----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ග්‍රේෂන් ගී එකතුව

Tuesday, February 22, 2011

රජ දරුවෝ

බිළිඳුනේ – දරුවනේ
පැලෙත් රජ මැදුරේ
අම්මා පෙවු කිරි කඳුලින්
මේ ලොව මෙතරම් හැඩ වුණේ
හැඩ වෙවී රස පිරී ඉතිරී
ලොවක් නළවන සේ
අම්මා පෙවූ කිරි කඳුලින්
මේ ලොව මෙතරම් හැඩ වුණේ

කිරි තොල් හමුවේ ඔබ පෙව් කිරිවල
සිරුරේ ලේ වැල් මල් දැරුවා
ඒ පෙවු කිරවල පව් අරවන්නට
අම්මේ මදි මම පින් කෙරුවා
ඔබගේම දරුවන් රජුන් කරන්නට
හැඬුවාය සිහිනෙන් පවා
බිලිඳුනේ දරුවනේ . . . .

පුර හද පායන පුන් පෝදා
රහසින් රහසින් ඔබ හැඬුවා
හිරු රැස් පායන හිමිදිරියේ
රහසින් රහසින් ඔබ හැඬුවා
ඉන්නා තැනක හිඳ
පුතුනේ කියා මට අමතන්න
එන්නම් සොයා
බිලිඳුනේ දරුවනේ . . .

පද රචනය - සෝමපාල ලීලානන්ද
සංගීතය - සෝමපාල රත්නායක
ගායනය - ග්‍රේෂන් ආනන්ද
(ග්‍රේෂන් සරසවිය සම්මාන දිනුවේ
රජ දරුවෝ චිත්‍රපටයේ එන මේ ගීතයෙනි)

ඈත දුරක දෑස පාවෙලා

ඈත දුරක දෑස පාවෙලා
ගොළු වීලා ඔහේ තනි වෙමු
පාළු ලොවක ඈත දුරක
දෑස පාවෙලා

පාසැල් යාමේ බැඳිලා
මා නෙතු දෑලේ වෙලීලා
පෑ මදහාසේ
ජීවිත කාලේ
මා සිත යාවී සදා

ඒ සිහිනේ වී උදා වී
මා කවදා හෝ ළඟා වී
මේ භවයේදී
මේ දිවියේදී
යාවෙමි දෑතේ ඔබේ

පද රචනය – කුලරත්න ආරියවංශ
සංගීතය - ග්‍රේෂන් ආනන්ද
ගායනය - ග්‍රේෂන් ආනන්ද සමඟ
නීලා වික්‍රමසිංහ (සරල ගීතයකි)

ආත්මා

පි - හිම රේණු වැටෙනා සීතලේ
නෙත ගාව රඳවා ආදරේ
සුදු සේල සුළඟේ පා කළේ
ඔබ නේද මාගේ බිසෝ

ගැ - රන්තෝඩු සැලෙනා රාවයේ
සිත ගාව බැන්දූ මාළිගේ
රතුª රෝස යහනා සෑදුවේ
මට නේද මගෙ මල් සරෝ

පි - මධුපානයක් සේ වෑහිලා
යනවාද දෙතොලේ ගෑවිලා
ගැ - මනමාලයන්ගේ චේතනා
නොකියාද පාලා සිනා

ගැ - මුතු මාලයක් සේ යාවුණේ
අපි ආත්ම ගණනේ පෑ සෙනේ
පි - මනමාලියන්ගේ චේතනා
පවසාවි දෑසේ ලතා

පද රචනය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
සංගීතය - සරත් දසනායක
ගායනය - ග්‍රේෂන් ආනන්ද සමඟ ලතා වල්පොල

බයිසිකලය

තරුයායේ ඈතින් ඈතට දිදුලන
රන්තරු යුවළක් සේ
කිසි දිනයක නොමියෙන
සොහොයුරු පෙමකින්
ඔබ අප බැඳුනාවේ
හද දුක් සෝ කඳුළැලි නොදකින ලොවකට
අප නෙත් යොමුවේවා
මතු භවයෙන් භවයට එක ඉත්තක පිපි
මල් යුවළක් වේවා

යන එන හැම තැන සෙවනැලි විලසේ
කිසි මොහොතක හෝ
වෙන්නොම වේවා - හැමදාම එකටයි ඉන්නේ
සෙනෙහෙ පුදා - සෙනෙහෙ පුදා
ජීවිතෙ පුරා
මතු භවයෙන් භවයට එක ඉත්තක පිපි
මල් යුවළක් වේවා

ඔබ අප අතරට කිසියම් දිනයක
නොසිතූ ලෙසකින් – මරු ලං විනි නම්
ඒ මගද එකටයි යන්නේ
සෙනෙහෙ පුදා – සෙනෙහෙ පුදා
ජීවිතේ පුරා
මතු බවයෙන් බවයට එක ඉත්තක පිපි
මල් යුවළක් වේවා

පද රචනය – බණ්ඩාර කේ. විජේතුංග
සංගීතය - ස්ටැන්ලි පීරිස්
ගායනය - ග්‍රේෂන් ආනන්ද

(ග්‍රේෂන් චිත්‍රපටයකට ගැයූ මුල්ම ගීතය. මෙම රූප රාමුවලට පෙනී සිටියේ රෙක්ස් කොඩිප්පිලි, ප්‍රේමසිරි කල්පගේ සහ නිහාල් සිල්වායි)

නැවත හමුවෙමු

සිහින අහසේ වසන්තේ
තාරකා මල් දිලිසුනා
රුංචු ගැහිලා කුරුල්ලෝ
ඔහේ පියඹා ගියාවේ
තුරුලිය ගොමුවේ මත් බිගු සේනා
රොන් රස ඉල්ලා පෙම් හැඟුම්

සිහිලැල් පවනේ ගී හඬ විසිරී
මතකයෙ ඈත ඉමේ
ග ීතිකා එවන් ලොවේ
මා නමින් අදත් ඇසේ
බිඟු නද පාවේ ඔය හඬ වාගේ
සවනේ රැව්දේ

මග එළි මවනා තරු කැන් ඔබවේ
තනි වූ කතර ඉමේ
මා හදේ හිරුත් ඔබයි
මා හදේ සඳුත් ඔබයි
දෙවියන් ඔබවේ පුද දෙමි සැමදා
මහද ප්‍රණාමේ

පද රචනය – උපාලි ධනවලවිතාන
සංගීතය - සරත් දසනායක
ගායනය - ග්‍රේෂන් ආනන්ද
(ග්‍රේෂන් සමඟ මේ ගීය ගයන්නට එච්. ආර්. ජෝතිපාල හා ඇන්ජලින් ගුණතිලක හවුල් විය. සනත් ගුණතිලක වෙනුවෙන් ග්‍රේෂන් මුල් වරට පසුබිම් ගී ගැයුවේ මේ චිත්‍රපටයේය)

සසර චේතනා

පි - හිම කඳු යහනේ
වළා සදැල්ලේ
සදා හරිත තුරු සෙවනැල්ලේ

ගැ - මොහොතක් සැඟවෙමු
ලොවින් මුවා වී
අපේ සිහින උයනේ

පි - දෙසිතක බැඳි - රැකවල් ගිලිහී යයි
තනි වූ සිත් අද - නොතනි වෙලා

ගැ - ඒ හසරැල් විල – මා සිත පිබිදී
ඔබට පිදෙන්නට මලක් වෙලා

පි - කඳුලක් නැගි මොහොතක
ඔබ නෙතඟින්
ලංවෙමි සිටිය ද කොතැන ලොවේ
ගැ - හිනැහෙමි එසෙඳහි
කඳුළු මුදාහැර
ඔබගේ උණුසුම් ළය මඬලේ

පද රචනය – කුලරත්න ආරියවංශ
සංගීතය - සරත් දසනායක
ගායනය - ග්‍රේෂන් ආනන්ද සමඟ නිරංජලා සරෝජිනි

මමයි රජා

සිනහ කඳුළු එනවා - යනවා

ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රංගනේ
බවයෙන් බවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ
සිනහ කඳුළු එනවා - යනවා

මේ සීත කතරේ නැවතී ඉන්නා
අම්බලමයි මාවතේ
මේ පාළු කතරේ ඔබ මා හමු වූ
යා යුතු මග මෙය වේ
අහගන්න මිතුරේ ලෝකය කරළිය වෙනවා
මායාවේ නළුවො අපි
භවයෙන් භවේ . . .

නොනිවන්න මිතුරේ පහනේ ඡායා
කිසිදා මේ අත්වැලේ
සුදිලේ වී සැමදා නාමේ ඔබගේ
හිරු සේ ආකාසයේ
ජය ගන්න මතුදා – පැරදුම පැරදිය යුතුවේ
මේ ලෝක රඟ මඬලේ

පද රචනය - හේමසිරි හල්පිට
සංගීතය - සරත් ද අල්විස්
ගායනය - ග්‍රේෂන් ආනන්ද

ජය අපටයි

සතුටින් නිදැල්ලේ අවසර ලද ඇසිල්ලේ
මේ ඇසුරින් මිදීල ඉගීලියන්
කුරුල්ලෝ
සතුට පතා හිතා මතා
කියමි ගොතා නියම කතා
හොඳම කතා විනෝදයට
ඕං අසා ගන්නකො

කුරුලෙකු සිර කරලා තබනු බෑ
නොවැ කිසිදා..//
ඌ ලොවේ සුව සොයා ඉගිල්ලුනේ
සැනසීමෙන් ඉඳලා මැරුනත්
කම් නැහැ කියල-//
ඒ මිහිර සුව විඳින්න සොඳුරු නැවුම්
ලොවට යන්න
සතුටින් පියාඹන්න රූ කියා නිදහසේ
සතුට පතා හිතා මතා - හොඳම කතා
කියමි ගොතා - හොඳට කතා විනෝදයට
ඕං අසා ගන්නකො

සිත සවියෙන් පුරවා සිටින අය ජය ලබනා
නැහැ ලොවේ කිසි දිනේ පැරදුනේ
ඇයි සෝකෙන් තැවිලා මොකටද
අයියෝ අඬලා-//
ඒ මිහිර සුව විඳින්න – පැතූ පැතුම්
සඵල වෙන්න
සතුටින් පියාඹන්න රූං කියා නිදහසේ
සතුට පතා . . .

පද රචනය - හේමසිරි හල්පිට
සංගීතය - සරත් ද අල්විස්
ගායනය - ග්‍රේෂන් ආනන්ද

දිනුම

ගීත ගයා ගීත ගයා
පළදන්නේ මා ඔබට
පෙම් මල් මාලා
සංගීතේ මා වේවා සංසාරේ
හැම වාරේ හමුවේවා - සුපෙම් පා

රන් කිංකිනි රාවේ පෙම් සිත්යාවී
මින් රළ මෙන් සාගරේ නිම් නැති වේවා
ලං ලං වෙලා පෙම් සිත් මවා
ලංවේවා
සුපෙම් පා . . .

තරු නෙතු මල් මාවතේ සන්සුන් යාමේ
මන්මත් වූ මා හදේ ඔංචිල්ලාවේ
අපි පැද්දෙමු නිති රැන්දෙමු
පා සෙනෙහේ . . .
සුපෙම් පා . . .

පද රචනය – ආනන්ද බණ්ඩාර විජේතුංග
සංගීතය - සරත් දසනායක
ගායනය - ග්‍රේෂන් ආනන්ද


Resources Form Sarasaviya

0 comments:

Post a Comment