----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

රයිගම් ටෙලි සම්මාන උළෙල ලබන වසරේ අලුත් වේ

Thursday, June 3, 2010

පුංචි තිරයේ විශිෂ්ටයන් ඇගයිම සඳහා මෙතෙක් සය වසක් පුරා පැවති රයිගම් ටෙලි සම්මාන උළෙල ලබන වසරේ සිට රයිගම් ටෙලිස් නමින් නව ආරකින් ඉදිරිපත් කිරීමට රයිගම් ආයතනය තීරණය කොට තිබේ.

එළඹෙන වසරේ සිට සිංහල, දෙමළ, ඉංග්‍රිසි භාෂා තුනෙන් විකාශය වන ටෙලි නාට්‍ය, රූපවාහිනී වැඩ සටහන්, ප්‍රවෘත්ති යන අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ලබයි.

මේ අනුව ටෙලි නාට්‍ය සඳහා ඒවායේ තාක්ෂණය මෙහෙයවීමේ සිට ජනප්‍රියම ටෙලි නාට්‍ය දක්වාද, රූපවාහිනී වැඩ සටහන්වලට ද, (ළමා, අධ්‍යාපන, විකට, උදෑසන, කාන්තා, ආගමික, සංගීත, වාර්තා, විශේෂාංග) ප්‍රවෘත්තිකරණයේ නියුතු ශිල්පීන්ටද (හොඳම පුවත් නිවේදකයාගේ සිට හොදම වීඩියෝකරණ ශිල්පියා දක්වා) සම්මාන පිරිනැමීමට රයිගම් ආයතනය බලාපොරොත්තු වේ.

0 comments:

Post a Comment