----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මිනිසුන් මිනිසුන්ට කතා කරන ලෝක නාට්‍ය දිනය

Monday, March 28, 2011

මිනිසුන් මිනිසුන්ට කතා කරන ලෝක නාට්‍ය දිනය

පනස් වැනි සැමරුමට සැරසේ

‘රංග කලාව යනු වඩාත් ඥාණාන්විත ලෝකයක වැදගත්කම සංජානනය කිරීමේ ක්‍රියාවලියකි. එබැවින් රංග භූ®මිය දෙවියන් හා මිනිසුන් උනුන්ට කතා කර ගැනීමේ පුද බිමක් නොව, මිනිසාම එකිනෙකා හා සංවාදයේ යෙදෙන ස්ථලයකි. එය මිනිස් අභිලාෂයේ ආලෝක ප්‍රකූප්යකි.’

මේ එක් වසරක ලෝක නාට්‍ය දිනය වෙනුවෙන් ලෝක ප්‍රකට නාට්‍යවේදියකු විසින් ප්‍රකාශ කරන ලද පණිවුඩයේ කොටසක එන අදහසකි. වසර පුරා විවිධ සංසිද්ධීන් වෙනුවෙන් ස්මර්ණ දින පවත්වනු අපි අත්දකිමු. එහෙත් ලෝක නාට්‍ය දිනය ඒ බොහෝ දිනයන්ට වෙනස් වූද මනුෂ්‍යත්වයේ අනාගතය වෙත පල කරනු ලබන සියුම් සිහි ගැන්වීමක් බවද උක්ත ප්‍රකාශයෙන් පැහැදිලි වේ.

මෙය වඩාත් පැහැදිලි කර ගනු වස් ලෝක නාට්‍ය දිනය කුමක්ද යන්නත් වසරක් පාසා එයින් එලි දැක්වෙන සංකථනයන් පිළිබඳවත් අවධානය යොමු කළ යුතු වෙයි. සෑම වසරකම මාර්තු 27 වැනි දින ලොව පුරා නාට්‍යවේදීන්, රසිකයින් හා අන්තර් ජාතික ප්‍රජාව විසින් ලෝක නාට්‍ය දිනය විවිධ ක්‍රියාකාරකම් සහිතව උත්සවාකාරයෙන් සමරනු ලැබේ. එහෙත් එය හුදු ස්මරණයක් නොව ‘තමාගේම ඉරණම පිළිබඳ වගකිව යුතු මිනිසා, මනුෂ්‍යත්වය පිළිබඳ දක්වන විශ්වාසය ප්‍රදර්ශනය කිරීමකි’. එය බොහෝ ස්මෘති දිනවලින් වෙනස් වන්නේ එබැවිනි.

ලෝක නාට්‍ය දිනයක් පළමුවරට ප්‍රකාශයට පත් කරන ලද්දේ 1961 ජූනි මාසයේ හෙල්සින්ක් නුවරදී අන්තර් ජාතික නාට්‍ය ආයතනයේ 9 වැනි ලෝක සම්මේලනයේදීය. අන්තර් ජාතික නාට්‍ය ආයතනය පිහිටුවා ගන්නා ලද්දේ 1948 දී යුනෙස්කෝව හා ලෝක ප්‍රකට ප්‍රසංග කලාවේදීන් එක් වූ හමුවකදීය. එය ප්‍රසංග කලාව පිළිබඳ රාජ්‍ය නොවන අන්තර් ජාතික සංවිධානයකි. වර්තමානයේ අන්තර් ජාතික නාට්‍ය ආයතනය ලොව පුරා විසිරුණු මධ්‍යස්ථාන 100 කට වැඩි ප්‍රමාණයකින් ව්‍යාප්තව තිබේ. මේ සෑම මධ්‍යස්ථානයක් මගින්ම විවිධ සජීවි වැඩ සටහන් මගින් ලෝක නාට්‍ය දිනය සමරනු ලැබේ. මෙහිදී පැවැත්වෙන විවිධ නාට්‍ය දර්ශන, සංවාද, දේශන හා සමුළුවල අරමුණ වන්නේ රංග කලාව, සාමය, සහජීවනය හා මනුෂ්‍යත්වය පිළිබඳ දක්වන සංවේදිතාවය සන්නිවේදනය කිරීමයි.

මෙම ක්‍රියාකාරකම්වලින් ඉතාමත් වැදගත් වන්නේ සෑම වසරකම රංග කලාවට මාහැඟි සේවයක් කරමින් විශ්ව කීර්තියට පත් කලාකරුවෙකු විසින් නාට්‍ය කලාව හා මනුෂ්‍යත්වයේ අනාගතය, අන්තර් ජාතික එකමුතුවද පිළිබඳ කරනු ලබන ලෝක නාට්‍ය දින පණිවිඩයයි. ලෝක නාට්‍ය දිනයේදී මෙම පණිවිඩය ලොව පුරා ප්‍රකාශයට පත් කරනු ලැබේ.

පළමුවෙන් මෙවැනි ප්‍රකාශයක් කරන ලද්දේ 1961 දී ප්‍රංශ ජාතික ෂෝන් කොක්ටෝ විසිනි. එතැන් පටන් මෙම වසර ද ඇතුළුව වසර 50 ක් පුරා විවිධ නාට්‍යවේදීන් විසින් ලෝක නාට්‍ය දින පණිවිඩ නිකුත් කරනු ලැබ තිබේ.

ඔවුන් අතර ලෝක ප්‍රකට නාට්‍යකරුවන් වූ ආතර් මිලර්, පීටර් බෲක්, ඉයුජින් අයනෙස්කෝ, වොලේ සොයින්කා, මාටින් එග්ලින්, එඩ්වර්ඩ් ඇල්බි, ගිරිල් කර්නාර්ඩ්, ඔගස්ටෝ බොආල් ආදීහු වෙති. මෙවර ලෝක නාට්‍ය දින පණිවිඩය නිකුත් කර ඇත්තේ නාට්‍ය ආචාර්යවරියක්, නිළියක් මෙන්ම නිෂ්පාදිකාවක් ද වන උගන්ඩාවේ ආචාර්ය ජෙසිකා කාහ්වා විසිනි. ඇගේ පණිවිඩයෙන් අවධාරණය කරනු ලබන්නේ සාමය සහ සහජීවනය සඳහා රංග කලාව විස්මය ජනක බලවේගයක් ලෙස යොදවා ගත හැකි බවය. 2005 ලෝක නාට්‍ය දින පණිවිඩයේ මෙසේ සඳහන් වෙයි.

‘සකිසඳ නාට්‍යය! වහා පැමිණ මා බේරා ගන්න. මම අඳුරේ අතරමංව සිටිමි. ඉටිපහනක් දෙසට හෝ මට මඟ පෙන්වනු මැනවි.

0 comments:

Post a Comment