----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මාධ්‍ය පාඨමාලාවට අයදුම්පත් කැඳවයි

Monday, June 14, 2010

ස්පේඩ් මීඩියා ඇකඩමිය මෙහෙයවන රූපවාහිනී වැඩ සටහන් නිෂ්පාදනය සහ වීඩියෝ තාක්ෂණය පිළිබඳ සති අන්ත පාඨමාලාවන් එළැඹෙන ජූලි මස මුල් සතියේ සිට මහනුවර දී ආරම්භ කෙරේ.

රූපවාහිනී වැඩ සටහන් නිවේදනය, තිර රචනය, අධ්‍යක්ෂණය, කැමරාකරණය, සංස්කරණය හා වීඩියෝ තාක්ෂණය පිළිබඳ මුල සිට වෘත්තීය මට්ටම දක්වා මෙහිදී ඉගැන්වේ.

රූපවාහිනී වැඩ සටහන් නිෂ්පාදනය හා වීඩියෝ තාක්ෂණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව, රූපවාහිනී වැඩ සටහන් නිවේදනය, ප්‍රවෘත්ති වාර්තාකරණය, රූපවාහිනී නිර්මාණය පිළිබඳ මූලික සහතික පත්‍ර පාඨමාලාව, ඡායාරූපකරණය, ඩිජිටල් ඡායාරූප තාක්ෂණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව ලෙස මෙම පාඨමාලා අංශ තුනකින් සමන්විත වේ.

දැනටමත් රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රයට වෘත්තිකයන් ලෙස සම්බන්ධවී සිටින, ස්වයං රැකියාවක් ලෙස වීඩියෝ කර්මාන්තයේ විවිධ අංශවල නියැළී සිටින හා පාසැල් විෂයක් ලෙස සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය හදාරන පිරිස් හට මේ සඳහා අයදුම් කළ හැකියි.

කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතා, නාවල විවෘත විශ්ව විද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු, කැලණිය හා මොරටුව විශ්ව විද්‍යාලයන්හි බාහිර කථිකාචාර්ය ස්ටැන්ලි හෙට්ටිආරච්චි මහතා ඇතුළු රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රවීණයන් රැසක් මෙහි දේශන පැවැත්වීමට නියමිතය.

මේ සඳහා අයදුම්පත් කැඳවීම මේ දිනවල සිදු කෙරෙන අතර ස්පේඩ් මීඩියා ඇකඩමිය, නො: 17, ප්‍රිම්රෝස් පාර, මහනුවර යන ලිපිනයට තමන් විසින් සැකසූ අයදුම්පතක් දුරකතන අංකය ද සහිතව යොමු කළ යුතු අතර අයදුම්පත් භාර ගැනීම මේ මස 15 වැනිදායින් අවසාන වේ.

0 comments:

Post a Comment