----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

"නරිබෑනා" 50 වසරක්‌ කරළිය මත

Monday, March 28, 2011

"නරිබෑනා" 50 වසරක්‌ කරළිය මත
සමරු උළෙල අප්‍රේල් 04 ජෝන් ද සිල්වා හිදී

1961 මාර්තු මස පළමු වැනිදා ප්‍රසිද්ධ වේදිකාවට නැඟුණු දයානන්ද ගුණවර්ධනයන්ගේ "නරි බෑනා" මේ වන විට සිය 50 වස්‌ කඩඉම පසුකරමින් සිටී.

එය සමරනු වස්‌ 2011 අප්‍රේල් මස 04 දින ජෝන් ද සිල්වා සමරු රඟහලේදී සවස 6.45 ට නරිබෑනා නාට්‍යයේ විශේෂ දර්ශනයක්‌ හා මහාචාර්ය තිස්‌ස කාරියවසම් සහ ප්‍රවීණ වේදිකා හා සිනමා ශිල්පී ජැක්‌සන් ඇන්තනි යන මහත්වරුන්ගේ දේශනයන් පැවැත්වීමට නළු කීර්ති සභාව කටයුතු කර ඇත.

මෙම සමරු උළෙලේ දොරගුලු සහෘද නාට්‍ය රසික රසිකාවියන්ට විවෘත අතර ඔබ සැමගේ පැමිණීම ගෞරවයෙන් අපේක්‍ෂා කරන බව නළු කීර්ති සභාපතිනි අයිරාංගනී ගුණවර්ධන මහත්මිය පවසන්නීය. "දයානන්ද ගුණවර්ධනයනගේ අකල් වියෝවට පෙරත් පසුත් නොකඩවා වසර 50 ක කාලයක්‌ නාට්‍යය වේදිකාගත කිරීමට හැකිවී ඇත්තේ හිටපු සහ දැනටමත් නාට්‍යයට සම්බන්ධවී කටයුතු කරන නළු නිළියන්, ගායන - වාදන ශිල්පීන්, වේදිකා පරිපාලන ශිල්පීන් හා නාට්‍ය සංවිධායකයන්ගේ නොමසුරු කැපවීම හේතුවෙනි." යෑයි ඇය තවදුරටත් පැවැසීය.

කෑගලු විද්‍යාලයේ භූගෝල විද්‍යා ගුරුවරයා ලෙස සේවයේ යෙදී සිටි කාලයේදී ගැමි ජනකතා දෙකක්‌ ආශ්‍රයෙන් නරි බෑනා රචනා කළ දයානන්ද ගුණවර්ධනයන්, පසුව ලයනල් අල්ගමයන්ගේ තනු නිර්මාණයෙන් ද බැසිල් මිහිරිපැන්නයන්ගේ නර්තනයෙන් ද හැඩගන්වා 1960 නොවැම්බර් 4 වැනිදා තර්ස්‌ටන් විද්‍යාලයේදී පාසල් දර්ශනයක්‌ ලෙස වේදිකාගත කළේය. ඉන්ඉක්‌බිති ආධුනික නාට්‍ය සංගමය විසින් 1961 දී නරිබෑනා ප්‍රසිද්ධ වේදිකාගත කොට වසර එකකුත් මාස අටකින් (1962 නොවැ( 24) ශතක ජයන්තිය ද සමරනු ලැබීය.

එකල දිවයිනේ සෑම 125 දෙනකුගෙන්ම එක්‌ අයෙක්‌ නරිබෑනා නරඹා ඇති බව පුවත්පත් වාර්තා කළ අතර 60 දශකයේ ජනප්‍රියතම නාට්‍ය ලෙස කිරුළු පැළඳීය. 1963 දී "නරිමාපුලේ" නමින් දෙමළ භාෂාවෙන් වේදිකාගතවුණු නරිබෑනා 1973 දේශපාලන අර්ථකථනයක්‌ සහිතව ද 1978 දී ජර්මන් භාෂාවට පරිවර්තනය කොට බටහිර ජර්මනියේ නළු නිළියන් යොදවා සංස්‌කෘතික හුවමාරුවක්‌ යටතේ ද දයානන්ද ගුණවර්ධනයන් විසින් නිෂ්පාදනය කරන ලදී. නරිබෑනා පාසල් විෂය පෙළ පොත්වලට ද ඇතුළත් කර ඇති නාට්‍යයකි.

මෙදින රංගනයන් හා ගායනයෙන් බන්දුල විෙ-වීර, රොඩ්නි වර්ණකුල, නීල් අලස්‌, සරත් කුලාංග, රත්නශීලා පෙරේරා, feර්නි රෝෂිණි, කුමාර ලියනගේ, ඉන්දික ජයසිංහ, ඉන්දික රාමනායක, ශාලිකා වනිගරත්න, කාන්ති ජයවික්‍රම, සුජානි නිසංකා, මහේෂ් අමරකෝන් සහභාගි වන අතර සංගීතය මෙහෙයවීම පුබුදු රොෂාන් වල්පිටගෙනි. ප්‍රකාශ් ගල්ගේවෙල වේශ නිරූපනයෙන්ද, වසන්ත කුමාරගේ වේදිකා ආලෝකයෙන්ද එකලු වන නරිබෑනාගේ වේදිකා පරිපාලනය හා රංග අලංකරණ අසෝක ජයසිංහගෙනි

copy Rights - Diwayina

0 comments:

Post a Comment