----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ඉර හඳ යට

Monday, August 9, 2010

බෙනට් රත්නායක සිංහල සිනමාවට තිළිණ කරන අමරණීය තිළිණය

දැනටමත් ජාත්‍යන්තර සම්මාන දෙකකින් පිදුම් ලැබීමට ඉර හඳ යට වාසනාවන්ත වී තිබේ

දැන් දැන් එකම ඉරක් එකම හඳක් යට දිවි ගෙවන මිනිසුන් ලෝකයේ නොයෙක් තැන වෙන වෙනත් රාජධානි පතා එකිනෙකා මරා ගැනීම් වැඩි වී තිබේ.

මේ ගැටුම්වලදී විමුක්තිකාමීන් කියා ගන්නා ත්‍රස්තවාදීන් අහිංසක සිවිල් ජනයා තම පටු අරමුණු ඉටු කර ගැනීමට ඉත්තන් කර ගන්නා බවක් පෙනෙන්නට තිබේ.

එවන් වකවානුවක ලාංකේය ඉතිහාසයේ ලෙයින්, කඳුළින් ලියැවුණු තිස් අවුරුදු යුද ශාපයේ තීව්‍රම අවදියක් එළඹ තිබිණ. මේ එහි එක් අඳුරු රාත්‍රියකි. එහිදී රජයේ හමුදා හා ත්‍රස්තවාදීන් අතර දරුණු ගැටුම් ඇවිළිණ. පැය ගණන් ඉක්මවා ගැටුම් ඇදී ගියේය.

රජයේ හමුදා අතර සිටි කෝප්‍රල් රකිත ආගාධයකට ඇද වැටෙන්නේ මේ අතරතුරදීයි. ගොඩ ඒම පිණිස ඔහුට කිසිවකුගේ උදවු අවශ්‍යව තිබිණ. ගැටුම් අතරතුර වුණත් කෝප්‍රල්වරයාට උදවු කරන්නට පැමිණි මේජර්වරයෙකි මහසෙන්.

මහසෙන් කරුණාබර හදවතකින් හෙබි උදාර හමුදා නිලධාරියෙකු සේ කා අතරන් ප්‍රකටව සිටියෙකි. ඔහු වැර යොදා ආගාධයට වැටී සිටි කෝප්‍රල් රකිතව ඉන් ගොඩට ගනී. එහෙත් ඒ වන විටත් බුර බුරා ඇවිළුණු යුද ගිනිදැල් මේජර්වරයාට කිසිදු ඉස්පාසුවක් ලබා නොදුනි.

යුද බිමේ ඉදිරියට දිව යාමේ පළමුවැනියා මරණයේ ද පළමුවැනියාද? එම පැනය මතු වන්නේ් මේජර් මහසෙන් වෙඩි පහර කිහිපයකටම ලක් වීම නිසාය. යුද බිමේ හාත්පස වෙඩි හඬ ගොළු වන විට ඉතිරිව සිටියේ දරුණු තුවාල ලැබ සිටි මහසෙන් හා කෝප්‍රල් රකිත පමණකි.

තුවාලකරුගේ ජීවිතය බේරා ගැනීම කෙරෙහි සහායක භට කණ්ඩායම්වල සහාය සොයා රකිත නික්මුණේය. එහෙත් අවාසනාවකට රකිතට සිදු වූයේ ත්‍රස්තවාදීන්ට හසු වන්නටයි. වෙනත් කර කියා ගත හැකි දෙයක් නැති වූ තැන ත්‍රස්තවාදීන්ට තුවාල ලබා සිටි තම ඉහළ නිලධාරියා ගැන කියන්නට රකිත තීරණය කරයි. ඒ දරුණු තුවාල ලබා සිටි ඔහුට ප්‍රතිකාර ලබා දෙනු ඇතැයි විශ්වාසය මතය.

එහෙත් සිදු වූයේ රකිත බලාපොරොත්තු වූ දේ නොවේ.

මහසෙන් සොයා රැගෙන ආ ත්‍රස්තවාදීන් රකිත ඉදිරිපිටදීම වෙඩි තබා මරා දැමීමය. එතැන් පටන් මහසෙන් මේජර්වරයා මිය ගියේ තමා නිසා නොවේදැයි නිරන්තරයෙන් තැවෙන කෝප්‍රල් රකිතට පෙර මහසෙන් මේජර්වරයා හා ගෙවූ අතීතය නිතර මැවී පෙනේනට පටන් ගනී.

ඔහු දකින්නට පෙර මඟ බලා සිටි ප්‍රිය බිරිය හා අසාධ්‍යව අසනීපයකින් පෙළුණු මහසෙන් ගේ සිඟිති දියණිය පිළිබඳත් සිහිපත් වේ. ඔවුන් අසරණ කළේ තමා නොවේදැයි රකිත කල්පනා කරයි. මෙසේ කෙමෙන් අඳුරු රැය ද ගෙවී යයි. ඔහුට උදාවන හෙට දවස කෙබන්දක් වනු ඇති ද?

යුද්ධයේ මෙම අතුරු කතා පුවතට කෝප්‍රල් රකිත පමණක් නොව රේඛා, භානු, තිරුබා දේවි, හේරත් මැණිකා මෙන්ම සාමා ද ප්‍රබල පංගුකරුවන් වී හිඳිති. ඔවුනොවුන්ගේ් කතාවයි ඉර හඳ යට.

ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාහල්වලින් ප්‍රේක්ෂකයන්ට පිදෙන මීළඟ ආදරණීය සිනමා තිළිණය වන්නේ ද ඉර හඳ යට චිත්‍රපටයමය.

ඊට පසුගිය දා ඇමෙරිකාවේ දී නිමාව දුටු ලොස් ඇන්ජලීස් අන්තර් ජාතික සිනමා උළෙලේ ප්‍රමුඛතම සම්මානයක් වන ජූරියේ විශේෂ ගෞරව සම්මානය හිමි විණ.

එම උළෙලේ දී ලාංකේය චිත්‍රපටයක් මෙම විශිෂ්ට සම්මානයට හිමිකම් කී පළමුවැනි වතාව ද මෙයයි.

පසුගිය අප්‍රේල් මස සිංගප්පූරුවේ පවත් වන්නට යෙදුණු 23 වැනි සිංගප්පූරු අන්තර් ජාතික සිනමා උළෙලේ විශිෂ්ට සම්මානයක් වූ පරිපූර්ණ රංග කුසලතා පිළිබඳ සම්මානයට හිමිකම් කීවේ ද ඉර හඳ යට චිත්‍රපටයමය.

ඉන් නොනැවතී එම උළෙලේ වර්ගීකරණය මත ආසියාකරයෙන් වසරේ බිහි වූ විශිෂ්ට සිනමා කෘති දොළහෙන් එකක් ලෙසටත් මෙම චිත්‍රපටය ගෞරවයට පාත්‍ර විය. එහිදී ඉර හඳ යට සිනමා පටය නැරැඹූ ඇමෙරිකානු චිත්‍රපට බෙදා හැරීමේ සමාගමක තෝරා ගැනීම මත ඉර හඳ යට ඇමෙරිකවේ ප්‍රදර්ශනයටත් නියමිතය.

තව නොබෝ දිනකින් කොරියාවේ පවත්වන්නට නියමිත ‘පියොන් යැංග්’ අන්තර් ජාතික සිනමා උළෙල නියෝජනයටත් ඉර හඳ යට චිත්‍රපටය වරම් ලබා තිබේ.

සිංහල සිනමාවට නවක නළු නිළි යුවළක් වන උදාර රත්නායක සහ තාෂා දර්ශනී ප්‍රධාන භූමිකා නිරූපණය කරන මෙහි සෞම්‍ය ලියනගේ, කෞශල්‍යා ප්‍රනාන්දු, දමිතා අබේරත්න, චාන්දනී සෙනෙවිරත්න, දර්ශන් ධර්මරාජ්, බිමල් ජයකොඩි, සුවිනීතා වීරසිංහ, මහේන්ද්‍ර පෙරේරා, පාලිත සිල්වා, වීණා ජයකොඩි, සුමින්ද සිරිසේන, ජගත් බෙනරගම, රොජර් සෙනෙවිරත්න, රංගන ප්‍රේමරත්න, අජිත් ලොකුගේ, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, කුමාර තිරිමාදුර, බෙනට් රත්නායක, සම්පත් ජයවීර, භාග්‍යා රත්නායක, සමන්මලී හේවාමන්න, ඩී. ජී. සෝමපාල, ෂර්ලින් රොමේෂ්, සෙල්වම් කුමාර් සහ ළමා නිළි දිල්කි නෙත්මිණි ද රඟයි.

ඉර හඳ යට බෙනට් රත්නායකගේ අධ්‍යක්ෂණයකි.

නිෂ්පාදකත්වය සමන්මලී හේවාමාන්න, ඔලිවර් ප්‍රනාන්දු, රුවන් ජයසිංහ සහ ඉන්දික වනිගසේකරගෙනි.

රන්ජන් ප්‍රසන්න සහාය අධ්‍යක්ෂවරයායි. කැමරා අධ්‍යක්ෂණය කාලිංග දේශප්‍රියගෙනි. අංග රචනා ප්‍රියන්ත දිසානායකගෙනි.

සුජීව ගුණරත්න කලා අධ්‍යක්ෂවරයාය. සංගීත අධ්‍යක්ෂණය නදීක ගුරුගේගෙනි. ප්‍රියන්ත කිතලගම සහ අනුර ගම්භීරආරච්චි නිෂ්පාදන කළමනාකරුවෝය. ඇදුම් නිර්මාණ කුමාර කරව්දෙනියගේය. නිෂ්පාදන සැලසුම්කරු දමින්ද ඩී මඩවලයි.

0 comments:

Post a Comment