----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ආදරය ඉදිරියේ බොළඳ නොවෙන්නෙ කවුද ?

Monday, March 28, 2011

ආදරය ඉදිරියේ බොළඳ නොවෙන්නෙ කවුද ?
සාරංග දිසාසේකර

සාලිය වගේ චරිත දකින්නවත් ලැබෙන්න එපා...

මේ දිනවල බොහෝ දෙනා මේ රුව ගැන කතාබහ වෙනවා. ඒ වගේම ඔහු ගැන පවසන විමසන දේ බොහෝය. සාරංග දිසාසේකර නම් වූ මේ අපූරු යෞවනයා ගැන අමුතුවෙන් සඳහන් නොකළ යුතු වන්නේ බොඳ මීදුම්හි ධනුකගේ චරිතයෙන් ඔහුව රටම හඳුනන නිසාය. සැබෑ ජීවිතයේදීත් සාරංග ධනුක වගේද ? මේ දිනවල ගොඩක්‌ දෙනාගේ සිත් තුළ නැගෙන ප්‍රශ්නයක්‌. ඒ ගැන දැනගන්න අපි ඔහුට කතා කළා.

සාරංග කියලා කතා කරනවාටද කැමැති නැතිනම් ධනුක කියලා කතා කරනවාටද?

සාරංග කියලා. මොකද ධනුක කියන්නේ මම රඟපාන තවත් එක්‌ චරිතයක්‌ විතරයි.

ධනුකගේ ආදර කතාව මොන විදිහට කෙළවර වෙයිද?

හැමෝම කැමැති විදිහට කෙළවර වෙයි කියලා හිතනවා. ඒ ගැන ලොකු විස්‌තරයක්‌ කියන්න අමාරුයි. ඒ හින්දා ප්‍රේක්‍ෂකයන්ට ධනුකගේ ආදරය දිහා විමසිල්ලෙන් බලාගෙන ඉන්න කියලා තමයි කියන්න වෙන්නෙ.

ධනුකගේ ආදරයට සාලිය හරස්‌වීම මොන විදිහටද දැනෙන්නෙ...

විවිධ චරිත සමාජයේ ඉන්නවා. සාලිය කියන්නෙත් ඒ වගේ චරිතයක්‌. ඒ ගැන ලොකු දෙයක්‌ කියන්න නැහැ. ආදරයට විවිධ බාධා එනවා. අපි දෙන්නගෙ ආදරයටත් සාලිය එක බාධාවක්‌.

සැබෑ ජීවිතයේදීත් සාරංගට, ගයාන් හතුරුකම් කරනවාද?

අපොයි නැහැ. ඒක ඉතිං තිර පිටපතට විතරක්‌ සීමාවුණු හතුරුකමක්‌. සැබෑ ජීවිතයේ අපි හොඳ යාළුවො.

ධනුක ආදරය ඉදිරියේ හරි බොළඳයිනේද?

ආදරය ඉදිරියේ රජවරු පවා බොළඳ වෙලා තිබෙනවා. ආදරයට උගත්කම, බුද්ධිය වැදගත් වෙන්නේ නැහැ. සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්නේ පුළුවන් ධනුකගේ ආදරය බොළඳයි කියලා. හැබැයි මට නම් හිතෙන්නේ ඒ ආදරය ධනුකට විතරක්‌ තිබෙන ලක්‍ෂණයක්‌ නොවෙයි කියලා.

සාරංගත් ආදරය කරන්න ගියහම ධනුක වගේද?

සියයට සියයක්‌ම නොවෙයි යම්තාක්‌ දුරට එහෙම වෙන්න පුළුවන්. නමුත් සමහර සිදුවීම් ධනුකගේ ආදර කතාවට සමාන වෙන වෙලාවලුත් තිබෙනවා.

මේ ලැබෙන ජනප්‍රියත්වය මොන විදිහටද විඳින්නේ ?

ප්‍රේක්‍ෂකයන්ගෙන් නම් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. නමුත් ඒවා ලොකුවට හිතට ගන්නේ නැහැ. ඒ වගේම වැඩි තැකීමක්‌ කරන්නෙත් නැහැ.

ධනුකගේ ආදර කතාව වගේ සාරංගගේ ආදර කතාව කියන්න අකමැතිද?

මගේ සැබෑ ආදර කතාව මටම කියා ගන්න තමයි කැමැති. ඒ ආදර කතාව පෞද්ගලික වෙනතරමට කැමතියි.

ඇයි ඒ ?

ඒක මම දන්නෙ නැහැ. අනික එහෙම කියන්න තරම් මට වුවමනාවක්‌ ආසාවක්‌ නැහැ.

ඒ කියන්නේ ධනුකගෙ වගේ සාරංගගෙ ආදරයෙත් අවිශ්වාස බවක්‌ තිබෙනවා කියලාද?

නිශ්චිත අවිනිශ්චිත බව පිළිබඳ ප්‍රශ්නයක්‌ නෙමෙයි එතන තියෙන්නෙ. පෞද්ගලිකත්වය පිළිබඳ ප්‍රශ්නයක්‌.

ඇය විරුද්ධ නැතිද ඔබ නිළියන් සමඟ වැඩකරනවට?

අපොයි එහෙම නැහැ. මොකද මම ටෙලි නාට්‍යයෙන් නාට්‍යයට එක එක චරිත රඟපාන්නේ කියාල තේරුම් ගන්න තරම් බුද්ධියක්‌ එයාට තිබෙනවා.

නළුවෙක්‌ වීම ගැන මොකද හිතන්නේ ?

නළුවෙක්‌ වීම සුවිශේෂී වරප්‍රසාදයක්‌ කියලා තමයි හිතෙන්නේ. ඒකට හේතු කිහිපයක්‌ තිබෙනවා. අපිට අවස්‌ථාවක්‌ ලැබී තිබෙනවා තමන්ගෙන් මිදිලා වෙන කෙනෙක්‌ වෙන්න. අනිත් එක කලාකරුවෙක්‌ විදිහට ලැබෙන ප්‍රේක්‍ෂක ප්‍රතිචාර, ආදරය වැනි දේවල්. මේ සියල්ලම ජීවිතයට වටිනවා. නළුවෙක්‌ වීම ගැන ඒ විදිහට තමයි මම දකින්නේ.

සාරංගට මේ දේවල් ලැබුණේ පියාගේ ජනප්‍රියත්වය මත කිව්වොත් ?

කොහෙත්ම නැහැ. ඒක එහෙම නෙවෙයි. එහෙනම් මේ රටේ ඉන්න හැම ජනප්‍රිය ගායකයෙකුගේම දරුවන් නළුවො වෙන්න ඕනෑ. තාත්තා ගායකයෙක්‌ වුණා කියලා මම කොහොමද නළුවෙක්‌ වෙන්නේ.

සාලිය වගේ අය සාරංගට හමුවෙලා නැතිද?

මට නම් හමුවෙලා නැහැ. සාලිය වගේ අයත් සමාජයේ ඇති.

එවැනි කෙනෙක්‌ ඇසුරු කරන්න ලැබුණොත් ?

සාලිය වගේ චරිත සැබෑ ජීවිතයේ ඇසුරු කරන්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

යළිත් ඔබව සිනමාවෙන් දකින්න පුළුවන් කියලත් ආරංචියි ?

ඔව්. මම සුපර් සික්‌ස්‌ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. සුපර් සික්‌ස්‌ කියන්නේ ලංකාවේ මෙතෙක්‌ බිහි වූ චිත්‍රපටවලින් වැඩිම වියදමක්‌ දැරූ චිත්‍රපටයක්‌. ඒ වගේම හොඳ ගීත දර්ශන කිහිපයක්‌ සහ සටන් ජවනිකා තිබෙන චිත්‍රපටයක්‌. මෙය අපේ රටේ ප්‍රෙAක්‍ෂකයන්ට අලුත් අත්දැකීමක්‌ වේවි. සුපර් සික්‌ස්‌ කියන්නේ මගේ රංගන ජීවිතයේ විශේෂ සංධිස්‌ථානයක්‌.

ක්‍ෂේත්‍රයේ ඉන්න ගොඩක්‌ දෙනෙක්‌ කියන කතාවක්‌ තමයි අද ඉන්න නළුවන් අඩුමුදලට විකිණෙනවා කියලා. මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්‌ද?

ඒක ඉතිං මම නම් දන්නේ නැහැ. එහෙම කියන අයගෙන්ම තමයි ඒ ගැන දැනගන්න වෙන්නෙ. මොකද අනෙක්‌ නළු නිළියන්ගේ ගණන් හිලව් මම හොයන්නෙත් නැහැ. දන්නෙත් නැහැ. ඒවායින් මට වැඩකුත් නැහැ. මගේ රංගනයට සරිලන මුදලක්‌ මට ලැබෙනවා නම් මම හිතන්නේ ඒ ගැන විතරයි.


දිනේෂ් විතාන
ඡායා - ඉන්දික මල්ලවආරච්චි


Copy Rights - Diwayina

0 comments:

Post a Comment