----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

පරාක්‍රම සිල්වා - 2009

Monday, August 9, 2010

ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, චිත්‍රපට ඡායාරූප ශිල්පියකු හා කැමරා ශිල්පියකු ද වූ පරාක්‍රම සිල්වා ජීවිතයෙන් සමුගෙන මෙම 10 වැනිදාට වසරක් සපිරේ.

1970 දී ‘භග්න ආශා’ නමින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරමින් සිනමාකරණයට පිවිසි ඔහු ‘එළිය’ නමින් තවත් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කර 1980 දී ප්‍රථම වෘතාන්ත සිනමා කෘතිය වූ ‘සෙවනැලි ඇද මිනිස්සු’ චිත්‍රපටය නිර්මාණය කළේය. ඉන්පසු සුගතපාල ද සිල්වාගේ බිත්ති හතර නවකතාව ඒ නමින්ම සිනමාවට නැඟූ ඔහු 2009 අගෝස්තු 10 වැනිදා ජීවිතයට විරාමය තැබීය.

1 comments:

kumaraya said...

පරාක්‍රම ඉතාම හොඳ මනුස්සයෙක්. මට මතකයි 80 දශකයේ විතර ඔහු සිනමාකරණය පිළිබඳ පාඨමාලාවක් කළා මහනුවරදි.[ ඒකෙන් තමා මම ඔහුව මුලින්ම හඳුනා ගත්තෙ.] ඔහු ඒක කළේ මුදල් වලට නොවේ. තමා දන්නා දෙය අනුන්ට කියා දීමේ උතුම් අරමුණෙන්.
ඔහු සැබෑ කලාකරුවෙක් වන්නෙ ඒ නිසයි කියල මට හිතෙනව. එබඳු පුද්ගලයො අපි අතර සදාකල්ම ජීවත් වෙනවා හා සමානයි.

Post a Comment