----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

හත්තොටුවේගමටත් හොර ඔප්පු ලියා ගන්න හදයි

Monday, June 14, 2010

1974 වර්ෂයේදී ලයනල් වෙන්ඩ් රංගන ශිල්ප ශාලිකාවෙන් බිහි වූ විවෘත වීදි නාට්‍ය කණ්ඩායම එහි නිර්මාතෘ ගාමිණී හත්තොටුවේගමයන්ගේ නිර්මාණයකි. එතුමන්ගේ වියෝවෙන් පසු, එය වියැකීමට නොදී තවදුරටත් ආරක්ෂා කර ගනු වස් එහි පැරණි හා නවක ශිල්පීන්ගෙන් සැදුම් ලත් ‘ගාමිණී හත්තොටුවේගම පදනම’ නමින් නීතිගත සංවිධානයක් පිහිටුවාගෙන තිබේ.

මේ වන විට එකී සංවිධානය වේගවත් ගමනකට ද මුල පුරා ඇත. මෙතෙක් නිර්මාණය වූ පැරණි වීදි නාට්‍යයන් සියල්ලක්ම පාහේ රඟ දැක්වීමට අවශ්‍ය පුහුණුවීම් සිදු කෙරෙමින් තිබේ. හත්තොටුවේගමයන් අතින් බිහි වූ සම්භාව්‍ය නාට්‍ය ද, වීදි නාට්‍යයට උචිත අන්දමින් සකස් කරන්නට ද කටයුතු සම්පාදනය වී තිබේ.

ව්‍යවස්ථාපිත ආයතනයක් වූ මෙම පදනමේ භාරකාර මණ්ඩලය වශයෙන් දීපානි සිල්වා, නිමල් චන්ද්‍රසිරි, රජීව් හත්තොටුවේගම, සමන් හේමරත්න, නිහාල් සුරංජි, චමරු පතිරණ, උපාලි වීරසිංහ යන අය කටයුතු කරන අතර සියලුම සාමාජික සාමාජිකාවන්ගේ සාමුහික ප්‍රයත්නයක් ලෙස නිර්මාණ කටයුතු සිදු කෙරේ.

මේ අතර ගාමිණී හත්තොටුවේගමයන් ඔහුටම ආවේණික වූ ශිල්ප රටාවක පිහිටා කළ නිර්මාණ හත්තොටුවේගම පදනමට කිසිදු සම්බන්ධයක් නැති, පිටස්තර කණ්ඩායමක් ඩැහැ ගන්නට සදාචාර විරෝධීව ක්‍රියා කරමින් සිටින බව දැනගන්නට ලැබී තිබේ.

මේ හේතු නිසාම එවැනි කණ්ඩායම් වලින් පරෙස්සම් වන ලෙසත්, නිර්මාණ මංකොල්ලයකට සැරසෙන මේ හොර නාට්‍ය කණ්ඩායම් හෙළිදරව් කරන්නට සහාය වන ලෙසත් සියලු ප්‍රේක්ෂකයන්ගෙන්, සිසුන්ගෙන් හා හත්තොටුවේගම නිර්මාණකරුවාට ආදරය කරන ඔහුගේ නිර්මාණවලට ඇළුම් කරන ශ්‍රී ලාංකේය ජනතාවගෙන් ගාමිණී හත්තොටුවේගම පදනම ඉල්ලා සිටියි.

ගාමිණී හත්තොටුවේගම පදනම වෙනුවෙන් නිමල් චන්ද්‍රසිරි. 0773332352.


0 comments:

Post a Comment