----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ශිරෝෂි නටන්නේ නැත්තෙ ඇයි ?

Tuesday, March 8, 2011

ටෙලි නිළියක් නර්තන ශිල්පිණියක් හා රූපවාහිනී වැඩසටහන් නිවේදිකාවක් වූ ශිරෝෂි රොමේෂිකා සිය නර්තන හැකියාව සඳහා මේ දිනවල විරාමයක් තබා ඇතැයි පවසයි.

සතිඅන්ත පුවත් පතක අතිරේකයකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඇය මේ බව පවසා තිබේ.

කෙසේවුවත් තව ටික දිනකින් යළිත් නර්තනයේ යෙදෙන බව පවසන ඇය කියා සිටින්නේ උඩරට නර්තනය සඳහා ඇය යොමුවූයේ වයස අවුරුදු පහේදී බවයි.



කෙසේවුවත් එලෙස ආරම්භ කළ නර්තන කලාවට ඩාන්සින් ස්ටාර් චිත‍්‍රපටය හමුවනතුරු වසර කිහිපයක විරාමයක් තබා තිබූ බවත් ඇය පැවසුවාය.

මේ දිනවල ජාතික රූපවාහිනියෙන් බදාදා දිනයන්හිදී දිගහැරෙන ‘ඉකිබිඳින තාරුකා’ නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් හොඳ ප‍්‍රතිචාර ලැබෙන බවත් රොමේෂිකා පවසියි.

එසේම ඇය මෙම ටෙලිනාට්‍යයෙන් පසුව වෙනත් ටෙලි නිර්මාණ සඳහා දායක නොවූ බවත්, ඉදිරියේදි හොඳ නිර්මාණයකට දායකවීමට හැකිවුවහොත් එයට එක්වන බවද පවසන්නීය.

සිරස රූපවාහිනියේ තරුමංසල වැඩසටහන හරහා ටෙලි නිර්මාණ සඳහා දායකවූ ශිරොෂි ‘කොටඋඩ මන්දිර’, ‘ලොක්කයියා’ වැනි ටෙලි නාට්‍යවලින් පේ‍්‍රක්‍ෂක ජනාදරයට පත්වූවාය.

ඇය සිරස රූපවාහිනිය මගින් නිෂ්පාදනය කළ ඩාන්සින් ස්ටාර් චිත‍්‍රපටයේ ප‍්‍රධාන නිළිය ලෙසද රඟපෑම විශේෂිතය.











Copy Rights - Srilanka mirror

0 comments:

Post a Comment