----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

පූජිත මෙන්ඩිස් 1934 –2001

Sunday, September 5, 2010

පූජිත මෙන්ඩිස් 1934 –2001

විශාල ඇස් දෙකකින් සිංහල රිදී තිරිය හැඩ ගැන්වූ පූජිත මෙන්ඩිස් එම ඇස් දෙක නිසාත් ඔහුටම ආවේනික රඟපෑම් ශෛලීයක් තිබීම නිසාත් හැට හැත්තැව දශකවල සිංහල සිනමාවේ ජනපි‍්‍රයම නළුවකු බවට පත්ව සිටියේය.

1934 මැයි 27 වැනි දා මොරටුව කල්දෙමුල්ලේ දී උපත ලැබූ පූජිත කුඩා අවධියේ සිට දක්‍ෂ බොක්‍ෂින් ක්‍රීඩකයකු වුයේය. කුඩා කාලෙදීම සුව කළ නොහැකි රෝගයකට මුහුණ දුන් ඔහුගේ දීප්තිමත් ඇස් දෙක මුළුමනින්ම විකෘති ස්වභාවයක් ගත්තේය. තමා තරම් අවාසනාවන්තයකු ලෝකයේම තවත් නැතැයි සිතමින් සිටි පූජිතට චිත්‍රපට නළුවෙකු වීමේ වාසනාව රැගෙන ආවේ ද එම විශාල වූ නෙත් දෙකය.

හියුගෝ මාස්ටර් හා බෙන්ඩික් ප්‍රනාන්දු ගේ හඳුනා ගැනීමෙන් රම්‍යාලතා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසුණු පූජිත සොහොයුරෝ, පුරුෂ රත්නය, සීගිරි කාශ්‍යප, සත පනහ, හොඳට හොඳයි, සුරයන්ගෙත් සූරයා, ඔහොම හොඳද, නිධානය ඇතුළු චිත්‍රපට අසුවක පමණ රඟපෑවේය. මුළු දිවියම තනිකඩව ගෙවූ පූජිත අවසන් කාලයේ සිහි මඳ ගතියෙන් පෙලුණේය.

ඉබාගාතේ ඇවිදිමින් අසරණව සිටි මේ කලාකරුවා 2001 සැප්තැම්බර් 05 වැනිදා අවසන් ගමන් ගියේය. නමුත් ඔහුගේ් දේහයට ගෞරව කරන්නට මෙතරම් විශාල සිංහල සිනමාවේ පැමිණ සිටියේ කලාකරුවන් දෙතුන් දෙනෙකු පමණකි. තමන්ට කියා කිසිවක් ඉතිරි නොකළ පූජිත සිංහල සිනමාව වෙනුවෙන් විශාල දෙයක් ඉතිරි කළේය. ඒ ඔහුගේ අසාමාන්‍ය වූ මුහුණයි.


Source
- සරසවිය 2010 - 09 - 02
උපුටා ගන්නා ලද්දකි.
සොරකම පිණිස නොව,
කියවා අතිනත යැවීමේ,
සද් සිතිවිල්ලෙනි

0 comments:

Post a Comment