----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

‘මහින්දාගමනය’

Monday, March 7, 2011

සනත් අබේසේකර හෙළිදරව් කරයි

‘මහින්දාගමනය’ චිත්‍රපටයේ රූගත කිරීම් මේ වන විට අවසන්ය. ඓතිහාසික කතා වස්තුවක් සිනමා මාධ්‍යයෙන් ප්‍රේක්ෂකයාගේ රසාස්වාදය උදෙසා රැගෙන එන සනත් අබේසේකර එහි අධ්‍යක්ෂවරයා ලෙසින් මාධ්‍යයකට මෙතෙක් කී නොකී සියළු දේ සරසවිය වෙත දිග හරින ලද මොහොතක්.

වසර 11 ක් තුළ ටෙලි නාට්‍ය 30 කට අධික ප්‍රමාණයක් නිර්මාණය කරපු මගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය තමයි මහින්දාගමනය.

සනත්, ඔබේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය සඳහා ඓතිහාසික කතා තේමාවක් තෝරා ගත්තේ ඇයි?

මම විශ්වාස කරන දේ තමයි මොන යම් කලාවක් තුළ හෝ තිබිය යුත්තේ ආනන්දය සහ ප්‍රඥාවයි. දැන් තියෙන චිත්‍රපටවල ඔය කාරණාව තියෙනවද කියන එක ප්‍රශ්නයක්. චිත්‍රපටයක් කරන්න කලින් ප්‍රධාන අරමුණ පිළිබඳ දැනුවත් විය යුතුයි.

එහෙම නොවී කළ නිර්මාණ තුළින් වන්නේ සිනමාවට හානියක්. සමහරු කියනවා වර්තමානයේ සිනමාවක් නැහැ කියලා. මේ ප්‍රශ්නවලට උත්තර නැතුවා නෙවෙයි. මේ නිසාම තමයි මම මහින්දාගමනයට මුල පිරුවෙ.

මගේ් නිර්මාණයෙන් වින්දනය වගේම ප්‍රඥාවත් ප්‍රේක්ෂකයාට ලබා දීම මගේ අරමුණ වූ නිසාමයි ඓතිහාසික කතාවක් කරන්න හිතුවෙ. මේ චිත්‍රපටය කරන්න ක්‍රි. පූ. 250 වකවානුව පිළිබඳ පොත් මං මගේ උසට වඩා ප්‍රමාණයක් කියෙව්වා. පිටපත ලියන්න මට වසරක් ගියා. ඒකත් 25 වතාවක් විතර ලිව්වා.

මහින්දාගමනය වෙනුවෙන් නිෂ්පාදකවරයෙක් සොයා ගැනීමට අපහසු වුණේ නැද්ද?

ඒක ආශ්චර්යයක්. මේ චිත්‍රපටයට නිෂ්පාදකවරයෙක් හොයලා දෙන්න මුල පිරුවෙ ජනාධිපතිතුමා. එතුමාට තිර රචනයෙ මුල් පිටපත දුන්නහම, චිත්‍රපටය කරන්න කීයක් යනව ද කියලා ඇහැව්වා. කරන දේ හරියට කරන්න කියලා එතුමා මට කිව්වා. එල්ලාවල මේධානන්ද හිමියන්ගෙන් වගේම උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන් පවා මේ නිර්මාණයට ආශිර්වාද ලැබුණා.

ජනාධිපති ලේකම් ඇතුළු සියලු දෙනාගෙ මැදිහත්වීමෙන් අර්ථපතියෙක් ලැබුණා. ජනාධිපතිතුමා ඇතුළු ඒ හැමෝටම ඕන වුණේ හොඳ බෞද්ධයෙක් මෙහි නිෂ්පාදනයට එක්කර ගන්න. දමින්ද උපාලි ප්‍රනාන්දු මහතා මෙහි නිෂ්පාදනයට එකතු වුණේ ඒ විදිහට. ජනාධිපතිතුමා ඉදිරිපත් නොවෙන්න ‘මහින්දාගමනය’ මට හැබෑ නොවුණ හීනයක් බවට පත් වෙන්න තිබුණා. මෙය ජාතික වගකීමක් ලෙස හිතලා ජනාධිපතිතුමා මේකට මැදිහත් වුණ එක මට සතුටක්.

* මෙවැන්නක් තුළින් හෝ අපේ සිනමාවට රාජ්‍ය අනුග්‍රහය යොමු වීම නිසා ක්ෂේත්‍රයේ පිබිදීමක් ඇති වේවි කියලා හිතෙනවාද?

පිබිදීම තමයි මම බැනුම් අහපු එක. ක්ෂේත්‍රයේම ඉන්න අය මට කතා කරලා කියන්න බැරි අසභ්‍ය වචනවලින් මට බැන්නා.

* කොහොමද දන්නෙ ක්ෂේත්‍රයෙම අය කියලා?

සමහරු නම් කියලම කතා කළා. තවත් අය පිට ඉඳන් මට බනින කොට, ඒ බනින අය ළඟ හිටපු අය ෆෝන් ඔන් කරලා මට ඒවා අහන්න සැලැස්සුවා.

* ඒ බැනපු අය අතර ඔබේ කලින් නිර්මාණවලට දායක වුණ අයත් හිටියාද?

අපෝ ඔව්. මගේ නිර්මාණවලට දායක වුණ නළු නිළියොත් හිටියා. ඒ හැම නොසරුප් වචනයක්ම මට ශක්තියක් වුණා. ජනාධිපති ලේකම්තුමා, ගරුතර මහා සංඝරත්නය මාව ධෛර්යයමත් කළා.

* මහින්දාගමනයට නළු නිළියන් තෝරා ගැනීමේදී සැළකිලිමත් වූ කරුණු මොනවාද?

මේ චිත්‍රපටයට චරිත තේරුවෙ පල්ලේගම සෝමරතන හිමියන් ඇතුළු ස්වාමින් වහන්සේලා. මේ චරිත බෞද්ධ චරිත නිසා අපි හුඟක් සැළකිල්ලෙන් හිටියෙ.

* බෞද්ධ චිත්‍රපටයකට බෞද්ධකම ගැන සැළකිලිමත් වුණත් දේවානම් පියතිස්ස රජුගේ චරිතයට තෝරා ගත් ජීවන් කුමාරතුංග කතෝලිකයෙක් වීම ගැන සංඝරත්නය ප්‍රශ්න කළේ නැද්ද?

නැහැ. කතෝලිකයෙක් වුණත් ජීවන් බෞද්ධාගමටත්, අනෙක් ආගම්වලටත් හොඳින් ගරු කරන කෙනෙක්. ඒ වගේම ජීවන් මේ චිත්‍රපටයට පේ වෙමින් දායක වුණා.

* මෙවැනි ඓතිහාසික කතා මින් පෙර කරද්දී එම නිර්මාණවේදීන් මුහුණ පෑවා යැයි පැවසූ සුවිශේෂ සිදුවීම් වැනි දේවලට ඔබටත් මෙහිදී මුහුණපාන්නට සිදු වූවාද?

මහින්දාගමනය කරද්දී මම ඒ වෙනුවෙන්ම පේ වෙලා හිටියා. 61 වතාවක් සිල් සමාදන් වුණා. ජය ශ්‍රී මහා බෝ සමිඳුගෙ සමීපයේ පිටපත තියලා බාර වෙලා තමයි කැපවීමෙන් මේ නිර්මාණය කරන්න පටන් ගත්තෙ. නිර්මාණයකට අවැසි නිදහස මට චිත්‍රපටය අවසන් වනතුරුම ලැබුණා. අපි ෂූටිං කළේ වහින දවස්වල. අහස කළු කරගෙන එනකොට මම ඇස් වහලා බුදු ගුණ කියලා ආයෙම ඇස් අරින කොට වැහි වළාකුළු නැති වෙලා. හැම තැනම වැස්සත් අපි ෂූටිං කරපු තැනට වැස්ස නැහැ. ජය ශ්‍රී මහා සමිඳුගෙ ආශිර්වාදය අපිට ලැබුණා. පස් පවින් වැළකෙමින් තමයි මම මේ නිර්මාණය කළේ.

* මහින්දාගමනයට පසු ඔබේ නිර්මාණ මොනවාද?

මගේ දෙවන නිර්මාණයට මම මේ දිනවල සූදානම් වෙමින් මූලික කටයුතු සැලසුම් කරනවා. ඒක ලක්ෂ දාහක බජට් එකක්. විශාල පිරිසකට රඟපාන්න අවස්ථාව ලැබෙනවා.

ඒ පිරිස සඳහා ඔබට බැනපු අයටත් අවස්ථාව ලැබෙයිද?

(සිනාසෙමින්) අනිවාර්යයෙන්ම මම ඒ චරිතවලට සුදුසු අය, ඒ බැනපු අය අතර හිටියොත් ගන්නවා.


Copy Rights - Sarasaviya

0 comments:

Post a Comment