----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

හර්ෂණීගේ "විචිත්‍ර" දින 3 ක්‌ කලාභවනේ දී

Friday, June 11, 2010


ලංකා කලා සංගමයේ වර්තමාන උප භාණ්‌ඩාගාරික ලෙස සේවයේ නියුතු
හර්ෂණී පඬුවාවලගේ
ප්‍රථම ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය
"විචිත්‍ර" නමින්
ජුනි මස 12,13 සහ 14 යන තෙදින තුළ
පෙ.ව 9.00 සිට ප.ව 6.00 දක්‌වා
කොළඹ ජාතික කලා භවනේදී ප්‍රදර්ශනය වේ.

කොරතොට සෝමානන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්‌ත්‍රවේදී දෙවන වසර බාහිර උපාධි අපේක්ෂිකාවක්‌ ලෙසත් කලා පාසලේ ප්‍රායෝගික චිත්‍ර කලාව හදාරණ ශිෂ්‍යාවක්‌ ද වන්නීය.

ජාතික උරුමයන් හා සංස්‌කෘතික කටයුතු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිණියගේ සහ නියෝජ්‍ය අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් 12 වන දින යෙදෙන සුබ මොහොතින් ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය පැවැත්වේ. පුරා දින තුනක්‌ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ලෙස කලාවට හිතැති සැමට ඇය ආරාධනා කර සිටී.


Source - දිවයින 2010 06 -11

2 comments:

Anonymous said...

"විචිත්‍ර" සාර්ථක වේවා

Anonymous said...

Api Balanna enawa....
Kohomath chithra kiyanne hitha niwana kalawak.
api aniwa enawa.
Dilip

Post a Comment