----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ඔබේ නම අමරණීයයි

Sunday, July 4, 2010

හිතවත් ජෝති,

ජෝති මිතුර සමුගෙන විසිතුන් වසරයි
සුමියුරු ගීත තවමත් ගුවනේ රැව්දෙයි
තවමත් රසිකයන් නිරතුරු ඔබ සමඟයි
මේ සඳ නැති කලා ලොව අදටත් අඳුරුයි

වැළපෙන සිතට සැනසුම ගෙන දුන්න නිති
ඔසුවකි සවන් පින වූ ගී වැලක එතී
පොදු ජන හදවතේ තෙරපෙන විටදී ගෙතී
ඔබෙ නම අමරණීයයි හිතවත ජෝති

ගී ලොව ජෝතිමත් කළ ඔබ ඒ කාලේ
සියලු රසිකයන් හට පෑවා ආලේ
මෙලෙස පුදමි අප උත්තම උපහාරේ
මේ ලක් දෙරණේ ඉපදේවා ඔබ ආයේ

රවීන්ද්‍රලාල් අතුකෝරල

ජෝති මිතුරු සමාජය

0 comments:

Post a Comment