----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මම කාගෙවත් පවුල් කඩලා නැහැ

Monday, March 28, 2011

මම කාගෙවත් පවුල් කඩලා නැහැ
ආක්‍ෂා සුදාරි

නදීෂා මගේ අක්‌කා වගේ

මේ දිනවල පුංචි තිරයේ දිස්‌වන ඩයලොග්, සීක්‍රට්‌, සෙලින්කෝ ලයිෆ්වගේම සම්පත් බැංකුව වෙළෙඳ දැන්වීම්වලත් ඇයව අපට නිතර මුණ ගැසෙනවා. ඒ වගේම ඉරාඡ් වීරරත්නගේ ගිරුඩා ගීතයේ රූප රචනයේද දක්‌නට ලැබෙනවා. මේ සියල්ලට වඩා ඇයව ගොඩක්‌ දෙනා දකින්නේ ඩාන්ස්‌ ස්‌ටාර් වේදිකාවේ නර්තන හැකියාවෙන්. ඇය නමින් ආක්‍ෂා සුදාරි. ආක්‍ෂා ගොඩක්‌ දෙනා හඳුන්වන්නේ නදීෂා හේමමාලිගේ සහෝදරියක්‌ විදිහට. සැබෑවටම ආක්‍ෂා කවුද? මේ සටහන කියවන විට ඔබට ඇය කවුද කියලා වැටහේවි.

ආක්‍ෂා කවුද කියලා හැඳින්වුවොත් ?

මගේ අම්මා ඉන්දියාවේ. තාත්තා ලංකාවේ. මට මල්ලි කෙනෙක්‌ ඉන්නවා. පාසැල් ගියේ වත්තල සෙනෑන්ස්‌ විදුහලට.

ආක්‍ෂා ඉගෙනගත්තේ මොනවගේ අරමුණක්‌ හිතේ තියාගෙනද?

පොඩිකාලේ මම හිතාගෙන හිටියේ ගුවන් සේවිකාවක්‌ වෙන්න. ලොකු වුණාට පස්‌සේ ඒ අදහස වෙනස්‌ වුණා. එතකොට හිතුණේ නිළියක්‌ වුණානම් හොඳයි කියලා.

මේ දවස්‌වල මොනවගේ වැඩකටයුතුවලද නිරතවෙලා ඉන්නේ ?

මේ දවස්‌වල නම් ලංකාවේ චිත්‍රපට දෙකක රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒවගේ නම් දැන්ම සඳහන් කරන්න අමාරුයි. මොකද තවමත් රූගැන්වෙන නිසා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් සහභාගි වුණා. ඒ වගේම ඩාන්ස්‌ ස්‌ටාර් ඩාන්ස්‌ වැඩසටහනටත් දායක වෙලයි ඉන්නේ.

ආක්‍ෂාට නර්තනය ගැන මොනවගේ හැදෑරීමක්‌ද තියෙන්නේ ?

පොඩිකාලේ සිට නර්තනය හදාරාලා තිබෙනවා. නර්තනය මම හරිම ආසාවෙන් කරන දෙයක්‌. ඒකයි මට මේ වැඩසටහනටත් ආරාධනා ලැබුණේ. මම හිතනවා ඩාන්ස්‌ ස්‌ටාර් වේදිකාවේ ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා.

විලාසිතා ගැන මොන විදිහටද හිතන්නේ ?

විලාසිතාවලට මම ගොඩක්‌ ආසයි. හැම වෙලාවෙම අලුත් දෙයක්‌ කරන්න තමයි කැමති. ඕනම ගැහැනු ළමයෙක්‌ විලාසිතා කරන්න ආසයිනෙ.

විලාසිතා කරන්න හොඳ සිරුරක්‌ තිබෙන්න ඕනෑනේද?

අනිවාර්යයෙන්ම. මමත් මේ දවස්‌වල සිරුර ගැන ගොඩක්‌ හිතනවා. මොකද ඉදිරියේදී රූගත වෙන චිත්‍රපටයට කිලෝ තුනක්‌a බර අඩුකරගන්න කිව්වා. ඒ හින්ද සිරුර ගැන සැළකිලිමත් වෙනවා. කෑමබීම වලින් පවා පරිස්‌සම් වෙමින්.

ඔබට ලස්‌සන සිරුරක්‌ තිබෙනව කියලා ඔබ හිතනවාද?

අනිවාර්යයයෙන්ම. මට ලස්‌සන සිරුරක්‌ තිබෙනවා. මම ඒ නිසා චුට්‌ටක්‌වත් බය නැහැ.

තරුණයන් සමග තිබෙන්නේ මොනවගේ බැඳීමක්‌ද?

මම ගොඩක්‌ යාළුවො ආශ්‍රය කරනවා. කවුරු දැක්‌කත් කතා කරනවා. හැබැයි පිරිමි සමග කතා කරන්න ටිකක්‌ බයයි. මොකද එක දෙක කරලානේ කියන්නේ.

දැන් ඉතිං ආදරයක්‌ ඕනෑ කියලා හිතෙන්නේ නැතිද?

ආදරය කියන දෙය ඕනෑ. මම නැහැ කියන්නේ නැහැ. මමත් හරිම ආසයි ආදරයට. නමුත් මට ඒකට වෙලාවක්‌ නැහැ.

අනුන්ගේ ආදරයක්‌ බලෙන් උදුරාගන්න යනවා කියලා අපිට ආරංචියි ?

ඔව් මං ගැන එහෙම කට කතාවක්‌ එක්‌තරා වෙබ් අඩවියක සඳහන් කර තිබෙනවා. මම කාවිංග පෙරේරා සමග යාළුයි කියලා. එයාගේ බිරිඳගෙන් එයාව උදුරගන්න යනවා කියලා එහි සඳහන් වෙලා තිබ්බා. ඇත්තටම ඒ කතාව සම්පූර්ණ බොරුවක්‌. මම මේ සම්බන්ධයෙක්‌ කාටවත් බැනවලවත් ඕන කියන විදිහේ වැඩ කරලාවත් නැහැ. මම මේ බොරු ප්‍රචාරය කරන අයට විරුද්ධව නීතිමය පියවර ගන්නවා. හැබැයි මමයි කාවිංගයි අතර ලොකු හිතවත්කමක්‌ තිබෙනවා. ඒකට තමයි මෙහෙම කතන්දරයක්‌ හැදිලා තියෙන්නේ.

ආක්‍ෂා නදීෂා හේමමාලි ගේ නංගි කියන කතාව ඇත්තක්‌ද?

අපි දෙන්න එකට වැඩකරන හින්දා ගොඩක්‌ අය හිතාගෙන ඉන්නේ අක්‌කයි නංගියි කියලා. ඒ ගැන අපි දෙන්නත් වැඩිය කතා කරන්නේ නැහැ. නමුත් නදීෂා මගේ අක්‌කා නෙමෙයි. ඒත් එයා මගේ ජීවිතයේ අක්‌කා වගේ ආශ්‍රය කරනවා.


දිනේෂ් විතාන


Copy Rights - Diwayina

0 comments:

Post a Comment