----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

කවදාවත් නළුවෙක්‌ව නම් කසාද බඳින්නෙ නෑ

Monday, March 21, 2011

කවදාවත් නළුවෙක්‌ව නම් කසාද බඳින්නෙ නෑ
ලෝචනා ඉමාසි

පෙම්වතෙක්‌ සොයාගන්න තරම් අත්දැකීම් නැහැ



අහිංසකාවියන්ට වගේම දඟකාරියන්ටත් ඇළුම් කරන ප්‍රේක්‍ෂකයන් , මෑතකාලයේ ලද නැවුම්ම නැවුම් පිළිතුර ඇයයි. ලෝචනා ඉමාෂි සිනාදොළක්‌, කතා ගඟුලක්‌, මොහොතක්‌වත් ඉස්‌පාසුවක්‌ නැති දඟ මල්ලක්‌.... බොහෝ දෙනා ඇය හඳුනන තරම තමයි ඒ........ ඒත් යමෙක මතුපිටින් පෙනෙන ස්‌වභාවය යථාර්ථය යෑයි අදහන්න තරම් ඉක්‌මන් නැති ඔබ වෙනුවෙන් අපි ලෝචනාට සමීප වුණා.......

"මම චංචලා තරම්ම දඟකාර නැහැ.... හිරු තරම්ම නපුරුත් නැහැ. ඒත් නිතරම සැහැල්ලුවෙන් දඟ කරමින්, සිනහවෙන් ගත කරන්න තමයි කැමැති. චංචලා කොතරම් දඟ උනත් අපි අපි වගේ" විකාශය වන කාලේ චංචලා නිසා ප්‍රේක්‍ෂකයෝ මට ගොඩක්‌ ආදරය කළා. මහමඟ, බස්‌ එකේ යත්දී අපේ ප්‍රේක්‍ෂකයො මට කතා කළේ චංචලා විදියටයි...... දැන් "සඳ සඳ වගේ" හි හිරු නපුරු උනත් මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා....."

ඒත් ලෝචනා ඔබ දඟකාර චරිත රැල්ලකට හසුවෙලා කියලයි

මට හිතෙන්නෙ.

"පහුගිය කාලෙ දිගටම මට ඇරයුම් ලැබුණේ දඟකාර චරිතවලටමයි. සමහර ඒවා ප්‍රතික්‍ෂේප කරන්නත් සිද්ධ වුණා. ඒත් මගේ දින ප්‍රශ්න නිසා සමහර වෙලාවට වෙනස්‌ විදිහේ චරිත බාරගන්න ඒ වෙනුවෙන් කොළඹින් පිට ගත කරන්න අපහසු වූ අවස්‌ථා තියෙනවා.

ඔබ දැනටමත් එතරම්ම කාර්ය බහුල කෙනෙක්‌ද....... මම සිරස ආයතනයේ නිවේදිකාවක්‌. ඉතින් මම ඉදිරිපත් කරන වැඩසටහනට දිනපතා මම සූදානම් වෙන්න හා ඉදිරිපත් කිරීම කරන්න ඕන. ඉතින් ඒ වෙනුවෙන් වෙන් කරන කාලයට අමතරවයි මම රඟපාන්න වෙලාව හදාගන්නෙ.

ලෝචනාගේ වෘත්තීය...

මම නිවේදිකාවක්‌..., ඒ වගේම දැන් රඟපෑමටත් සම්බන්ධයි. ඉතින් නිවේදන වෘත්තයට වැඩිපුර කාලයක්‌ වෙන් කරන්න මට සිදුවෙලා තියෙනව. කොහොම වුණත් මේ ක්‍ෂේත්‍ර දෙකටම මම එකවගේ කැමැතියි

"ඔබ මේ ක්‍ෂේත්‍රයට ආවේ..."

"මම ඉස්‌කෝලෙ හයේ පන්තියෙ ඉගෙන ගන්න කාලෙ ඉඳන්ම රූපවාහිනි වැඩසටහන්වලට සහභාගි වෙන්න අවස්‌ථාව ලැබුණා. තාත්ත තමයි මාව ඒ සඳහා ඉදිරිපත් කළේ ඒ කාලේ තාත්තගේ හිතවතුන්ගෙ නාට්‍යවල ළමා චරිත රඟපෑවා ඔහොම කාලය ගතවෙලා. උසස්‌ පෙළ කළාට පස්‌සේ මම නිවේදිකාවක්‌ විදිහට සිරස ඔගඪග ආයතනයට සම්බන්ධ වුණා. ඊට පස්‌සෙ තමයි කාව්‍යා, අපි අපි වගේ, සඳ සඳ වගේ නිර්මාණවල රඟපාන්න ඇරයුම් ලැබුණේ."

ලෝචනා කලාවට සම්බන්ධ පවුලක සාමාජිකාවක්‌ ද?

මගේ තාත්තා තරුණ කාලේ රඟපාලා තියෙනව. දැන් නම් කලාවට සම්බන්ධ නැහැ. අම්මයි තාත්තයි දැන් ව්‍යාපාරවලටයි සම්බන්ධ.

රංගන ක්‍ෂේත්‍රය ලෝචනාට අනුව සුභවාදී තැනක්‌ද?

පැහැදිලිවම. මේ ක්‍ෂේත්‍රය ගැන කවුරුන් මොනවා කීවත්. මට නම් රංගන ක්‍ෂේත්‍රය හොඳ තැනක්‌. අපි හොඳින් කටයුතු කරනව නම් අපට කොතැනකවත් අනිසි බලපෑම් නැහැ.

රූපවාහිනියෙන් සිනමාවට එන්න ඔබට බලාපොරොත්තුවක්‌ නැතිද?

මගේ ලොකු ම බලාපොරොත්තුව වුණේ සිනමාවට සම්බන්ධ වෙන එක තමයි. දැන් මගේ ඒ බලාපොරොත්තුවත් ඉටුවෙලා. මේ දවස්‌වල මම සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් නිර්මාණය කරන "අභිනික්‌මන" කියන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපානවා.

මේ ක්‍ෂේත්‍රයේ ඉදිරි බලාපොරොත්තු

මොනවාද?

මම දැනට කරල තියෙන චරිතවලින් මට ලැබෙන විවිධ ප්‍රතිචාර ඇගයීම් ලැබෙනව. ඒ අනුව මම තේරුම් අරගෙන ඉන්නව. මා තුළ රංගනයට කිසියම් හැකියාවක්‌ ඇති බව. මම ආසයි විවිධ චරිත රඟපාමින් ඒ හැකියාව දියුණු කරගෙන ක්‍ෂෙත්්‍රයේ වැඩි කාලයක්‌ රැදෙන්න. ඒත් අම්ම නම් කියන්නෙ විවාහ උනාට පස්‌සේ රඟපෑමෙන් ඉවත් වෙන්න කියලයි.

ලෝචනා විවාහ වෙන්නෙ මේ ක්‍ෂේත්‍රයේ කෙනෙක්‌ සමඟ ද?

අනේ නැහැ. මේ ක්‍ෂේත්‍රයේ කෙනෙක්‌ සමඟ නම් විවාහ වෙන්න මගේ කොහෙත්ම අදහසක්‌ නැහැ. මොකද අපි දැකල අහල තියෙන දේවල් අනුව මම හිතන්නෙ ක්‍ෂේත්‍රයෙන් පිට කෙනෙක්‌ එක්‌ක විවාහ වෙන එක හොඳයි කියලයි. ඒත් ඉතින් ඉදිරිය කොහොම වෙයිද කියල අපිට නිශ්චිතවම කියන්න බැහැනෙ."

ලෝචනා ඔබේ ප්‍රේමය?

මට පෙම්වතෙක්‌ නැහැ. මට හැඟෙන විදිහට ආදරය කරන්න කෙනෙක්‌ තෝරාගන්න මට අත්දැකීම් මදි. ඒ නිසා මම ඒ කාරණය අම්මටයි තාත්තටයි බාරදීලයි තියෙන්නේ. ඒ ගොල්ලො මට විවාහ වෙන්න සුදුසු කෙනෙක්‌ හොයමින් ඉන්නෙ.

ලෝචනා ජීවිතයේ කවදාවත් ආදරය කරන්න කෙනෙක්‌ තෝරාගන්න උත්සාහ කරල නැතිද?

"මම කෙනකුට ආදරය කළා. ඒක මම ගත්ත වැරදිම වැරැදි තීරණයක්‌ වුණා. ඒ නිසයි. මම ඒ වගකීම ආයෙත් දරන්න අකැමැති.

ලෝචනා ඉක්‌මනින් විවාහ වෙන්න කැමැතිද?

හොඳ කෙනෙක්‌ මුණගැහුනොත් මම ඉක්‌මනින් ම විවාහ වේවි. මගේ අක්‌කත් විවාහක නිසා අම්මල කියන්නේ මමත් දැන් ඉක්‌මනින් ම විවාහ විය යුතුයි කියලයි.

ඔබේ පවුලේ තොරතරු-

මගේ ගම කිරුළපන. අපේ පවුලෙ ඉන්නෙ අම්මයි තාත්තයි, ආච්චියි, අක්‌කයි, මමයි, නංගියි..

ලෝචනා ළඟින් ම ඇසුරු කරන්නෙ?

මගේ යාළුවො නෑදෑයන් ඔවුන් සමඟ විවේකයෙන් විනෝදයෙන් ඉන්න තමයි මම කැමැති. ක්‍ෂේත්‍රය තුළ නම් මම ළඟින් ආශ්‍රය කරන අය නැහැ. මගේ ඉස්‌කෝලෙ යාළුවො තමයි නිතරම මට සමීපව ඉන්නෙ.

ඔබේ විලාසිතාව?

රඟපාත්දි නිවේදන කටයුතුවලදී විලාසිතා කලාට බොහොම සරලව චාම්ව තමයි මම මගේ පෞද්ගලික දිවියේ විලාසිතා තෝරාගන්නේ.


ධම්මිකා සුරංජි පතිරණ
ඡායා සමන් අබේසිරිවර්ධන


Copy Rights - Divayina

0 comments:

Post a Comment