----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ලාල් සේනාධීර 1948 – 1997

Sunday, September 5, 2010

ලාල් සේනාධීර 1948 – 1997

‘කෝපි කඩේ’ රත්නෙ ළමයා ලෙසින් මුළු රටක් ආදරය කළ ලාල් සේනාධීර මිනිස් කමින් පිරී ගිය උදාර හදවතක් තිබු සුන්දර කලා කරුවකු විය.

පුරා වසර එකොළහකට අධික කාලයක් ‘අන්නාසි වත්තේ රත්නෙ ළමයා’ ලෙසින් ප්‍රේක්‍ෂක ජනතාවගේ් ආදරය ලබා සිටි ලාල් කෝපි කඩේ කතාංග 549 ක පමණ රඟපෑවේය. 1948 අප්‍රේල් 16 වැනි දා අතුරුගිරියේ දී උපත ලැබූ ලාල් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා බත්තරමුල්ල විවිධ සේවා සමුපකාර සමිතියේ ගබඩා පාලකවරයකු ලෙස රැකියාව ආරම්භ කළේය. පසුව එම රැකියාවට ආයුබෝවන් කියා නළුකම සිය වෘත්තිය බවට පත් කර ගනිමින් 1967 දී ජී. ඩී. එල් පෙරේරාගේ ‘ඉහට වහල නිල් අහසයි’ වේදිකා නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට පිවිසියේය.

1978 දී සුදාස් මාස්කෝරාලගේ ‘කුමර කුමරියෝ’ චිත්‍රපටයෙන් සිනමා ගමන් ඇරඹු ඔහු පාලම යට, ඇර සොයිසා, සිල්වා, රණබිමේ වීරයා, මම බය නෑ ශ්‍යාමා, ඇසල සඳ, සඳ මඬල වැනි චිත්‍රපට රැසක චරිත නිරූපනය කළේය.

ලොක්කෙ මාමා ටෙලි නාට්‍යයෙන් පුංචි තිරයට අවතීර්ණ වූ ලාල් පටලැවිල්ල, පියාඹන අස්සයා, හිරුට මුවාවෙන්, දියසේන ආදී ටෙලි නාට්‍ය කීපයකම රඟපෑව ද කෝපි කඩේ රත්නෙ ළමයා ඔහු රඟපෑ ජනපි‍්‍රයම චරිතය විය. 1997 සැප්තැම්බර් 05 වැනි දා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මෙලොවින් සමුගන්නා විට ලාල් 49 වැනි වියේ පසු වූයේය.


Source - සරසවිය 2010 - 09 - 02
උපුටා ගන්නා ලද්දකි.
සොරකම පිණිස නොව,
කියවා අතිනත යැවීමේ,
සද් සිතිවිල්ලෙනි

0 comments:

Post a Comment