----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මුද්‍රා නාට්‍ය පාඨමාලාවට අයැදුම්පත් කැඳවේ

Thursday, June 3, 2010

කොළඹ රංග සභාව මගින් මෙහෙයවනු ලබන මුද්‍රා නාට්‍ය සහ ශාරීරික භාෂාව (Ballet art and Body Language) පාඨමාලාව සඳහා මේ දිනවල අයැදුම්පත් භාර ගැනේ. වෘත්තීය මට්ටමේ රංගන ශිල්පියකු නිර්මාණය කිරිම සඳහා අවශ්‍ය රංගන සහ ශාරීරික භාෂා ශිල්ප ක්‍රම, ඉරියව්, ව්‍යායාම ඇතුළත් සය මසක පාඨමාලාවක් වන මෙය ප්‍රවීණ ආචාර්ය මඩුල්ලක් මගින් මෙහෙයවනු ලබති.

පංති පැවැත්වෙන්නේ කොළඹ සුදර්ශී ශාලාවේදීය.

වේදිකා, ටෙලි නාට්‍ය සහ සිනමාවටත්, මුද්‍රා නාට්‍ය සහ නර්තන ක්ෂේත්‍රයන්ගේත් වෘත්තීමය තත්ත්වයකට යාමට බලාපොරොත්තු වන අයට මේ සඳහා අයදුම් කළ හැකියි. අයදුම්පත් ජූනි 14 වැනිදාට පෙර කොළඹ රංග සභාව, නො: 141, හයිලෙවල් පාර, පන්නිපිටිය යන ලිපිනයට යොමු කළ යුතුය.

0 comments:

Post a Comment