----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ධර්ම ශ්‍රී මුනසිංහ 1930 - 2004

Sunday, August 29, 2010

හුලවාලී චිත්‍රපටයේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සමඟ දක්ෂ රගපෑමක යෙදෙමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ධර්ම ශ්‍රී මුනසිංහයන් නළුවෙකු මෙන්ම අති දක්ෂ තිරනාටක රචකයකු ජනප්‍රිය ගුවන් විදුලි නාට්‍ය ශිල්පියකු හා හඬ කැවීම් ශිල්පියකු ලෙසද ක්ෂේත්‍ර කීපයකම විශිෂ්ටත්වයට පත් වූ කලා කරුවෙක් විය.

1930 මාර්තු 01 වැනිදා මහනුවරදී උපත ලැබූ ධර්ම ශ්‍රී 1952 දී ලංකා ගුවන් විදුලි සේවයේ ලිපිකරුවෙක් ලෙස සේවයට බැඳී ළමා පිටිය, ග්‍රාමීය සන්ධ්‍යාව, ගුවන් විදුලි රඟමඩල වැනි වැඩසටහන්වලට සම්බන්ධ වී පසුව මොනරතැන්න, මුවන් පැලස්ස, ගජමුතු, මුදලි මංකඩ, ආදී අතිශය ජනප්‍රිය නාට්‍ය මාලා 23 ක් පමණ රචනා කළේය.

බිනරමලී චිත්‍රපටයෙන් සිනමාවට පා තැබූ ඔහු හුලවාලි චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා හඳුනා ගැනීමත් සමඟ සිනමා තිරනාටක රචනයට ද පිවිසෙමින් මයුරිගෙ කතාව, මුවන් පැලැස්ස, තවලම, බාඳුරා මල්, රෑ මනමාලි, ඇතුළු 1982 දී මහත් ආන්දෝලනයකට තුඩුදුන් සාගරයක් මැද චිත්‍රපටයේ තිර කතාවද ලීවේය. එම වසරේ හොඳම තිර රචනයට හිමි සරසවිය සම්මානය ද හිමිකරගත් ධර්ම ශ්‍රී රූපවාහිනියේ ප්‍රථම ප්‍රාසංගික ටෙලිනාට්‍යය වූ දිමුතු මුතු නාට්‍යය රචකයාද විය.

එතැනින් නොනැවතුණු මුනසිංහයන් නයිල් නදී කුමාරි, සැප දුක හාරන මීයෝ, පරිසරයේ හිත මිතුරෝවැනි කාටුන් වැඩසටහන් ගණනාවක්ද රූපවාහිනියට පරිවර්තනය කළ අතරම පිනෝකියෝ, මල්ගුඩි දවස, ඔෂීන්, රොබින්සන් ආන්දරය වැනි නාට්‍ය රැසක සිය හඬ මුසු කළේය.

එකම නාට්‍යයේ විවිධ චරිත වලට විවිධ හඬවලින් හඬදීමේ උපන් හැකියාවක් තිබූ මේ අසහාය කලාකරුවා 2004 අගෝස්තු 28 වැනිදා සියලු කලාවන්ට විරාමය තැබීය.


READ MORE - ධර්ම ශ්‍රී මුනසිංහ 1930 - 2004

සින්තටික් තාප්පය කැලණියේදී

චිත්‍ර ශිල්පී වසන්ත නමස්කාරගේ හැත්තෑ පස් වැනි කලා ප්‍රදර්ශනය සින්තටික් තාප්පය මෙම මස 29, 30 සහ 31 යන දිනයන්හී කැලණිය දිප්පිටිගොඩ පාරේ අංක 175 දරන ස්ථානයේ පැවැත්වේ.සොඳුරු කලා නිර්මාණයන් රැසකින් සමන්විත මෙම ප්‍රදර්ශනය www.wasanthanamaskara.blogspot.com යන වෙබ් පිටුවෙන් ද නැරැඹීමට හැකි වේ.

READ MORE - සින්තටික් තාප්පය කැලණියේදී

සංගිලි වෙනුවෙන් වෙබ් අඩවියක්

ළඟදීම තිරගතවීමට නියමිත සංගිලි චිත්‍රපටයේ සියලු තොරතුරු අඩංගු වෙබ් පිටුවක් www.filmsangili.lk නමින් පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේදී විවෘත විය.

චිත්‍රපට සංස්ථාවේ සභාපති කුමාර් අබේසිංහ, උපදේශක ටී. එම්. සංඝදාස, සංගිලි චිත්‍රපටයේ අධ්‍යක්ෂ ලලිත් පන්නිපිටිය සහ රංගනයෙන් දායක වන සනත් ගුණතිලක, සාරංග දිසාසේකර, දුලානි අනුරාධා මේ අවස්ථාවට සහභාගි විය.

ඒ සොඳුරු මොහොත අප ඡායාරූප ශිල්පී මාලන් කරුණාරත්නගේ උපනෙතෙහි ඇඳුණ අයුරුයි මේ.

Source - සරසවිය 2010-08 - 26

READ MORE - සංගිලි වෙනුවෙන් වෙබ් අඩවියක්

අගම් ලිහිණි

Saturday, August 28, 2010


ඒ සුන්දරත්වයෙන් අනූන ඉබ්බාගමුව ගම් පියසයි. හිරු කුමාරයාගේ රන් කෙඳි දහරේ සලුව පොරවා ගත් ඉබ්බාගමුව මුරුතොට කන්ද දැන් දිස් වන්නේ සුපැහැදිලි සිතුවමක් පරිද්දෙනි.

එයටම නොදෙවැනි වූ බතලේගොඩ වැව් ඉස්මත්ත නිහඬ බවේ අපූරු සංකේතයක් බඳුය.

මේ චමත්කාරජනක සොබා දහමේ පවුරින් වට වූ ගම් පියසෙහි කෙළවර පුංචි ඉස්කෝලයකි. ගමේ ප්‍රභූ පවුලක උපන් මැණිකෙත්, වළං කර්මාන්තය ජීවිකාව කොට ගත් දිළිඳු පවුලක සුරූපී තරුණියක වූ සීදේවිත් ඉගෙනුම ලබන්නේ මේ අපූරු පාසලේ ඇදුරු ශාලාවේ එකම පංතියකය.

එදින පාසල් දිනයකි. හෝරා ගණනාවක් පංති කාමරය තුළ සිර වී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විවේක කාලය එළඹිණි. මෙතෙක් පරිසරයේ රජ කරමින් සිටි නිහැඬියාව ක්ෂණයකින් බිඳී ගියේ දරු දැරියන්ගේ නිදහසේ ප්‍රීති ඝෝෂාවෙනි.

ක්‍රීඩාවට උපන් හපනියක් වූ සීදේවි නෙට්බෝලයක් ද ගෙන සිය යහළුවන් පිරිවරා පිට්ටනියේ එක් කෙළවරක සෙල්ලම් කරමින් සිටියාය. සීදේවි වැනි අඩු කුලයක අයකු සමඟ පෑහෙන්නට යාම තමා වැනි අයකුට නොගැළපෙන බව දත් මැණිකේ සිටියේ වෙනත් කල්පනා ලොවකය.

ස්වල්ප වේලාවකට පසු සීදේවිගේ අතින් ගිලිහුණ නෙට්බෝලය අසළ මඩ ගොඩක තැවරී නතර වූයේ මැණිකේ ගේ කිරි සුදුවන් ගවුමෙහි දරුණු පැල්ලමක් තවරමිනි.

ගත වූයේ නිමේෂයකි. තමාට සිදු වූ දෙයින් ලද කෝපයත්, සීදේවි වැනි අඩු කුලයේ අයකු තමා වැනි වලව්කාරියකට කළ නින්දාවත් නිසා සීදේවි ළගට පැමිණි මැණිකේ ඇයට වැරෙන් කම්මුලට පහරක් ගැසීය. අහිංසකත්වයේ ප්‍රතිමූර්තියක් බඳු වූ සීදේවි දෙනෝ දාහක් ඇස් ඉදිරියේ තමාට සිදු වූ අවනම්බුව විඳ ගත්තේ පොළවෙහි වැලි කැට දෙස බලා උපේක්ෂා සහගතවය.

කම්මුල් පහරින් නොනැවතුන මැණිකා දරුණු වචන කිහිපයකින් සීදේවිගේ මුහුණට ගසා දැමීය. ඒත් සීදේවි බිම බලා ගත් ගමන්මය. මැණිකේ නැවත අත එස වූයේ සීදේවිට නැවතත් පහරක් ගැසීමේ අපේක්ෂාවෙනි.

ඕ කේ, ෆයින්, ෆයින්, කට්, කට්.

පසෙකින් ඇසුණේ සුපුරුදු කට හඬකි. ඒ ගිහාන් රෝහණගේය.

ඔහුගේ සිතෙහි මැවුණ රූප රාමුව ඒ අයුරින්ම කැමරාවේ සටහන් වූ බැවින් කැමරාව මෙහෙය වන නිශාන්ත ප්‍රදීප් පටිගත කිරීම නතර කළේය.

ගිහාන් රෝහණයන්ගේ නවතම ටෙලි සිතුවම වන අගම් ලිහිණි දර්ශන තලයේ ගත කළ සොඳුරු නිමේෂයකි ඒ.

අගම් ලිහිණි යන නාමයේ තේරුම ඉස්තරම් මැටි යන්නයි. මැටි කර්මාන්තය ජීවිකාව කර ගත් පිරිසක් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලට එරෙහිව යන වලව් පැළැන්තියක් අතර ඇති වන සිද්ධි දාමයක් ඔස්සේ අගම් ලිහිණි දිග හැරීමට නියමිතය.

පුංචිනාටත් එතනාටත් දාව උපන් සීදේවි සුරූපී බවින් අග තැම්පත් තරුණියකි. ඉහළ පැළැන්තියක තරුණයකු වන නිශංක සීදේවි කෙරෙහි ප්‍රේමණීය බලාපොරොත්තු තබාගෙන සිටී. නමුත් පංති බේදය ඔවුන්ව සුපෙම්වතුන් කිරීම පමා කරයි.

මැණිකා, නිශංකගේ ඇවැස්ස නෑණායි. ඇය නිශංක පිළිබඳ බලාපොරොත්තුවෙන් පසු වෙයි. නිශංක ආදරය කරන්නේ සීදේවිට බව දැන ගත් මැණිකා ඇයට වෛර කරන්නත්, පාසලේදී නොයෙක් කෙනෙහිලිකම් කරන්නත් පටන් ගනී.මේ ප්‍රේම වෘතාන්තය අතර මැටි කර්මාන්තයේ නිියැළෙන්නන්ගේ ශෝචනීය පැතිකඩත් පෙන්නුම් කිරීමද අගම් ලිහිණි තුළින් ගිහාන් උත්සාහ දරයි.

අගම් ලිහිණි හී සීදේවි ලෙස තම ස්වරූපය වෙනස් කරගෙන සිටින්නේ අංජලී ලියනගේ (මල්ලවආරච්චි)ය . නිශංක ලෙස සනත් විමලසිරි තුන් කොන් ප්‍රේමයක පැටලී සිටී. පියුමි ශානිකා මැණිකේ ගේ චරිතයට පණ පොවයි. විජේරත්න වරකාගොඩ, නිහාල් ප්‍රනාන්දු, ලයනල් වික්‍රම, මොරීන් චාරුණී, චිත්‍රා වරකාගොඩ, ශ්‍රීමාල් වෙඩිසිංහ, ඇන්ටන් ජූඩ්, චන්දික නානායක්කාර, ප්‍රභාත් වීරසිංහ, නදීෂා අලහප්පෙරුම, කුමුදු නිශාන්ත, ගයාත්‍රී රාජපක්ෂ, ජනිත් වික්‍රමගේ, සුසිලා කෝට්ටගේ, අංජු බණ්ඩාර, දමයන්ත පෙරේරා, තනුජා දිල්හානි, ගාමිණී ජයලත්, චන්ද්‍රසේන වලිමුණි, සුදන්ත තිලකසිරි, අසේල ජයකොඩි, නයනි සිරිවර්ධන, චමිල අත්තනායක, ශෂිකා රුක්ෂානි, ඉන්දික රත්නායක, මධූ නිත්‍යානී ඇතුළු පිරිස අගම් ලිහිණි රංගනයෙන් වර්ණ ගන්වති.

අජිත් හත්වැල්ලගේ කලා අධ්‍යක්ෂණයෙන් අපූරු වට පිටාවක් නිර්මාණය වී ඇති අයුරු අනර්ඝය. රුචිර සංජීව අංග රචනයෙන් දායක වෙති.

නන්දලාල් ජයසිරි අගම් ලිහිණි හී විධායක නිෂ්පාදකවරයාය. නවරත්න ගමගේ සංගීතමය ස්වර රටා මවා තිබේ.

කලක් මාධ්‍ය ක්ෂේත්‍රයේ සැරිසරමින් අත්දැකීම් බහුල, මායා සොලියුෂන් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ චම්පික විජේසූරිය මෙහි නිෂ්පාදන බර පැන දරයි.

අගම් ලිහිණි හී රූපගත කිරීම මොහොතෙහි ලද නිමේෂයක අප ඡායාරූප ශිල්පි කෝසල සෙනරත්ගේ උපනෙතෙහි ඇඳුණ මනරම් සේයාරූ කිහිපයකි මේ.

READ MORE - අගම් ලිහිණි

බෝනිකි ගෙදර (Doll’s House)

රෝහිත සහ චමිලා සමඟ කතාබහක්

හෙන්රික් ඉබ්සන් ගේ බෝනිකි ගෙදර (Doll’s House) මින් පෙරත් අවස්ථා කිහිපයකදී අපේ වේදිකාවේ දිග හැරී තිබෙනවා. වේදිකාව මත අඹු සැමි ජීවිතයේ බල සම්බන්ධතාවයන් දෙස එබී බලන්නට දරන මේ නාට්‍යමය වෑයම ඔබ හමුවට ගෙන එන්නේ කොළඹ විශ්ව විද්‍යාලයීය සමාජ විද්‍යා ආදී විද්‍යාර්ථීන්ගේ සංගමයේ ඉදිරිපත් කිරීමක් සහ ජගත් බණ්ඩාර පතිරගේ අධ්‍යක්ෂණයක් ලෙසිනි. සැප්තැම්බර් 2, 3 දිනවලදී ලුම්බිණි රඟහලේදී වේදිකා ගතවීමට නියමිත මේ පරිවර්තන නාට්‍යයේ පරිවර්තනය ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ගෙනි. මේ එහි රංග කාර්යට එක්ව සිටින රෝහිත කරුණාරත්න හා චමිලා පීරිස් සමඟ කළ කතා බහකි.

මේ නාට්‍ය ගැන ඔබට තියෙන්නේ මොන වගේ අදහසක්ද?

රෝහිත:

මේක දහ නම වැනි සියවසේ නාට්‍යයක්. මේ නාට්‍යයේ විශේෂත්වය තමයි මේකේ කතා කරන දේවල් එදා අද වගේම හෙටත් වලංගු වීම. ඒ නිසාම තමයි මේක විශ්ව නාට්‍යයක් වෙන්නේ.

චමිලා:

මෙහි ‘නෝරා’ කියන චරිතය මුළු ලෝකෙම නාට්‍ය කලාව දන්න කාගෙත් අවධානය දිනා ගත්තු ගෑනු චරිතයක්. මේ නාට්‍යයේදී මට ඒ චරිතය රඟපාන්න ලැබීම නිළියක හැටියට මට ලැබුණු භාග්‍යයක්. ඒ චරිතයට සාධාරණය ඉෂ්ඨ කරන්න තමයි මම මේ දවස්වල වෙහෙසෙන්නේ.

මම මේ දක්වා වේදිකාවේ කරපු චරිත අතලොස්ස අතරින් සංකීර්ණම චරිතය ‘නෝරා’ කියලයි මට හිතෙන්නේ. 1879 දී රචනා වුණු මේ නාට්‍ය අද සමාජයටත් වලංගුවීමෙන්ම මේ නාට්‍ය කොතරම් ප්‍රබලද කියන එක ඔප්පු වෙනවා.

නාට්‍යයේ පෙළ සහ නාට්‍යමය ගොඩ නැගීම ගැන කතා කළොත්?

රෝහිත:

මේ නාට්‍යයේ හැම චරිතයකටම සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. මේ නාට්‍ය ගොනුවෙලා තියෙන්නේ ප්‍රධාන දර්ශන තුනක එකතුවක් හැටියටයි. ඒ ඒ දර්ශන වලදී අදාළ චරිත වෙනස් වෙන්න ඕන තැන් ඉතා පැහැදිලිවම ගණනය කරලම දීලා තියෙනවා. මේක තාත්වික රංගනයට විශාල පහසුවක්.

යම් කිසි සීමිත ආකෘතියක රඟපානවාට වඩා චරිතය නිසි ලෙස තේරුම් ගැනීම තමයි මේ වගේ තාත්වික රංගනයකදී වැදගත් වෙන්නේ. ආයාසයෙන් රඟපාන්න දෙයක් මේකේ නෑ.

මේ පිටපතේ සංවාද විසින්ම අවශ්‍ය රංගනය මතු කරලා ගන්න පුළුවන් සමත්කමක් ඇතුවයි මේක රචනා වෙලා තියෙන්නේ. රංගන ජීවිතයේ අපේ අත්දැකීම් අපේ චරිතවලට මුසු කළාම හොඳ රංගනයක් එළියට එන විදිහටයි මේක ගොඩ නැගිලා තිබෙන්නේ.

චමිලා:

මට තවම නෝරා මුණ ගැහිලා නෑ. ඒ නිසා මම මගේ් අතීත රංගන අත්දැකීම් ඇසුරෙන් නෝරාව තවම හොයමින් ඉන්නවා. මේ චරිතයේ විවිධ පැතිකඩ හඳුනා ගන්න උත්සාහ කරනවා. හේතුව නෝරා කියන්නේ ජීවිතය යථාර්ථවාදීව දකින්න උත්සාහ කරන ගැහැනියක්. මගේ් අවට සමාජයෙන් ලබපු සහ මගේ ජීවිත අත්දැකිම් මේකට මම මුසු කරනවා. මේ චරිතය අපේම ජීවන අත්දැකීම් මතින් වඩා හොඳින් ගොඩ නගන්න පුළුවන්ය කියන එකයි මගේ අත්දැකීම.

රංගන ශිල්පීන් හැටියට අධ්‍යක්ෂවරයාගේ කාර්ය භාරය ඔබට දැනෙන්නේ කොහොමද?

රෝහිත:

නාට්‍ය අධ්‍යක්ෂවරයා හැටියට තමන්ට අවශ්‍ය තැනකට මේ නාට්‍ය අරගෙන යන අතරෙම මේ නිර්මාණයේ මුල් හිමිකරුවා වන ඉබ්සන් ගේ බලාපොරොත්තු රැක ගන්නත් සමත් වෙලා තියෙනවා.

ඒකට මේ නාට්‍යයත් එක්ක ජීවත්වෙමින් එය හදාරමින් ජගත් ලොකු වෙහෙසක් ගන්න බවත් අපට අත්දකින්න ලැබෙනවා.

ඔහු දෙන උපදෙස් නාට්‍යයේ යටි පෙළ මතු කර ගන්න විශාල ප්‍රයෝජනයක් වෙලා තියෙනවා. අධ්‍යක්ෂවරයා හැටියට ජගත් එක්ක සිද්ධ වෙන දීර්ඝ අදහස් හුවමාරුව මේ නාට්‍යයත් එක්ක අද අපි ඉන්න තැනට එන්න ලොකු පිටිවහලක් වුණා.

චමිලා:

අධ්‍යක්ෂවරයෙක් හැටියට ජගත් ගේ මේ පළමුවැනි නාට්‍යය. නමුත් ඒ ගැන ඔහු හොඳ අධ්‍යයනයක් කරලා තියෙන විත්තිය පේන්න තියෙනවා.

රෝහිත:

මේ නාට්‍යයේ චරිත අටක් විතර තමයි තියෙන්නේ. නමුත් මේක සමස්තයක් හැටියට ගත්තම අති දැවැන්ත නාට්‍යයක්. මේකේ් සෙට් එක, මියුසික්, කොස්ටියුම්, නැටුම් මේ හැම එකක්ම සම්බන්ධයි පිටපතත් එක්ක.

ඒවා යෙදෙන්නේ පිටපත විසින් එය ඉල්ලා හිටින නිසයි. ඒකෙන් පිට නළුවෙකුට නිළියකටවත් වචනයකින්වත් පිට පනින්න බැහැ.

රඟපෑම කොටු කරලා නැති වුණාට පිටපත විසින්ම පනවන ලද සීමා අවබෝධ කරගෙනයි මේ රඟපෑම් කරන්න වෙන්නේ. මොකද මේක ලෝකෙම දැකලා තියෙන නාට්‍යයක් නිසා. මේකේ සුළු අඩුපාඩුවක් පවා දැනුවත් රසිකයාට පහසුවෙන් දැනෙනවා. ඒ නිසා ඒ වගේ් අතපසුවීමකටවත් ඉඩක් මේකේ නෑ.

චමිලා

චරිත අටක් තිබුණට ප්‍රධන චරිතය නෝරා. නමුත් නෝරව මතු කරලා එළියට ගන්න මේකේ සෙසු චරිත අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. සෙසු චරිත සමඟ ගැටෙන ප්‍රමාණයට තමයි නෝරා එළියට එන්නේ. ඒක මේ චරිත නිරූපණයේ විශේෂ දෙයක් හැටියටයි මට පෙන්නේ.

අද වෙන කොට ප්‍රේක්ෂකාගාරයේ රස වින්දන තත්ත්වය ඔබ තේරුම් ගන්නේ මොන විදිහටද?

රෝහිත:

අනූව දක්වාම වගේ මේ රටේ නාට්‍ය කලාවේ යම් පිබිදීමක් තිබුණා. නමුත් පසුකාලීනව ඇති වුණු සමාජමය හේතු මත වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය යම් පසුබෑමකට ලක් වුණා. නැවතත් අපේ පැරණි නාට්‍ය ප්‍රතිනිර්මාණය වෙමින් තියෙන පසුබිමක තමයි මේ නාට්‍ය කරළියට එන්නේ.

ප්‍රේක්ෂකාගාරය බලෙන් පුරවන්න බැහැ. ඒක අවබෝධ කරගෙන නාට්‍යයක් රස විඳින්න සූදානමින් එන රසිකයාට හොඳ නාට්‍ය රස වින්දනයක් දෙන්න පුළුවන් නාට්‍යයක් මේක. නාට්‍ය රස විඳලා හුරුවක් තියන ප්‍රේක්ෂකයන්ටයි මෙවැනි නාට්‍ය විඳින්න පුළුවන්.

චමිලා:

අවංකවම කියනවා නම් අද අපි ජීවත්වන මේ සමාජයට තියෙන්නේ අන්තිම අඩු මට්ටමේ රසිකත්වයක්නෙ. වෙන එකක් තියා සිංදුවක් ගත්තත් ඒවයෙ ගන්නම දෙයක් නැහැනෙ.

ගවුම ගැනයි සාය ගැනයිනෙ අද සිංදු ලියවෙන්නේ.

රසිකත්වය හිස් වෙච්ච සමාජයකනෙ අපි ජීවත් වෙන්නේ. ඒ වගේ සමාජයක නාට්‍යයක් තේරුම් ගන්න තරම් රසිකත්වයක් තියෙන සුළු පිරිසක් තමයි අපට රසිකයො හැටියට අපේක්ෂා කරන්න වෙන්නේ.

මේක කනගාටුදායක තත්ත්වයක් වුණත් මේක මට හොඳ රංගනයක් ඉදිරිපත් කරන්න හොඳ අවස්ථාවක් වේවිය කියන විශ්වාසය උඩ තමයි මම මේක භාර ගත්තේ. කලාකාරයෙක් හැටියට අපි දුක් මහන්සියෙන් ගොඩ නගන දේ රස විඳින්න, ඒ ගැන සංවාද කරන්න රසිකයාට තියෙන වගකීම තේරුම් ගත්තු රසික සමාජයක් අද අපට නැහැ.

ඒ නිසා විශාල රසික පිරිසක් බලාපොරොත්තුවෙන් නාට්‍යයක් කරන්න ගියොත් නිර්මාණකරුවා අමාරුවක වැටෙනවා. රසික සමාජයේ තියෙන මේ පසුගාමී තත්ත්වය ගැන රංගන ශිල්පිනියක් හැටියට මට නම් තියෙන්නේ කනගාටුවක්.

රෝහිත:

මමත් පිළිගන්නවා අද වෙන කොට අපේ සමාජයේ රස වින්දනයේ පසුබෑමක් තියෙන විත්තිය. ඒත් එහෙමය කියලා සීරියස් නාට්‍ය රස විඳින අය නැහැ කියලා අපි මේක පටන් ගන්නෙ නැත්නම් හැමදාම එක තැනනෙ. ඒ නිසා අපි මේ වැඩේ කොතනින් හරි පටන් ගන්න ඕනෑ. අද මේ නාට්‍යයත් එක්ක ඉන්න අපි යම් කිසි දෙයක් මේකට එකතු කළේ නැත්නම් කවුද ඒක කරන්නෙ?

හැමදාමත් ප්‍රේක්ෂකාගාරයට බැන බැන හිටියයි කියලා සිද්ධ වෙන සෙතක් නැහැනෙ. මම නම් හිතන්නේ අපි හොයා බලන්න ඕන මිනිස්සු නාට්‍යවලට එන්නෙ නැත්නම් ඒකට හේතු මොනවාද, ඒවා හරි ගස්සන්නේ කොහොමද කියලා. මේ උත්සාහය අපි හරි කරල බලන්න ඕනෑ.

මේ නාට්‍යයට අනුග්‍රහය දක්වන්නෙ කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යන අංශයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය. ඒ අයගෙ බලාපොරොත්තුවත් නාට්‍ය කාලවේ සිද්ධ වෙන්න ඕන වෙනස්කම් මේ නාට්‍ය ඔස්සේ සිද්ධ කරන්න පුළුවන්ද කියන එක අත්හදා බලන්නයි. අපි බලමු මේකට මොන වගේ ප්‍රතිචාරයක් ලැබෙයිද කියලා.

ජනමාධ්‍ය කලාව හා රසික ජනතාව අතර සම්බන්ධය ඔබ බලන්නේ මොන විදිහටද?

රෝහිත:

මේ රටේ ජනතාවට කලා රස වින්දනය ලබා ගැනීීමේදී යා යුතු මඟ කියාදීමේ වගකීම මාධ්‍යවලට තියෙනවා.

නමුත් මාධ්‍ය ඒ වගකීමෙන් බැහැර වෙලා එයාලට වාණිජ පැත්තෙන් වාසිදායක සරළ රස වින්දනය පැත්තට බර වෙලයි තියෙන්නේ. අපට ආවේනික කලාව හඳුනා ගන්න අත්වැලක් ලබාදීම මාධ්‍යවල යුතුකමක් කියලයි මට හිතෙන්නේ.

චමිලා:

අනිවාර්යයෙන්ම හරවත් දේ ජනතාවට හඳුන්වා දෙන්න අඩුම තරමින් සුළු ඉඩක් හෝ වෙන් කිරීමේ වගකීම මාධ්‍යවලට තියෙනවා. මම එහෙම කියන්නේ මාධ්‍ය හැම එකකක්ම යැපෙන්නේ මහජනතාවගේ මුදල්වලින් නිසා. බොරු උඩ පැනිලි, ගේම් ෂෝවලට ඉඩක් වෙන් කරන මාධ්‍ය සමාජයට හරවත් රස වින්දනයක් දෙන්න මැලි වෙන්නේ ඇයි. සමාජ වගකීමක් දරන හැමෝටම තමන් කරන වැඩේ හා තමන්ගෙන් ඉටු වෙන්න ඕන දේ ගැන හිතන්න තරම් ඥානයක් තියෙන්න ඕන. එහෙම නැතිව මේවාට යන්නන් වාලේ යන්න ඇරියොත් තව තවත් පරිහානියට පත් වෙනවා. මේ රටේ දරුවන් මොකවත්ම නොදන්න පිරිසක් නොකිරීමේ වගකීම අමතක කරන්න මාධ්‍යවලට පුළුවන්කමක් නෑ.

මේ කටයුත්තට ලැබෙන දායකත්වය ගැන කියන්න යමක් තියෙනවාද?

රෝහිත:

මේ නාට්‍යයට නෝර්වේ තානාපති කාර්යාලයෙන් ලැබෙන අනුග්‍රහය ඉතා වැදගත්. නිර්මාණකරුවන් දිරි ගන්වලා, ඒ අයගේ නිර්මාණ එළි දක්වන්න ලබා දෙන අත්වැල අගය කරන්න ඕන.

මේ වගේ කාලෙක මේ වගේ නාට්‍යයක් කරළියට ගේන්න කොළඹ සරසවියේ ආදි සමාජ විද්‍යා විද්‍යාර්ථීන්ගේ සංගමය දරන උත්සාහයත් අගය කළ යුතුයි.

ඒ වගේම මේ නාට්‍ය රට වටා ගෙන යන්නත් ඉදිරියේදී කලා රසය හඳුනන යම් පිරිසක් ඉදිරිපත් වෙනවා නම් වඩා හොඳයි කියලයි මට හිතෙන්නේ.

චමිලා:

රෝහිත, මම, මල්කාන්ති ජයසිංහ, පාලිත සිල්වා, අජිත් සිරිමාන්න, ඉෂාරි සමරසිංහ, සුමිත් සමරසිංහ ඇතුළු රංගන ශිල්පීන් එකතු වෙලා පැය දෙක හමාරක කාලයක් රඟ දක්වන නාට්‍යක් මේක. කලා ක්ෂේත්‍රයේ ඉන්න කලාව ගැන කතා කරන හැමෝම බලන්න ඕන නාට්‍යයක් මේක.

මේකේ තියෙන හැම වචනයක්ම, හැම සිද්ධියක්ම අපි දිහාම ආපහු හැරිලා බැලීමක්. අපේම ජීවිත දිහාට කන්නාඩියක් අල්ලනවා වගේ් වැඩක්.

මේ නිසා එන්න පුළුවන් හැමෝම මේ නාට්‍ය බලන්න එන්න. ඒක ඔබේම ජීවිතයට එබී බැලීමක් වෙනවා නො අනුමානයි. ඒ අත්දැකීම ලබන්න නම් සැප්තැම්බර් 2 සහ 3 හවස 6.30 ට ලුම්බිණියට එන්න

READ MORE - බෝනිකි ගෙදර (Doll’s House)

කරුණාසේන ජයලත් 1928 - 1994

Wednesday, August 25, 2010

කරුණාසේන ජයලත් 1928 - 1994

‘ගොළු හදවත’ නවකතාවෙන් තරුණ හදවත්වලට නැවුම් අත්දැකීමක් එක් කළ ජනප්‍රිය නවකතාකරුවකු වූ කරුණාසේන ජයලත් කෘතහස්ත සිනමා ලේඛකයකු, විචාරකයකු මෙන්ම පුවත්පත් කලාවේදියකු ලෙස ද අමරණීය මතක සටහනක් ඉතිරි කළ විශිෂ්ටයකු විය.

1928 ජනවාරි 10 වැනිදා හොරණ කුඹුකේදී උපත ලැබ, හොරණ තක්ෂිලා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ජයලත් ‘සිංහල ජාතිය’ පුවත්පතින් පත්‍ර කලාවට පිවිසියේය.

1962 දී ‘ගොළු හදවත’ නව කතාව රචනා කරමින් සාහිත්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ජයලත් මුව දඩයම, ලස්සන ඇස්, බඹා කොටූ හැටි, ගැහැණු ළමයි, පිරුණු හදක්, යහළු යෙහෙළි, හතුරු සිතක්, රිදී නිම්නය ඇතුළු අකුරු හයේ නවකතා 14 ක් පමණ රචනා කළේය. මින් ‘ගොළු හදවත, ගැහැණු ළමයි, බඹා කෙටූ හැටි, රිදී නිම්නය හා යහළු යෙහෙළි සිනමා කෘති බවට ද පත් විය. 1994 අගෝස්තු 24 වැනිදා රාත්‍රීයේ මේ විශිෂ්ට කලාකරුවා රෝහල් ඇඳක් මත දී දෙනෙත් පියා ගත්තේය.

උපුටා ගැනීමකි.

Source - සරසවිය 2010 - 08 - 19


READ MORE - කරුණාසේන ජයලත් 1928 - 1994

පී. බී. අල්විස් පෙරේරා 1917 - 1966

පී. බී. අල්විස් පෙරේරා 1917 - 1966

කොළඹ යුගය ආලෝකමත් කළ ප්‍රධාන පෙළේ කවියකු, ලේඛකයකු, සමාජ ශෝධකයකු වූ පී. බී. අල්විස් පෙරේරා 1917 මාර්තු 03 වැනිදා කොල්ලුපිටිය පල්ලිය වත්තේ දී පිලදූව බෝගමගේ අල්විස් පෙරේරා ලෙසින් මෙළොව එළිය දුටුවේය. පුවත්පත් කලාවේදියකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹූ ඔහු හෙළදිව පුවත්පතේ් ප්‍රධාන කතුවරයා ලෙස කටයුතු කරමින් සිංහල ජාතිය, ස්වදේශ මිත්‍රයා, ලංකාදීප, දිනමිණ ආදී පුවත්පත් රැසකට ලිපි සම්පාදනය කළේය.

දේදුන්න කවි සඟරාවෙන් ආධුනිකයන්ට අත හිත දෙමින් අගනුවර තරුණ කවි සමාජය පිහිටුවීමෙහිලා පුරෝගාමී වූ ඔහු කවි පොත් තිහක් පමණ ලියා දේශපාලන පොර පිටියේද තරග වැදී 49 වැනි වියේදී 1966 අගෝස්තු 21 වැනිදා අවසන් ගමන් ගියේය.


උපුටා ගැනීමකි.

Source - සරසවිය 2010 - 08 - 19


READ MORE - පී. බී. අල්විස් පෙරේරා 1917 - 1966

කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා

කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා 1926 - 2006

දේශීය සිනමාවේ පතාක යෝධයකු වූ කලාසූරී කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා කලාකරුවාණන් දැයෙන් සමුගෙන වසර හතරක් සපිරේ.

1926 අප්‍රේල් 15 වැනිදා කොන්දුල් ආරච්චිගේ විල්සන් පෙරේරා ලෙසින් මෙලොව එළිය දුටු හෙතෙම දශක පහකට අධික කාලයක් පුරා මෙරට සිනමා කර්මාන්තය ඒකාලෝක කළ අපේ රටේ බිහි වූ විශිෂ්ට අධ්‍යක්ෂවරයකු සහ තිර නාටක රචකයකු ලෙස හැඳින් විය හැකිය. 1960 පිරිමියෙක් නිසා චිත්‍රපටයේ දෙබස් ලියා සහාය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසි ඔහු පසුව සුහද සොහොයුරෝ, හෙට ප්‍රමාද වැඩියි, කළ කළ දේ පළ පළ දේ වැනි ජනප්‍රිය චිත්‍රපට රාශියක තිර නාටක ලීවේය.

1966 දී සැනසුම කොතැනද චිත්‍රපටය නිර්මාණය කරමින් අධ්‍යක්ෂණයට පිවිසි කේ. ඒ. ඩබ්ලිව්. කපටිකම, බයිසිකල් හොරා, කතුරු මුවත්, ලොකුම හිනාව, දුලීකා, ළසඳා, නෑදෑයෝ, ජනක සහ මංජු, හිඟන කොල්ලා ඇතුළු ජනප්‍රිය චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළේය.

උපුටා ගැනීමකි.

Source - සරසවිය 2010 - 08 - 19


READ MORE - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා

රිජ්වේ තිලකරත්න 1932 - 1981

රිජ්වේ තිලකරත්න 1932 - 1981

ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ස්වර්ණමය යුගයක් ඇති කළ විශිෂ්ට ගණයේ පාලකවරයෙක් වූ රිජ්වේ තිලකරත්නයන් රටේ දේශීය සංස්කෘතියේ අගය වටහා ගත් කලාකාමී හදවතක් තිබූ සුන්දර මිනිසෙකු වූයේය.

1932 අගෝස්තු 08 වැනිදා උපත ලැබූ වාද්දුවගේ රිජ්වේ පෙරේරා තිලකරත්න කොළඹ නාලන්ද හා ආනන්ද විදුහල්වලින් මූලික අධ්‍යාපනය ලබා ලංකා විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රිසි භාෂාවෙන් සංස්කෘත භාෂාව පිළිබඳ විශේෂ උපාධියක් ලබා ගත්තේය. එම කාලයේ සිටම කවි, කෙටි කතා ආදිය පුවත්පත් සඟරා ආදියට සැපයූ හෙතෙම 1973 සිට 1977 දක්වා කාලය තුළ ගුවන් විදුලියේ ප්‍රධානියාව සිටියේය.

රටට, ජාතියට, භාෂාවට, සංගීතයට හා ජනතාවට අමරණීය සේවයක් ඉටු කළ මේ නිහතමානී මිනිසා හෘදයාබාධයක් හේතුවෙන් 1981 අගෝස්තු 19 වැනිදා අකාලයේ ජාතියෙන් සමු ගන්නා විට 49 වැනි වියේ පසු වූයේය.

උපුටා ගැනීමකි.

Source - සරසවිය 2010 - 08 - 19

READ MORE - රිජ්වේ තිලකරත්න 1932 - 1981

අති විශිෂ්ට රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දු කියයි

බොඳ මීදුම් කඳුරැල්ලේ
සුරංගනා රජ දහනේ
ඔබේ සිනා කඳුළු බිඳක්
මටත් වාසනා.... හෙටත් වාසනාවන්......

තාරුණ්‍යයේ නොදැමුණු ආශාවන්ට අවනත වී, අසම්මත ප්‍රේමයක මිහිරෙන් මත්ව ඈ එදා එලෙස ගැයුවේ ආදරයේ හංස ගීතයයි.

රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක්කළ ආදරයයි
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කළ ආදරයයි.....

සිය ආදරණීය සැමියාගේ සෙනෙහසට පිටුපා සල්ලාල පෙම්වතකුගේ ප්‍රේම මායා දැලේ පැටලුණු ඈ අවසන නතර වූයේ කඳුළු සයුරක් මැදය.

එදා “දුහුළු මලක්” චිත්‍රපටයේ “නිලූපා” ලෙසින් රිදී තිරයට අපූර්වත්වයක් එක් කළ ඒ සොඳුරු රුවත්තියගේ කඳුළු කතාව තවමත් අපට අමතකව නැත.

ඒ නිලුපා අපේ සම්මානනීය නිළි නීටා ප්‍රනාන්දු බව “දුහුළු මලක්” නැරඹු කිසිවකුටත් රහසක් නොවේ. මේ දිනවල “බඹර වළල්ල” චිත්‍රපටයෙන් ඈ අප හමුවට එන්නේ උම්මත්තක ගැහැනියකගේ චරිතය රඟමිනි. එය ඇගේ රංගන දිවියේ වෙනස්ම මගක් ගත් චරිතයකැයි මට සිතේ.

ඇත්තෙන්ම මෙවැනි චරිතයක් රඟපෑමේ ආසාවක් කාලෙක ඉඳලා මගේ හිතේ තිබුණා. මට කරන්න තිබුණේ සීන්ස් දෙක තුනක් වුණාට මෙය ප්‍රබල සහ චිත්‍රපටයේ කේන්ද්‍රීය චරිතයක්. මීට කලින් “පවුරු වළලු” චිත්‍රපටයේ වයලට් ගේ චරිතයෙනුත් මම කාන්තාවකගේ සියුම් මානසිකත්වයක් නිරූපණය කළා.

ඒත් “බඹර වළල්ල” උමතු ගැහැනිය මම දකින්නේ නූතන පටාචාරවක් විදිහට. දියණිය ගෙළවැළලාගෙන මියයාමත්, පුතා සිරගෙට නියම විමත් නිසා ඇතිවුණ තදබද මානසික කම්පනයෙන් තමයි ඈ මෙවැනි තත්ත්වයකට පත් වෙන්නේ.

නීටා අක්කාගේ රංගනය දැක්කට පස්සේ මට හිතුණේ “ටිකයි, හොඳයි” කියලා. ප්‍රවීණ නිළියක් වුණත් ඔයා මේ සුළු චරිතය ආසාවෙන් රඟපෑවා....?

මම හිතන්නේ අසංක, රංගන ශිල්පියෙක්, ශිල්පිනියක් වුණාම බලන්න ඕනෑ චරිතයේ විශාලත්වය නෙවෙයි, තමන්ට ඒ රංගනයෙන් යමක් ඉදිරිපත් කරන්න පුළුවන් ද කියන එකයි.

ලැබෙන ඕනෑම සුළු චරිතයක් රඟපානවා කියලා නෙවෙයි මේ කියන්නේ, මම එහෙම චරිත ප්‍රතික්ෂේප කරපු අවස්ථාවත් තියෙනවා. නමුත් සුළු චරිතයක වුණත් කරන්න දෙයක් තියෙනවා නම් ඒක සතුටෙන් බාර ගන්නවා. රඟපාන චරිතයත් එක්ක අපි මානසිකව වගේම අධ්‍යාත්මිකවත් බැඳෙන්න ඕනෑ.

මේ චරිතයේ ඒ බැඳීම තිබුණ ද....?

පිටපතක් නැතුව මම මේ චිත්‍රපටයේ රඟපෑවේ. අතුල මේ චරිතය විස්තර කරද්දී මට එය මැවී පෙනුණා. ඒ මනස් චිත්‍රය තුළින් තමයි මම මේ චරිතයේ ජීවත් වුණේ. අනෙක මට අතුල ගැන ලොකු විශ්වාසයක් තිබුණා.

චිත්‍රපටය නිෂ්පාදනයේ දී මම මුදලින් පවා දායකත්වයක් දුන්නේ ඒ නිසයි. ඇත්තටම මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ අතුල ඇතුළු අපි කීප දෙනෙක්ම එකතු වෙලා. හොඳ නිර්මාණයකට දායක වුණා කියන සතුට මට තියෙනවා.

අතුල වගේ නිර්මාණශිලී තරුණයෙක් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසීම ගැන.....?

මේ වගේ තරුණ, නිර්මාණශීලි අධ්‍යක්ෂවරුන් අපේ සිනමාවට වැඩි වැඩියෙන් එකතු වෙන්න ඕනෑ කාලයක් මේ. ඔහුගේ සිනමාරූපී හැඟීම් හරි ප්‍රබලයි.

ඒ වගේම ඔහු නළු, නිළියන් එක්කත් කටයුතු කරන්නේ ලොකු බැඳීමකින් හා විශ්වාසයකින්. අතුල පුදුම ආත්ම විශ්වාසයක් තියෙන කෙනෙක්. ඔහු ලේසියෙන් පසු බහින්නේ නෑ. ඒ ආත්ම විශ්වාසයම තමයි මම හිතන්නේ අතුලට ශක්තියක්, ධෛර්්‍යයක් වුණේ.

මේ මම ශි‍්‍රයන්තයි, මනෝරත්නයි එකක් රඟපාපු මුල්ම වතාව. එතකොට මහේන්ද්‍ර, සරත්, දමිතා, බිමල්, අතුල, අනුරුද්ධිකා, සචින්, දසුන් වගේ විවිධ නළු නිළයන් එක්ක රඟපාන්න ලැබීමත් මට ලොකු සතුටක්.

මේ අය අතරින් ඔයාගේ හදවතට වැඩියෙන්ම දැනෙන රඟපෑම ඉදිරිපත් කළේ කවුද?

මාර ප්‍රශ්නයක් නේ අසංක ඇහුවේ. කොහොමද එහෙම එක් කෙනෙක් කියලා කියන්නේ.....

නෑ මම ඇහුවේ ඔයත් ප්‍රේක්ෂකයෙක් විදිහට හිතලා....?

මම හිතන්නේ මහෙන්ද්‍ර රඟපෑ “ මැල් මහත්තයා” ගේ චරිතය ඉතාම හොඳයි. ශි‍්‍රයන්ත වුණත් ඉතාමත් සියුම් විදියට මේ චරිතය කරලා තියෙනවා. අර මිනී එම්බාම් කරන මනුස්සයාගේ චරිතයටත් මම හරිම කැමැතියි. හරිම තාත්විකයි.

ඒ චරිතයත් මට හරියට හිතට වැදුණ. දමිතාගේ රංගනයත් ඉතාමත් උසස් මට්ටමක තියෙන්නේ, හැමෝම ගැන ආසයි. ඒ අතරින් මහේන්ද්‍ර විශේෂයි. ඔහු මැල් මහත්මයාම තමයි. ඒ වගේම පොඩි එකා පොඩි එකාමයි.

ඔයත් ජාත්‍යන්තර සම්මාන දිනූ නිළියක්, නිෂ්පාදිකාවක්, නමුත් ක්ෂේත්‍රයේම ඇතැමුන් මේ සම්මාන ගැන අවඥාවෙන් කතා කරන අවස්ථා අප දැක තියෙනවා. නීටා අක්කට මොකද මේ ගැන හිතෙන්නේ.....?

අපි චිත්‍රපට හදන්නේ් අපේ රටට. අපේ මිනිස්සුන්ට. ඒත් අපට ඒවායෙන් ජාත්‍යන්තර මට්ටමට යන්න පුළුවන් නම් හොඳයි. ඒක රටට ලොකු ගෞරවයක්. අපේ දක්‍ෂකම්වලට දිරිගැන්වීමක්. ජාත්‍යන්තරයට නොගියා කියලා චිත්‍රපට හොඳ නෑ කියන්න බෑ. “දුහුළු මලක්” වගේ චිත්‍රපටයකට අදටත් මිනිස්සු ආදරේ කරන්නේ ඒකයි. නමුත් ජාත්‍යන්තරයට ගියාම අපේ සිනමාවට වැඩි වටිනාකමක් එක් වෙනවා.

එතකොට ඒ වගේ සම්මාන අවතක්සේරුවකට ලක් කරන අයට මොකද කියන්නේ....?

ඒ සම්මාන වැඩක් නෑ කියල කාටවත් කියන්න බෑ. ඒවා ගැන අවතක්සේරුවෙන් කතා කරන්නේ මම හිතන්නේ ඊර්ෂ්‍යාකාරයෝ. නමුත් මෙහෙම දෙයක් තියෙනවා කියන්න. අපේ රටේ එක එක විදියට තමයි සම්මාන ගන්න අයට සලකන්නේ.

ඒක සෝමරත්න දිසානායකටත්, අතුල ලියනගේටත්, බෙනට් රත්නායකටත් එහෙම නැතිනම් තව කාට හරිත් එකම විදිහක් වෙන්න ඕනෑ. එහෙම සම්මානයක් ගෙනාවම සමහරුන්ව මහ ඉහළින් අගය කරනවා. ඒත් තව කෙනෙකුට කුඩම්මාගේ් සැළකිල්ල, ඒක හොඳ නෑ.

නීටා අක්කටත් එවැනි අසාධාරණයක් සිදු වී තියෙනවාද?

නැහැ. මම ගැන නෙවෙයි කියන්නේ. මට එහෙම පෞද්ගලික ප්‍රශ්නයක් වෙලා නැහැ. මට ජාත්‍යන්තර සම්මාන පිරිනැමුණ වෙලාවේ අපේ මවුබිමෙනුන් ලොකු පිළිගැනීමක් තිබුණා. නමුත් පොදුවේ ගත්තම හැමෝටම එක වාගේ සැලකිල්ලක් අවශ්‍යයි කියන දේ තමා මම කිව්වේ.

ඔයා ප්‍රබල චරිතයක් නිරූපණය කළ “තේජා” චිත්‍රපටය තිරගත වෙනතුරු ප්‍රේක්ෂකයෝ මඟ බලා ගෙනයි ඉන්නේ...?

මටත් ඒ ආසාවම තියෙනවා. ඒත් තාම ඒක ප්‍රදර්ශනය කෙරෙන දිනයක් ගැන නම් නිශ්චිත තොරතුරක් නෑ. හැබැයි දැනටමත් ප්‍රේක්ෂකයෝ හුඟ දෙනෙක් දන්නවා මම එවැනි චරිතයක් රඟපෑ බව.

එයත් සුවිශේෂී චරිතයක්....?

ඔව්, තේජා කියන මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ මමයි. ඇය ඇඟළුම් සේවිකාවක්. තමන්ට සිදුවන අසාධාරණකම් ඉදිරියේ ඇය වෘත්තීය සමිතියක් හදාගෙන සේවක අයිතිවාසිකම් දිනාගන්න සටන් කරනවා. මෙතනදී මගේ උපදේශිකාව වෙන්නේ අයිරාංගනී සේරසිංහ.

ඇත්තෙන්ම ඈ රඟපාන්නේ කලක් අපේ රටේ වාමාංශික දේශපාලන කරළියේ සිටි වීරෝධාර කාන්තාවකගේ චරිතය. අයිරාංගනී සේරසිංහ වගේ ප්‍රවීණ නිළියක් එක්ක ඒවගේ සමීපව රඟපාන්න ලැබීමත් ලොකු සතුටක්. මහේන්ද්‍ර පෙරේරා තමයි මගේ සැමියා විඳිහට රඟපාන්නේ. චිත්‍රපටය ආවට පස්සේ අපි ඒ ගැන වැඩි දුරට කතා කරමු.

තවත් චිත්‍රපට තිරගත වෙන්න තියෙනව ද...?

ජෝශප් වාස් පියතුමාගේ් චරිත කතාව ඇසුරින් සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් තිරගත වෙන්න තියෙනවා. මවකගේ් චරිතයක් මම රඟපාන්නේ. දැනට නම් එච්චරයි. අවුරුද්දකට එක හොඳ චිත්‍රපටයක රඟපෑවත් ඇති කියන තැනයි දැන් මම ඉන්නේ.

සිනමාවේ තවමත් රැදී ඉන්න ඔයාට වරම් ලැබිලා තියෙන්නේ ඔයාගේ කැමැත්ත නිසාද, නැතිනම්, ඔයාට ප්‍රේක්ෂකයෝ කැමැති නිසා ද, එහෙමත් නැතිනම් නීටා ප්‍රනාන්දුගේ තැන කාටවත් පිරිවිය නොහැකි නිසා ද....?

මම හිතන්නේ අසංක, ඔය කාරණා කීපයම බලපාන්න ඇති. මම සිනමාවට ආදරෙයි. චරිතවල ජීවත් වෙන්න ආසයි. රඟපාන්න ගියාම මාව අමතක කරලා ඒ චරිතයේයි මම ජීවත් වෙන්නේ. නැවත ගෙදර යන්න වෙලාව ආපුවාම හිතට දැනෙන්නේ දුකක්.

මම කලාවෙන් ජීවත් වෙන කෙනෙක් නෙවේ. කලාව වෙනුවෙන් ජීවත් වෙන කෙනෙක්. අතින් තමයි කෑම බීම. පුළුවන් තරම් කාලයක් සිනමාවේ රැඳිලා ඉන්නවා. සිනමාව කියන්නේ මට කවදාවත් අත් මිදෙන්න බැරි දෙයක්. ඔව්.....මම මැරෙනකල්ම රඟපානවා.

“හැමදාම රඟපාන්න බෑ. එයින් ඉවත් විය යුතු කාලයක් තියෙනවා” කියන පිරිසකුත් ඉන්නවා. අත්තෙන්ම නළුවකුට හෝ නිළියකට පුළුවන් ද එහෙම හැමදාටම තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කරන්න....?

තමන් කැමැති නම් පුළුවන් මැරෙනකල් වුණත් රඟපාන්න. දැන් රඟපෑමෙන් විශ්‍රාම ගන්න ඕනෑ කියලා නියමිත කාලයක් නෑ. හොඳ උදාහරණය දෙනවක හාමිනේ, එතකොට හියුගෝ මාස්ටර්, මේ අය තමන්ගේ අවසාන කාලයේ පවා රඟපෑවා. ප්‍රේක්‍ෂකයෝ කිසි දිනෙක ඒ අය ප්‍රතික්ෂේප කළේ නෑ.

එදා ඒ වගේ අය ඉවත් වුණා නම් වයසයි කියලා අපේ සිනමාවට, ප්‍රේක්ෂකයන්ට කොයි තරම් අසාධාරණයක් වෙනවද? දැන් ජෝ අයියා අදට වුණත් පිටපතක් නොබලා රඟපායි. ඒ වගේ අය හොයන්න නෑ. මගේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය නිසා මම තවම සිනමාවේ රැඳිලා ඉන්නවා. ඒ අය තමයි මගේ ශක්තිය, ධෛර්්‍යය.

සිනමා නිළියක් වීම ගැන අද ආපහු හැරිලා බලද්දී නීටා අක්කට මොකද හිතෙන්නේ....?

සෑහීමකට පත් වෙන්න පුළුවන් වගේම ඒක මට ලොකු සතුටක්. මම බොහොම දුක් කම්කටුළු මැද්දේ මේ ගමන ආවේ. ඒ නිසා ලොකු තෘප්තියක්, හිතට දැනෙනවා.

සිනමා නිළියක් නොවුණා නම්.....?

එහෙනම්, අනිවාර්යයෙන්ම නැටුම් ගුරුවරියක්. ඒ කාලේ මගේ හිතේ තිබුණා හේවුඩ් එකට ගිහින් නර්තනය හදාරන්න. ඒත් ඊට කලින් මට සිනමාවේ දොර හැරුණා.

දෛවය එදා ඒ වෙනස ඇති නොකළා නම් අද අපට කියන්න වෙන්නේ “ නර්තන ආචාරිනී” නීටා ප්‍රනාන්දු කියලයි....?

ඔව් ඒක එහෙම වෙන්න තිබුණා.



උපුටා ගැනීමකි.

සොරකම පිණිස නොව,
කියවා අතිනත යැවීමේ සද්සිතිවිල්ලෙනි

Source සරසවිය 2010 - 08 - 19
READ MORE - අති විශිෂ්ට රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දු කියයි

දෙබස් නාට්‍යය දෙපයින් හිටවූ නාට්‍යවේදියා

Thursday, August 12, 2010


දෙබස් නාට්‍යය දෙපයින් හිටවූ නාට්‍යවේදියා
----ආර්. ආර්. සමරකෝන්----
*--අත්‍යාවශ්‍ය විමසුමක්--*



රණසිංහ රාජපක්ෂ සමරකෝන් හෙවත් කවුරුත් දන්නා ආර්. ආර්. සමරකෝන් හෙවත් කැළණි පාලම හැදු ආර්. ආර්. සිය 71 වෙනි උපන්දිනයට දින කිහිපයක් ඉතිරිව තිබිය දී දිවි රඟ මඩලින් බැස ගියේය. කෙතරම් බැලූවත් එපා නොවෙන අතළොස්සක් සිංහල නාට්‍ය අතරින් හුණුවටය හෝ සුභ සහ යස හැරුණු විට වැඩිම පේ‍්‍රක්ෂක සම්භාවනාවට පාත‍්‍ර වූ නාට්‍යය කැළණි පාලමයැයි සිතමි.

කැළණි පාලමයැයි කියූ විට බොහෝ දෙනෙකුට සිහියට එන්නේ් අර අපූරු ”මැම්බර් මහත්තයා”වය. අපේවේදිකාව නිපද වූ විශිෂ්ටතම රංගධරයෙකු වන ජේ. එච්. ජයවර්ධන විසින් නිරූපණය කරන ලද එකී චරිතය පමණක් නොව චුට්ටේ (නීල් අලස්), මැටිල්ඩා (රම්‍යා වනිගසේකර), රූපවතී (මැණිකේ අත්තනායක), සරණපාල (සිරිල් ධර්මවර්ධන), සුරංගනී (ගීතා කාන්ති ජයකොඩි) වැනි පාලම උඩ ලෝකයේ චරිත ද පේ‍්‍රක්ෂක සන්තානයේ සදා රැඳුණෝ වෙති. ඔවුන් එහි ලා ප‍්‍රකට කළ රංගන කෞශල්‍යයත් ඔවුන් කරළිය මත හසුරුවා ගන්නට ආර්.ආර්. දැක්වූ බුහුටි බවත් නොවන්නට කැළණි පාලම කෙතරම් අපූර්ව පෙළක් වුවද එ් සා සාර්ථකත්වයක් අත් කර නොගන්නට ඉඩ තිබිණි.
තිරය පිටුපස යෝධයෙකු වූ සමරකෝන් ඉන් බැහැර ජීවිතයේදී නිහඬ මිනිසෙකු විය. නාට්‍ය අරික්කාලක් කිරීමෙන් පසු ටෙලි නාට්‍ය උමතුවට ගොදුරු වීමෙන් කාලයත් හොඳ නිර්මාණයකට යොදවා ගත හැකි ශක්තියත් අපතේ් යවන අපේ කාලයේ තරුණ නාට්‍යකරුවන්ට වඩා වෙනස් ලෙස, ආර්. ආර්. ද ඇතුළත් හැටේ දශකයෙන් ගමන් ඇරඹූ නිර්මාණකරුවෝ අද පවා අපට කතා කළ හැකි බොහෝ හොඳ නිර්මාණ බිහි කළහ.

කැළණි පාලම යනු එබඳු එක් කඩ ඉමකි. විවිධ පර්යේ්ෂණ මැද අසාර්ථක දරු උපත් පෙරහැරකට පසුත්, හසරක් නැතිව මග සොයමින් සිටි සිංහල නාට්‍යය නිසි ලෙස ගැබ් ගැන්වෙන්නේසරච්චන්ද්‍ර අතිනි. එහි ඵලය 1956 දී ”මනමේ” බිහිවීමය. ඉනික්බිති, සිදු වූයේ හැමෝම සරච්චන්ද්‍රලා වීමට යෑමෙන් ”කට්ටියම හොඳටම නා ගැනීමය”. එසේ, මනමේ යෝධ සෙවණැල්ල යට අනුකාරකවාදීන් අතින් ගෙල සිර කරන ලදුව හුස්මක් සොයමින් සිටි සිංහල ස්වභාවික නාට්‍යයට නැවත ඔක්සිජන් දෙන්නේ් සුගතපාල ද සිල්වා ය. ඒ සුගත් 1962 දී ”බෝඩිංකාරයෝ” කරළියට ගෙන ඒමෙනි. ඉන් අනතුරුව එන යුගය පුරාවට මෙකී සම්ප‍්‍රදායන් ද්වයම බොහෝ දක්ෂයන් අතින් දැඩි ලෙස පරීක්ෂණයට බඳුන් වන අතර, 1978 දී සමරකෝන් විසින් කැළණි පාලම වේදිකාව මතට ගෙන එනු ලැබීමෙන්, ලාංකේය යථාර්ථවාදී රංග ව්‍යාපාරයේ තවත් එක් විශිෂ්ට කඩ ඉමක් සටහන් කරනු ලබයි.

සමරකෝන් ස්වතන්ත‍්‍ර රචකයෙකු විය. ලෙඩක් නැති ලෙඩෙක් (1965), චරිත දෙකක් (1967), අහසින් වැටුණු මිනිස්සු (1971), ඉඩම (1975), කැළණි පාලම (1978), ජේලර් උන්නැහේ් (1986), මිනිහෙක් (කෙටි නාට්‍යය- 1979), දුවිලි (1990), රජ කතාව (1991), කපුටු බෝ (2003), කකුල් හතරේ ඉලන්දාරියා (2009) යන ඔහුගේ සියළු නාට්‍ය නිර්මාණ ස්වතන්ත‍්‍ර රචනා ය. නාට්‍ය නිෂ්පාදකයෙකු තමන් විසින්ම ලියන ලද පිටපත් ඇසුරෙන්ම සිය නාට්‍ය චාරිකාවේ නියැලීම අපූර්වත්වයකි.

”හොඳ” නාට්‍ය පෙළක් තමන්ගේම අමු ද්‍රව්‍ය වලින් ගොඩ නගා ගැනීම ”හපන්කම”කි. හොඳ විදෙස් නාට්‍ය පරිවර්තනය කිරීම මෙන්ම හොඳ ස්වීය නිර්මාණ කිරීම ද රටක නාට්‍ය කලාවේ උන්නතියට හේතු වෙයි.

සමරකෝන් ”වේදිකාව” සිය පරම ප‍්‍රකාශන මාධ්‍යය බව ඇදහුවේය. තමා අතින් ලියැවෙන පෙළ තමා අතින් නිෂ්පාදනය වීමෙන් පමණක් සාර්ථකත්වයට එළැඹිය හැකි බව ඇදහුවේය. අපේ් පරම්පරාවේ (අනූව දශකයේ) නාට්‍යකරුවන්ගෙන් එමග ගත් අය අතුරින් වඩාත්ම අවධානයට ලක් වෙන නාට්‍යකරුවා රාජිත දිසානායකය. සක්වාදාවලේසිට සිහින හොරු අරං දක්වා රාජිත ලියා නිපැයූ නාට්‍යාවලිය විමසන කල අනූ හතරේ සිට අද දක්වාම රාජිත විසින් කරනු ලැබ ඇත්තේ ද සමරකෝන් මෙන්ම ”වේදිකාව” ස්වකීය ප‍්‍රකාශන මාධ්‍යය ලෙස භාවිතා කළ හැකි උපරිම සීමාව සොයා යාම බව පැහැදිලිය. ඉන්දික ෆර්ඩිනැන්ඩු ද එමග ගන්නා බවට පෙර ලකුණු පහළ ව ඇතත්, ඔහුගේ ඉදිරි මග කෙබඳු වේදැයි කියන්නට තවමත් කල් වැඩිය.

සමරකෝන් නාට්‍යාවලියෙහි තවත් සුවිශේ්ෂ ලක්ෂණයක් වන්නේ, ඔහු අන් නිෂ්පාදකයන් විසින් බහුල ලෙස යොදා ගන්නා බොහෝ ආනුශංගික අංග සම්බන්ධයෙන් දක්වන ”දැනුවත්” නොසැලකිල්ලයි. ඔහුගේ් කිසිම නාට්‍යයක ඔහු සංගීතය යොදා නොගනී. ගීත යොදා නොගනී. මෙකී අංග මගින් නාට්‍යයක ඉටු කරනු ලබන කාර්්‍යය වන්නේ පැහැදිලි ලෙසම රංගන ශිල්පීන්‍ෙභාව ප‍්‍රකාශන සෞන්දර්යාත්මකව පේ‍්‍රක්ෂකයාට සම්පේ‍්‍රෂණය කිරීමත්, එමගින් පෙළ විසින් ඉල්ලා සිටිනු ලබන නාට්‍යමය සන්දර්භයේ රිද්මය නඩත්තු කිරීමත්ය. සමාන්‍යයෙන් ලංකාව බඳු රටවල රසික සමූහයා වැළඳ ගන්නේ ගීත සහ සංගීතය ද අනුපාන ලෙස ගත් නාට්‍යයය. ඉතාම ජනප‍්‍රිය වූ සුභ සහ යස වැනි ව්‍යතිරේකයක් හැරුණු විට අන් සියල්ලෙහි අඩු වැඩි වශයෙන් සංගීතය සහ ගීත යොදා ගෙන තිබෙයි. එසේ් වී නම්, කිසිදු ගීයක් හෝ සංගීත ඛණ්ඩයක් යොදා නොගන්නා කැළණි පාලම, අර තරම් ”දිව්වේ” මන්ද යන්න සොයා බැලිය යුතුය. (එය දිවයින පුරා දර්ශන වාර 3000කට වඩා වැඩියෙන් රඟ දක්වා තිබේ.)

ඇත්තෙන්ම, ආර්.ආර්. එම”හපන්කම” පෑවේ ”දෙබස්” මගින් ය. (ඔහු අපේ වේදිකාවට මෙතෙක් පහළ වූ ශූරතම දෙබස් රචකයා වේ ය යන ඇස්තමේන්තුව සමග කැළණි පාලමේ දෙබස් අවධානයෙන් සලකා බැලූ කිසිවෙකු හෝ විරුද්ධ නොවෙනු ඇත.* ඔහු රිද්මයක් සහිත පේ‍්‍රක්ෂාවක් නිපයූවේ චරිත අතර හුවමාරු වන දෙබස් (වචන) වල අන්තර් සංඝටනාව මගිනි. එක දෙබසකින් පසු අනෙක් දෙබස පැන නගින්නේ්, සාමාන්‍ය ”නැරඹීමක” දී අවිෂයය වන්නා වූ එහෙත් සමීප නැරඹීමකින් පමණක් හෙළිදරවු වන එක්තරා රිද්මයානුකූල පිළිවෙළකටය.

සුගතපාල ද සිල්වා මෙසේ් කියා තිබෙයි. ”ආර්. ආර්. ගේ බස එදිනෙදා භාවිත බස ලෙස කණට ඇසුන ද නාට්‍යයට අවශ්‍ය කාව්‍යමය ගුණය එහි ගැබ් වෙයි. අපි බොහෝ දේ්වල් මතක තබා ගන්නේ කවියෙනි. අප්ත පද වලිනි. මතකයේ් රැඳෙන කියුම් මගිනි. ආර්. ආර්. මේ රහස අවබෝධ කර ගත් නාට්‍ය කරුවෙකි. ඔහු ටිකකින් හුඟක් කියන්නේ එහෙයිනි.”

මේ සම්බන්ධයෙන් යම් අදහසක් දීම පිණිස මැටිල්ඩා සහ සරණපාල අතර පහත එන දෙබස උපුටමි.

සරණපාල- (ඇතුල් වෙමින්) අම්මේ, දාන්ඩකෝ ප්ලේන් ටී පාරක්.

මැටිල්ඩා- (ඉදිරියට පැමිණ) මම දෙනව උඹට හොඳවැයින් කම්මුල් පාරක්. කොහෙද යකෝ එළිය වැටිච්ච වෙලේ ඉඳන් අර බල්ලගෙ පස්සෙයි - මේ බැල්ලිගෙ පස්සෙයි වීදියක් වීදියක් ගානෙ සවාරි ගහන්නෙ. හරියට වීදියෙ බණ්ඩාර වාගෙ. උඹ හිතනවද ඔය එකෙක්වත් උඹට නැති බැරි වෙච්ච කාලෙක ඇවිත් හුළැගිල්ලවත් දික් කරයි කියල. එහෙම නං ඉතිං කැළණි ගඟත් හිඳෙන්න ඕන. කොහෙන්ද උඹට ඔය කමිසෙ.

සරණපාල- යාළුවෙකුගෙන් ඉල්ල ගත්තා.

මැටිල්ඩා- ඇයි උඹ ඊයෙ රාත්තිරියෙ ගෙදර ආවෙ නැත්තෙ?

සරණපාල- මේ බිංගේ් ඇතුලෙ තුන්දෙනෙකුට නිදා ගන්න පුළුවන්ද?

මැටිල්ඩා- ආව් අම්ම. මදැයි උඩ ගිහින් තියෙන තරම. කියාපන්කො තාත්තට කිරි ගරුඬෙන් මාළිගාවක් හදල දෙන්ඩ කියල. පණුවො කාපු දතක් වාගෙ මුළු ගේම හෙල්ලූම් කනවා. ඊයෙ ? ගහපු හුළං පාරට තව පොඞ්ඩෙන් වහලෙත් නෑ. රෙද්දක් ඇඳගෙන දොට්ට බහින්න බෑ ඉහේ කෙස් ගානට ණය වෙලා. එ්වා ඔන්නෑ උඹ පලයං රෝන්දෙ. ඇයි ඉතිං මම හිඟා කාල හරි තුන් වේලම බොක්ක පුරවනවනෙ. අර බෙළෙක්කෙ ඇති තේ කහට ටිකක් ගිහිං වක්කර ගෙන බීපන්. ඇයි පාවඩ එලනකල්ද බලාගෙන ඉන්නෙ? ගිහින් වක්කරගෙන බීපන්.

සරණපාල- මට ඕන්නෑ.

මැටිල්ඩා- උඹට මං සුද්ද සිංහලෙන් කියන්නෙ. ඔය පිප්ප්ලි ගෙරවිලි වලට එන්ඩ එපා මාත් එක්ක ඕං ඇහුනද? උඹලට රාජ බෝජන දෙන්ඩ අපට හයිය නෑ.


මේ දෙබසෙහි කිසිදු උච්චාරණ පලූද්දක් නැත. එනම්, දෙබස රංගනයේදී සුඛනම්‍ය ලෙස හසුරවා ගත හැක. වෙනත් නාට්‍යයක සෘජු ලෙස දෘශ්‍යමාන වන ආනුශංගික අංගවලින් කුළු ගැන්වෙන සෞන්දර්යය, මේ නාට්‍යය තුළ උත්පාදනය වන්නේ් චරිත වල හැසිරීම් මගිනි. හැම චරිතයක්ම සියුම් ලෙස විග‍්‍රහ කෙරේ. රූපවතීගේ ශරීර මාංශය පතමින් ප‍්‍රයෝග යොදන මැම්බර් ඇයගේ කතාව ඇසූ පසු තමන් ගැනම කලකිරෙන අන්දමත්, ගනුදෙනුව පිණිස ගෙන ආ මුදල් විසි කර යන අන්දමත් විමසන්න. වර්ග චරිතයක් බවට පත් වී ඝාතනය වන්නට ඉඩ තිබූ මැම්බර්ගේ් චරිතය යට සැඟවුනු සුන්දරකම සමරකෝන් පෙන්වන්නේ් එක දෙබස් ඛණ්ඩයකිනි.

රූපවති- කන බොන දේවල් සල්ලිය බාගෙ පයට පෑගෙන්ඩ වීසි කරන එක පව් දෙය්යනේ

මැම්බර්- එ්ක තමා යකෝ ඇහිඳගන්ඩ කිව්වෙ. මං යනවා මාටින්කාරය ආවොත් කියාපන් මං ගියා කියල. කියාපං මං කෑවට බිව්වට රෝන් සයිඞ් එකෙ යන මිනිහෙක් නොවෙයි කියල.

ආර්.ආර්.ගේ් නාට්‍ය වලින් කැළණි පාලම හැරුණු විට පේ‍්‍ර්ක්ෂකයන් විසින් දැඩිව වැළඳ ගත් අනෙක් නාට්‍ය වූයේ් ”අහසින් වැටුනු මිනිස්සු” (1971) සහ ”ඉඩම” (1975) යි. ආර්. ආර්. සිය නාට්‍ය ව්‍යාපාරයෙහි ලා වඩාත්ම රුචි කළේ සමාජයේ පීඩිත මිනිසුන්ගේ් ජීවිත ඉරණම විමසීමය. ඔහුගේ් මුල්ම සාර්ථක නිර්මාණය සේ සැලකෙන අහසින් වැටුණු මිනිස්සු සිංහල වේදිකාව මත එබඳු සෘජු දේ්ශපාලනික මැදිහත්වීමක් සහිත පළමු කෘතිය ලෙස සැලකිය හැක.

ඔහු ස්වකීය නාට්‍ය සඳහා යථෝක්ත තේ්මාව විවිධ ලෙස භාවිතා කොට ඇති අයුරු, ඔහුගේ් එක් එක් නාට්‍යයේ් තේ්මා ඇසුරින් වටහා ගත හැක.

අහසින් වැටුණු මිනිස්සු-
නාගරික මුඩුක්කු පවුලක් වටා ගෙතුනු නාට්‍යයකි. දරීද්‍රතාවය විසින් මිනිසුන් තමන් තුළ ඇති මිනිස් වටිනාකම් කෙරෙන් පිරිහෙලනු ලැබ ඇති අන්දම විෂයය කර ගනියි.

ඉඩම-
නිර්ධනීන් ගේ් ඉඩම් ප‍්‍රශ්ණය සාකච්ඡා කරයි. පසු වැඩවසම් ලක්ෂණ සහිත සමාජයන්හී දක්නට ලැබෙන ඉඩම් අයිතිය පිළිබඳ ගැටළුව සලකා බැලෙයි.

කැළණි පාලම-
නිවාස අහිමි, කීර කොටු ආශ‍්‍රිත නිර්ධනීන් ගේ් ජීවිත විෂයය කර ගනියි. පාලක පංතිය එකී ගැටළු විසඳීම වෙනුවට කැරට් අල පෙන්වා රැවටීමේ සදාතනික ගැටළුව සාකච්ඡා වෙයි.

ජේ්ලර් උන්නැහේ්-
අපරාධකරුවන් මුර කරන බන්ධනාගාර නිලධාරියෙකු ගැන කතාවකි. අපරාධකරුවන් ද ඔවුන් බලා ගැනීමට යොදවා සිටින මුරපල්ලන් ද යන මේ සියල්ලෝ එකම පංතියකට අයත් පීඩිතයෝ ය යන්න සාකච්ඡුා වෙයි.

සමාජ දේශපාලනික ගැටළු ස්පර්ශ කළ ද ආර්. ආර්. ස්වකීය නිර්මාණකරණයේ දී සෘජු දේශපාලන ප‍්‍රචාරකවාදයකට යට නොවෙයි. සමාජ යථාර්ථයේ සැබෑව නිර්දය ලෙස වේදිකාව මත විවර කොට දී එතැනින් එහාට සිතිය යුතු දේ ඔහු පේ‍්‍ර්ක්ෂකාගාරයට භාර දෙයි. ආර්.ආර්. ස්ථානගතව හිටියේ අමරසේකර විසින් 1976 නාට්‍ය උළෙල අවසානයේ දී පපඩම් නාට්‍ය ලෙස ගර්හාවට ලක් කරන ලද නාට්‍ය ව්‍යාපාරය තුළ නොවේ. (එම අමරසේකරම මේ වන විට ජාතික චින්තන පපඩම තුළ කරවටක් ගිලී ඇති අන්දම වෙනම කතා කළ යුතු දෙයකි!) ගුණදාස අමරසේ්කරම කැළණි පාලම මංගල දැක්ම බැලීමෙන් පසු තමන්ව පසෙකට කැඳවා බෙහෙවින් ප‍්‍රශංසා කළ අන්දම ආර්.ආර්. කැළණි පාලම පිටපතේ පෙරවදනේ සඳහන් කරයි. නාට්‍යය පිළිබඳ පළමු විචාරය ඬේලි නිවුස් පත‍්‍රයට ලියා යවා ඇත්තේ ද අමරසේ්කර ය. පසුකාලීනව 1981 දී අමරසේ්කර ”කැළණි පාලම සිංහල නාට්‍ය ඉතිහාසයෙහි සන්ධිස්ථානයක් බව මම තවමත් පිළි ගනිමි”යැයි සඳහන් කෙරුවේය.

කැළණි පාලම ගැන විමසුමක් කළ ධර්මසේ්න පතිරාජ සමරකෝන්ට පමණක් නොව වෙනත් ඕනෑම නාට්‍ය නිෂ්පදකයෙකුට දෙබස් නාට්‍යයේ ආකෘතිය මින් එහාට වර්ධනය කළ හැකි වේයැයි නොසිතන බව කියයි. ඇත්තවශයෙන්ම සිදු වූයේද එයයි. සමරකෝන්ටම පවා තමන් නිපැයූ කැළණි පාලමෙන් එහාට යා ගත නොහැකි විය!

අවසාන වශයෙන්, සමරකෝන් ගොඩ නැගූ නාට්‍ය සම්ප‍්‍රදාය ලාංකේය නාට්‍ය කලාව තුළ ස්ථානගත වන්නේ කවර තැනක ද යන්නත් එමගින් මතු පරපුරට ලබා ගත හැකි යහපත් අගෝංපාග කවරේ ද යන්නත් පිළිබඳ පුළුල් පර්යේෂණයක් සිදු විය යුතු බව අවධාරණය කරනු කැමැත්තෙමි. එමෙන්ම මෙතෙක් පළ නොවූ සමරකෝන්ගේ පිටපත් මුද්‍රණද්වාරයෙන් එළි දැක්වීමට යම් වැඩ පිළිවෙළක් දියත් වන්නේ නම් එය ද ඔහුගේ නාට්‍ය මග හදාරන සිසුන්ට ද නාට්‍ය ලැදි පොදු පාඨක ප‍්‍රජාවට ද මහත් පිටිවහලක් වනු නියතය.

මාෂා ජයසේන
2010.08.09



ඇමිණුම-1
ආර්. ආර්. සමරකෝන් පිළිබඳ තොරතුරු කිහිපයක්-

උපන් දිනය- 1939 අගෝස්තු 14
උපන් ගම- නාවලපිටිය, දෙකිඳ
නියැලූනු වෘත්තිය- සතොස ආයතනයේ ලිපිකරුවෙක් ලෙස භාෂා පරිවර්තකයෙක් ලෙස සහ පසුව කළමනාකරුවෙක් ලෙස.
බිරිඳ- රම්‍යා වනිගසේකර

එළි දැක්වූ පොත්- දෙහදක් අතර, ගැහැණියකගේචරිතයක්, ගේකුරුල්ලෝ, එක කුසේ උපන් එවුන් යන නවකතා

ගුවන් විදුලි නාට්‍ය- සුදු වළාකුළු

ලැබූ සම්මාන-
අහසින් වැටුණු මිනිස්සු සඳහා-
1971 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නව නිර්මාණ පිටපත, හොඳම (නව නිර්මාණ) නිෂ්පාදනය, හොඳම නළුවා (රංජිත් යායින්න) හොඳම සහාය නිළිය (චන්ද්‍රා කළුආරච්චි).
ඉඩම සඳහා-
1975 උළෙලේ් හොඳම ස්වතන්ත‍්‍ර රචනය, හොඳම නිළිය (චන්ද්‍රා කළුආරච්චි*.
”ගේ කුරුල්ලෝ” ප‍්‍රබන්ධය සඳහා-
රාජ්‍ය සාහිත්‍ය සම්මානය.


ඇමිණුම-2
කැළණි පාලම ලියූ හැටි
කැළණි පාලම” මුද්‍රිත පිටපත- ආර්. ආර්. සමරකෝන්ගේ පෙරවදනෙන්

අහස නොකඩවාම දින දහයක් දොළහක් හඬා වැටිණ. වැහි වතුර පාර තොට පුරා දෝරේ යන්නට විය. වැස්සේ් හැඩ රුව අනුව එය කොළඹට පමණක් නොව මුළු රටටම ඇද හැලෙන්නක් බව මට තේ්රුම් ගියේ්ය. එක් සෙනසුරාදාවක හවස් වරුවේ තවත් වගුරුවන්නට කඳුළු නැති බැවින්දෝ හිටි හැටියේම වැස්ස තුරල් වී කහ පැහැති අව් රැල්ලක් ද එබිකම් පාන්නට විය. මම කලින් නියම කරගත් ගමනකට සැරසී එළියට බැස්සෙමි. ගල්කිස්සෙන් කිරිබත්ගොඩට යන බසයකට ගොඩ වූ මට දෙමටගොඩට යාගත නොහැකි විය. අහස ගුගුරා යළි මහ වැස්සක් ඇද හැළිණ. කුඩ කබලක්වත් රැගෙන ඒමට අමතක වූ බැවින් මම හිත යටින් වෙව්ලා ගියෙමි. කැළණි පාලම පසු කරත් දී අන් කවරදාකවත් නොදුටු දසුනින් මම අන්ද මන්ද වීමි.

පාලම දෙපැත්තේ තැනින් තැන පොල් අතු කූඩාරම් කීපයක් අටවා තිබිණ.

මම යන්නට ගිය ගමන අමතක කොට ඊළග බස් නැවතුම්පොළෙන් බැස මහ වැස්සේ්ම තෙමි තෙමි යළි පාලම පැත්තට ආවෙමි. පොල් අතු කූඩාරම් තුළ ගැහැණු පිරිමි ගුලි ගැසී සිටියහ. එක් කූඩාරමක් එක පවුලකට අයත් බව මට පසක් විය. ඔවුන් කමින් බොමින් අල්ලාප සල්ලාපයෙහි යෙදෙමින් කෙළිදෙළෙන් කල් ගෙවන බව තේ්රුම් ගන්නට මට අපහසු නොවීය. කිසිවෙකු තුළ කණස්සල්ලක් පීඩාකාරී හැඟීමක් නොවූ බව ඔවුන්ගේ් මුහුණේ ඉරියව් වලින් පැහැදිලි විය. ඇෙඟ් නූල් පොටක්වත් නැති අවුරුදු දෙකේ තුනේ කුඩා ළමුන් මහ වැස්සේ පදික වේදිකාව උඩ එහෙ මෙහෙ දුව පනිමින් කොක් හඬලා සිනා සෙමින් කෙළි සෙල්ලම් කළහ. අපි යාන්තම් සිරි පොදක් පින්නක් වැටෙන විටක වුවද අපේ් දරුවන් එළිමහනට නොයවා ගෙය තුළ සිර කර ගෙන සිටිමු. මොවුනට මේ තරම් රළු පරිසරයකට ඔරොත්තු දිය හැකි ශක්තියක් ලැබුනේ කවර වරමකින් දැයි සිතත්ම මගේ සිත සසලව ඉරි තලා ගියේ්ය.

”මහත්තයා කාවද හොයන්නේ” එක් මහළු මිනිසෙක් වැස්සේ තෙමී ගෙන මා අසලට විත් ඇසීය.

”කවුද මේ මිනිස්සු?” මම ඇසීමි.

”අපි කීර කොටුවල පදිංචි උදවිය. ගංවතුර හින්ද පාලම උඩට ආව. හැම අවුරුද්දෙම මෙහෙම තමයි.” ඔහු කීයේ බාගෙට සිනා සෙමිනි.

මේ සිද්ධිය මාස කීපයක් මුළුල්ලේ මගේ සිත තුළ හොල්මන් කරන්නට විය. ඉන් මිදෙන්නට බැරිම තැන මම ”කැළණි පාලම” නාට්‍යය ලියන්නට පෙළඹුනෙමි. ”කැළණි පාලම” සම්පූර්ණයෙන්ම ලියා අවසන් කරන්නට මට මාස හයක තරම් කාලයක් ගත විය. මා දැනට නාට්‍ය අටක් පමණ ලියා නිෂ්පාදනය කර ඇත. ඒවා අතුරින් වඩාත්ම රසික ප‍්‍රසාදයට ලක් වූයේ ”කැළණි පාලම”යි.


ඡායාරූප සහ ආශ‍්‍රිත මූලාශ‍්‍ර-

1. රාජ්‍ය නාට්‍ය උළෙල සමරු කලාප
2. රාජ්‍ය නාට්‍ය උළෙල රජත ජයන්ති සමරු කලාපය
3. අභිනය 7 කලාපය- 60 දශකයේ නාට්‍යකරුවෝ
4. කැළණි පාලම මුද්‍රිත පිටපත (රන්ජන ප‍්‍රකාශන)
5. කැළණි පාලම (රූපවාහිනී) පටිගත කිරීම (මුල් නිෂ්පාදනය)
6. කැළණි පාලම සමරු කලාප



READ MORE - දෙබස් නාට්‍යය දෙපයින් හිටවූ නාට්‍යවේදියා

පරාක්‍රම සිල්වා - 2009

Monday, August 9, 2010

ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, චිත්‍රපට ඡායාරූප ශිල්පියකු හා කැමරා ශිල්පියකු ද වූ පරාක්‍රම සිල්වා ජීවිතයෙන් සමුගෙන මෙම 10 වැනිදාට වසරක් සපිරේ.

1970 දී ‘භග්න ආශා’ නමින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරමින් සිනමාකරණයට පිවිසි ඔහු ‘එළිය’ නමින් තවත් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කර 1980 දී ප්‍රථම වෘතාන්ත සිනමා කෘතිය වූ ‘සෙවනැලි ඇද මිනිස්සු’ චිත්‍රපටය නිර්මාණය කළේය. ඉන්පසු සුගතපාල ද සිල්වාගේ බිත්ති හතර නවකතාව ඒ නමින්ම සිනමාවට නැඟූ ඔහු 2009 අගෝස්තු 10 වැනිදා ජීවිතයට විරාමය තැබීය.

READ MORE - පරාක්‍රම සිල්වා - 2009

ඉර හඳ යට

බෙනට් රත්නායක සිංහල සිනමාවට තිළිණ කරන අමරණීය තිළිණය

දැනටමත් ජාත්‍යන්තර සම්මාන දෙකකින් පිදුම් ලැබීමට ඉර හඳ යට වාසනාවන්ත වී තිබේ

දැන් දැන් එකම ඉරක් එකම හඳක් යට දිවි ගෙවන මිනිසුන් ලෝකයේ නොයෙක් තැන වෙන වෙනත් රාජධානි පතා එකිනෙකා මරා ගැනීම් වැඩි වී තිබේ.

මේ ගැටුම්වලදී විමුක්තිකාමීන් කියා ගන්නා ත්‍රස්තවාදීන් අහිංසක සිවිල් ජනයා තම පටු අරමුණු ඉටු කර ගැනීමට ඉත්තන් කර ගන්නා බවක් පෙනෙන්නට තිබේ.

එවන් වකවානුවක ලාංකේය ඉතිහාසයේ ලෙයින්, කඳුළින් ලියැවුණු තිස් අවුරුදු යුද ශාපයේ තීව්‍රම අවදියක් එළඹ තිබිණ. මේ එහි එක් අඳුරු රාත්‍රියකි. එහිදී රජයේ හමුදා හා ත්‍රස්තවාදීන් අතර දරුණු ගැටුම් ඇවිළිණ. පැය ගණන් ඉක්මවා ගැටුම් ඇදී ගියේය.

රජයේ හමුදා අතර සිටි කෝප්‍රල් රකිත ආගාධයකට ඇද වැටෙන්නේ මේ අතරතුරදීයි. ගොඩ ඒම පිණිස ඔහුට කිසිවකුගේ උදවු අවශ්‍යව තිබිණ. ගැටුම් අතරතුර වුණත් කෝප්‍රල්වරයාට උදවු කරන්නට පැමිණි මේජර්වරයෙකි මහසෙන්.

මහසෙන් කරුණාබර හදවතකින් හෙබි උදාර හමුදා නිලධාරියෙකු සේ කා අතරන් ප්‍රකටව සිටියෙකි. ඔහු වැර යොදා ආගාධයට වැටී සිටි කෝප්‍රල් රකිතව ඉන් ගොඩට ගනී. එහෙත් ඒ වන විටත් බුර බුරා ඇවිළුණු යුද ගිනිදැල් මේජර්වරයාට කිසිදු ඉස්පාසුවක් ලබා නොදුනි.

යුද බිමේ ඉදිරියට දිව යාමේ පළමුවැනියා මරණයේ ද පළමුවැනියාද? එම පැනය මතු වන්නේ් මේජර් මහසෙන් වෙඩි පහර කිහිපයකටම ලක් වීම නිසාය. යුද බිමේ හාත්පස වෙඩි හඬ ගොළු වන විට ඉතිරිව සිටියේ දරුණු තුවාල ලැබ සිටි මහසෙන් හා කෝප්‍රල් රකිත පමණකි.

තුවාලකරුගේ ජීවිතය බේරා ගැනීම කෙරෙහි සහායක භට කණ්ඩායම්වල සහාය සොයා රකිත නික්මුණේය. එහෙත් අවාසනාවකට රකිතට සිදු වූයේ ත්‍රස්තවාදීන්ට හසු වන්නටයි. වෙනත් කර කියා ගත හැකි දෙයක් නැති වූ තැන ත්‍රස්තවාදීන්ට තුවාල ලබා සිටි තම ඉහළ නිලධාරියා ගැන කියන්නට රකිත තීරණය කරයි. ඒ දරුණු තුවාල ලබා සිටි ඔහුට ප්‍රතිකාර ලබා දෙනු ඇතැයි විශ්වාසය මතය.

එහෙත් සිදු වූයේ රකිත බලාපොරොත්තු වූ දේ නොවේ.

මහසෙන් සොයා රැගෙන ආ ත්‍රස්තවාදීන් රකිත ඉදිරිපිටදීම වෙඩි තබා මරා දැමීමය. එතැන් පටන් මහසෙන් මේජර්වරයා මිය ගියේ තමා නිසා නොවේදැයි නිරන්තරයෙන් තැවෙන කෝප්‍රල් රකිතට පෙර මහසෙන් මේජර්වරයා හා ගෙවූ අතීතය නිතර මැවී පෙනේනට පටන් ගනී.

ඔහු දකින්නට පෙර මඟ බලා සිටි ප්‍රිය බිරිය හා අසාධ්‍යව අසනීපයකින් පෙළුණු මහසෙන් ගේ සිඟිති දියණිය පිළිබඳත් සිහිපත් වේ. ඔවුන් අසරණ කළේ තමා නොවේදැයි රකිත කල්පනා කරයි. මෙසේ කෙමෙන් අඳුරු රැය ද ගෙවී යයි. ඔහුට උදාවන හෙට දවස කෙබන්දක් වනු ඇති ද?

යුද්ධයේ මෙම අතුරු කතා පුවතට කෝප්‍රල් රකිත පමණක් නොව රේඛා, භානු, තිරුබා දේවි, හේරත් මැණිකා මෙන්ම සාමා ද ප්‍රබල පංගුකරුවන් වී හිඳිති. ඔවුනොවුන්ගේ් කතාවයි ඉර හඳ යට.

ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාහල්වලින් ප්‍රේක්ෂකයන්ට පිදෙන මීළඟ ආදරණීය සිනමා තිළිණය වන්නේ ද ඉර හඳ යට චිත්‍රපටයමය.

ඊට පසුගිය දා ඇමෙරිකාවේ දී නිමාව දුටු ලොස් ඇන්ජලීස් අන්තර් ජාතික සිනමා උළෙලේ ප්‍රමුඛතම සම්මානයක් වන ජූරියේ විශේෂ ගෞරව සම්මානය හිමි විණ.

එම උළෙලේ දී ලාංකේය චිත්‍රපටයක් මෙම විශිෂ්ට සම්මානයට හිමිකම් කී පළමුවැනි වතාව ද මෙයයි.

පසුගිය අප්‍රේල් මස සිංගප්පූරුවේ පවත් වන්නට යෙදුණු 23 වැනි සිංගප්පූරු අන්තර් ජාතික සිනමා උළෙලේ විශිෂ්ට සම්මානයක් වූ පරිපූර්ණ රංග කුසලතා පිළිබඳ සම්මානයට හිමිකම් කීවේ ද ඉර හඳ යට චිත්‍රපටයමය.

ඉන් නොනැවතී එම උළෙලේ වර්ගීකරණය මත ආසියාකරයෙන් වසරේ බිහි වූ විශිෂ්ට සිනමා කෘති දොළහෙන් එකක් ලෙසටත් මෙම චිත්‍රපටය ගෞරවයට පාත්‍ර විය. එහිදී ඉර හඳ යට සිනමා පටය නැරැඹූ ඇමෙරිකානු චිත්‍රපට බෙදා හැරීමේ සමාගමක තෝරා ගැනීම මත ඉර හඳ යට ඇමෙරිකවේ ප්‍රදර්ශනයටත් නියමිතය.

තව නොබෝ දිනකින් කොරියාවේ පවත්වන්නට නියමිත ‘පියොන් යැංග්’ අන්තර් ජාතික සිනමා උළෙල නියෝජනයටත් ඉර හඳ යට චිත්‍රපටය වරම් ලබා තිබේ.

සිංහල සිනමාවට නවක නළු නිළි යුවළක් වන උදාර රත්නායක සහ තාෂා දර්ශනී ප්‍රධාන භූමිකා නිරූපණය කරන මෙහි සෞම්‍ය ලියනගේ, කෞශල්‍යා ප්‍රනාන්දු, දමිතා අබේරත්න, චාන්දනී සෙනෙවිරත්න, දර්ශන් ධර්මරාජ්, බිමල් ජයකොඩි, සුවිනීතා වීරසිංහ, මහේන්ද්‍ර පෙරේරා, පාලිත සිල්වා, වීණා ජයකොඩි, සුමින්ද සිරිසේන, ජගත් බෙනරගම, රොජර් සෙනෙවිරත්න, රංගන ප්‍රේමරත්න, අජිත් ලොකුගේ, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, කුමාර තිරිමාදුර, බෙනට් රත්නායක, සම්පත් ජයවීර, භාග්‍යා රත්නායක, සමන්මලී හේවාමන්න, ඩී. ජී. සෝමපාල, ෂර්ලින් රොමේෂ්, සෙල්වම් කුමාර් සහ ළමා නිළි දිල්කි නෙත්මිණි ද රඟයි.

ඉර හඳ යට බෙනට් රත්නායකගේ අධ්‍යක්ෂණයකි.

නිෂ්පාදකත්වය සමන්මලී හේවාමාන්න, ඔලිවර් ප්‍රනාන්දු, රුවන් ජයසිංහ සහ ඉන්දික වනිගසේකරගෙනි.

රන්ජන් ප්‍රසන්න සහාය අධ්‍යක්ෂවරයායි. කැමරා අධ්‍යක්ෂණය කාලිංග දේශප්‍රියගෙනි. අංග රචනා ප්‍රියන්ත දිසානායකගෙනි.

සුජීව ගුණරත්න කලා අධ්‍යක්ෂවරයාය. සංගීත අධ්‍යක්ෂණය නදීක ගුරුගේගෙනි. ප්‍රියන්ත කිතලගම සහ අනුර ගම්භීරආරච්චි නිෂ්පාදන කළමනාකරුවෝය. ඇදුම් නිර්මාණ කුමාර කරව්දෙනියගේය. නිෂ්පාදන සැලසුම්කරු දමින්ද ඩී මඩවලයි.

READ MORE - ඉර හඳ යට

අපෙන් දුරස් වූ සම්මානනීය නිළි සුනේත්‍රා සරත්චන්ද්‍ර කියයි


හැත්තෑව දශකයේ මුල් භාගයේ සිංහබාහු වේදිකා නාට්‍යය ඔස්සේ ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ වූ සුනේත්‍රා සරච්චන්ද්‍ර ශ්‍රේෂ්ඨ නාට්‍යවේදියකු වන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ආදරණීය දියණියක වූවාය. අනතුරුව වේදිකාව, පුංචි තිරය,රිදී තිරය ඔස්සේ රංගනයෙන් පෙලහර පෑ ඈ නිළියක පමණක් නොව සංගීත අධ්‍යක්‍ෂවරියක ලෙසින් ද හෙළ කලා කෙත පෝෂණයෙහි ලා දායකත්වය සැපයූවාය. ඈ අද අපේ කතාවේ එක් නායිකාවක්. දෙවැන්නිය වන්නේ කුසලාය. කුසලා බී.පෙරේරා දක්‍ෂතම ළමා නිළියකි. 1990 වසරේ දී කුඩා පිරිමි දරුවාගේ චරිතය අපූරුවට ජීවමාන කරමින් රිදී තිරයම වර්ණවත් කළ ඈ පසුව සිනමාවට නැතිවම බැරි ළමා නිළියක් බවට පත්වූයේ ඉතාම කෙටිකලකිනි. ඒ කලා තරු අද කෝ? අප සොයන්නේ ඔවුන්වයි. එසේ නම් සුනේත්‍රා සරච්චන්ද්‍රගෙන් අපි මේ සොඳුරු චාරිකාව මෙසේ අරඹමු.

තම සෙනෙහෙවන්ත පියාණන්ගේ මග පෙන්වීම යටතේ රංගනයට පිවිසි සුනේත්‍රා සරච්චන්ද්‍ර සිංහබාහු වේදිකා නාට්‍යයේ සිංහ සීවලී වෙමින් කලක් වේදිකා නාට්‍ය ලෝලීන්ව අමන්දානන්දයට පත් කළාය.

ඉන්පසුව මූදු පුත්තු, සෙනෙහෙබර ඩොලී, උත්තමාවි වැනි වේදිකා නාට්‍ය හරහා සිය රංගන හැකියාව මනාව ප්‍රකට කළාය.

ඒ රංගන ප්‍රතිභාව පුංචි තිරයට රැගෙන ආ සුනේත්‍රා දූ දරුවෝ, සදළුතලය වැනි ටෙලි සිතුවම් ද වසන්තයේ දවසක්, විරාගය, අයෝමා, අමාන්තය වැනි සිනමා නිර්මාණ ඔස්සේ අප වෙත වඩාත් සමීප විය.

වසන්තයේ දවසක් සිනමා නිමැවුමේ අඩංගු වන සංගීතවේදී විශාරද පණ්ඩිත් අමරදේවයන් ගයන හීන් සැරේ ඔබ ආවා ගීතයට යුග ගායනයෙන් දායක වූවේ ඇයයි. ඊට අමතරව අමාන්තය සිනමා පටයේ සංගීත නිමැවුම් කාරිය ලෙස නම සනිටුහන් වන්නේ ද ඇයගෙයි.

මෙවන් කලා හැකියාවන් රැසකින් සමන්විත ලංකාවේ ප්‍රකට කලා පවුලකින් කලා නිම්නයට සපැමිණි ඇය අද කෝ? අපි ඇයගෙන්ම ඒ පිළිබඳ අසා දැන ගනිමු

මා දැනට පදිංචි වී සිටින්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලංකාවෙන් ඈත් වී දශකයකට ආසන්න කාලයක් ගතවුණත් කලා කටයුතුවලින් නම් හිත ඈත් වුණේම නැහැ.

මෙහෙ සිදුවන කලා කටයුතුවලට නොඅඩුව මගෙන් සහයෝගය ලැබෙනවා.

මගෙ තාත්තගෙ රත්තරං සහ පරස්තාව ද බන්දුල විතානගේ ගේ සෙනෙහෙබර ඩොලී යන වේදිකා නාට්‍ය මෙහෙ නළු නිළියන් යොදාගෙන නැවත නිෂ්පාදනය කර අමෙරිකාවේ දී වේදිකාගත කළා.

මෙම කලා කටයුතුවලට අමතරව හැට හැත්තෑව දශකවල වේදිකා නාට්‍යවල අතිශය ජනපි‍්‍රය ගීත ඇතුළත් කරමින් නාට්‍ය ගී ප්‍රසංගයක් කරන්නත් අදහස් කරනවා.

ඒ සඳහා කැලිෆෝනියාවල වෙසෙන අපගේ කලා ශිල්පීන් වන සොමී රත්නායක, සුසිලා රත්නායක සහ මගේ නැගණිය වන කිසාගෝතමී සරච්චන්ද්‍රව සහභාගී කර ගැනීමටයි මගේ බලාපොරොත්තුව.

ඒ වගේම කැලිෆෝනියාවල සිටින භද්‍රජී මහින්ද ජයතිලක අධ්‍යක්‍ෂණය කරන නවතම චිත්‍රපටය වන “විපර්යාසයේ” ප්‍රධාන භූමිකාවට පණදීමට මට අවස්ථාව ලැබී තිබෙනවා. එහි තිරපිටපත අධ්‍යනය කරමිනුයි මේ දිනවල කාලය ගත කරන්නේ.

නැවත ලංකාවට එන්න අදහසක් නැතුවාම නොවෙයි.

දැන් ලංකාවේ කලාව තරමක් පිරිහීමට ලක්වෙලා කියලා මට ලැබෙන ආරංචිවල සදහන් වෙනවා. කලාව කියන්නේ හුදු විනෝදාංශයක් නොවෙයි. කලාව අතිශය පූජනීයයි. ඊට කැපවීමක් අවශ්‍යයි. නව පරපුර හා රසිකයින් ඒ ගැනත් සිතනවා නම් හොඳයි



READ MORE - අපෙන් දුරස් වූ සම්මානනීය නිළි සුනේත්‍රා සරත්චන්ද්‍ර කියයි

මැද රට රඟමඩල නාට්‍ය කණ්ඩායමක්

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කළ සරත් ඒකනායක සංස්කෘතික පදනම මඟින් මැදරට රඟමඩල නමින් නාට්‍ය කණ්ඩායමක් ඇරැඹීමට සැලසුම් කර ඇත. මෙම නාට්‍ය කණ්ඩායමට නවක ශිල්ප ශිල්පිනියන් බඳවා ගැනීම සඳහා අයැදුම්පත් මේ දිනවල කැඳවනු ලැබේ.

නාට්‍යකරණය පිළිබඳ උනන්දුවක් දක්වන, වයස් බේදයකින් තොරව සහභාගී විය හැකි මේ සඳහා පහත ලිපිනයට අයැදුම්පතක් යොමු කිරීමෙන් වැඩි විස්තර ලබාගත හැක. සරත් ඒකනායක සංස්කෘතික පදනම,

අංක 5/2 ඒ, පිටකන්ද පාර, මහනුවර.

READ MORE - මැද රට රඟමඩල නාට්‍ය කණ්ඩායමක්

භාත්ඛණ්ඩ විභාගයට අයැදුම්පත් කැඳවයි

ජාතික උරුමයන් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයට අනුබද්ධිත ටවර්හෝල් පදනම මගින් ඉන්දියාවේ භාත්ඛණ්ඩ සංගීත් විද්‍ය පීඨය පවත්වනු ලබන 2010 නැටුම් හා සංගීත විභාගයන් සඳහා අයැදුම්පත් බාර ගැනීම මේ දිනවල සිදුවේ.

බාහිර අයැදුම්කරුවන්ට පමණක් ඉල්ලුම් කළ හැකි මෙම විභාගයන් සඳහා අයැදුම්පත් ටවර් හෝල් රඟහල පදනමට අනුබද්ධිත කොළඹ 10, මරදාන එල්ෆින්ස්ටන් රඟහල් පරිශ්‍රයේ පිහිටි සරසවිපාය ලයනල් එදිරිසිංහ රංග ශිල්ප කේන්ද්‍රයෙන් කාර්යාල වේලාව තුළ ලබාගත හැකිය.

අයැදුම්පත් බාරගැනීම 2010 අගෝස්තු මස 10 වැනි දිනෙන් අවසන් වේ.

READ MORE - භාත්ඛණ්ඩ විභාගයට අයැදුම්පත් කැඳවයි

බඹර වළල්ල

තම කුලුඳුල් සිනමා නිර්මාණයෙන් උපන් පිං බිමට ජාත්‍යන්තර කීර්තියක් ගෙන දුන් අතුල ලියනගේ සරසවිය මැද පිටුවට එක්වෙමින් එසේ කියයි

‘බඹර වළල්ල’ අතුල ලියනගේ අධ්‍යක්ෂණය කළ කුලුඳුල් සිනමා නිර්මාණයයි. එය හෙට (06) සිට කොළඹ රීගල් ඇතුළුඛ්ඡ්ඹ් මණ්ඩලයේ සිනමාහල් රැසක ප්‍රදර්ශනය කෙරේ. එය මෙරට ප්‍රදර්ශනයට පෙරාතුව ලෝක පරිමාණයේ ඇගයීමට ලක්වූ අපේ සිනමාවට අභිමානයක් එක් කළ විශිෂ්ට සිනමා කෘතියකි.

පසුගිය දා අමෙරිකාවේ දී නිමා වූ 43 වැනි හූස්ටන් අන්තර්ජාතික සිනමා උළෙලේ දී හොඳම අධ්‍යක්ෂණයට හිමි ජූරියේ විශේෂ රෙමි සම්මානයෙන් හා විශිෂ්ටතම කැමරාකරණයට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ ‘බඹර වළල්ල’ අපේ සිනමා ඉතිහාසයේ හූස්ටන් සිනමා උළෙලක සම්මානයට පාත්‍රවූ එකම චිත්‍රපටය ද වේ.

‘අමුඩයේ සිට ඩෙනිමට’ තේමා පාඨය සමගින් රිදී තිරය මත දිග හැරෙන මෙම අපූර්ව සිනමා සිත්තම පිළිබඳ එහි අධ්‍යක්ෂ අතුල ලියනේ හා ‘සරසවිය’ කළ සුවිශේෂී සංවාදය මෙතැන් සිට පාඨක ඔබ හමුවේ දිග හැරේ.

‘බඹර වළල්ල’ ඔබේ කුලුඳුල් සිනමා නිර්මාණය කොහොමද ඔබ මෙතනට තල්ලු වුණේ...?

අවුරුදු විස්සක් පුරා මම එකතු කරගත් අත්දැකීම් මට සිනමාවට ගේන්න ඕනෑ වුණා. ඇත්තෙන්ම මම වැඩිපුර සම්බන්ධ වෙලා හිටියේ වේදිකාවට. එහෙම ඉන්දැද්දිත් මම සිනමාව ගැන හැදෑරුවා. ෂෙල්ටන් පයාගල තමයි මගේ ගුරුවරයා වුණේ. ඔහු පුස්තකාලයක් හා සමාන පුද්ගලයෙක්.

අවුරුදු දහයක කාලයක් මම ඔහුගෙන් සිනමාව පිළිබඳ බොහෝ දේ දැනකියා ගත්තා. සිනමාව අනිවාර්යයෙන්ම විෂයානුබද්ධ දෙයක්. සමාජ විද්‍යාව හා මානව විද්‍යාව තමයි මම කැමැතිම විෂයයන්. ඒ විෂයයන් අධ්‍යයනය කිරීමෙන් මා ලත් දැනුම සිනමා මාධ්‍යයෙන් එළි දක්වන්න මා කළ උත්සාහයේ ප්‍රතිඵලය තමයි ‘බඹර වළල්ල’ හරහා ඔබ දකින්නේ.

ඔබ වඩාත් සමීපව සිටියේ වේදිකාවට, පසුකලෙක පුංචි තිරයටත් ඔබ සේන්දු වෙනවා. නමුත් ඇයි ඔබ සිනමාව හරහා ඔබේ ආත්ම ප්‍රකාශනය එළි දක්වන්න කල්පනා කළේ...?

2000 වසරේදී රාජ්‍ය නාට්‍ය උළෙල නියෝජනය කරමින් මගේ ‘මරණ වරණ’ හොඳම නාට්‍යය පිටපත විදියට තේරුණා. එම වසරේදීම රාජ්‍ය යොවුන් නාට්‍ය උළෙලේ හොඳම අධ්‍යක්ෂ, හොඳම නිෂ්පාදක, හොඳම නළුවා ඇතුළු සම්මාන කිහිපයකුත් ඒ නාට්‍යයට හිමිවුණා. නමුත් ඊට පසු නිර්මාණාත්මකව මම කිසිම මාධ්‍යයකට දායක වුණේ නැහැ. රංගන ශිල්පියකු හැටියට විතරයි මම කටයුතු කළේ. වසර නවයකට පස්සේ තමයි මම තිර පිටපත ලියමින් ‘බඹර වළල්ල’ අධ්‍යක්ෂණය කළේ.

මම වේදිකාවෙන් සිනමාවට ආ කෙනෙක්. සිනමාවේ හිඳීමම පමණක් සැබෑ සිනමාකරුවකු වීමට සුදුසු කමක් වෙන්නේ් නෑ. ඊට පිටින් ඉඳන් තමයි සිනමාව ගැන හදාරන්න ඕනෑ. මේක චරිත පදනම් කරගත්ත චිත්‍රපටයක්. චරිතවලින් ලීඩර් කෙනෙක් බිහි කරන්න මට ඕනෑ වුණා. එතැනදී මම සිනමාව නමැති ප්‍රබල මාධ්‍ය මගේ ආත්ම ප්‍රකාශනය ලෙස භාවිතා කළා.

වේදිකාව හා සිනමාව මාධ්‍යයන් දෙකක්. නමුත් මේ මාධ්‍යයන් දෙකම ඔබ බොහොම සූක්ෂම ලෙස ග්‍රහණය කරගනිමින්, එහි රුව ගුණ හඳුනාගනිමින් නිර්මාණකරණයේ යෙදී ඇති වග පෙනෙන්නට තිබෙනවා...?

ඇත්තෙන්ම වේදිකාවත්, සිනමාවත් කියන්නේ සපුරා වෙනස් මාධ්‍ය දෙකක්. හැබැයි ඒ කියන්නේ වේදිකාව O/L, සිනමාව A/L කියලා නෙවෙයි. සිනමාව අධ්‍යක්ෂවරයාගේ මාධ්‍ය, එතැනදි කිසිවකුට බැහැ අධ්‍යක්ෂවරයා අභිබවා යන්න. සියල්ලන් ඔහුට නතු වෙනවාමයි. වේදිකාවේදී අඩුම තරමින් තිරය ඇරෙන තැන ඉඳලාවත් නළුවාට හෝ නිළියට ප්‍රම්‍රඛතාවය ලැබෙනවා.

ඒ කියන්නේ වේදිකාවේ දී ප්‍රමුඛතාවය හිමිවන්නේ රංගන ශිල්පියාට හෝ ශිල්පිනියට කියලද ඔබ කියන්නේ...?

නැහැ. මම එවැන්නක් නෙවේ කිව්වේ. වේදිකාවත් සිනමාව වගේම සහජාත මාධ්‍යයක්. එතැනදිත් රංගන ශිල්පියා හෝ ශිල්පිනිය අධ්‍යක්ෂවරයා යටතේ මාස කිහිපයක පුහුණුවක් ලබනවා. නරඹන්නන් අතරට යන්නේ ඊට පස්සේ. නමුත් එතනදි චිත්‍රපටයක වගේ දැඩිව අධ්‍යක්ෂවරයාට නතුවීමක් සිදුවෙන්නේ නැහැ.

වේදිකාවේ ඉඳන් සිනමාවට මේ පිම්ම පනින එක ඔබට අභියෝගයක් වුණේ නැතිද...?

නැහැ. එය මට අභියෝගයක් වුණේ නැහැ. සිනමාවට නිර්මාණාත්මකව දායක වෙන්න මට ලොකු උවමනාවක් තිබුණා. මගේ ඒ තීරණය නිවැරදියි කියලා හිතෙනවා.

‘බඹර වළල්ල’ නමෙන් පවා වෙනස් වූ චිත්‍රපටයක්. මෙහි අරුත නොදත් අය පවා මේ සමාජයේ ඉන්නවා?

බඹරු, මිනිස්සුන්ට අනින්න එන්නේ වළල්ලක් වගේ රවුමට හැදිලා කියලා කතාවක් අපේ ගැමි වහරේ තියෙනවා. ඔවුන් ඒකට කිව්වේ ‘බඹර වළල්ල’ කියලා. ඒ වගේම අපේ පහතරට නැටුම් සම්ප්‍රදායේ තියෙනවා ‘මහ මාලක්කන’ කියලා නැටුමක්. එක රවුමට මේක නටන්නේ. මේ රවුමට ඇතුල් වෙන්න ලේසි නැහැ. ඒ වගේම පිටවෙන්නත් ලේසි නැහැ. නමුත් මේක හරි විචිත්‍රවත් නර්තනයක්. ඒකටත් බඹර වළල්ල කියා කියනවා. මේ චිත්‍රපටයේ අන්තර්ගතයෙන් කියැවෙන්නේ ඒ සිස්ටම් එකට ඇතුළුවෙන එකත්, එයින් ගැළවෙන එකත් ලෙහෙසි නැහැ කියන එකයි.

‘අමුඩයේ සිට ඩෙනිමට’ යන තේමාව ඇයි මේ චිත්‍රපටයට යෙදුවේ...?

සංවෘත ආර්ථිකයේ දී වී වෙළෙඳාම් කළ පුද්ගලයෙක් විවෘත ආර්ථික ක්‍රමය තුළ මිනී පෙට්ටි වෙළෙන්දෙක් බවට පත්වෙනවා. මේ කාල පරාසය තුළ අපේ සමාජ සංස්ථාව කොතෙක් දුරට වෙනස් වෙලාද, සමාජ පුරුෂාර්ථයන්, මිනිස්කම් කොතෙක් බිඳ වැටිලාද කියන කාරණායි මේ චිත්‍රපටයෙන් ඉස්මතු කරන්නේ. ‘අමුඩයේ සිට ඩෙනිමට’ කියන තේමාව චිත්‍රපටයේ නම ඉදිරියට එක්වන්නේ ඒ හරහා.

අධ්‍යක්ෂණයට අමතරව ඔබ මේ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවකටත් පණ පොවනවා. මේ කාර්යයන් දෙක එකවර කිරීම දුෂ්කර කටයුත්තක්. එහිදී ඔබ සාර්ථක වුණා කියලා සිතනවාද...?

මට ‘හූස්ටන්’ සිනමා උළෙලේදී ලැබුණේ ‘ක්‍රියේටිව් එක්සලන්සි’ කියන සම්මානයයි. මගේ රංගනයත් සමගින් චිත්‍රපටයේ සමස්ත ක්‍රියාවලියටමයි ඒ සම්මානය හිමිවුණේ. චිත්‍රපටය ප්‍රේක්ෂකයෝ අතරට ගියාම ඔවුන්ගේ ප්‍රතිචාරවලින් දැන ගන්න පුළුවන් මගේ සාර්ථකත්වය. මම හිතන්නේ මේ අධ්‍යක්ෂණය කරන ගමන් රඟපෑම මට අභියෝගයක් වුණේ නම් නැහැ.

‘ගෝනමඩිත්තේ පොඩි එකා’ නමින් ඔබ රඟපාන වෙනස්ම මාදිලියේ චරිතය ගැන මොකද හිතෙන්නේ?

ඔහු ඇඟ, මස පමණක් විශ්වාස කරන පහළ අධ්‍යාපනයක් ලද තරුණයෙක්. එවැනි අය අපේ සමාජයේ කොතෙකුත් ඉන්නවා. ප්‍රේක්ෂකයන් චිත්‍රපටය නරඹන තුරු ඒ ගැන වැඩියමක් කියන්න මම කැමැති නැහැ.

ඔබ ඒ නිගමනය ප්‍රේක්ෂකයාට බාර කරන්නේ ඇයි. කලාකරුවා කියන්නේ රසිකයාට වඩා ඉදිරියෙන් ඉන්න කෙනෙක් නේ...?

කලාව වේවා, සාහිත්‍ය වේවා, මානව, සමාජයේ ක්‍රියාකාරකම් මතමයි ඒවායෙහි නිර්මාණ පාර්ශවයන් ගොඩ නැගෙන්නේ. කලාව තියෙන්නේ මිනිසාට වඩා උඩින් නෙවෙයි. කලා නිර්මාණයක් කියන්නේ මානව විද්‍යාත්මක සමාජයේ තවත් ප්‍රතිඵලයක්. කලාව මානව ගනුදෙනු වලින් ගැළවුණාට පස්සේ තමයි විඳින්නට පුළුවන් වෙන්නේ. ඇත්තටම කලාව කියන්නේ අමුතු දෙයක් නෙවෙයි.

මිනිසුන්ගේ දෛනික කටයුතු දිහා ආපසු හැරී බැලීමක්. කලාකරුවා හොඳ ඇනලයිසර් කෙනෙක් වෙන්න ඕනෑ. මම හිතන්නේ කලාවේ පළමුවැනි දේ තමයි වින්දනය. ඊට පස්සේ තම නැණ පමණින් එක් එක් අය ඒවා විඳිනවා. බඹර වළල්ල වින්දනාත්මක චිත්‍රපටයක්. අධ්‍යාපනය ලද, නොලද හැමෝටම සම අසුන්ගෙන නරඹන්න පුළුවන් නිර්මාණයක්.

මැල් ගේ භූමිකාව නිරූපණය කරන මහේන්ද්‍ර පෙරේරාගෙන් ඔබ අති විශිෂ්ට රංගනයක් උකහාගෙන තිබෙනවා. මාධ්‍ය දර්ශනය නැරඹූ බොහෝ දෙනෙක් පැවසුවේ එය මහේන්ද්‍රගේ රංගන දිවියේ කූටප්‍රාප්තිය වගේම සිංහල සිනමාවේ නළු චරිත අතරට එක් වූ විශිෂ්ටතම රංගනයක් බවයි...?

බොහෝ වෙලාවට මහේන්ද්‍රට හමුවුණේ ඔහුට වඩා වයසින් අඩු චරිත. ඒ කියන්නේ චේන් කෑලි දාගෙන, ජෙල් ගාගෙන ඉන්න චරිත. මහේන්ද්‍ර හරි සරලයි. ඔහු නිතරම රංගනයේ දී ඉන්නේ සීරෝවල. එහෙම බිංදුවේ ඉන්න කොට අධ්‍යක්ෂවරයාට පුළුවන් ඔහු එකට, නැතිනම් දෙකට ගේන්න.

ඔහු ඇක්ටින් ටෙක්නොලජි එක හොඳින් දන්න නළුවෙක්. තවත් විදියකට කිව්වොත් මහේන්ද්‍ර වතුර වගේ, අපට පුළුවන් ඒ වතුර තැඹිලි, රතු හෝ අවශ්‍ය වර්ණයකට හරවා ගන්න. ඔහු ජාත්‍යන්තර දැනුම හදාරපු නළුවෙක්. මට වඩා ප්‍රවීණයෝ චිත්‍රපටය බලලා මහේන්ද්‍රගේ රංගනය ගැන ලොකු පැහැදීමකින් කතා කළා.

ඔවුන් කිව්වේ අපේ සිනමා ඉතිහාසයේ විශිෂ්ටතම චරිත වූ ගෝරිං මුදලාලි, විලී අබේනායකටත් වඩා ‘මැල්’ ඉදිරියට ගිහින් තියනවා කියලා. වේදිකාව හුරු නළුවෙක් වුණත් මහේන්ද්‍රගේ ඕවර් ඇක්ටින් නැහැ. ඔහු ඩිරෙක්ෂන් බාර ගන්න දන්න නළුවෙක්.

මැල් කියන්නේ බහුවිධ චරිතයක්. ඔහු හරහා ඔබ ඉදිරිපත් කරන්නට උත්සාහ කරන්නේ එකම මිනිසකු තුළ සැඟවී සිටින මිනිසුන් කිහිප දෙනෙක් ගැන...?

ඔහු මුලින් කරන්නේ වී වෙළෙඳාම. ඊට පස්සේ මිනී පෙට්ටි සාප්පුවක හිමිකරුවෙක් වෙනවා. තමන්ට අකැමැති අයගෙන් බොහෝම සූක්ෂමව පළිගන්න කෙනෙක් ඔහු.

ඒ වගේම ආදරවන්තයෙක්. විශේෂයෙන්ම මම මහේන්ද්‍ර නිරූපණය කරන මේ මැල් ගේ චරිතය හරහා උත්සාහ කළේ සුදු කරපටි අපරාධකරුවන්ගේ මානසිකත්වය ගැන කතා කරන්න. සමාජ විද්‍යාත්මක පදනමක හිඳ ඒ අපරාධකරුවන් දෙස බලන්න මම උත්සාහ කළා.

ප්‍රවීණ මෙන්ම නව පරපුරේ රංගන ශිල්පීන්, ශිල්පිනියන් රැසක් ඔබේ මෙහෙයවීම යටතේ වෙනස්ම ආකාරයේ රංගනයන් ඉදිරිපත් කරන ආකාරයකුත් අපි දැක්කා...?

ශ්‍රියන්ත මෙන්ඩිස්, නීටා ප්‍රනාන්දු, දමිතා අබේරත්න, අනුරුද්ධිකා පාදුක්කගේ වගේ නළු නිළියන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා.

ඒ ඒ චරිතවලට ඔවුන් උපරිම සාධාරණයක් ඉටු කළා. මුළු ජීවිතේටම කැමරාවක් දැකපු නැති ආධුනිකයෝ දහ දෙනෙකුත් මේ චිත්‍රපටයේ රඟපෑවා. එයත් මට ලොකු සතුටක්.

නව පරපුරේ දක්ෂ ගායකයෙකු හා සංගීතවේදියකු වන කසුන් කල්හාර සිනමා සංගීත අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ ඔබේ චිත්‍රපටයෙන්...?

මම හඳුනා ගත්ත විදිහට කසුන් කල්හාර කියන්නේ විශේෂ සංගීත ඥානයකින් හෙබි සංගීතවේදියෙක්. මේ චිත්‍රපටය මුලින් ඔහුට පෙන්නලා මම කිව්වා, කැමතිනම් විතරක් මේ වැඩේ බාර ගන්න කියලා.

චිත්‍රපටය නරඹලා ඔහු කැමැති වුණා සංගීත අධ්‍යක්ෂණය කරන්න. සිනමා සංගීතය යනු කුමක්ද කියන එක මම හිතන්නේ කසුන්ගේ සංගීත නිර්මාණය හරහා අපට අත් විඳින්න පුළුවන් වේවි.

හොඳයි, අතුල අවසන් වශයෙන් කියන්න ‘බඹර වළල්ල’ ලැබූ අන්තර්ජාතික සම්මානය ගැන ඔබේ තක්සේරුව කුමක්ද කියා...?

මෙවර පැවැත්වුණේ 43 වැනි අන්තර්ජාතිත හූස්ටන් සිනමා උළෙල. රටවල් 23 ක චිත්‍රපට 2400 ක් අතරින් තමයි මට මේ සම්මානය ලැබුණේ.

ඒ වගේම හොඳම කැමරාකරණයට හිමි සම්මානය ත්‍රිශූලදීප තඹවිටට ලැබුණේ. මේ රටවල් 23 ට සමාජවාදී, ධනවාදී, සංවර්ධිත, ඌණ සංවර්ධිත මෙකී නොකී රටවල් අයිති වුණා. ඇත්තෙන්ම මේ සිනමා උළෙල ලෝකයේ විශිෂ්ටතම සිනමා උළෙලවලින් එකක්. අමරිකාව, ප්‍රංශය, ඉරානය, ජර්මනිය, කොරියාව ඇතුළු රටවල් රැසක් මෙවර උළෙල නියෝජනය කළා. මේ සිනමා උළෙලේ ඉතිහාසය ගත්තොත් ස්ටීවන් ස්පීල්බර්ග්, එතකොට ග්ලැඩියේටර් වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ රීඩ්ලි ස්කොට් වගේ දැවැන්ත සිනමාකරුවන්ට ෆස්ට් ඩිරෙක්ෂන් අවෝඩ් එක ලැබුණ සිනමා උළෙලක්.

READ MORE - බඹර වළල්ල

රාජිත නම් වූ වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂවරයා

Thursday, August 5, 2010


1994 දී ,සක්‌වාදාවල, ගෙන එමින් වේදිකාව මත සිය අණසක පැතිවූ රාජිත දිසානායක රාජ්‍ය සම්මානලාභී නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙකිග තමන්ට අනන්‍ය වූ ආකෘතියක්‌ මත නිර්මාණකරණයෙහි යෙදෙන රාජිත ,හසයින්ටත් මං ආසයි, :96-ල ,මට වෙඩි තියන්නැද්ද, :99- නාට්‍ය ඔස්‌සේ ප්‍රේක්‌ෂකයා නව මානයකට ගෙන ගියේයග ඔහුගේ ,වීරයා මැරිලා,:2002-ල ,සිහින හොරු අරං, :2005-ල ,ආපහු හැරෙන්න බෑ, :2009- ජාතික නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය ලෙස සම්මානයට පාත්‍ර වියග එම නාට්‍ය ත්‍රිත්වය අද :05 දා- හෙට :06 දා- සහ අනින්දා :07 දා- ලයනල් වෙන්ඩ්ට්‌ රඟහලේ දී වේදිකාගත කෙරෙනු ඇතග ඒ නිමිත්තෙන්ල රාජිත පිළිබඳ ඔහුගේ නිර්මාණයන්ට දායක වූ ශිල්පීන් සමූහය සමඟ කළ සුසංවාදයක සටහන මෙසේ පෙළගැසේ

දයාදේව එදිරිසිංහ

මම වේදිකාවට පිවිසුනේ සුගත්ගේ :සුගතපාල සිල්වා- නාමය හරහා ඉන්පසු ඒ අවදියේ අධ්‍යක්‍ෂවරු ගණනාවක්‌ යටතේ නාට්‍යවල රඟපෑමට සම්බන්ධ වුණාග ඔවුන් අධ්‍යක්‍ෂණ ක්‍රියාවලියේදී අනුගමනය කළ ක්‍රමවේදය රාජිතගේ පරම්පරාවේ අධ්‍යක්‍ෂවරුන්ට වඩා වෙනස්‌ග එක්‌ එක්‌ අධ්‍යක්‍ෂවරයා තමන්ට ආවේණික ක්‍රමවේදයකටයි නළුවන් මෙහෙයවීම සිදු කරන්නේග

රාජිතගේ පරම්පරාවේ අධ්‍යක්‍ෂවරුන් ගණනාවක්‌ සමගත් සම්බන්ධ වී වැඩකිරීමට මට අවස්‌ථාව ලැබුණාග ඒ අතරින් මා ඉතා ප්‍රිය කරන විශිෂ්ටම අධ්‍යක්‍ෂවරයා රාජිත බව කීම අතිශෝක්‌තියක්‌ නොවේග

ඔහුගේ අධ්‍යක්‍ෂණ ක්‍රියාවලිය ටිකක්‌ වෙනස්‌ පිටපත කියවීම සඳහාම ඔහු විශාල කාලයක්‌ ගන්නවා ඒ හරහා නළුවාට තමන්ගේ චරිතය පිළිබඳ අදහසක්‌ ලබා ගැනීමට හැකිවෙනවාග ඒ අවබෝධයත් සමග ඔහු චරිතය ගොඩනගා ගැනීමට නළුවාට අවස්‌ථාව ලබා දෙනවාග එසේ නොමැතිව නළුවා රඟපාන්නට උත්සාහ කරන්නේ නැහැග මේ නිසා ඔහු සමග වැඩකිරීමට ඉතා අසීරුයි වගේම ඉතා ආශ්වාදජනකයි බොහෝ අධ්‍යක්‍ෂවරු තුළ මා නොදුටු දෙයක්‌ වන්නේ කණ්‌ඩායමක්‌ ලෙස සාමුහිකව වැඩකිරීමට ඇති උනන්දුව සහ හැකියාවග රාජිත අධ්‍යක්‍ෂවරයෙක්‌ ලෙස රංග ශිල්පීන් සමග පමණක්‌ නොවෙයි අවශේෂ ශිල්පීන් සමගද මනා සබඳතාවක්‌ ගොඩනගා ගනිමින් නාට්‍ය වේදිකාව මත ගොඩනැංවීම සාර්ථක කර ගැනීමට ඉතා ශූරයි

ශ්‍යාම් ප්‍රනාන්දු

රාජිතගෙ නාට්‍ය කණ්‌ඩායමට මා සම්බන්ධ වීම සිදුවුණේ මම නාට්‍ය වැඩමුළුවක චරිතයක්‌ නිරූපණය කරනවා දැකීමෙන් ඇතිවූ කතා බහකින්ග ඒ පළමු හමුවීමේදීම මට දැණුනු දේ තමයි ඔහු චරිතය හිතේ තියා ගෙන වෙන දේවල් කතා කරල බලන බවග ඒ කියන දේවල්වලට ස්‌වභාවිකව දක්‌වන ප්‍රතිචාරත් සමග ඔහුට අවශ්‍ය චරිතය මා තුළින් මතු කරගත හැකිද යන්න ඔහු තීරණය කරනවාග

ඒ ආකාරයට මූලික තීරණයකට එළඹි පසු පිටපත කියවීමේ පුහුණු අවස්‌ථාවට පෙර විවිධ හමුවීම්වලදී ඔහු තවදුරටත් තහවුරු කර ගන්නවා ඒ චරිතය මට සුදුසුද කියාග පිටපත කියවීමේ අවස්‌ථාව වන විට ඔහුට දැඩි විශ්වාසයක්‌ තිබෙනවා මේ චරිතය අදාළ නළුවා හෝ නිළියට මතුකළ හැකි බවග ඒ නිසාම රාජිත යම් චරිතයකට නිළියක්‌ හෝ නළුවෙක්‌ තෝරාගත් පසු ඔහුට එය නිරූපණය කිරීමට නොහැකිව ප්‍රතික්‍ෂේප වුණේ වරක්‌ හෝ දෙවරක්‌ පමණයිග

හැමවිටම රාජිත අතින් ලියවෙන්නෙ ඔහු අත්දකින ජීවිතය ඔහුගේ වටාපිටාවෙ දකින්න ලැබෙන සමීපතමයන්ගේ ජීවිතයග ඒ නිසාම පිටපත කියවීමේ අවස්‌ථාවේදී බොහෝ විට අතර මැද නවත්වල ඔහුගේ ජීවන අද්දැකීමක්‌ අපට විස්‌තර කරනවාග රාජිත කොහොමටත් නාට්‍යය ගැන කතා කරනවාට වඩා වෙන දේවල් ගොඩක්‌ කතා කරනවාග පිටින් ඇවිත් කෙනෙක්‌ අසා සිටියොත් හිතාවි නිස්‌කාරනේ කාලය කා දමනවා කියාග කොටින්ම මටත් මුලින් එසේ සිතුණු වාර අනන්තයිග එහෙත් රාජිත සමග ටික කාලයක්‌ කටයුතු කරන විට අවබෝධ වෙනවා මේ සියලු කතා කාලය කා දැමීම් නාට්‍යයට අදාළ බවග

මම අසා ඇති පරිදි විදේශීය නාට්‍ය අධ්‍යක්‌ෂවරු හැම චරිතයකටම වගේ ක‍ය්ර්ජඑැර ඊසඉකැ හදනවාග රාජිතත් ඒවගේම ඔහුගේ නාට්‍යයට අදාළ චරිත පිළිබඳ විශාල වපසරියක්‌ ගවේෂණය කරනවා ඇතිග චරිතයක්‌ ගොඩනගාගැනීමට අපට සපයන වටපිටාවෙන් ඒ බව පැහැදිලි වෙනවාග ඒ නිසාමයි ඔහුගේ චරිත වේදිකාව මතදී ඉතා පැහැදිලි සමාජ දේශපාලන භූමිකාවක්‌ නිරූපණය කරන්නේග

රංගන ශිල්පියෙක්‌ ලෙස රාජිතගෙ නාට්‍යවලට සම්බන්ධවීමෙන් මට ලැබෙන විශාලතම ප්‍රතිලාභය තමයි එහිදී අපි අද්දකින චරිත ඔස්‌සේ අපේ ජීවිතයන් යළි කියවා ගැනීමකට හැකිවීමග අපේ මිතුරන් ගැනල පෙම්වතිය ගැන ආයතන ප්‍රධානියා ගැන අවබෝධයක්‌ ඇතිකර ගන්න පෙර ඔහුගේ නාට්‍ය හේතු වෙනවාග රංගන ශිල්පියෙක්‌ ලෙස සැබෑ ජීවිතයේදී ඒ ඒ අවස්‌ථාවන් පසුකර යනවිට වෙනස්‌ මානයන්ගෙන් කියවීමකට ලක්‌කර ගැනීමට රාජිතගෙ වේදිකා අද්දැකීම ඉවහල් වෙනවාග ඒ ඒ අවස්‌ථාවන් වේදිකාවේ ප්‍රතිනිර්මාණය කර ගැනීම පිළිබඳ ද මට සැබෑ ජීවිතයෙන් පිටිවහලක්‌ ලැබෙනවාග මන්ද යත් රාජිත වේදිකාවට ගෙනෙන්නෙ අප අද්විඳින අප වටා ඇති මේ ජීවිතය නිසාග

කපිල පූගලආරච්චි සංගීත අධ්‍යක්‍ෂ

රාජිත දිසානායක නමැති වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂවරයා මට හමුවන්නේ පාසල් සමයේදීග ඒ කාලේ සිටම නාට්‍ය කලාව තුළ වෙනස්‌ දෙයක්‌ කරන්න උත්සාහ කරපු පුද්ගලයෙක්‌ වශයෙනුයි මා රාජිත හඳුනාගත්තේග ඔහු හුදු නාට්‍ය සංගීතය කියන එක පාවිච්චි කළේ නැහැග ඔහු චරිත තුළින් මවන්නට උත්සාහ කරන අර්ථාන්විත ලක්‌ෂණත් සමග තවත් එක චරිතයක්‌ ලෙසයි සංගීතය උපයෝගී කරගන්නේග සාම්ප්‍රදායික ලෙස නාට්‍යයේ පාළු තැන්වලදී පාළුව මකන්න නොවෙයි රාජිත සංගීතය භාවිත කළේග ඔහුගේ ,සක්‌වාදාවල, මා ප්‍රථමයෙන්ම සංගීය සැපයූ නාට්‍යයයිග එතැනදීත් ඔහු සංගීය යොදාගත්තේ චරිතයක්‌ විදිහටයිග එතැනින් පටන්ගෙන මම ඔහුගේ ආපහුු හැරෙන්න බෑ නාට්‍යයට හැර සියලුම නාට්‍යවල සංගීත අධ්‍යබ්ණය කළාග රාජිත සංගීතයේ ඉතා සියුම් තැන් පවා බොහෝම හොඳින් ග්‍රහණයකර ගන්නා අධ්‍යක්‍ෂවරයෙක්‌ග

ගිහාන් ප්‍රනාන්දු

නළුවෙක්‌ වුණාම අධ්‍යක්‍ෂණය නොවනවා නම් එය කරුමයක්‌ග රාජිත කියන්නේ නළුවෙක්‌ වචනයේ පරිසමාප්තයෙන්ම අධ්‍යක්‍ෂණය කරන අධ්‍යක්‍ෂවරයෙක්‌ග නමුත් ඒ අධ්‍යක්‍ෂණය වන අවධියේ සිදුවන සිත්රිදීම් බොහොමයිග එම රිදවීම් නැතිනම් හොඳ චරිතයක්‌ ගොඩනගා ගැනීමට නොහැකි බවයි මම හිතන්නේග ඒක රාජිතගේ නාට්‍යවල මට කිරීමට හැකි වී තිබෙනවාග

නළුවෙක්‌ හෝ අධ්‍යක්‍ෂවරයෙක්‌ වුණාම වර්තමාන සමාජයේ තිබෙන සමාජ තත්ත්වය පිළිබඳ අවබෝධයක්‌ තිබීම අනිවාර්යයිග රාජිත මේ රටේ සමාජ රිද්මය හඳුනාගත් අධ්‍යක්‍ෂවරයෙක්‌ග ඒ නිසා ඔහුගේ නිර්මාණ මේ සමාජය හා සම්බන්ධයිග එනිසා ඒවා මේ සමාජය වැළඳගන්නවාග රාජිතගේ නාට්‍යවලදී අප උත්සාහ කරන්නේ සංවේදී අභ්‍යන්තරයෙන් නිරූපණය වන රංග ශෛලියක්‌ මතු කර ගැනීමටයිග නිරන්තර පුහුණුව නිසා එය ලොකු අපහසුවක්‌ වෙන්නේ නැහැග

ප්‍රියංකර රත්නායක

නාට්‍යක චරිතයක්‌ ගොඩනගා ගැනීමේදී නළුවා හා අධ්‍යක්‍ෂවරයා අතර අනොන්‍ය අවබෝධය ඉතාම වැදගත්ග රාජිත දීර්ඝ කාලයක්‌ තිස්‌සේ එකම කණ්‌ඩායමක්‌ සමග වැඩ කිරීම හේතුවෙන් මේ අනොන්‍ය අවබෝධය ඉතා හොඳින් ගොඩනගා ගෙන තිබෙනවාග අධ්‍යක්‍ෂවරයෙක්‌ ලෙස මා දකින ඔහුගේ විශේෂ ලක්‍ෂණයන් මෙයයිග

ඔහු කිසිදු විටක නළුවා කිසියම් රාමුවක සිර කිරීමට උත්සාහ කරන්නෙ නැහැග ඒ වෙනුවට පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර ඔහු පිටපත කියවීමට විශාල කාලයක්‌ ගත කරනවාග ඒ වගේම ඒ අතර ශූර රංග ශිල්පීන් සමග විවිධ අවස්‌ථාවලදී පවත්වන සම්භාෂණයන් පවා ඔහු ඉතා සූක්‍ෂම ලෙස ඒ ඒ චරිත පිළිබඳ අවබෝධයක්‌ ඇති කිරීමට යොදාගන්නවාග

රාජිතගෙ නාට්‍යවලට බොහෝ විට පාදක වෙන්නේ සමකාලීනව අප අවට සැරිසරන චරිතග එහිදී ඒ තුළ මගේම චරිතයේ යම් යම් අංශුමාත්‍ර පවා මුණගැහෙනවාග මේ නිසා නළුවකුට ඉතා අභියෝගාත්මක කාර්යයක්‌ වෙනවාග තමාම නොවෙමින් තම ජීවිතයේ සහ තම සමීපතමයන්ගේ ජීවිත වේදිකාව මත නිරූපණය කිරීමග එහිදී ඒ ඒ චරිතයන්ට අනන්‍ය සියුම් චරිත ලක්‍ෂණ අත නොහරිමින් ඒවා නාට්‍යමය ප්‍රකාශයක්‌ ලෙස ඉදිරිපත් කිරීමේදී රාජිත අනුදත් රංගන ක්‍රමවේදයන් ඉතාම සුවශේෂයිග ඔහු ශූර අධ්‍යක්‍ෂවරයෙක්‌ වන්නේ නළුවා තුළින් චරිතය මතුකරගැනීමට ඔහු ලබාදෙන ඉඩකඩ සහ ඒ සඳහා අවශ්‍ය පසුබිම සකසන ආකාරය විසිනුයිග

රාජිත නාට්‍යක්‌් වේදිකාවක්‌ මතට ගෙන ඒම සේම එය පවත්වාගෙන යැම පිළිබඳ ද ඉතාම සවිඥනිකයිග එහිදී ඔහුට සම්මාන ඇගයීම් එතරම් වැදගත් වෙන්නෙ නෑග හොඳම උදාහරණය ,මට වෙඩි තියන්නේ නැද්ද, නාට්‍ය රාජ්‍ය නාට්‍ය උළෙලේ දෙවන වටය නියෝජනය කිරීමට පවා අවස්‌ථාව නොලද නාට්‍යක්‌ වුවත් එදා සිට අද දක්‌වා එහි දර්ශනවාර පවත්වාගෙන යැමට ඔහු ගන්නා මහන්සියග එහිදී රාජිත තම ප්‍රේක්‍ෂකාගාරය පිළිබඳ දැඩි විශ්වාසයකින් පසු වෙනවාග

ප්‍රසාද් සූරියආරච්චි

රාජිත නිරන්තරයෙන්ම නාට්‍ය පිටපතට මුල්තැන දෙන අධ්‍යක්‍ෂවරයෙක්‌ග ඔහු නළුවන්ගෙන් නිරතුරුවම ඉල්ලා සිටින්නේ පිටපත කියවන ලෙසයිග පිටපත නිරතුරුව කියවීමෙන් එහි තිබෙන යටි අරුත පිළිබඳ අර්ථකථනයක්‌ සැපයීමට නළුවාට පහසුවෙනවාග රාජිත පිටපතින් නළුවාගෙන් බලාපොරොත්තු වන දේ පිළිබඳ යම් මගපෙන්වීමක්‌ කරනවාග නළුවාගේත් අධ්‍යක්‍ෂවරයාගේත් නම්‍යශීලී සහයෝගය මතයි ඔහු අධ්‍යක්‍ෂණ කාර්යය සිදුකරන්නේග

නළුවකු චරිතය රඟපාන්නට පෙර එය විඳින්නල ඉන් තෘප්තිමත් වන්න කියන එක රාජිත තම නළුවන්ට දෙන උපදේශයක්‌ග එහෙම නොවුණොත් එය ප්‍රේක්‌ෂකයාට කෘත්‍රිම රංගනයක්‌ වෙනවාග නළුවා චරිතයට අවංක වුවොත් පමණයි සාර්ථක නිරූපණයක්‌ කළ හැක්‌කේග ඒ නිසයි රාජිත නිරතුරුව කියන්නේ තමන් විඳින්නේ නැත්නම් ඒ චරිතය වෙනත් අයකුට විඳින්න බැරි බවග

රාජිත හැම නාට්‍ය දර්ශනයක්‌ම ප්‍රේක්‌ෂකාගාරයේ සිට නරඹනවාග එලෙස නරඹා ඇති අඩුපාඩු සාකච්ඡා කරනවාග

ධර්මප්‍රිය ඩයස්‌

රාජිතගේ පිටපත කියවූ සැනින් මේ චරිතය මොකක්‌ද කියන කාරණය මට එකවර අවබෝධ වෙන්නේ නෑග මම ඔහුගෙ නාට්‍ය හතරකට චරිත නිරූපනය කර තිබෙනවාග මේ සෑම පිටපතක්‌ම ලැබුණු සැනින් මට මගේ චරිතය පිළිබඳ ලොකු අවබෝධයක්‌ ලැබුණෙ නෑග පිටපත කියවීමෙන් පස්‌සේ පුහුණුවීම් ආරම්භ කළ විටත් මට මගේ චරිතය පිළිබඳ ලොකු අවබෝධයක්‌ ඇතිවුණේ නෑග සුළු තේරුම් යැමකුයි ඇතිවුණේග හොඳම උදාහරණය රාජිත අවසානයට කළ ,ආපසු හැරෙන්න බෑ, නාට්‍යයේ දුර්වලම රංග ශිල්පියා වුණේ මමග

රාජිත අනුගමනය කරන ඔහුට ආවේණික නළුවන් හැසිරවීමේ ක්‍රමවේදයක්‌ තිබෙනවාග ඒ අනුව ටික දිනක්‌ පුහුණුවීම් කරගෙන යන විට ඔහු මගේ චරිතය පිළිබඳ පුංචි පුංචි ඉඟි දෙන්න පටන් ගන්නවාග ඔහු කවදාවත් චරිතයේ ෙටෝ කොපියක්‌ දෙන්නෙ නෑග ඒ නිසාම නළුවටත් විශාල වැඩ කොටසක්‌ තිබෙනවාග මට මගේ චරිතය ගොඩනගා ගැනීමට අවශ්‍ය මාවත විවර කිරීම පමණයි ඔහු කරන්නෙග එතැනදී මට අවබෝධ වෙන්න ගන්නවා මේ චරිතය ගොඩනගා ගැනීමට මටත් විශාල වැඩකොටසක්‌ තිබෙන බවග ඔහු එය ඉතා ශූර ලෙස අවබෝධ කර දෙනවාග රාජිත අනුගමනය කරන මේ අධ්‍යක්‍ෂණ ක්‍රියාවලිය නිසා පුහුණුවීම්වලින් පසුවත් මගේ චරිතය පිළිබඳ සිතන්න පෙළඹීමක්‌ ඇතිවෙනවාග

රාජිත තමන්ගෙ නාට්‍යය වේදිකාව මතට ගෙන ඒමෙන් පසු තමන්ගේ කාර්යය අවසානයි කියා සිතන අධ්‍යක්‍ෂවරයෙක්‌ නොවෙයිග ඔහු තමන්ගේ නාට්‍ය පවත්වාගෙන යැම පිළිබඳ විශාල උනන්දුවක්‌ දක්‌වන අධ්‍යක්‍ෂවරයෙක්‌ග එහිදී ඔහු සමාජ දේශපාලන පසුබිම පිළිබඳ ඉතා සවිඥනිකයිග නාට්‍ය දර්ශන සංවිධානය කිරීමේ කටයුත්ත සිදු කරන්නේත් ඔහුයිග ඔහු තමන් නියෑළී සිටින කාර්යයට ඉතා අවනත පුද්ගලයෙක්‌ග කිසිවිටකත් එහි බර සැහැල්ලු කරන්න කැමති නැහැග


මලිත් පීරිස්‌ වේදිකා පරිපාලන කළමනාකරු

වේදිකා පරිපාලනය තාක්‌ෂණික ක්‍රියාවලියක්‌ග එය තාක්‌ෂණික ක්‍රියාවලියක්‌ වුවත් කලාව හදාරපු නැති අයකුට එය කරන්න බැහැග ලංකාව වගේ රටක වේදිකා පරිපාලනය පිළිබඳ කතා කිරීමම විහිළුවක්‌ග රංගනය පිිළිබඳ හදාරන්නවත් තැනක්‌ නැති රටක වේදිකා පරිපාලනය නමැති විෂය හදාරන්න කිසිම අවස්‌ථාවක්‌ නැහැග සාමාන්‍ය ජනතාව අතර වේදිකා පරිපාලක කියන්නෙ ,සෙට්‌ අදින කොල්ලා,ග බොහෝ වේදිකා නාට්‍යවලදී වේදිකා පරිපාලනය කියන්නේ සමස්‌ත නාට්‍යයටම කරගහන එකග නැත්නම් නාට්‍යයේ බර වැඩ ටික කරන එකග එතනදී රාජිත කියන අධ්‍යක්‍ෂවරයාගේ තිබෙන වෙනස තමයි නාට්‍ය කණ්‌ඩායමේ සෑම කෙනකුට පැවරුණූ සුවිශේෂී වගකීම් කොටසක්‌ තිබීමග ඒ නිසා ඔහුගේ නාට්‍යවලදී වේදිකා පරිපාලක ශිල්පියාට පැවරුණු සුවිශේෂී වැඩකොටසක්‌ තිබෙනවාග අනිත් නාට්‍යවලට වඩා රාජිතගේ නාට්‍යවල තිබෙන වෙනස වන්නේ මේ බෙදා ගැනීමග නාට්‍ය කලාත්මක කෘතියක්‌ ලෙස භාවිත කරන ගමන්ම රාජිත උත්සාහ කරනවා එය විධිමත් කර්මාන්තයක්‌ බවට පත් කිරීමටග මේ හේතුව නිසා මේ නාට්‍ය කණ්‌ඩායමේ සාමූහික බවක්‌ තිබෙනවාග

ජයනි සේනානායක

චරිතයක්‌ ගොඩනැගීමේදී රාජිත තම නළුවන්ට ලබාදෙන ප්‍රධාන උපදෙස තමයි පුළුවන් තරම් පිටපත කියවන්න කියන එකග ඔහු විශ්වාස කරන දෙයක්‌ තමයි චරිතයක ස්‌වභාවය පිටපත කියවීමෙන් බොහෝදුරට ලබාගත හැකි බවග යම් නාට්‍යයක්‌ දර්ශන වාර සියයක්‌ පැවැත්වූවත් ඒ සියවැනි වතාවෙත් අපි පිටපත කියවනවාග ඒ මගින් චරිතය පිළිබඳ යම් අවබෝධයක්‌ අපට ලබාගත හැකි වෙනවාග ඒ මගින් තමයි ඔහු චරිතයක්‌ ගොඩනගන්න මූලික අඩිතාලම දමන්නේග

ඒ වගේම ඔහු සිත ඇඳි චරිතය නළුවකුගෙන් ලබාගන්න විවිධ ක්‍රමවේද භාවිත කරනවාග ඔහු නළුවකුගෙන් බලාපොරොත්තු වන චරිතයේ මානය හුඟක්‌ එහා ගිය එකක්‌ග කෙසේ හෝ දැඩි පුහුණුවකින් පසුව ඔහු එම අරමුණ ජයගන්නවාග ඒ නිසායි ඔහු බලාපොරොත්තුවන චරිත ප්‍රතිනිර්මාණය කරගත හැකි නළුනිළියන් පිරිසක්‌ පමණක්‌ නිරතුරුවම තෝරාගන්නේග විශේෂයෙන් අධ්‍යක්‍ෂවරයාගේ දෘෂ්ඨිය හඳුනා නොගතහොත් එම අධ්‍යක්‍ෂවරයාට අවශ්‍ය දේ ලබාදීමට නළුවකුට හැකිවන්නේ නැහැග රාජිත කියන අධ්‍යක්‍ෂවරයා හොඳින් හඳුනන නළු නිළි පිරිසක්‌ තමයි මේ කාර්යයට තෝරාගන්නේග තම රචනාව පමණක්‌ම මතුකරන රංගනයකට ඔහු කැමැති නැහැග ඔහුගේ රචනාව පසුකර නළුවා මතුවීමයි ඔහුගේ බලාපොරොත්තුවග

රාජිත ඉතා කැමැති ශෛලිය තමයි අතිශය සියුම් භාවමය රංගන ශෛලියග එය ටිකක්‌ අපහසු කාර්යයක්‌ග වේදිකාවක අතිශය සියුම් රංගනයන් ඉදිරිපත් කිරීමේදී අප තුළින් එය ගිලිහී යන්න පුළුවන්ග ඒක හරියට අතුරේ යනවා වගේ වැඩක්‌ග ඒත් අප අනිවාර්යෙයන්ම ඊට අනුගත විය යුතුයිග ඒ වගේම මෙම ස්‌වභාවික රංගන ශෛලිය ප්‍රේක්‌ෂකයන්ට අතිශයින් සමීපයිග මුදල් දීල ටිකට්‌ එකක්‌ අරගෙන ප්‍රේක්‌ෂකාගාරයේ වාඩිවෙන හැම ප්‍රේක්‌ෂකයකුටම හොඳ රංගනයක්‌ ලබාදීම නළුවකුගේ වගකීමක්‌ග රාජිත ඒ වගකීම හා අවදානම මැනවින් වටහාගත් අධ්‍යක්‍ෂවරයෙක්‌ග


රංග සමරකෝන් රංග ආලෝක පරිපාලක

අද වන විට රංග ආලෝකය විෂය යනු නිළියල නළුවා හෝ රංග භාණ්‌ඩ ප්‍රේක්‌ෂකයාට පෙන්වීමට සැලැස්‌වීමට එහා ගිය දෙයක්‌ග චරිතයක සියුම් අරුත් දැනවීමටල චරිතයක අභ්‍යන්තර මනෝභාවයන් විවරණය කිරීමට භාවිතා කරන දියුණු උපාංගයක්‌ බවට අද වේදිකා රංගාලෝකය පත්වෙලා තිබෙනවාග

බොහෝ වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂවරු නාට්‍යයේ මූලික පුහුණුවීම් අවස්‌ථාවලදී රංග ආලෝක ශිල්පියා සම්බන්ධ කරගන්නේ නැහැග ඔහුගේ දායකත්වය රංග ආලෝකය සහිත පුහුණුවීම් ආරම්භවීමත් සමග ලබාගැනීම ප්‍රමාණවත් යෑයි ඔවුන් සිතනවාග එහෙත් නාට්‍යයක පිටපත කියවීමේ අවස්‌ථාවේ සිට ලයිටින් රිහසල් දක්‌වා සියලු පුහුණුවීම් අවස්‌ථාවලදී රංග ආලෝක ශිල්පියා සම්බන්ධ කරගැනීම රාජිතගේ ක්‍රමවේදයග එහිදී මට නාට්‍ය පිළිබඳ එහි සියුම් අර්ථයන් පිළිබඳ අවබෝධයක්‌ මෙන්ම අධ්‍යක්‍ෂකගේ අභිප්‍රාය පිළිබඳ අවබෝධයක්‌ද ලැබෙනවාග එහිදීද රාජිත නාට්‍ය පුහුණුවීම් ආරම්භ කරන්න පෙර සිය ශිල්පීන් හා යෙදෙන සංවාදයන්වලදී පවා නාට්‍යයට අදාළ සහජ කාරණා නොවුනද බොහෝ දේ සාකච්ඡා කරනවාග ඒ තුළින් පවා සිදුවෙන්නෙ නාට්‍ය පිළිබඳ සියුම් අරුත් මතුවීමයිග

ඔහු කිසිවිටෙකත් මෙසේ සිදුවිය යුතුමයි කියන අණ පනත් පැනවීමක්‌ සිදුකරන්නෙ නැහැග

එහෙත් ඔහුට අවශ්‍ය අදහස මතුකරගැනීමට අලෝකය කෙසේ හැසිරවිය යුතුද යන්න පිළිබඳ ඔහුට හොඳ ඉවක්‌ තිබෙනවාග ඒ ඉව අපට හඳුනා ගන්න ඉඩහරිමින් සාකච්ඡා කරමින් රංග ආලෝකය සකසා ගැනීම සිදු කරනවාග පළමුවෙන් රංග ආලෝකය සහිත පුහුණුවීම් අවසානයේදී නැවත බරසාර සාකච්ඡාවකට යනවාග එහිදී ඔහු එකඟ නැති තැන් සහ වඩා වැඩිදියුණු කළ යුතු තැන් පිළිබඳ ඔහුගේ අදහස්‌ දැක්‌වීම සිදු කරනවාග

මේ අදහස්‌ සමග නැවත ආලෝක සැකැස්‌මක්‌ සමග දෙවන තෙවන ආලෝකය සහිත පුහුණුවීම්වල නියෑළීමෙන් පසුවයි අවසාන ආලෝක සැකැස්‌ම නිර්මාණය කරගැනීම සිදුවෙන්නෙග ඔහු හතරවන ලයිටින් රිහසල් එක නාට්‍ය දර්ශනවාරයක්‌ හා සමානවම සිදුකරනවාග එහිදී බොහෝ විට රංගනයල අලෝකකරණයල වේදිකා පරිපාලනය පිළිබඳ අවසාන සැකැස්‌ම නිර්මාණය කර ගැනීම සිදුකරනවාග බොහෝ අධ්‍යක්‍ෂවරු රංගාලෝකය නිර්මාණය කර ගැනීමේ ක්‍රියාවලිය එතනින් අවසන් කරනවාග එහෙත් රාජිත දර්ශනවාරයක්‌ පාසා රංග ආලෝකය වැඩිදියුණු කරගැනීමට වෙහෙසෙනවාග

සම්පත් ජයවීර

රාජිතගෙ නාට්‍යය තුළ යටිපෙළ හුයක්‌ ලෙස දිවෙන ගැඹුරු දේශපාලනයක්‌ තිබෙනවාග සෑම චරිතයක්‌ම දේශපාලනිකයිග ඒ ආකාරයේ පිටපතක චරිතයක්‌ ගැඹුරින් හඳුනාගැනීමට ඒ පිටුපස ඇති දේශපාලනය හඳුනා ගැනීම වැදගත්ග

චරිතයේ දේශපාලනය හඳුනා ගැනීමට ඔහු ඒ පිළිබඳ සෘජුව කිසිවක්‌ කියන්නෙ නැහැග එහෙත් පූර්ව පුහුණුවීම් කාලය තුළ ඔහු සමකාලීන සමාජ දේශපාලන කාරණා පිළිබඳ දැඩි අවධානයකින් තමන්ගේ කණ්‌ඩායම සමඟ අදහස්‌ හුවමාරු කර ගන්නවාග මට මුල්කාලෙ මේ ක්‍රියාවලිය පිළිබඳ එතරම් අවබෝධයක්‌ තිබුනේ නැහැග ඒත් පසුව තේරුම් ගියා මේ කටයුත්ත චරිතය ගොඩනඟා ගැනීමට ඉතා වැදගත් බවග

මා නිරූපණය කරන චරිතය :වීරයා මැරිලා- මීට කලින් වසර ගණනාවක්‌ වෙනත් ශිල්පියකු විසින් නිරූපණය කළ චරිතයක්‌ග එහෙත් එහිදී ඔහු මගෙන් ඒ චරිතය ඒ ආකාරයෙන්ම ඉල්ලා සිටියේ නැහැග

ඔහු මට ඒ චරිතය අවබෝධකරගෙන ගොඩනඟා ගැනීමට අවස්‌ථාව ලබා දුන්නාග ු බලහත්කාරයෙන් චරිතයක්‌ ඔබ්බවන්නෙ නැහැග නළුවාට අභ්‍යන්තරයෙන් සිය චරිතය අවබෝධකරගෙන ගොඩනැඟෙන්න ඉඩ දෙනවාග ඔහුගේ විශේෂත්වයත් එයම වෙන්නඇතිග

අනුසුයා සුබසිංහ

රාජිත හැම විටම මැදිහත්වන අධ්‍යක්‌ෂවරයෙක්‌ නොවෙයිග ඔහු චරිතය ගොඩනගාගන්න රංගන ශිල්පියාට හෝ ශිල්පිණියට ලබාදිය හැකි පොහොර මොනවද කියලා හොඳ අවබෝධයක්‌ සහිතවයි කටයුතු කරන්නෙග ඊට පස්‌සේ චරිතය වැඩෙනවා බලා සිට එය තමන්ට අවශ්‍ය ආකාරයට හැඩගස්‌වා ගැනීමට ඔහු ශූරයිග

වේදිකා නාට්‍යයක චරිතයක්‌ කර අවසන් කළ නොහැකි බවයි මගේ අදහසග පිටපතක තිබෙන්නේ පැතලි ඒකමානීය චරිත නොවෙයිග ඒවා ඉතා සංකීර්ණ බහුමානීය චරිතග එවන් චරිත තුළට අවබෝධයෙන් කි¹ බසිත්ම එහි විවිධ මානයන් පෙනෙන්න ගන්නවාග ඒ වගේමයි නාට්‍යයක දර්ශන වාර විශාල සංඛ්‍යාවක්‌ කරනවිට සමහර අවස්‌ථාවලදී මුල් කාලෙ සොයාගත් සියුම් දේවල් ගිලිහිලා යනවාග රාජිත මේ කාරණා දෙක පිළිබඳ ඉතා සවිඥනිකයිග

සංවාදය - විචිත්‍ර වනිගනෙත්තිල ලක්‌මාල් බෝගහවත්ත

READ MORE - රාජිත නම් වූ වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂවරයා