----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

කාරියකරවන ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයට නවක සිසුන් බඳවා ගැනේ

Thursday, June 3, 2010

කාරියකරවන ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය මගින් පැවැත්වෙන පූර්ණකාලීන පුවත්පත් කලා සය මාසික ඩිප්ලෝමා පාඨමාලාවට අයැදුම්පත් බාර ගැනීම දැන් ඇරැඹී තිබේ.

තෝරා ගැනීමේ සම්මුඛ පරික්ෂණ මේ මස 19 වැනිදා සිට ආරම්භ වන අතර ජූලි මස 04 වැනි ඉරිදා කොළඹ 07, නිදහස් චතුරශ්‍රයේ පිහිටි පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පාඨමාලාව ඇරැඹේ.

සමසක් ඇතුළත ඉරු දිනයන් හී පෙ. ව. 9.00 සිට ප. ව. 1.30 දක්වා පැවැත්වෙන මෙම පාඨමාලාවට පුවත් පතක දවසේ වැඩ කටයුතු ඇරැඹුමේ සිට පාඨකයා අතට එය පත්වන මොහොත දක්වා සිද්ධි සමූහය සම්පූර්යෙන්ම ඇතුළත් වේ. මෙහි විදුහල්පතිවරයා ශ්‍රී ලංකාවේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියා වන ඩී. එෆ්. කාරියකරවන මහතාය.

මෙම පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර රු: 15.00 ක මුද්දර ගැසූ දිගු ලියුම් කවරයක් පහත ලිපිනයට යොමු කරන්න. ලේඛකාධිකාරී, පූර්ණකාලීන පුවත්පත් කලා ඩිප්ලෝමා පාඨමාලාව, කාරියකරවන ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය, අංක 17 ඒ, 2/1, මීඩියා හවුස්, ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ.

0 comments:

Post a Comment