසබෙලා බ්‍රෝහියර් / ශීලා බැස්ටියන්

නැටුම් - ප්‍රේම්රාජ් හා කුමාරි නන්දිකා

වෙස් ගැන්වීම – කුවින්ටස් පීරිස්

රඟපෑම් - ශීලා පීරිස් (රූපා), වින්සන් ද පෝල් පීරිස් (පෝල්), ඇලන් පෙරේරා (මුදලාලි හාමිනේ), එච්. දළුවත්ත (ශාස්ත්‍රකරු) කිංස්ලි ජයසේකර (විමල්), ඊ. සී. බුලත්සිංහල (සේකර මුදලාලි), සුජාතා බුලත්සිංහල, තිලක් ගුණතිලක, ඊ. ඕ. ෆොන්සේකා, හර්බි සෙනෙවිරත්න, එච්. ගුණසේකර, තිලක සිරිවර්ධන.

විශේෂිතා - ලංකාවේ පෙන්වන ලද පළමු වෛවර්ණ චිත්‍රපටය.
මි. මී. 16 කැමරාගත කොට මි. මී. 35 ට විශාල කොට පෙන්වීම.
විමලවීර මාස්ටර්ට පසු සිංහලයකු තනිව හැදූ චිත්‍රපටය.
එක් පිටපතක් පමණක් මුද්‍රණය කිරීම.

ප්‍රදර්ශනය – මුලින්ම 1950 ජනවාරි 27 ක්‍රවුන් සිනමාහලේදීය. පෙන් වූයේ දින 10 ක් පමණි.

1950 පෙබරවාරි 17 වෙනිදා සිට වැල්ලවත්තේ ප්ලාසා සිනමාහලේ. එහි ප්‍රදර්ශනය වූයේ දින 07 ක් පමණි.

මංගල දර්ශනය – එවකට වෙළඳ ඇමතිව සිටි එච්. ඩබ්ලිව්. අමරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රවුන් සිනමා ශාලාවේදී සවස 6.30 ට.

‘හදිසි විනිශ්චය’

තිරගත වූ දිනය – 1950 මැයි 26

නිෂ්පාදනය – බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, එච්. ද ඉසැඩ් සිරිවර්ධන, ෂර්ලි කොරයා

කතාව, දෙබස් - බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න

අධ්‍යක්ෂණය – මර්සලින් ඇල්බට්

ගීත පටිගත කිරීම – මදුරාසියේ නැප්චූන් චිත්‍රාගාරය

ගීත සංඛ්‍යාව - ගීත 14

ගීත ප්‍රබන්ධය – මර්සලීන් ඇල්බට්

ගීත හා ගායන ශිල්පීන් -

ජීවන සැප ශ්‍රී පානා - රුක්මණී දේවි
තම හිමියා වැඩ ඇරිලා - එඩී ජයමාන්න / ලැටීෂියා පීරිස්
සංසාර සැපා නාස්ති වේ – රුක්මණී දේවි / ඇලන්සන් මැන්දිස්
මාගේ මව්නි - මේබල් බ්ලයිත්
මනුලෝකේ – ඇලන්සන් මැන්දිස් / රුක්මණී දේවි
ප්‍රේම රජා මගේ – ඇලන්සන් මැන්දිස් / රුක්මණි දේවි
මගේ කාලෙත් ආලෙත් – එඩී ජයමාන්න
මගේ පද්මිණිගේ රූපේ -එඩී ජයමාන්න / ලැටීෂියා පීරිස්
ආශ්‍රේ නිසා මේ – රුක්මිණී දේවි
ආදර ස්වාමි – එඩී ජයමාන්න / ලැටීෂියා පීීරිස්
බෑ බෑ බෑ බෑණා මගේ - එඩී ජයමාන්න / ලැටීෂියා පීරිස්
මගේ රූපේ බලාලා - බර්ට්‍රම් ප්‍රනාන්දු / සූරිය රාණි
මන පිනවායා - රුක්මණී දේවි
අසහාය මේ ආලේ - රුක්මණි දේවි

රඟපෑම් – රුක්මණී දේවි (කාන්ති), බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න (සිරිපාල), බර්ට්‍රම් ප්‍රනාන්දු (පින්තු), මේබල් බ්ලයිත් (ශ්‍රීමතී), ස්ටැන්ලි මල්ලවආරච්චි (සේනක), හර්බි සෙනෙවිරත්න (ආනන්ද), එඩී ජයමාන්න (කෝකිල), ලැටීෂියා පීරිස් (පද්මිණී), ෂර්ලි බ්ලයිත්, ගබ්රියල් පීරිස්.

ප්‍රදර්ශනය : සීමාසහිත සිනමාස්

කිංග්ස්ලි සිනමා හලේ මැයි 26 සිට ජූලි 13 වන දින දක්වා ප්‍රදර්ශනය විය. එදිනම නඩරාජා (මීගමුව), වෙම්බ්ලි (මහනුවර), නගර ශාලාව (අනුරාධපුර), ට්‍්‍රවෝලි (නුවරඑළිය), මොඩර්න් (බදුල්ල) යන සිනමා ශාලාවල එකවර ප්‍රදර්ශනය විය. මංගල දර්ශනය – 1950 මැයි 26 සවස 6.30 ට කිංග්ස්ලිහිදී

‘සීදේවී’

තිරගත වූ දිනය – 1951 මාර්තු 09

නිෂ්පාදනය – නවජීවන චිත්‍රපට සමාගම

අධ්‍යක්ෂණය, කතාව, දෙබස් ගීත රචනය - සිරිසේන විමලවීර

ගීත පටිගත කිරීම – මදුරාසියේ නැප්චූන් චිත්‍රාගාරය

ගීත සංඛ්‍යාව - 11

ගීත හා ගායන ශිල්පීන් -
ප්‍රේම තතේ හැප්පී – බී. එන්. අමරලතා / ඩී. ආර්. නානායක්කාර
ගියා මා හැරා දුක් ගිනි දී – බී. එච්. ද සිල්වා /ජේ. සී. කේ. රූපාවතී
ගීත ඇසේ මිහිරි – බී. එච්. ද සිල්වා / ජේ. සී. කේ. රූපාවතී
ස්වාමි ඔබ මාගේ - ෆෙ‍්‍රක්සිඩ් ප්‍රනාන්දු
නිදි මර මර දුටු - බී. එන්. අමරලතා / ආර්. පද්මිණී
ඕ පායා ඒවී පූර්ණ චන්ද්‍රයා - ජේ. සී. කේ. රූපාවතී / බී. එච්. ද සිල්වා
පිටුපාලා නොයනු - බී. එච්. ද සිල්වා / කේ. ඩබ්. කරුණා කුමාරි
මහා මේරු පර්වත රාජ - කේ. හෙක්ටර් සොයිසා
මා පාදචාරී - ෆෙ‍්‍රක්සිඩ් ප්‍රනාන්දු
පල ඇති රුකටා - කේ. හෙක්ටර් සොයිසා
සීදේවී – බී. එච්. ද සිල්වා / ජේ. සී. කේ. රූපාවතී

සංගීතය – බී. එච්. ද සිල්වා

කැමරාව - පී. එල්. රායි

කලා අධ්‍යක්ෂණය - ෂොඩ් ගවෝන්කර්

නාද ශිල්පි - ටී. ආර්. රාමචන්ද්‍රන්

රසායනාගාර පාලක – රම්බාබු

රඟපෑම් – බී. එච්. ද සිල්වා (එඩී ජූනියර්) (රාජේන්ද්‍ර) ටී. මාර්ෂල් පෙරේරා (දොස්තර), ඇන්. ආර්. ඩයස් (පියා), ඩී. ආර්. නානායක්කාර (මැනේජර්), බී. චන්ද්‍රදාස (බබා) ජේ. සී. කේ. රූපවතී (රාණි) කේ. ඩබ්. කරුණා කුමාරි (ග්‍රේස්) ඩබ්ලිව්. රීටා පද්මිණී (බබී), බී. එන්. අමරලතා (අමරා) ඇස්. ඒ. ෂර්ලි සමරසිංහ (කාච්චි අක්කා).

මංගල දර්ශනය – එවකට කොළඹ නගරාධිපති ධූරය දැරූ එස්. සෙල්ලමුත්තු මහතාගේ ප්‍රධානත්වයෙන් සවස 6.00 ට ගාමිණී සිනමාහලේදී පැවැත්විණ.

ප්‍රදර්ශනය - සීමාසහිත සිනමාස් සමාගම.
මරදානේ ගාමිණී සිනමා ශාලාවේ ‘සීදේවි’ මාස දෙකයි
දින 22 ක් නොකඩවා ප්‍රදර්ශනය විය.

විශේෂිතා - දින 82 ක් පෙන්වා ලක්ෂ 10 ක ආදායමක් ලබා ඇත.

0 comments:

Post a Comment