----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

කලාකරුවන්ගේ පදනමක් ඇරැඹේ

Sunday, September 5, 2010

ශ්‍රී ලාංකීය කලා ක්‍ෂෙත්‍රය තුළ දේශීයත්වයට උරුමකම් කියන සියලු පළාත්වලට ආවේණික වූ උඩරට, පහතරට, සබරගමු හා වෙනත් නැටුම් මෙන්ම නාට්‍ය හා රංග කලාව, සංගීතය, ජන ගී ඇතිව ජාතික මට්ටමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සංස්කෘතික හා සුබසාධක පදනම කටයුතු යොදා ඇත.

මේ අනුව විවිධ ජාතීන් අතර පවතින ආගමික හා වෙනත් සංස්කෘතීන් සුරක්ෂිතවන ආකාරයෙන් සකස්කර ඇති මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී එයට දායකත්වය ලබාගැනීම සඳහා සියලු ජාතීන් නියෝජනය වන පරිදි ප්‍රාදේශීය මට්ටමේ ක්‍රියාකාරී කමිටු ස්ථාපිත කිරීමටද මෙම සංවිධානය කටයුතු කරයි.

මෙම ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා කලා ක්‍ෂේත්‍රයේ නියැලී සිටින කලාකරුවන්ගේ දායකත්වය ලබාගනිමින් ඔවුන් ඒකරාශී කොට සාමාජිකත්වය පිරිනැමීමට සංස්කෘතික හා සුබ සාධන පදනම මේ දිනවල කටයුතු කරයි.

ලේකම්, සංස්කෘතික හා සුබසාධන පදනම, 52.ඒ, දිනපතා පෙළ වෙළෙඳ සංකීර්ණය නුවර පාර, නුවරඑළිය යන ලිපිනයට මුද්දර ඇලවූ දිගු ලියුම් කවරයක් එවීමෙන් මේ පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකිය.

0 comments:

Post a Comment